Wednesday , February 22 2023
DON'T MISS

96 (2018) Sinhala Subtitles | දෙහදක නොසැලෙන ආදරය [සිංහල උපසිරැසි සමග]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

96 (2018) Sinhala Subtitles

Year :  2018

IMDB Rate :  9.2/10

Actors :   Vijay Sethupathi, Trisha Krishnan, Varsha Bollamma

Language :  Tamil

Director :  C. Prem Kumar

ජීවිතේ හොඳම කාල වල හොඳම දේවල් නොලබන මිනිස්සු ජීවිත කාලෙ පුරාවටම ඒ ගැන විඳවනවා. කාලයක් යද්දි ඒ විඳවීම ආත්මයම කරගෙන ඒ විඳවීමම වින්දනයක් කරගන්නත් ඒ මිනිස්සු මාර ආසයි. ඒ වගේ මිනිහෙක් කේන්ද්‍ර කරගෙන සිනමා පටයක් හදනව කියන්නෙත් එක්තරා ආකාරයක අභියෝගයක්.

මොකක්ද ඔච්චර ලොකු අභියෝගෙ..?

එහෙම විඳවන මිනිස්සු බිලියන ගාණකට, විඳින්න පුලුවන් විදිහට, උංගෙ කතාව කියවන එක සහ ඉදිරිපත් කරන එක අභියෝගයක් නෙමෙයි කියල කියන්න පුලුවන් කාටද..?

ජීවිතේ පොඩි කාලෙ ඉඳලා හඹා යන, “ආදරය” යැයි තමා විසින්ම හඳුන්වාගන්න, එහෙත් කිසි දින තමන්ගේ නොවුණු, මායාකාර ආදරවන්තිය, ආදරවන්තයා යලිත්, තවත් එක් වතාවක්, එකම එක සැරයක්, මුණ ගැහුනොත් ඔබ දක්වන ප්‍රතිචාරය කොහොම එකක් වෙයිද..?

හින්දි පික්චර් එකක වගේ ඔබ සහ ඇය, ඔබ සහ ඔහු දෙපැත්තෙන් දුවගෙන ඇවිල්ල බදාගනීවිද..?

නැහැ. මේ 96..!

මේ ජානකීගෙ සහ කේ. රාමචන්ද්‍රන් ගෙ ආදර කතාව.

මේ ආදර කතාව අනෙක් ආදර කතා වලින් වෙනස් වෙන්නෙ මේක අතිශය සාමාන්‍ය ආදර කතාවක් නිසාමයි. (පොඩ්ඩක් මැජික් ඔබ්බවපු) හැබැයි මේක වෙනස් විදිහට දඩාර යෞවන හැඟීම් රාමුවක් බිඳිනවා. අපටත් නොදැනෙන්න. ඒ වෙනස යෞවන ප්‍රේමය තරම්ම සංවේදී එකක්. පුංචි වයසෙ ඉඳන් ගොඩනැගෙන ප්‍රේම කතාවක් බොහෝ විට ඉක්මනට බිඳ වැටෙන බවට උදාහරණ ඕන තරම්. ගොඩක් අයට පළමු ප්‍රේමයේ බිඳවැටීම සදාතනික සත්‍යයක් බවට පත් වෙනවා.

හීන ගොඩගහ ගැනීම්, හීන කරා ඇවිද යාම්, හීන බිඳවැටීම් සහ බිඳවැටුණු හීන මතින් තැනෙන යතාර්ථවත් නැගිටීම් යෞවනය හැම වෙලාවෙම අවදියෙන් තබනවා. ප්‍රේමය කියන්නෙත් යෞවනය අවදියෙන් තබන තවත් එක් අධි මාත්‍රිත ඖශධයක් කිවුවොත් පෙම්වතුන් පෙම්වතියන් මා එක්ක අමනාප වෙන එකක් නෑ. මොකද ඒ අත්දැකීම විඳින, විඳපු බොහෝ දෙනා දන්නවා ඒක අත්‍යන්තයෙන්ම අධි මාත්‍රිත අත්දැකීමක් බව.

රාම් කියන්නෙ කලු කොල්ලෙක්. කලු වුණාට රාම්ගෙ මූණෙ රිදී ඉරක් වගේ හිනාවක් ඉඳහිට ඇඳෙනවා. රාම් දඩබ්බරයි. ලජ්ජාශීලීයි. හොඳ මිතුරෙක් වන නමුත් ඔහුගෙ හැසිරීම අනිත් අයව පාලනය කරන සුලුයි.

ජානු කියන්නෙ පන්තියෙ ඉන්න ලස්සනම කෙල්ල. ඒ වගේම ආකර්ශණීයම කෙල්ල. ගුරුවරුන්ගෙ ආදරයට පාත්‍ර වෙන කීකරු කෙල්ල. හැමදාම වේදිකාවට නැගලා සින්දු කියන කෙල්ල.

දැන් ඔන්න හැදිල තියෙනවා ආකර්ශණය සඳහා හොඳ ප්‍රතිවිරුද්ධ කඳවුරු දෙකක්.

ඔය ප්‍රතිවිරුද්ධ නොපෑහෙන කම් මතින් ආදරය ගොඩනැගෙනවා. ආදරය ගලායනවා.

රාම් ජානුට හැමදාම කියන්නේ “යමුනා ගංගාවේ” ගීතය කියන්න කියලා. ජානු හැමදාම ඒ සින්දුව ඇරෙන්න අනිත් සින්දු ඔක්කොම කියනවා. ජානුගේ පැත්තෙන් යමුනා ගංගාව ගලන්නෙ නෑ වගේම, ඒකපාර්ශවිකව ගලාගෙන ගිහිල්ලා එක මංසලකදි හමුවිය යුතු ප්‍රේමයට තිත තියන්නෙ ජානු. ඒකට ජානුට හේතු දාහක් ඇති. ඒ හේතු දාහම රාම්ටත් තිබ්බත් රාම් මේ ඇබ්බැහිකාරක ප්‍රේමයට තිත තියන්නෙ නෑ. හැබැයි එක හේතුවකින් රාම් සහ ජානු වෙනස් වෙනවා.

ඒ තමයි ජානුගෙ ගෑණු කම..!

රාම්ල නම් නම් ඔය ෆොටෝ එකක් ගහගෙන, කීයක් හරි හොයාගෙන, පොඩියට කාර් එකක් එහෙම අරගෙන තනියම ජීවත් වෙන්නෙ නැතෑ. ඒත් ජානුලා ට එහෙම පුලුවන්ද..?

බඳින්නෙ කවද්ද..? බැන්දෙ නැද්ද..? ජීවත් වෙන්නෙ කොහොමද..? අරූ එක්ක හිනාවුනා නේද..? අරූ එක්ක කතා කලා නේද..? තනියම ඉන්නවනම් එහෙම ඉන්න. ගම්මු කතා හැදුවම අපි එපාය මූණ දෙන්න. ලෙඩක් දුකක් හැදුණමවත් බලාගන්නෙ කවුද උඹව..? අපි මැරිල ගියාම බලාගන්නෙ කවුද උඹව..?

ඉතින් ජානු බැන්දා..!

රාම්ලටත් මේ ප්‍රශ්න එනවා. ඒත් මෙච්චර සැරටනම් නෙමෙයි.

රාම් එදා වගේම තාමත් ජානුට ආදරේ බව පෙන්නන්න අධ්‍යක්ශක වගේම මේ සිනමා පටයේ රචකයා වෙන C.ප්‍රේම කුමාර් පාවිච්චි කරන්නෙ මැජික් එකක්. ඒ මැජික් එක වෙන මොකුත් නෙමෙයි. ජානු පපුවට අත තිබ්බම රාම්ට කලන්තෙ දාන එක. ඒක අභව්‍යයි. අතාත්විකයි. අහේතුකයි. සිනමා පටය ගලාගෙන යන රටාවට ඒ දර්ශනය බාධාවක්.

ඒත් එතනට ඊට වඩා සුදුසු දර්ශනය මොකක්ද..?

එහෙම දේකට කලන්තෙ හැදෙන එක වගේම රාම්ගෙ ආදරයත් අතාත්විකයි. අභව්‍යයි. අහේතුකයි.

ඒත් එහෙම ආදර මේ ලෝකෙ තියෙනවා. එහෙවු එකේ පපුවට අත තිබ්බම කලන්තෙ හැදෙන එක පුදුම වෙන්න දෙයක්ද..?

මම මගෙන්ම අහනවා..!

ජීවිතෙට නොකරන විදිහට, මගේ උවමනාවෙන්ම උදේ පාන්දර නැගිටලා, ගෙදරටත් බොරු කියලා, ජීවිතේ කුළුඳුල්ම පෙම්වතිය එක්ක බස් එකක අතින්වත් අල්ලන්නැතුව ගියපු අහිංසක අතීතයක් මේ ලිපියේ ලියුම්කාරයටත් තියෙනවා. ලියුම්කාරය බස් එකෙන් බැහැල තවත් බස් එකකට නැග්ගත්, තාම බස් එකේ යන උං බොහොමයි.

ඒ මේ ඔක්කොම අතරෙ බස් එකෙන් බැස්ස, කේ රාමචන්ද්‍රන්ලා තාම බස් එක ගිය පාර දිහා, පාරට වෙලා බලන් ඉන්නවා..!

– මහේල හෙට්ටිආරච්චි

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

No Escapes AKA Fire (2020) Sinhala Subtitles | ගින්න. [සිංහල උපසිරැසි සමඟ]

Release date;December 24, 2020 (Russia) IMDB Rate :  6.5/10 Stars :Ivan Yankovsky,Konstantin Khabensky,Tikhon Zhiznevskiy,Roman Kurtsyn …

3 comments

  1. Pls Send me the 96 tamil film torrent link

  2. A great intro to the movie..thanks bro 🥰

  3. Subtittle set wenne nane

Leave a Reply

Your email address will not be published. Required fields are marked *