Monday , March 18 2024
DON'T MISS

Game of Thrones Complete Season 01 with Sinhala Subtitles | [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Game of Thrones Complete Season 01 with Sinhala Subtitles

Year :  2011 – 2019

IMDB Rate :  9.3/10

Stars :   Emilia Clarke, Peter Dinklage, Kit Harington

Language :  English

Director :  David Benioff, D.B. Weiss



Game of Thrones කිව්වම ඒක නොදන්න කෙනෙක් මේ ලෝකේ නැති තරම්. ෆිල්ම්ස් වල Avengers කිව්වම ඕන කෙනෙක් දන්නවා වගේ තමයි TV Series වල Game of Thrones කිව්වම ඒක බලලා නැති අයත් දන්නවා මේක මොනවගේ කතාවක් ද කියලා. අඩුමගාණේ මකරු ඉන්න හොඳට නියුඩිටි තියෙන කතාවක් කියලා හරි දන්නවා. Game of Thrones වලට IMDb රේටින්ග්ස් වලින් 9.2 ක අගයක් තියෙනවා. Fantasy ලයිව් ඇක්ෂන් ටීවී සීරීස් එකක් වෙනුවෙන් තියෙන ඉහළම IMDb අගය තමයි Game of Thrones ට තියෙන්නේ. ඒ වගේම GOT ෆෑන්බේස් එක TV Series ලෝකයේ තියෙන ලොකුම ෆෑන්බේස් එකක් කියලා කියන්න පුළුවන්. Fantasy World එකක් නිර්මාණය කරන එක හරි අමාරු දෙයක්. ඒ වගේම පොතක් බේස් කරන් හදන කතාවක ෆැන්ටසි වර්ල්ඩ් එකක් ගොඩනඟන එක ඊට වඩා අමාරු දෙයක්. George R. R. Martin විසින් ලියපු නවල් සීරීස් එකක් වෙන A Song of Ice and Fire ඇසුරින් තමයි මේ සීරීස් එක නිර්මාණය කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි පොතක කියවන දේවල් ඇසුරින් බිල්ඩ් අප් කරන ෆැන්ටසි ලෝකේ ඒ පොත ඇසුරින් නිර්මාණය කරන ෆිල්ම් එකක හෝ ටීවී සීරීස් එකක ඒ විදිහටම නොතිබෙන්න තියෙන අවස්ථාව වැඩී. ඒත් Game of Thrones වල ඒ ප්‍රශ්නය ගොඩක් අයට ඇවිල්ලා නෑ. හැබැයි George R. R. Martin ගේ නවල් සීරීස් එක බේස්ඩ් කරන් තියෙන්නේ GOT වල සීසන් 5 වෙනකන් විතරයි. මොකද ඒ වෙනකොට George R. R. Martin එයාගේ A Song of Ice and Fire සීරීස් එක ඉවරකරලා තිබ්බේ නෑ. තව පොත් දෙකක් එන්න තියෙනවා. හැබැයි ඒ පොත් එන්න කලින් මේ සීරීස් එක දිගට කන්ටිනියු කරලා අන්තිමට ෆයිනල් එන්ඩින් එක දෙන්න ටීවී සීරීස් එකේ showrunners ලා කටයුතු කරලා තියෙනවා. සමහර අය ඒ එන්ඩින් එකට කැමති නැහැ. ඒ ගැන නම් මන් වාද කරන්නේ නැහැ. කොහොමහරි GOT ෆෑන්බේස් එක ගැන එක එක අය වෙනස් විදිහට තමයි තමන්ගේ මතය දරන්නේ. සමහර අය GOT ගැන හිතන් ඉන්නේ නියුඩිටි ම තියෙන සීරීස් එකක් කියලා, සමහර අය මකරු ඉන්න සොම්බීලා ඉන්න ෆැන්ටසි ලෝකයක් කියලා හිතනවා, කඩු ෆයිට් තියෙන හැමවෙලේම මරාගන්න සීරීස් එකක් කියලා සමහර අය හිතනවා. බහුතරයක් හිතන්නේ මේ විදිහටයි. සෑහෙන ඩීටේල්ස් පේන විදිහට හොඳටම නිර්මාණය කරපු ෆැන්ටසි වර්ල්ඩ් එකක් තියෙන නිසයි ගොඩක් අය මේකට කැමති. ඒ වගේම කැරැක්ටර්ස් සහ එක එක යුද්ධ සහ ඇක්ෂන්ස් වගේ සිත් ඇදගන්න දේවල් නිසා තමයි මෙහෙම ලොකු ෆෑන්බේස් එකක් හැදිලා තියෙන්නේ. මේ වගේ Fantasy World එකක් බේස් කරන් හදපු නිර්මාණයක් නිසා තමයි GOT එකට කැමති නැති අය මේ සීරීස් එකට බනින්නේ. විශේෂයෙන් Breaking Bad වගේ රියලිස්ටික් ටීවී සීරීස් වලට වැඩි ආසාවක් දක්වන අය මේ රජ පරම්පරා, මකරු, සොම්බීලා ඉන්න ෆැන්ටසි ටයිප් සීරීස් එකකට කැමති නැති වෙන්න පුළුවන්. නමුත් GOT වල නියුඩිටි, ලේ පෙරෙන සටන්, මකරු සහ සොම්බී ලට වඩා එහායින් පවතින දේවල් ගැන ගොඩක් අයට හරි දැනුමක් නෑ. සාමාන්‍යයෙන් මේකේ වෙන්නේ Throne එක ගන්න පොරකන එක කියලා තියෙන පොඩි අපැහැදිලි දැනුමක් ගොඩක් අයට තියෙනවා. ඒත් ඒක කොච්චර තාත්විකද සහ ගැඹුරු ද කියලා බහුතරයකට තේරුම් ගන්න බැහැ. ඒ කියන්නේ GOT වලින් නිරූපණය කරන කතාවේ හරය නැත්නම් කතාවෙන් ලෝකෙට පෙන්නන්න හදන දේ ගැන හරි දැනුමක් නැහැ. අන්න ඒ පැත්ත ගැන තමයි මම මේකෙදි කතා කරන්න. එහෙනම් අපි යමු රිවීව් එකට.

Westeros


Game of Thrones සීරීස් එක නමේ හැටියටම ඒක game එකක් කියලා ගොඩක් අයට තේරෙනවා. Westeros වල තමන්ට අවශ්‍යය බලය අල්ලා ගැනීමේ ගේම් එක ගැන තමයි සීරීස් එකේ කතා කරන්නේ. මේක තේරුම්ගන්න අයට එන පළවෙනි ප්‍රශ්නේ තමයි ඇයි මේ ගේම් එක සෙල්ලම් කරන්නේ කියලා. ඒක මෙහෙමයි. ඉතාම සරලව ගත්තොත් GOT කියන්නේ එක්තරා විදිහක චෙස් ගේම් එකක් කියලා කියන්න පුළුවන්. සීරීස් එකේ ඉන්න හැම කැරැක්ටර් එකක් ම ඒ චෙස් බෝර්ඩ් එකේ ඉන්න ඉත්තෝ විදිහට සලකන්න පුළුවන්. Pawns ලා Knights ලා Queens ලා Kings ලා කියලා විවිධ ඉත්තෝ චෙස් වල අපිට බලාගන්න පුළුවන්. මේ එක එක ඉත්තන්ට තියෙන්නේ එකිනෙකාට වෙනස් හැකියාවන් එහෙම නැත්නම් පවර්ස්. ඒ වගේම චෙස් මැච් එකක් සෙල්ලම් කරනකොට එක එක ට්‍රික්ස් එහෙම නැත්නම් උපක්‍රම අපි පාවිච්චි කරනවා. සමහර වෙලාවට ලොකු ඉත්තෙක් කපාගන්න අපිට පොඩි ඉත්තෙක් බිලි දෙන්න වෙනවා. සමහර වෙලාවට පහුබහින්න වෙනවා. හැබැයි මේ චෙස් ගේම් එක දිනන්න නම් ගේම් එකේ ඉන්න හැම ඉත්තම ගේම් එක සෙල්ලම් කරන්න ඕනේ එහෙම නැත්නම් ඉන්න හැම ඉත්තම ගේම් එකට සම්බන්ධ වෙන්න ඕන. අපි කැමති වුණත් අකැමති වුණත් ගේම් එකේ ඉන්න ඉත්තගේ මූව්මන්ට්ස් සහ අඩුම ගාණේ ඉන්න පොසිෂන් එක හරි අත්‍යවශ්‍ය වෙනවා ගේම් එක දිනන්න. ඒ වගේම එක ඉත්තෙක් තීරණය කරොත් තමන් ගේම් එක සෙල්ලම් කරන්නේ නෑ කියලා, අනිත් පැත්තේ ඉන්න ඉත්තෙක් තමන් ව ලේසියෙන් කපලා දාන්න පුළුවන්. ඒ ඉත්තට වැඩක් නෑ ඔයා ගේම් එකේ ඉන්නවද නැද්ද කියලා. එයාට ගේම් එක ඉවරකරන්න ඔයාව කපන්න වෙනවා නම් ඒ දේ අනිවාර්යෙන් එයා කරනවා. ඒ නිසා ඔයා චෙස් බෝර්ඩ් එකේ ඉන්නවනම් අනිවාර්යෙන් ඒ ගේම් එකට සම්බන්ධ වෙන්න ඕන. ඔයාට සර්වයිව් වෙන්න පුළුවන් එකම විදිහ තමයි ගේම් එක දිනන එක. GOT වල වෙන්නෙත් ඒකමයි. Cersei Lannister කියනවා වගේ,


“When you play the game of thrones, you win or die.”


Cersei Lannister


Game of Thrones සෙල්ලම් කරද්දි එක්කෝ අපි දිනනවා නැත්නම් මැරෙනවා. වෙන කිසිම අතරමැදි විසඳුමක් නැහැ. GOT වල තියෙන විශේෂ කියමන් දෙකක් තියෙනවා. ඒ Braavos භාෂාවෙන් කියන Valar Morghulis සහ Valar Dohaeris කියන කියමන් දෙක. මේ දෙකේ තේරුම් වෙන්නේ All men must die සහ all men must serve කියන එක. ඒ කියන්නේ හැම මනුස්සයෙක් ම මැරෙන්න ඕන සහ හැම මනුස්සයෙක් ම සේවය කරන්න ඕනේ කියන එක. GOT එකට මේ කියමන් දෙක සම්බන්ධ වෙන්නේ මෙහෙමයි. Game of Thrones සෙල්ලම් කරන්න චෙස් බෝර්ඩ් එකේ එහෙම නැත්නම් සීරීස් එක ගත්තොත් Westeros වල ඉන්න හැම මනුස්සයෙක්ම සම්බන්ධ වෙන්න ඕනේ කියලා කලින් කිව්වා. ඒ හැමෝම සම්බන්ධ වෙන්නේ තමන්ගේ මරණයෙන් ගැළවෙන්න. ඒ වගේම Ygritte, Jon Snow ට කියනවා මෙහෙම දෙයක්,


“All men must die, Jon Snow. But first we will live”

 

Ygritte


අපි කවදහරි මැරෙන එක ඇත්ත. හැබැයි ඒ අවස්ථාව එනකන් අපිට ජීවත් වෙන්න වෙනවා. ඒ ජීවත් වෙලා ඉන්නකන් අපිට Game of Thrones සෙල්ලම් කරන්න වෙනවා. එතකොට කොහොමද අපි මේ සෙල්ලම ඇතුළේ සර්වයිව් වෙන්නේ? Valar Dohaeris වලින් අපිට කියන්නේ ඒ සර්වයිව් වෙන විදිහයි. All men must serve එහෙම නැත්නම් හැම මනුස්සයෙක්ම සේවය කිරීමෙන් තමයි අපිට මේ සෙල්ලම දිනන්න පුළුවන්. කාටද අපි සේවය කරන්නේ? ගොඩක් අය දෙවියන්ට සේවය කරනවා. දේශපාලකයන්ට සේවය කරනවා. වැඩ කරන තැන ප්‍රධානියට සේවය කරනවා. අපි දෙවියන්ට සේවය කරන්නේ අපේ දෛවය යහපත් කරගන්න. දේශපාලකයන්ට සේවය කරන්නේ අපේ වැඩක් කරගන්න. එහෙනම් Game of Thrones සෙල්ලම් කරනකොට අපි සේවය කරන්නේ කාටද? මන් ලියාගෙන ආපු දේවල් වලට අනුව ඔයාලට තේරෙනවා ඇති මන් කියන්න යන්නේ අපි පාලකයන් ට සේවය කරන්න ඕනේ කියලා. දැන් ඔයාලට හිතෙනවා ඇති අපේ ටැක්ස් සල්ලි හොරකම් කරන හොරුන්ට සේවය කරන්නේ ඇයි කියලා. රටේ බහුතරයක් ටැක්ස් නොගෙව්වට හැමෝම හිතන්නේ එහෙමනේ. මට කියන්නේ තියෙන්නේ මන් කතා කරන්නේ GOT වල තියෙන හරය ගැන විතරයි. ඒ කන්සෙප්ට් එක වැරදි වෙන්න පුළුවන්. හැබැයි Westeros වල Game of Thrones කරද්දි මිනිස්සු හරි කෙනාට හරි වෙලාවට සේවය කරේ නැත්නම් තමන්ගේ මරණයට මුහුණදෙන්න තමයි වෙන්නේ. ඒ වගේම ඇත්ත ලෝකෙත් බොහෝදුරට තියෙන සිස්ටම් එක තමයි GOT වලත් තියෙන්නේ. රිවීව් එක කියවන් යනකොට ඒක තේරුම් යයි. ඒක පිළිගන්න එක තමන්ගේ වැඩක්. GOT වල තියෙන්නේ ලෝකයේ තියෙන්න ඕන නිවැරදි එහෙම නැත්නම් යහපත් පාලන තන්ත්‍රය ගැන නෙවේ. ඒකෙ තියෙන්නේ ලෝකයේ පවතින පාලන තන්ත්‍රය ගැන. ඒ පාලන තන්ත්‍රය තුළ සර්වයිව් වෙන්නේ කොහොමද සහ ජයගන්නේ කොහොමද කියලයි අපිට කියල දෙන්නේ. අන්න ඒ කෝණෙන් මේ රිවීව් එක කියවන්න.

Jon Snow



රාජ්‍යයත්වය සහ බලය


Robert Baratheon


Westeros පාලනය කරන්න සුදුසුම පාලකයා කවුද? මෙන්න මේ ප්‍රශ්නය මූලික කරගෙන තමයි GOT සීරීස් එක ඉස්සරහට ඇදෙන්නේ. කවුද සුදුසුම පාලකයා කියන එක ගැන කතා කරන්න කලින් අපිට කතා කරන්න වෙනවා ඇයි Westeros වලට පාලකයෙක් අවශ්‍යය වෙන්නේ කියන කාරණය ගැන. සාමාන්‍යයෙන් මිනිස්සු ඕනෑම දෙයක් කරන්නේ තමන්ගේ ආත්ම ප්‍රයෝජනය වෙනුවෙන් විතරයි. මන් කියන එකට ඔයාලට එකඟ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි තාර්කිකව ගත්තොත් තමන්ට වාසියක් වෙන දෙයක් නම් විතරයි මනුස්සයෙක් කරන්නේ. තමන්ට මොකක්හරි අවාසියක් වෙනවනම් මොළේ ඇති කිසිම කෙනෙක් ඒ දේ කරන්නේ නෑ. අපි හිතනවා අපිට ජීවිතේ උසස් දේවල් හිමිකරගන්න අවශ්‍යයතාවක් තියෙනවා කියලා ඒත් ඇත්තට බැලුවොත් අපි ගොඩක් ආත්මාර්ථකාමී අය. අපි මුහුණදෙන්නේ අපිට ප්‍රශ්නයක් ආවොත් ගැළවිලා යන්න පුළුවන් දේවල් වලට විතරයි. ඕනෑම ජීවියෙක්ගේ බේසික්ම ලයිෆ් ප්‍රින්සිපල් එක තමයි සර්වයිවල් කියන එක. ඒ කියන්නේ නොමැරී ජීවත් වෙන එක. මේ විදිහට අපි අපේ ජීවිතයේ සර්වයිව් වෙන්න නම් අපිට හැම තිස්සෙම අපි ගැන පළමුවෙන් හිතන්න වෙනවා. එහෙම නොහිතන අවස්ථා ඉතාම සුළු ප්‍රමාණයක් තියෙනවා. ඒක ගැන පස්සේ කතා කරමු. ඉතින් අපි මේ විදිහට සර්වයිව් වෙන්න ඕනෑම දෙයක් කරනවා. නීතී එහෙම නැත්නම් laws කියන එක එන්නේ මේ විදිහට මිනිස්සු ලිමිට් එකක් නැතිව හැසිරෙන එකේ හානිය අවම කරන්න. ප්‍රසිද්ධ කියමනක් තියෙනවනේ උපරිම නිදහසක් තියෙන තැන්ක මනුෂ්‍ය ගුණධර්ම රඳාපවතින්නේ නෑ කියලා. අන්න ඒක ගැන තමා කියන්නේ. මොකක්හරි තැනක නීති පද්ධතියක් නැත්නම් එතැන මිනිස්සුන් හැසිරෙන විදිහ අපිට අනුමාන කරන්න බැහැ. ඒ මිනිස්සු සර්වයිව් වෙන්න ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ඕනෑම අපරාධයක් කරන්න පුළුවන්. මොකද එයාලව නවත්වන්න කිසිම නීතියක් එහෙම නැත්නම් බලයක් නැහැ. එහෙම අවස්ථාවක තනිකරම තියෙන්නේ එකිනෙකා අතර සටන් සහ අවුල් සහගත බව විතරයි. ඒකට කියන්නේ “war of every man against every man” කියලා. ඒ කියන්නේ හැම මනුස්සයෙක් ම අනික් හැම මනුස්සයෙක් එක්කම යුද්ධයක යෙදිලා ඉන්නවා කියන එක. GOT වල Westeros වල පාලකයෙක් හිටියේ නැත්නම් වෙන්නෙත් මේ දේමයි. ඒ අවුල එහෙම නැත්නම් “war of every man against every man” එක ආකාර තුනකට වෙන්න පුළුවන්.

    

Dothraki

පළවෙනි ආකාරය තමයි අනිත් අය ළඟ තියෙන බලය තමන්ට ලබා ගන්න උත්සාහ කරන එක. Eddard Stark කියනවා වගේ Winter is Coming. වින්ටර් එක එහෙම නැත්නම් ශීත සෘතුව එනවා කියන එක එහෙම එන රටවල් මුහුණ දෙන ප්‍රධානම අභියෝගයක්. අපේ මේ නුවරඑළිය වගේ නෙවේ වින්ටර් එක කියන්නේ. හොඳ කාළගුණයක් තිබිලා රෑට නිදාගෙන උදේට ඇහැරෙන කොට ගෙදර ජනේලේ ළඟට වෙනකම් හිම තට්ටුවක් ඇවිල්ලා තියෙන්න පුළුවන්. සති ගණන් ගෙදරින් එළියට අඩිය තියන්නවත් බැරිවෙන්න පුළුවන්. සරලව කිව්වොත් මොකක්හරි එනර්ජි සෝර්ස් එකක් අඩුම ගාණේ දර කොටයක් වත් තිබ්බේ නැත්නම් මැරෙන්න පුළුවන් ගෙදර ඇතුළෙම සීතලට. මාස ගාණකට ගෙදර ඇතුළේ කෑම ස්ටොක් එකක් තියාගෙන ඉන්න ඕන. නිකන් හරි ජනේලයක් ඇරලා තිබ්බොත් තියෙන කෑම ස්ටොක් එකම සීතල වෙලා විනාශ වෙන්න පුළුවන්. එතකොට මෙහෙ වගේ Uber Eats වලින් කෑම ගෙන්නන්න බෑ. ගේ ඇතුළෙම මැරෙන්න තමා වෙන්නේ. ඉතින් මේ Winter is Coming එකෙන් කියන්නේ වින්ටර් එක එනකොට අපිට සෑහෙන අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා කියන එක. GOT වල wildlings ලා එයාලට ජීවත් වෙන්න භූමියක් හොයන් එනවා වගේ අපේ කෑම ස්ටොක් එක හොරකම් කරගන්න වගේ අපේ දෙයක් බලෙන් අත්පත් කරගන්න පිරිසක් එන්න පුළුවන්. තමන්ට ඉන්න වඩා උණුසුම් තැනක් හොයාගන්න අනිත් අයව එතැනින් එළවලා දාන්න පුළුවන්. මේ විදිහට අනිත් අය සතුව තියෙන දේවල් බලෙන් අයිති කරගන්න එක සීමාවක් නැතිව කෙරෙනවා ඒක වළක්වන්න නීතියක් හෝ බලයක් තිබ්බේ නැත්නම්. The Dark Knight එකේ Joker කියනවා වගේ 


“when the chips are down, these civilized people they will eat each other.”


අපේ මනුෂ්‍යත්වය තනිකරම රඳාපවතින්නේ අපි වටේ තියෙන නීති රාමුව අනුව. දෙවෙනි ආකාරය තමයි මිනිස්සු තමන්ට මොකක්හරි අනතුරක් වෙනවා කියලා දැනුණොත් ඒක මොන ආකරයකින් හරි වළක්වන්න උත්සාහ කරනවා. උදාහරණයක් විදිහට Robert Baratheon විසින් Daenerys ව ඝාතනය කරන්න උත්සාහ කරන එක ගන්න පුළුවන්. Robert දන්නවා Daenerys බලවත් වුණොත් තමන්ගේ ත්‍රෝන් එකට ඒක අවධානමක් වෙන්න පුළුවන් කියලා. ඒ නිසයි Robert Daenerys බලවත් වෙන්න කලින් ඝාතනය කරන්න උත්සාහ කරන්නේ. යම්කිසි නීති රාමුවක් නැත්නම් මිනිස්සු තමන්ගේ තත්වය උදුරගන්න පුළුවන් හැකියාවක් ඇති මිනිස්සුන්ව බලයට එන එක මොනවිදිහකින් හරි නවත්වන්න උත්සාහ කරන එක අනිවාර්යෙන් වෙන දෙයක්.

Khal Drogo


අන්තිම ආකාරය තමයි තමන්ගේ වින්දනය එහෙම නැත්නම් ආසාව නිසා අනිත් අයත් එක්ක ගැටළු ඇති කරගන්න පුළුවන්. හරියට Khal Drogo වගේ. එයා සටන් කරන්නේ සහ මිනිස්සු මරන්නේ ඒක එයාගේ glory එක එහෙම නැත්නම් ජයග්‍රහණය කියලා හිතන නිසා. සමාජයක යම්කිසි නීති පද්ධතියක් හෝ බලයක් තිබ්බේ නැත්නම් මිනිස්සු තමන්ගේ ජයග්‍රහණය සමරන ආකාරය ගැන අපිට පොසිටිව්ලි හිතන්න බැහැ. සමස්තයක් වශයෙන් මේ “war of every man against every man” එකෙන් කියන්නේ නීතී රාමුවක් හෝ උසස් බලයක් නොමැති තැනක කිසිම කෙනෙක් ආරක්ෂිත නැහැ. The Mountain වගේ සටන් කරන්න දක්ෂ ශක්තිමත් කෙනෙක් වුණත් එයා නිදාගෙන ඉන්නකොට Samwell Tarly වගේ ශක්තිමත් නොවන කෙනෙක් ඇවිල්ලා මරලා දාන්න පුළුවන්. සමාජයක හැම දෙයක් ම වගේ වෙන්නේ තමන්ගේ ආත්ම ප්‍රයෝජනයට අනුව. අපිට වෙන කෙනෙක් ගෙන් දෙයක් ඉල්ලන්න බෑ ඒ කෙනාට ඒකෙන් ආත්ම ප්‍රයෝජනය්ක් ලැබෙන්නේ නැත්නම්. ඒ නිසා තමයි ආත්ම ප්‍රයෝජනය කියන එක පාවිච්චි කරලා ඒ ඇසුරින් තමන්ගේ සර්වයිවල් එක ස්ථීර කරගන්න උත්සාහ කරන්න ඕන. කොන්දේසි එහෙම නැත්නම් සරලව ගත්තොත් නීති කියන දේ හැදේන්නේ ඒ අනුව. The Mountain විසින් Samwell ට පොරොන්දු වෙන්න තමන් එයාට කඩුවෙන් කොටන්නේ නෑ තමන් නිදාගන්නකොට එයා තමන්ට පිහියෙන් අනින්නේ නැත්නම් කියලා. එතකොට ඒ දෙන්නම යම් අභියෝගයකින් ගැළවෙනවා. ඒ එයාලා අතර තියෙන යම්කිසි නීතියක් නිසා. ඒ දෙන්නා ඉස්සරහට කරන්න ඕන දේ තමයි අනිත් කෙනා මේ නීතිය රකිනව ද සහ රකින්නේ නැහැ කියලා හිතනවනම් ඒකට දෙන රියැක්ෂන් එක මොකක් ද කියලා ප්ලෑන් කරන එක. අන්න ඒක තමයි Game of Thrones වල වෙන්නේ. තමන්ගේ සර්වයිවල් එක වෙනුවෙන් අනිත් අය නීති රකිනවද සහ නීති රකින්නැතුව තමන්ට ත්‍රෙට් එකක් වෙනවනම් ඒකට විරුද්ධව සටන් කරන එක ගැන තමයි මේ සීරීස් එක පුරාම කතා කරන්නේ. 

The Mad King


වර්තමාන ලෝක ඉතිහාසයට කලින් යුරෝපය පුරාම විසිරිලා හිටියේ එක එක බාබේරියන් ගෝත්‍ර. මේ ගෝත්‍ර ගතකරපු ජීවිත හරිම hellish එහෙම නැත්නම් අවුල් සහගත සහ අසහනකාරී ඒවා. හැම තිස්සෙම මරාගන්න කිසිම දියුණුවක් නැති ජීවිත තමයි එයාලා ගත කරලා තියෙන්නේ. ඒ නිසා මෙයාලා එකතු වෙලා තීරණය කරනවා monarchy එකක් එහෙම නැත්නම් ට්‍රයිබ් කිහිපයක් එකතු කරලා ඒක පාලනය කරන්න ඒකාධිපති බලයක් යම් කෙනෙක් ට දෙන්න. එතකොට ට්‍රයිබ් වලට මුහුණදෙන්න වෙන ගැටළු සහ ට්‍රයිබ් වල ඉරණම තීරණය කරන්නේ ඒ monarchy එකෙන්. හැමෝම එකතු වෙලා තමයි මේ monarchy එක පත් කරන්නේ. හැබැයි පත් කරපු මොහොතේ ඉඳන් ඒ monarchy එකට විරුද්ධව යන්න ඒ කිසිම කෙනෙක්ට බැහැ. North වල bannermen ලා තමන් bow කරන්නේ Robb Stark ට විතරයි කියලා Robb ව King in the North විදිහට නම් කරපු නිසා තමයි Robb Stark ට North වල ත්‍රෝන් එක හම්බවුණේ. හැබැයි Robb Stark King in the North වුණාට පස්සේ එයාව පත්කරපු කිසිම bannerman කෙනෙක්ට එයාට විරුද්ධව වැඩ කරන්න බැහැ. ඒක තමයි රාජ්‍යයත්වයක තියෙන බලය. මෙන්න බලය නිසා තමයි සමාජයක මිනිස්සු මොකක්හරි පොදු අරමුණක් වෙනුවෙන් පොළඹවන්න පුළුවන් වෙන්නේ. සමාජය අවුල් වෙන්න නැතුව ඕනෑම අභියෝගයකට එහෙම නැත්නම් වින්ටර් එකකට මුහුණදෙන්න නම් මේ විදිහේ මිනිස්සු එක අරමුණකට යොදවන්න තරම් බලයක් තියෙන්න ඕනේ. මේ විදිහට මිනිස්සු තමන්ගේ ආරක්ෂාව සලසගන්න තමයි තමන්ව පාලනය කිරීමේ සම්පූර්ණ බලය තියෙන පාලකයෙක් පත් කරගන්නේ. පාලකයා පත් කරගත්තට පස්සේ එයා මොනවගේ කෙනෙක් වෙයිද කියන එක ඒ පත් කරගත්තු අයට කියන්න බැහැ. පාලකයට තියෙන්නේ අසීමිත බලයක්. ඒ පාලකයා බලයේ ඉන්නකන් එයාට විරුද්ධ වෙන එක කරන්න බැරි වැඩක්. King Aerys II එහෙම නැත්නම් The Mad King තමන්ගේ බලය උපරිම විදිහට පාවිච්චි කරපු කෙනෙක්. තමන්ට විරුද්ධ වෙන ඕනෑම කෙනෙක් ට දෙන්න පුළුවන් උපරිම සහ දරුණුම දඬුවම් දුන්නා. Lady Lysa Arryn ගේ කෝර්ට් එකේදි Tyrion Lannister විසින් Trial by Combat එකක් ඩිමාන්ඩ් කරලා ඒක දිනලා මරණයෙන් ගැළවෙනවා. හැබැයි Eddard Stark ගේ පියා වෙන Lord Rickard Stark විසින් The Mad King ගෙන් trial by combat එකක් ඉල්ලනකොට Mad king තමන්ගේ චැම්පියන් විදිහට තෝරගන්නේ ගින්දර එහෙම නැත්නම් fire. Lady Lysa ට්‍රැඩිෂනල් විදිහට තමන්ගේ පවර් එක පාවිච්චි කරලා තමන්ගේ අරමුණ ඉටකරගන්න එක අහිමි කරගන්නවා. හැබැයි mad king තමන්ට තියෙන උපරිම බලය පාවිච්චි කරලා තමන්ගේ සතුරව මරලා දානවා. හැබැයි mad king ව ත්‍රෝන් එකෙන් අයින් කරන්න පුළුවන් වුණා. කොච්චර ලොකු පවර් එකක් තිබ්බත් mad king ව ඝාතනය කරන්න පුළුවන් වුණා. ඒ ඇයි කියන එක අපි ඉස්සරහදි කතාකරනවා. කොහොමහරි මේ mad king ව ත්‍රෝන් එකෙන් අයින් කරන්න Robert Baratheon ප්‍රමුඛ කරගෙන පිරිසක් rebel එකක් එහෙම නැත්නම් කැරැල්ලක් ඇති කරා. මිනිස්සුන්ගේ දියුණුවට ඇති කරපු monarchy එකක් මෙහෙම අයින් කරන එක කරන්න ඕන දෙයක් ද? මේකට උත්තර දෙන්න වෙන්නේ මෙහෙමයි. Mad king ගේ ඝාතනය කරන්න ඕන දෙයකට වඩා ඒක වෙන්න තියෙන දෙයක් විදිහටයි සලකන්න ඕන. ඒ කියන්නේ මෙහෙමයි. Mad king කොච්චර දුෂ්ට පාලකයෙක් වුණත් rebel එකකින් රටකට වෙන හානිය Mad king ගෙන් වෙන හානියට සමාන කරන්න බැහැ. ජීවිත සහ දේපළ ලක්ෂ ගණනින් විනාෂ වෙන කවුරුවත් නොහිතන දේවල් සිදුවෙන අනාගතය ගැන හරි විශන් එකක් නැති කරන්න පුළුවන් දෙයක් තමයි rebel එකක් කියන්නේ. Mad king යටතේ වෙන හානිය මීට වඩා සෑහෙන අඩුවෙන්න පුළුවන්. හැබැයි තිබුණ තත්වය යටතේ Robert Baratheon විසින් rebel එකක් ඇතිකරලා mad king ව ත්‍රෝන් එකෙන් අයින් කරපු එක ගැන අපිට කිසිම විවාදයක් කරන්න බැහැ. ඒ කියන්නේ rebel එකක කිසිම වැදගත් කමක් නැහැ. එක එක කවි කතන්දර හින්දා අපි හිතන් ඉන්නේ නිදහස උදෙසා කරන සටන් හරිම ශ්‍රේෂ්ඨයි කියලා. ඒත් ජීවිත සහ දේපළ සිය දහස් ගණනක් විනාෂ වෙන යුද්ධ වල කිසිම ශ්‍රේෂ්ඨත්වයක් නැහැ. අපි එහෙම නැත්නම් Westeros වල ජනතාව අවධානය දෙන්න ඕනේ rebel එකට නෙවේ, rebel එකෙන් පස්සේ රාජ්‍යය බලය ලබාගන්න කෙනාට. Mad king ත්‍රෝන් එකෙන් අයින් කරාට පස්සේ Robert ගේ පාලනය ආරම්භ වෙනවා. එතැන ඉඳන් Robert ට කරන්න තියෙන්නේ Mad king ළඟ තිබ්බ බලයම පාවිච්චි කරන එක. Robert ඒ බලය පාවිච්චි කරන විදිහ mad king ඒ බලය පාවිච්චි කරපු විදිහට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒ දෙන්න ළඟම තිබ්බේ එකම බලය. මෙන්න මේක තමයි Game of Thrones වල හරය. Iron Throne එකේ කවුරු ඉඳගත්තත් ඒ හැම කෙනාටම තියෙන්නේ එකම බලයක්. ඒ ඒ අය ඒ බලය පාවිච්චි කරන විදිහ අනුව තමයි ඒ ඒ අයගේ ත්‍රෝන් එකේ සර්වයිවල් එක තීරණය වෙන්නේ. ත්‍රෝන් එකේ ඉඳගන්නේ කවුරුවුණත් අපිට ඒ අයට එකඟ වෙන්න වෙනවා. ත්‍රෝන් එකේ ඉඳගන්න කෙනා සාමය ආරක්ෂා කරනකන් සහ අපිව අනතුරු වලින් ආරක්ෂා කරනකම් ඒ කියන්නේ නීති පද්ධතිය රැකගන්නකම් අපිට ඒ අයගේ අණ වලට යටත් වෙලා ඉන්න වෙනවා. ත්‍රෝන් එකට එන හැම කෙනාගෙම වගකීම තමයි ඒ ත්‍රෝන් එකේ බලය පාවිච්චි කරන එක. සමාජයේ ඉන්න මිනිස්සු එක් පොදු අරමුණක් වෙනුවෙන් කැපවෙන්නේ පාලකයා තමන්ගේ බලය පාවිච්චි කරනවනම් විතරයි. ඒ බලය පාවිච්චි කරන්නේ Mad king වගේ ද Robert වගේ ද එහෙම නැත්නම් Eddard වගේ ද කියන එක අපිට අදාළ නැහැ. අපි පාලකයාට සේවය කරනකම් අපි ආරක්ෂිතයි. 


Iron Throne එකේ සර්වයිව් වෙන්නේ කොහොම ද?


Iron Throne


ලෝකේ හිටපු සුප්‍රසිද්ධම දේශපාලනික දාර්ශනිකයෙක් වුණ Niccolo Machiavelli විසින් රාජ්‍ය පාලන ආකාර දෙකක් ගැන විස්තර කරලා තියෙනවා. Hereditary සහ New කියලා තමයි ඒ ආකාර දෙක එයා හඳුන්වලා තියෙන්නේ. ඒ කියන්නේ පාරම්පරික රාජ්‍යය පාලනය සහ නව රාජ්‍යය පාලනය. මේ දෙකෙන් වඩා සුරක්ෂිත පාලනය තමයි Hereditary පාලනය. මේකෙන් කරන්නේ කලින් හිටපු පාලකයන් පිහිටවූ බලය සහ නීති ඇසුරින් ඊළඟට එන පාලකයන් රට පාලනය කරන එක. මෙතන හැදෙන්නේ secure base එකක්. මොකද එතකොට පාලකයෙක් විවේචනය වීමේ අවස්තාව අඩුයි. ඒ වගේම පාලකයෙක් ට එන අවධානමත් අඩුයි. මොක ද පරම්පරා ගණනක් තිස්සේ එකම පාලන ක්‍රමයක් තිබිලා තියෙන්නේ. බොහෝදුරට එයාගේ පාලන කාලය තුළ එන ප්‍රශ්න විසඳන්න කලින් පරම්පරා වල පාලකයන් එම ප්‍රශ්න විසඳපු ආකාරය උදාහරණයට ගන්න පුළුවන්. ඒක හරිම පහසු සහ ආරක්ෂාකාරි දෙයක්. අනිත් එක තමයි New එහෙම නැත්නම් නව පාලන ක්‍රමය. මේකේදි කරන්නේ පරණ පාලන ක්‍රමය අයින් කරලා අළුතින් පාලන ක්‍රමයක් පිහිටුවන එක. මේක සෑහෙන අවධානමක් තියෙන දෙයක්. අළුතින් පාලනයක් පිහිවුවනකොට ඒ පාලනය පිහිටුවන කෙනා අළුතින් සතුරන් ඇති කරගන්නවා වගේම ඒ ප්‍රොසෙස් එක තුළ වෙන කෙනෙක් ට පාලනය අතට ගන්නේ කොහොම ද කියලා හැමෝටම පෙන්නලා දෙනවා. කවුරුහරි කෙනෙක් එහෙම පාලනයක් පිහිටුවට පස්සේ හැම තිස්සෙම අවධානයෙන් ඉන්න වෙනවා තමන් කලින් පාලකයා එළවලා බලය ගත්තා වගේම තමන්ගේ ක්‍රමයම පාවිච්චි කරලා තමන්ව එළවලා බලය ගන්න කවුරුහරි උත්සාහ කරනව ද කියලා. Robert Baratheon ට වුණේ ඒ දේ තමයි. Mad king පවත්වාගෙන ගියේ Hereditary පාලන ක්‍රමයක්. කලින් පාලන බලයේ හිටපු අය එකතු කරගත් බලය එයාට තිබ්බා. ඒ වාසිය තියාගෙනම Mad king ගේ දුෂ්ටකම් නිසා එයාට ත්‍රෝන් එක සහ ජීවිතය නැතිවුණා. ඊට පස්සේ Robert Baratheon බලය අල්ලාගත්තා. හැබැයි ඉතුරුවෙලා ඉන්න හැම Targaryen කෙනෙක් ම එයා සතුරු කරගත්තා. ඒ වගේම එයාව පාලනයට ගෙනාපු හැම කෙනාම වගේ එයාලගේ බලය වැඩි කරගන්න උත්සාහ කරනවා Robert ගේ rebel එක ආදර්ශයට අරගෙන. ඒ නිසා Iron Throne එක සෑහෙන unstable වෙනවා. අන්තිමට වෙන්නේ එයාගෙම වයිෆ් අතින් Robert ඝාතනය වෙන එක. ඊට පස්සේ Joffrey එනවා. එයත් මැරෙනවා. Robb King in the North වෙනවා. එයත් මැරෙනවා. ඒ වගේ බලයට එන හැම කෙනාටම වගේ මරණයට මුහුණදෙන්න වෙනවා. Daenerys ට පවා. ඒක තමා මේ New පාලන ක්‍රමයේ තියෙන අවධානම. කෙනෙක් නව පාලනයක් පිහිටෙව්වොත් ඒකින් වෙන්නේ බලය ලබාගන්න ඉන්න අයට ඒකට අවශ්‍යය මාර්ගය නිකන් ම පෙන්නලා දෙන එකයි.

Viserys Targaryen


ඒත් යම් යම් හේතු නිසා නව පාලන ඇතිවෙන එක නවත්වන්න බැහැ. New ruler කෙනෙක් සාර්ථක හෝ අසාර්ථක වෙන්නේ කොහොමද කියන එක මේ GOT සීරීස් එක ඇතුළේ සෑහෙන දුරට කතා කරනවා. Niccolo Machiavelli ට අනුව හැම පාලකයෙක් සතුවම තියෙන්න ඕන ප්‍රධාන ගුණාංග දෙකක් තියෙනවා. ඒ තමයි Skill සහ Luck. Machiavelli මේ දෙක හඳුන්වලා තියෙන්නේ Virtu සහ Fortuna විදිහට. Virtu කියලා හඳුන්වන්නේ බලය ලබාගැනීමට තියෙන හැකියාව. එහෙම නැත්නම් ස්කිල් එක. මේක විවිධ විදිහට තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට Robb Stark ට තියෙන යුද්ධ කිරීමේ හැකියාව සහ Littlefinger ට තියෙන කපටි වැඩ කිරීමේ හැකියාව කියන දෙකම Virtu වලට අයිති වෙනවා. Virtu කියන්නේ English වලින් Virtuous ඒ කියන්නේ ගුණවත් කියන එක. Virtuous පුද්ගලයෙක් ට තියෙන ලක්ෂණ තමයි honest, courageous සහ loyal කියන්නේ. ඒ කියන්නේ අවංක, ධෛර්යමත් සහ පක්ෂපාත බව. හැබැයි මේ Virtu කියන් එකෙන් කියන්නේ හැම තිස්සෙම මේ ගුණාංග දක්වන එක නෙවේ. අවශ්‍යය වෙලාවට අවශ්‍යය තැනදි සහ අවශ්‍යය කෙනාට විතරක් මේ ගුණාංග දක්වන එකටයි. උදාහරණයක් විදිහට මේක ගන්න පුළුවන්. Tyrion විසින් ඩිමාන්ඩ් කරපු Trial by combat එකට එයා වෙනුවෙන් ඉදිරිපත් වුණ Bronn දින්නට පස්සේ Lady Lysa කියනවා Bronn සටන් කළේ ගෞරවයක් නැතුව කියලා. Bronn අනිත් champion වැටුණු hole එක පෙන්නලා කියනවා “no but he did” කියලා. Virtu පෙන්වන්න ඕන අවස්තා ගැන බලය හොයන කෙනෙක් හොඳටම දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඒ වගේම තමා පමණට වඩා Virtu පෙන්වන්න ගියොත් ඒ කියන්නේ තමන්ගේ හැකියාවන් සහ බලයන් යොදලා තමන්ගේ යටතේ ඉන්න අය terrorize එහෙම නැත්නම් බය කරන්න ගියොත් එතකොටත් තමන්ගේ පාලනයට අවධානමක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒක තමයි Aerys ට සහ Daenerys ට වුණේ. Fotuna කියලා කියන්නේ luck එක. එහෙම නැත්නම් වාසනාව. Tyrion Lannister ව ඩිෆෙන්ඩ් කරන්න Bronn ව හම්බුණේ එයාගේ Fortuna එක නිසා. කොච්චර හොඳ Virtu එකක් තිබ්බත් Robb Stark ට මැරෙන්න වුණේ එයාගේ fortuna එක නැතිවුණ නිසා. Machiavelli කියලා තියෙනවා කිසිම කෙනෙක් මේ fortuna එක මතම ඩිපෙන්ඩ් වෙන්න හොඳ නැහැ කියලා. Tyrion Lannister තමයි හොඳම උදාහරණය මේකට. Tyrion Lannister ඉපදුණේ dwarf කෙනෙක් විදිහට. හැබැයි සෑහෙන ධනවත් dwarf කෙනෙක් විදිහට. මේක එයාගේ fortuna එක. Dwarf කෙනෙක් වුණ එක එයාගේ අවාසනාව වෙන්න පුළුවන් වගේම ධනවත් පවුලක ඉපදුණ එක එයාගේ වාසනාව වෙන්න පුළුවන්. හැබැයි Tyrion ගේ Virtu එක නිසා මේ අවාසනාව නැති කරලා සෑහෙන දුරට වාසනාවක් ඇති කරගන්න එයාට පුළුවන් වුණා. අන්තිමට King’s Hand වෙන්න පවා පුළුවන් වුණා. මේ Fortuna එක පවත්වාගන්න පුළුවන් වුණේ Tyrion විසින් ඉතාම දක්ෂ විදිහා එයාගේ Virtu එක පාවිච්චි කරපු නිසා. 

Tyrion Lannister


මේ Virtu සහ Fortuna කියන ගුණාංග දෙක පවත්වාගන්න බැරිවීමෙන් බලය අහිමි කරගත් අයට හොඳම උදාහරණ වෙන්නේ Viserys Targaryen, Robert Baratheon, Joffrey Baratheon, Ned Stark සහ Robb Stark කියන අය. මේ අය බලය නැති කරගත්තු ආකාරය ගැන මන් පැහැදිලි කරන්නම්. Viserys Targaryen කියන්නේ මුරණ්ඩු, අධික මාන්නයක් තියෙන දුෂ්ටකම් වැඩි කෙනෙක්. එයාට ඕනේ කොහොමහරි Iron Throne එකෙ ඉඳගන්න. ඒකට එයා එයාගේ සහෝදරිය පවා බිලිදෙන්න සූදානම්. Viserys කරපු වැරැද්ද තමා එයා අනුන් මත ඩිපෙන්ඩ් වුණා වැඩී. එයා Daenerys ව Khal Drogo ට දීලා බලාපොරොත්තු වුණේ Iron Throne එක අල්ල ගන්න. හැබැයි ඒකෙන් වුණේ එයා Khal Drogo ට අමතරව Daenerys ගේ බලයටත් යටවෙන එක. පාලකයෙක් විනාශ වෙන්න මූලික හේතුවක් තමයි dependency එක. පාලකයෙක් ගේ බලය රඳාපවතින්නේ තවත් අයගේ බලයන් එකතු කිරීමෙන් නම් ඒ පාලකයගේ බලය හරිම unstable එකක්. පාලකයාට බලය දෙන කෙනෙක් තීරණය කරොත් වෙන කෙනෙක්ට ඒ බලය දෙන්න තනිබලයක් තියෙන පාලකයෙක් ට තම බලය අහිමිවුණාට වඩා භයානකයි ඒක. මොක ද පාලකයා දන්නේ නෑ අන්තිම වෙනකන් තමන්ගේ සහායකයා තමන්ට ද්‍රෝහි වෙන බව. දැන් දැන් මතක් වෙනවා ඇති Robb Stark ටත් වුණේ මේකම නේද කියලා. ඒ ගැන ඉස්සරහට කතා කරමු. O/L වලට ඉතිහාසය කරපු අය දන්නවා ඇති නව පුනරුද සමයේ ප්‍රභූවරුන්ගේ බලය අඩුවෙලා රජවරුන්ගේ බලය වැඩිවුණා කියලා. ඒ වුණේ කොහොම ද? රජවරු එයාලටම කියලා ලොකු සේනාවන් නිර්මාණය කරගත්තා. ඒ සේනාවන් යොදවලා තමයි ප්‍රභූවරුන්ගේ බලය තමන් යටතට ගත්තේ. ඊට කලින් තිබ්බ යුගයේ රජවරු ඩිපෙන්ඩ් වුණේ ප්‍රභූවරු නිසා. හැබැයි රජවරු සේනාවන් හදාගත්තට පස්සේ හැම ප්‍රභූවරයෙක්ටම සහ රටේ හැම මනුස්සයෙක්ටම රජතුමාගේ පාලනයට යටත් වෙලා ඉන්න වුණා. Viserys කවදාවත් තමන්ට කියලා ආමි එකක් හදාගත්තේ නැහැ. හැම තිස්සෙම අනුන් මත තමා ඩිපෙන්ඩ් වෙන්න බැලුවේ. අන්න ඒ නිසා තමා Viserys Game of Thrones එකෙන් අයින් වුණේ. 

Joffrey Baratheon


Robert ත් ගොඩක් දුරට Viserys වගේමයි. හැබැයි Mad king ව පරාද කරලා Iron Throne එක ගැනීමෙන් කියන්නේ Robert ට හොඳ Virtu එකක් සහ Fortuna එකක් තිබුණා කියලා. හැබැයි Robert Viserys කරන එක වැරැද්දක් කරනවා. Robert තමන්ගේ personal emotions වලට වහල් වෙනවා. Robert කම්මැලි වෙනවා. Boar hunting වලටයි whores ලා එක්ක කාලය ගතකරලා සතුටු වෙන්න තමා වැඩිපුරම උත්සාහ කරන්නේ. ඒ වගේම Ned Stark වගේ විශ්වාසදායක් හිතවතුන් ඈත් කරගන්නවා තමන්ගේ හැඟීම් වලට වහල් වෙලා. අන්න ඒ නිසා තමයි Robert ට මේ සෙල්ලමෙන් අයින් වෙන්න වෙන්නේ. ඊළඟට Joffrey. Joffrey කියන්නේ දුෂ්ටකම් වලින් පිරුණු කෙනෙක්. හොඳ පාලනයක් ගෙනියන්න පාලකයෙක්ට දුෂ්ට වැඩ කරන්න වෙනවා. හැබැයි ඒ අදාළ සුවිශේෂි අවස්තාවල විතරයි. පාලකයෙක්ට තමන්ගේ බලය පෙන්වලා මිනිස්සු එක අරමුණකට යොදවන්න තියෙන ක්‍රමය තමයි දුෂ්ට වැඩක් කරන එක. ඒ කියන්නේ මිනිස්සුන්ව බය කරන එක. හැබැයි Joffrey එයාගේ දුෂ්ටකම් අනවශ්‍යය විදිහට පාවිච්චි කරන එකෙන් වුණේ මිනිස්සු බය වෙනවට වඩා තමන් මිනිස්සුන්ගේ වෛරයට ලක්වෙන එක. පාලකයෙක් කවදාවත් නොකරන්න ඕන දෙයක් තමයි මිනිස්සුන්ගේ වෛරයට ලක්වෙන එක. Aerys සහ Joffrey කියන දෙන්නටම බලය නැතිවුණේ එයාලා මිනිස්සුන්ගේ වෛරයට ලක්වුණ නිසා. පාලකයෙක් හරිවිදියට එයාල ළඟ තියෙන බලය පාවිච්චි කරලා මිනිස්සුන්ව බය කරන්න ඕනේ. Jon Snow එයාව මරන්න උත්සාහ කරපු අයට දුන්න දඬුවම ඒකට හොඳම උදාහරණයක්. හරි විදිහට දුෂ්ටකම කියන කන්සෙප්ට් එක පාලකයෙක් පාවිච්චි කරන්න ඕනේ එහෙමයි. හැබැයි Jon Snow ත් Iron Throne එකට සුදුසු නැහැ. එයා පර්සනල් ඉමෝෂන්ස් වලට වහල් වෙන සහ නෙඩ් ස්ටාර්ක් වගේ honourable කැරැක්ටර් එකක් නිසා vulnerable වෙන්න තියෙන අවස්තාව වැඩියි.

 

Eddard(Ned) Stark


Ned Stark කියන්නේ දක්ෂ, ස්කිල්ෆුල් සහ වාසනාව තියෙන පාලකයෙක්. එයාට King’s Hand වෙන්න තරම් වාසනාව තිබ්බා. ඒ වගේම දක්ෂ දේවල් මෙහෙයවන්න හැකියාව තියෙනවා. සෑහෙන බලයකුත් තියෙනවා. එහෙනම් ඇයි Ned ට මැරෙන්න වුණේ? Ned කියන්නේ virtuous කෙනෙක්. හැමදෙයක්ම සාධාරණ සහ හරි විදිහට විසඳන්න තමයි එයා උත්සාහ කළේ. ඒ නිසා එයාට Robert ගේ විශ්වාසය දිනාගන්න පුළුවන් වුණා තමයි. හැබැයි එයාගේ අවංකකම සහ ආත්ම ගරුත්වය නිසා එයා ළඟ තියෙන බලය ගන්න තරඟ කරන අයට පුළුවන් වුණා Ned ව සෙල්ලමෙන් අයින් කරන්න. කලින් කිව්වා වගේ පාලකයෙක් දැනගන්න ඕනේ අවශ්‍යවෙලාවට විතරක් virtuous වෙන්න. Ned දැනන් හිටියේ නෑ මොනවෙලේ ද හරි විදිහට හැසිරෙන්න ඕන නැත්තේ කියලා. එයා Littlefinger ව ඕනෑවට වඩා විශ්වාස කරා. Cersei ට තර්ජනය කරා Robert ගේ heir එක ගැන කියලා. එයා කළේ හරි දේ. හැබැයි ඒකෙන් වුණේ එයාව vulnerable වෙන එක. ඒ කියන්නේ අනතුරක් වීමට ඉඩ සලස්වන එක. GOT වල Iron Throne එකේ ඉඳගන්න සුදුසු ම පුද්ගලයන් 3 දෙනා විදිහට මම සලකන්නේ Brandon Stark, Daenerys Targaryen සහ Robb Stark කියන අය. Bran ස්පෙෂල් කේස් එකක් නේ. එයා ගැන පස්සේ කතා කරමු.


Robb Stark



Robb Stark සහ Daenerys Targeryen කියන දෙන්නටම එකම විදිහට Virtu සහ Fortuna පිහිටලා තිබ්බා. Robb Stark යුද්ධ කරන්න අති දක්ෂයෙක්. එයාගෙ අණ පිළිපදින සෑහෙන පිරිසක් එයා එක්ක හිටියා. North වල මිනිස්සු හැමෝම වගේ එයා එක්ක හිටියා. ඒ වගේම Fortuna එහෙම නැත්නම් වාසනාවත් එයා එක්ක තිබ්බා. යුද්ධ දිනන්න පුළුවන් වුණේ ඒ නිසා. හැබැයි එයා අන්තිමේදි එක වැරැද්දක් කරගන්නවා. ඒ Viserys කරපු වැරැද්දමයි. Dependency එක. Twins එක පාස් කරලා යන්න Robb ට Walder Frey ගේ දුවක් මැරි කරන්න වෙනවා. Walder Frey ගේ ආරක්ෂාව සහ හමුදාව ලැබීම රඳාපවතින්නේ තනිකර ඒ මැරේජ් එක මත. ඒක Robb ට අකැමැත්තෙන් වුණත් කරන්න වුණ දෙයක්. ඒකේ ප්‍රතිඵලය තමා Red Wedding එක. පාලකයෙක් ගේ එක වැරැද්දකින් එයාගේ බලය අහිමි වෙන එකට හොඳම උදාහරණයක් තමයි ඒක. Game of Thrones සෙල්ලම් කරද්දි කිසිම මිස්ටේක් එකක් වෙන්න දෙන්න බැහැ. මොකද ඔයාගේ පොසිෂන් එකට එන්න බලාගෙන සෑහෙන පිරිසක් ඉන්නවා. ඒ අය බලන් ඉන්නේ ඔයාගේ මොකක්හරි මිස්ටේක් එකක් බලලා ඔයාට පහරදෙන්න. Daenerys ගේ විශේෂත්වය තමයි එයාට එයාගෙම ආර්මි එකක් තියෙනවා. Dothraki සේනාවක් එයාට සේවය කරන්නේ Daenerys එයාලගේ නායිකාව කියලා සලකන නිසා විතරයි. කිසිම කොන්දේසියක් නැහැ. කිසිම dependency එකක් Daenerys ට නැහැ. Unsullied ලට නිදහස ලබාදුන්නට පස්සේ එයාලා Daenerys ට සේවය කරන්නේ එයාලට නිදහස ලබලා දුන්න කෙනා විදිහට සලකන නිසා. කිසිම dependency එකක් නැහැ. ඒ වගේම Daenerys ට ඉන්න මකරු. මේ මකරු වලින් පෙන්වන්නේ Daenerys ට තියෙන බලය. මෙන්න මේ බලය නිසා මිනිස්සු හිතනවා මෙන්න මෙයාට තමයි එයාලව ආරක්ෂා කරන්න පුළුවන් කියලා. වැඩිම බලයක් තියෙන කෙනා යටතට යන්න තමයි මිනිස්සු කැමති. මේ හැමදෙයක්ම Daenerys ට ලැබෙන්නේ Fortuna එක නිසා. ඒ වගේම Daenerys එයාට ලැබුණ දේවල් Virtu විදිහට පාවිච්චි කරන නිසා තමයි එයාට GOT වල පවර්ෆුල් ම කෙනෙක් වෙන්න පුළුවන් වුණේ. හැබැයි Daenerys ත් අන්තිමට වැරැද්දක් කරනවා. ඒ තමන්ගේ personal emotions වලට වහල් වෙන එක. Missandei සහ එයාගේ මකරෙක් මැරුණට පස්සේ එයා සැබෑ පාලකයෙක් හැසිරෙන්න ඕන විදිහට නෙවේ හැසිරෙන්නේ. එයාගේ වෛරය සහ බලය පාවිච්චි කරපු ආකාරය නිසා එයාට උදව් කරපු මිනිස්සු Daenerys ව සැක කරන්න පටන් ගන්නවා. අන්තිමට එයත් එක්ක හිටපු කෙනෙක් අතින් ම මැරෙන්න වෙනවා. මොකක්හරි බලයක් දරන කෙනෙක් ට පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ ඉමෝෂන්ස් අනිත් අයගෙන් හංගලා තියාගන්න.

Daenerys Targaryen


මේ විදිහට තමන්ගේ ඉමෝෂන්ස් හංගලා තියාගත්ත කෙනෙක්ට හොඳම උදාහරණය තමයි Arya Stark. Arya ට කවදාවත් Fortuna තිබ්බේ නෑ. හැබැයි Virtu අතින් සෑහෙන ස්කිල්ෆුල් කෙනෙක්. එයාට GOT එකේ අන්තිම වෙනකන් වගේම ඉන්න වුණේ disguised කෙනෙක් විදිහට. ඒ කියන්නේ තමන්ගේ ඇත්ත අයිඩන්ටිටි එක වහලා ඉන්න තමයි සිදුවුණේ. එයා Faceless කෙනා එක්ක ප්‍රැක්ටිස් වෙන්න යනකොටත් අයිඩන්ටිටි එක වහලා හිටියේ. කොල්ලෙක් විදිහට වෙස් වලාගෙන හිටියේ. ඒ කියන්නේ ප්‍රැක්ටිස් එක පටන් ගන්නකොටත් Arya ඉමෝෂන්ස් හංගන්න පුරුදුවෙලා හිටපු කෙනෙක්. මේ නිසා Arya ට පුළුවන් වෙනවා පර්ෆෙක්ට් No one කෙනෙක් වෙන්න. එයාගේ අයිඩන්ටිටි එක විතරක් නෙවේ එයාගේ මූව්මන්ට්ස් පවා කාටවත් ප්‍රෙඩික්ට් කරන්න බැහැ. ගොඩක් අය GOT එකේ අකැමති දෙයක් තමයි Arya Night King ව මරන එක. ඒත් මන් හිතන්නේ Night King වගේ කෙනෙක්ව මරන්න පුළුවන් Jon Snow වගේ වීරයෙක්ට වත් Daenerys වගේ බලවත් කෙනෙක්ට වත් නෙවේ. Arya වගේ අන්ප්‍රෙඩික්ටබල් කෙනෙක් ට විතරයි Night King ව මරන්න පුළුවන්. Night King ට වත් ප්‍රෙඩික්ට් කරන්න බෑ Arya ගේ මූව්මන්ට්ස් ගැන. Arya ගේ තියෙන මේ ස්කිල් එක නිසා GOT එකේ දරුණුම කැරැක්ටර් එක වෙන්න එයාට පුළුවන් වෙලා තියෙනවා. Ramsay Bolton හෝ Joffrey Baratheon නෙවේ මේ සීරීස් එකේ දරුණුම. ඒ දෙන්නම කරන්නේ එයාලගේ බලය පාවිච්චි කරන එක විතරයි. අපිට අනුව එයාලා හැසිරෙන විදිහ දුෂ්ට වුණාට එයාලට ඒක මහලොකු දෙයක් නෙවේ. මෙහෙම හිතන්න. අපි අපිට තියෙන බලය පාවිච්චි කරලා ෆිල්ම්ස් වල හොර කොපි බානවා සයිට්ස් වලින්. විභාග වල හොර කරලා ලකුණු ගන්නවා. මෙන්න මේවා අපි අපේ බලය පාවිච්චි කරලා කරන දුෂ්ට වැඩ. හිතන්න කෙනෙක් ට Joffrey ට වගේ වගේ බලයක් තිබ්බොත් එයා හොරකොපි බානවා වගේ පේපර් එකක් කොපි කරනවා වගේ බොළඳ වැඩ කරයි ද? එයාට ෆිල්ම් එකක් බලන්න ඕනේ නම් හෝල් එකේ අයිතිකාරයට තර්ජනය කරලා යාළුවොත් එක්ක බොන ගමන් හෝල් එකේ ෆිල්ම් එකක් බලයි ගෑනු ළමයිත් වට කරන්. විභාගෙක ලකුණු වැඩිකරගන්න නම් උත්තරපත්‍ර පරීක්ෂකගේ ඔළුවට පිස්තෝලයක් තියලා ලකුණු 100 න් 200 දාන්න කිව්වත් ඒක කරන්න වෙනවා. අපිට පේන්නේ ඒක මහා දුෂ්ට කමක් විදිහට. හැබැයි එයාට තියෙන බලය අනුව ඒ දුෂ්ටකම් එයාට සරල ඒවා වෙන්න පුළුවන්. ඒත් Arya ගේ තියෙන ස්කිල්ස් සහ අන්ප්‍රෙඩික්ටබල් ගතිය නිසා කිසිම කෙනෙක් ට Arya ගේ වීක්නස් හොයාගන්න බැහැ. ඒ නිසා තමයි Arya GOT එකේ දරුණුම කැරැක්ටර් එක කියලා හඳුන්වන්න පුළුවන්. කොහොමහරි Game of Thrones එක අන්තිමට දින්නේ Brandon Stark. North එක Sansa ට ගියාට Lord of the Six Kingdoms වෙන්න Bran ට පුළුවන් වෙනවා. ඒක ගැන තමයි දැන් අපි කතා කරන්නේ. 

Arya Stark



Direwolves, Wargs සහ Wights ලා


Brandon Stark


ඔයාලා සමහරවිට අහලා ඇති Metaphysics ගැන. ඒ කියන්නේ රියැලිටියේ ස්වභාවය ගැන ඉගෙනගන්න එක. මනුශ්‍යයන් මුල් කාලේ ඉඳන්ම මේ metaphysics කන්සෙප්ට් එකට අනුව හිතන්න පුරුදු වුණ අය. මුල් කාලේ එයාලා හිතුවේ ඉර, හඳ සහ අකුණු වගේ ස්වභාවික දේවල් වල රියැලිටිය ගැන. මේවා කොහොම ඒවද? මේවට තියෙන බලය මොකක්ද? අන්න ඒ වගේ දේවල් තමා ඒ අය හිතුවේ. එහෙම හිතලා ඒ අය මේ දේවල් වලට අයිඩන්ටිටි එකක් දෙනවා. ඒකත් එක්කම එයාලා මේ දේවල් වලට යම්කිසි බලයක් නැත්නම් තේරුමක් ආරෝපණය කරනවා. උදාහරණයක් විදිහට God of Sun, Goddess of Moon සහ God of Light වගේ. මෙන්න මේ වගේ මිනිස්සු සමහර දේවල් වල රියැලිටිය ගැන මවන කල්පිත තත්ත්ව හැම දේකටම ආදේශ කරන්න පටන් ගන්නවා. අන්න ඒක මේ GOT සීරීස් එකේ දැක ගන්න පුළුවන්. ඒක හොඳටම පේන්නේ Direwolves ල ගෙන්. Dragons ලා ටිකක් දුරස්ථ විදිහටයි දැනෙන්නේ. හැබැයි Direwolves ල ව සීරීස් එකේ සෑහෙන හයිලයිට් වෙනවා. Direwolf කෙනෙක් උදාහරණයක් විදිහට Jon Snow ගේ Ghost ගත්තොත් අපි සෑහෙන කැමති මේ Ghost Jon Snow ගේ වැඩ වලට උදව් වෙන විදිහ බලන්න. විශේෂයෙන් Jon Snow ව ආරක්ෂා කරන විදිහ එහෙම අපි සෑහෙන ආසාවෙන් බලන් ඉන්නවා. ඒ වගේමයි Winterfell වලදී Bran ව මරන්න එන කෙනාවා හපාකාලා මරලා Bran ව බේරගන්න Summer ගැනත් අපි ආසාවෙන් බලන් ඉන්නවා. අපි එහෙම හිතන්නේ අපි ඒ රියැලිටිය දකින කල්පිත ආකාරය අනුව. අපි ඇත්තට දන්නෑ ඒ වෙලා වෙදි Summer ට තිබ්බ ෆීලින්ග්ස් මොනව ද කියලා. Summer ගේ inner body එකේ ක්‍රියාකාරිත්වය ගැන දන්නේ නෑ. හැබැයි අපිඒ රියැලිටිය ගැන කල්පිතව මවාගන්නවා චිත්‍රයක් අපි Summer වෙලා ඉන්නවා වගේ. අන්න ඒක ඇසුරින් තමා අපි සිදුවීම ගැන මොකක් හරි අදහසක් ගන්නේ. GOT එකේ හොඳටම පෙන්නන දෙයක් තමයි ඒකේ ඉන්න කැරැක්ටර්ස් වල බාහිර ස්වභාවය. Skinny Arya, ලස්සන Sansa, handsome Jaime, මහත Robert, මහත Samwell සහ ලස්සන Daenerys වගේ එක එක කැරැක්ටර්ස් වලට බාහිර කැපීපෙනෙන ස්වභාවයක් දෙනවා. අපි මේ බාහිර ස්වභාව වලින් ඒ ඒ කැරැක්ටර්ස් මනින්න යනවා. ඒත් අපිට කවදාවත් එයාලා කරන වැඩ ගැන ප්‍රෙඩික්ට් කරන්න බැහැනේ. හොඳට ඉන්න කෙනා ඊළඟ සීසන් එකේ දරුණු වෙන්න පුළුවන්. කඩුවක් අල්ලගන්න බැරිකෙනා ඊළඟ සීසන් එකේ Knight කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ අපිට තේරුම් ගන්න බැහැ මේ කැරැක්ටර්ස් වල conciousness එක. ඒ කියන්නේ එයාලා ගේ true potential එක අපිට තේරුම් ගන්න බැහැ. පිටතින් මොනවගේ පෙනුණත් ඇතුළතින් මොනවගේ කැරැක්ටර් එකක් ද කියලා අපිට හිතන්න බැහැ. ඒක එතනින් තියලා අපි යමු Wargs ලා ගැන කතා කරන්න. 

Ghost



Wargs ලා කියන්නේ එක් විශේෂ මනුශ්‍යය වර්ගයක්. මෙයාලට පුළුවන් වෙනත් ජීවින්ගේ mind එකට සම්බන්ධ වෙලා එයාලව තමන්ට ඕන විදිහට පාලනය කරන්න. එයාලගේ ෆිසිකල් ඇක්ෂන්ස් පවා තමන්ට ඕන විදිහට කරන්න පුළුවන්. Bran කියන්නේ Warg කෙනෙක්. එයා Summer ට Warging වෙලා Wildlings ල ට පහරදෙනවා. Hodor වගේ මිනිස්සුන්ටත් warging කරන්න Bran ට පුළුවන්. මෙන්න මේ Warging හැකියාව නිසා Bran ට මිනිස්සුන්ගේ conciousness එක තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ඇත්ත ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. ඊට අමතරව Bran ට තියෙනවා The Sight එක.(Greensight) මේ හැකියාව නිසා Bran ට පුළුවන් අතීතයේ සහ අනාගතයේ වෙන දේවල් ගැන දැනගන්න. මෙන්න මේ Warg සහ Greensight කියන ස්කිල්ස් දෙක තියෙන නිසා තමයි Bran ට පර්ෆෙක්ට් පාලකයෙක් වෙන්න පුළුවන් වෙන්නේ. එයා දන්නවා Game of Thrones සෙල්ලම් කරනකොට අනිත් අය කරන හැම මූව්මන්ට් එකක් ගැනම. ඒ වගේම අනික් අයගේ true identity එක ගැනත් එයා දන්නවා. මේ නිසා Game of Thrones සෙල්ලමේ පවර්ෆුල් ම කැරැක්ටර් එක විදිහට සලකන්න පුළුවන් වෙන්නේ Bran ව. එයාගේ ස්කිල්ස් වලට අමතරව එයාට අවශ්‍යය වෙලාවට North වල Sansa ඉන්නවා ඕනෑම උදව්වක් කරන්න. Bran ඉන්නකොට වෙන කිසිම කෙනෙක් සුදුසු නැහැ Kingslanding වල පාලකයා වෙන්න.

Warging



දැන් අපි යමු Wights ලා ගැන කතා කරන්න. Wights ලා කියන්නේ GOT එකේ ඉන්න සොම්බීස් ලා. මෙයාලා වැඩ කරන්නේ White Walkers ලගේ අණට අනුව. Zombies ලගේ මෙන්ටලිටි එක ගොඩක් තැන් වල ප්‍රශ්න ඇති කරන තැනක්. එයාලා හිතන්නේ කොහොම ද කියන එක ගැන විවිධ අය විවිධ මත පළ කරලා තියෙනවා. GOT එකේදි මම නම් හිතන්නේ මේ Wights ලට conciousness එකක් නැහැ. ඒ කියන්නේ අපොට wights ලව පිටතට පේන්නේ කොහොම ද? මොකක්හරි දෙන අණකට අනුව වැඩ කරන මළ දේහයක් නේ? එයාලාට පුළුවන් මිනිස්සු වගේම චලන ඇති කරන්න. හැබැයි මිනිස්සුන්ට වගේ යුනික් විදිහට හිතන්න බැහැ. හැමෝම පොදු අරමුණක් වෙනුවෙන් වැඩ කරන්නේ. මුහුණට හමුවෙන ඕනෑම මිනිහෙක් මරන එක තමයි එයාලගේ අරමුණ.

Wights



මෙන්න මේ පොදු අරමුණකට වැඩ කරන Wights ලා සහ එයාලගේ පාලකයන් වෙන White Walkers ලගේ කම්බිනේෂන් එකෙන් පෙන්වන්නේ බලවත් පාලකයෙක් සහ එයාගේ පාලනයට 100% යටත් වෙන ජනතාව සතු බලය ගැනයි. ඒ කම්බිනේෂන් එකට කරන්න බැරිදෙයක් නැහැ. මෙයාලට මුහුණදෙන්න නම් හැම මනුස්සයෙක්ටම එක පොදු අරමුණක් ඒ කියන්නේ White Walkers ලව පරාද කරනවා කියන අරමුණෙන් එකතු වෙන්න වෙනවා. Jon Snow මේ ගැන දන්න නිසා තමයි Daenerys ගෙනුයි Kingslanding වලිනුයි උදව් ගන්න ගියේ. ඒ වගේම Night King එයාගේ ප්‍රධාන target එක විදිහට Bran ව සලකන්නේ Bran ට පුළුවන් මිනිස්සුන්ව තේරුම් ගන්න. එයා ඉතිහාසය ගැන දන්නවා. අනාගතය ගැන දන්නවා. Bran ඉන්නකන් conciousness තියෙන මිනිස්සුන්ගේ පැවැත්ම තියෙනවා කියලා Night King දන්නවා. ඒ වගේම මිනිස්සුන්ව හැසිරවීමේ හැකියාවත් Bran ට තියෙනවා. අන්න ඒ නිසා තමයි Night King Westeros වල පවර්ෆුල්ම කැරැක්ටර් එක එයාගේ main target එක විදිහට සලකන්නේ. 

Night King



Game of Thrones සහ ලංකාව




ලංකාවෙත් මේ Game of Thrones සෙල්ලම තියෙනව ද? ඒක ටිකක් උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක්. සරලව ගත්තොත් තියෙනවා. මතුපිටින් බලනකොට Game of Thrones කියන සෙල්ලම ලංකාවේ තියෙනවා. හැබැයි බහුතරයක් විශේෂයෙන් සාමාන්‍යය ජනතාව මේක සෙල්ලම් කරන්න දන්නේ නැහැ. ඒකට හේතු තියෙනවා. මන් කලින් කිව්වා යුරෝපයේ මිනිස්සු ට්‍රයිබ්ස් එකතු කරලා පාලකයන් පත් කරගෙන monachy හැදුවා කියලා. මේ වගේ පාලන ක්‍රම ලෝකේ කල් යන්න කල් යන්න වැඩිවුණා. දැන් මුළු ලෝකෙම වගේ මේ වගේ mass scale එහෙම නැත්නම් බහුල විදිහට ජනතාව ඉන්න සමාජක්‍රම දක්වා වර්ධනය වෙලා තියෙනවා. මතුපිටින් ගත්තොත් කවුරුහරි කෙනෙක් ට මේවට ට්‍රයිබ්ස් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ දේශපාලන පක්ෂ, ෆෑන්බේස් සහ නගරයක පුරවැසියන් වගේ. මෙහෙම මේවා ට්‍රයිබ්ස් වගේ පෙනුණට ගොඩක් දියුණු රටවල් වල මෙහෙට වඩා පැහැදිලි වෙනසක් තියෙනවා. කොච්චර සමාජගත වෙලා හිටයත් ඒ මිනිස්සුන්ට එයාලටම යුනික් අයිඩන්ටිටි එකක් තියෙනවා. එක් එක් මිනිහට එකිනෙකට වෙනස් අයිඩන්ටිටි තියෙනවා. සමාජයේ පාලකයන් ඇති කරන නීති අනුව එයාලා පොදු අරමුණකට වැඩ කරනවා තමයි. හැබැයි එයාලා ජීවිතේ ගත කරන්නේ එයාලටම යුනික් වුණ සිස්ටම් එකකට. ඒ මිනිස්සු නියම විදිහට Game of Thrones සෙල්ලම් කරනවා. එයාලා දන්නවා පාලකයන්ගේ ප්‍රයෝජනය. එයාලා නියම පාලකයන් පත් කරලා ඒ අය ඇති කරන නීති වලට ගරු කරලා එයාලගේ ජීවිත සර්වයිව් කරගන්න යුනික්ම ගේමක් ගහනවා. එතකොට එයාලට පාලකයන්ගෙත් ආරක්ෂාව ලැබෙනවා වගේම එයාලා වෙනම තමන්ට කියලා බලයක් ලබාගන්නවා. ඒත් ලංකාවේ එහෙම දෙයක් නෙවෙයි වෙන්නේ. Chinaman: The Legend of Pradeep Mathew පොතේ තියෙනවා වෙන රටවල් වල මිනිස්සු ආධිපත්‍යය(පාලකයන්) ප්‍රශ්න කරාට නීති වලට ගරු කරනවා ඒත් ලංකාවේ මිනිස්සු පාලකයන් ප්‍රශ්න කරන්නෙත් නැහැ නීති වලට ගරු කරන්නෙත් නැහැ. වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම බාබේරියන්ස් ලා වගේ තමයි හැසිරෙන්නේ. දියුණු රටවල් වල මිනිස්සු හැම තිස්සෙම තමන් පාලනය කරන අය ගැන සැලකිලිමත් වෙනවා. හැබැයි ඉන්න ඕනම පාලකයෙක් ඇති කරන නීති හැම තිස්සෙම රකිනවා. මොකද එයාලා දන්නවා ශීලාචාර සමාජයක් පවත්වාගෙන යන්න නීති තියෙන එක අත්‍යවශ්‍යයි කියලා. ලංකාවේ ත් එහෙම නීති පද්ධතියක් තිබ්බට මිනිස්සු හැසිරෙන්නේ බාබේරියන්ස් ලා වගේ. ඒ කියන්නේ හැම තිස්සෙම උත්සාහ කරන්නේ තමන්ගේ ගොඩ වැඩිකරගන්න. මෙහෙම කියනවට සමාවෙන්න. ගොඩක්වෙලාවට දේවල් නැති තැනකින් යම් දේවල් ලබාගන්න සුදුසුකමක් ආවාට පස්සේ කරන්නේ ඉවක් බවක් නැතුව දේවල් තියෙන තැන් වලින් සහ දේවල් තියෙන අයගෙන් ඒවා හූරන් අරගෙන තමන්ට සහ තමන්ගේ අයට බෙදාහරින එක. ගොඩක් දේශපාලකයන් කරන්නේ ඒක තමයි. තව පිරිසක් ඉන්නවා ඒක කරන. කවුද කියලා කියන්න යන්නේ නෑ. එයාලට විතරක් නෙවේ ලංකාවේ බහුතරයකටම මේ බාබේරියන් ගතිලක්ෂණ තියෙනවා. ඕමානයේ හොඳ පාර්ටි එකක් තියෙනකොට කරන්නේ ලොකු බිරියානි සවාන් එකක් ලෑස්ති කරලා ඒක මැද්දට උයපු තනි එළුවෙක් ගේ භාගයක් තියෙනවා. අර මොළ කෑලි බඩවැල් එහෙමත් තියෙනවා. ඒක තමා හැමෝම වටවෙලා කන්නේ. ඒක බාබේරියන් කමක් නේද? ඒත් ඒකම නෙවේ ද අපි වැඩ කරන තැන් වල අර බත් පත බෙදාගෙන කනවා කියන එකෙන් කරන්නේ. ස්කෝලේ කමක් නැහැ කියමුකෝ. ළමයිනේ. මේ අවුරුදු 25 පැනපු අයත් වටවෙලා කනවා. ඉතින් ඒ සහෝදර කම බොක්ක කියලා කාටහරි කියන්න පුළුවන්. ඒක බොක්ක නෙවේ ඒ බාබේරියන් කම. ලංකාවේ Workplaces වල කොවිඩ් ඉහළට යන්න ප්‍රධාන හේතුවක් විදිහට ඩොක්ටර්ස් ලා කියන්නේ මේ බොක්කෙන් එකට කන එක. මන් දන්නෑ අර සවාන් එක කන අයට බාබේරියන්ස් ලා කියලා මෙහෙ එකට කන එකට සහෝදරකම කියන්නේ ඇයි කියලා. ඒ වගේම ඕමානයේ නෝම්බි කාලේ පාරවල් වල ගොඩගහලා තියෙනවා හරක් මරලා හමගහලා ඉතුරුවුණ ඔළු, බඩවැල්, කුර වලිග සහ හම් වගේ ඒවා. කඳු පිටින් තියෙන්නේ පාරවල් අයිනේ. හවසට උයලා කන්න. පැහැදිලිවම ඒක බාබේරියන් කම කියලනේ කියන්නේ. ඒත් ඔයා කවදහරි ට්‍රිප් එකක් යනකොට එළියට කෑම කාලා ඉතුරුවෙච්ච දෙයක් එළියට විසික් කරලා නැද්ද? අඩුගාණේ මයිලෝ පැකට් එකක් වත්? මන් දන්නෑ මන් නම් මතක ඇති කාලේ එහෙම කරලා නැතත් කරලා තියෙනවා කියලා දන්නවා. එතකොට ඒක අපේ බාබේරියන් කම නෙවේ ද? හරකා මරන එකත් පව් නම් හාල් මැස්සා මරන එකත් පව් නම්, හරක් කෑලි විසික් කරන එක බාබේරියන් කම වෙලා මාළු කෑල්ල විසික් කරන එක ගැම්ම හෝ නොහිතලා කරන පොඩි මිස්ටේක් එකක් වෙන්නේ කොහොම ද? ඔයාලා දන්නවා ඇති සෞදි අරාබියේ එහෙම ගෑනු කෙනෙක් තමන්ගේ හස්බන්ඩ් නැතුව වෙන පිරිමියෙක් එක්ක කතා කරලා ගල් ගහලා මරලා තියෙන කතා. ඒවා බාබේරියන් වැඩනේ. ලංකාවේ ගෑනු ළමයෙක් තමන්ගේ කොල්ලා නැතුව වෙන කොල්ලෙක් එක්ක කතා කරොත් සහ සාමාන්‍යය යාළුකමක් තිබ්බොත් එයාව හංවඩු ගහන්නේ බඩුවක් එහෙම නැත්නම් වටේ යන කෙනෙක් විදිහට නේ? එතකොට ඒක බාබේරියන් කමක් නෙවේ ද? Dothraki ලා තමන්ගේ slaves ලා වැඩිකරගන්නවා වගේ මෙහෙ ගොඩක් අයට ඕනේ තමන්ගේ ගොඩ වැඩිකරගන්න. හැම තිස්සෙම quality එකට වඩා quantity එක ගැන තමයි බලන්නේ. Dothraki කෙනෙක් ගේ විවාහය සාර්ථක වෙන්න නම් වෙඩින් සෙරමනි එකේ මැරෙන මිනිස්සු ගාණ 3 ක් වත් වෙන්න ඕනේ. ටිකක් තාර්කික වුණාට මෙහෙත් වෙඩින් එකක සාර්ථකත්වය මනින්නේ ඉන්න ලස්සන bridesmaids ලා ගාණ, තියෙන බෝතල් ගාණ, ඉන්න ගෙස්ට්ස් ලා ගාණ වගේ දේවල් වැඩිපුර වුණාමනේ. සරලව හිතුවොත් තමන්ගේ ෆේස් බුක් පේජ් එකේ ලයික්ස් ගාණ වෙන එකකට වඩා වැඩිනම් තමන් පොරක් කියලනේ හිතන්නේ. ඒකින් කරපු කරන දේවල් ගැන නෙවේ නේ සලකන්නේ. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? ලෝකයේ හිටපු ප්‍රසිද්ධම සත්තු අල්ලන්නෙක් වෙන Peter Rhyner ගේ biography එක වෙන The Wildest Game පොතේ එයා ඉන්දුනීසීයාවේ ස්වදේශිකයන් හැසිරීම ගැන මෙහෙම කියලා තියෙනවා.


” කාලයක් තිස්සේ යටත් විජිත වශයෙන් තිබුණු රටවල් නිදහස ලබාගෙන ඇතත් මිනිසුන් තුළ හීනමානය උත්සන්නව පවතී. අත්දැකීම් නොමැතිව වැදගත් වූ ජාතියක් ලෙස නැඟී සිටීමේ බලවත් ආශාව, සහිත ඔවුන් පැරණි සම්ප්‍රදායන්ගෙන් උද්දාමයට පත්වන අතරම අලුත් ලෝකයකට හැඩ ගැසීමට උත්සාහ දරති. පැරණි පාලකයන්(අධිරාජ්‍යයවාදීන්) කෙරෙහි ඔවුන් තුළ ඇත්තේ වෛරයකි. ඔවුන්ව අනුගමනය කිරීමට දුෂ්කර ප්‍රයත්නයක යෙදෙන ස්වදේශිකයන් බොහෝ විට සාර්ථක වී ඇත්තේ ඔවුන් වෙත තිබූ දක්ෂතා ලබා ගැනීමට නොව අහංකාරය පමණක් ලබා ගැනීමටය. උගත් ස්වදේශිකයෝද අහංකාර යුරෝපීයන් කොතරම් කාර්යක්ෂම හා ධෛර්යවන්තව කටයුතු කළේද යන්න පාලන බලතල තමන් පිට පැවරෙන තෙක් තේරුම් ගැනීමට අපොහොසත්ව සිටිති. අඩු ආදායම් ලාභීන් වෙනස් වී නොමැත. ගැටලු පවතින්නේ අඩක් අධ්‍යාපනය ලැබූ පිරිසටය. මොවුන්ගෙන් බොහෝ දෙනෙකු බුද්ධිමත්කම(උගත්කම), ඥානවන්තකම ලෙස ද මුරණ්ඩු කම දැඩි බව ලෙස ද ගොරෝසුකම ආධිපත්‍යය ලෙස ද වරදවා තේරුම් ගෙන සිටිති.”


ලංකාවේත් වෙලා තියෙන්නේ මේකම නේද? දූපතේ ඉන්න රැඩිකල් නිරාගමිකයෙක් නෙවේ මේක කියන්නේ ඈ. ස්විස් කාරයෙක්. ටිකක් හිතලා බැලුවොත් හරි නේද මිනිහා කියලා තියෙන එක? හරියටම කිව්වොත් Viserys Targaryen ට තියෙන ලක්ෂණමයි අපිටත් තියෙන්නේ. ශ්‍රේෂ්ඨ අසමත් ජාතියක්. කිසිම කෙනෙක් ට පොදු අරමුණක් නැහැ. ලාංකිකයන් වශයෙන් නැඟී සිටින එකට මොකක්හරි අරමුණක් තියෙන්න ඕනේ. ඒ සඳහා හැමෝම එකතු වෙලා පාලකයෙක් පත් කරගන්න ඕනේ. ඒත් මෙහෙ අය හැම තිස්සෙම Robert සහ Daenerys වගේ මුල් තැන දෙන්නේ තමන්ගේ පර්සනල් දේවල් වලට. Robb ට තිබුණා වගේ හරි විශන් එකක් නෑ බහුතරයකට. කොයිවෙලාවෙත් බලන්නේ Dothraki ලා වගේ මරාගන්න. නිකන් සමාජෙට ගිහිල්ලා බැලුවොත් පෙනෙයි ලංකාවේ මිනිස්සු කොච්චර බෙදිලා ඉන්නව ද කියලා. ආගම් වලට, දේශපාලන පක්ෂ වලට, ෆෑන්බේස් වලට සහ ඉතාම පොඩි දේවල් වලට පවා දෙකට තුනට බෙදිලා මරාගන්නවා. කෙනෙක් ගේ සිංදුව වයිරල් ගිය එකට කැමති අය අකැමැති අය, බුදුදහම ඇත්ත කියලා කියන අය බොරුවක් කියලා කියන අය, ඇතා හොඬ වැලෙන් පාවඩේ හැදුව එක හාස්කමක් කියලා කියන අය නොකියන අය වගේ හරිම බොළඳ දේවල් වලටත් බහුතරය බෙදිලා මරාගන්නවා. ඔයාගේ මතය හරි වෙන්න පුළුවන්. හැබැයි ඒක බෙදිලා මරාගන්න තරම් දෙයක් නෙවේ. එහෙම කරාම ඔයාව පෙන්නේ බාබේරියන් කෙනෙක් වගේ. මේක වෙලා තියෙන්නේ අපිට පොඩි කාලේ ඉඳන්ම අයිඩන්ටිටි එකක් හදාගන්න උගන්නලා නැහැ. පාරක යද්දි පොඩ්ඩක් වැටුණත් ඩොක්ටර් ළඟට උස්සන් යනවා. දූවිල්ලක් පෑගෙන්න දෙන්න නැහැ. ඊට පස්සේ ස්කෝලේ ගියාට පස්සෙත් අපිට අපේ අයිඩන්ටිටි එක හදාගන්න කියලා දෙන්නේ නැහැ. වෙන දියුණු රටවල් වල එක්කෙනාට ඩෙස්ක් එකක් දීලා ඊටපස්සේ පැහැදිලි ඉඩක්(ස්පේස් එකක්) තියලා තමයි ඊළඟ ඩෙස්ක් එක තියන්නේ. ෆිල්ම්ස් වල සීරීස් වල එහෙම දැකලා ඇති ඒක. එතකොට ඒ ළමය ගේ වර්ල්ඩ් එක තියෙන්නේ ඒ ඩෙස්ක් එකේ හතර සීමාව ඇතුළත. ඒ සීමාව ඇතුළත එයා කරන දේවල් වලින් තමයි ළමයගේ අයිඩන්ටිටි එක තීරණය වෙන්නේ. අපේ එහෙම නෙවේ නේ. හැමෝම එකට ඉන්නේ. එහා පැත්තේ කෙනා නිදාගන්නවා නම් තමනුත් නිදාගන්න තමයි බලන්නේ. එහා පැත්තේ කෙන ෆෝන් එක පාවිච්චි කරනවනම් තමනුත් ඒකට අවධානය යොමු කරනවා. පොඩි කාලේ ඉඳන් ම අපිව හදලා තියෙන්නේ ට්‍රයිබ් එකක් විදිහට හිතන්න. යුනික් අයිඩන්ටිට් එකක් දෙන්නේ නැහැ. ඒක තමයි ෆේස්බුක් එකේ දඩාර හෑලි දාලා එක එකාව විවේචනය කරලා අන්තිමට චන්ද පෙට්ටිය ළඟ තනිවුණාම ගොන් විදිහට කතිරේ ගහලා එන්නේ. පොඩි කාලේ ඉඳන්ම අර dpendency එක තියෙනවා. ඒ හින්දා තමයි හරියට සර්වයිව් වෙන්න බැරි සහ Game of Thrones සෙල්ලම් කරන්න බැරි. සමාජයක කෙනෙක් ට අවශ්‍යය දෙයක් එයාට ලබාගන්න හොඳම සහ බොහෝවිට එකම විදිහ තමන්ම ඒ දේ ලබාගන්න එක. ලංකාවේ මිනිස්සු දෙකෝටියකට වඩා ඉන්නවා. ඒ හැමෝම හිතන්නේ එකිනෙකාට වෙනස් විදිහට. අවශ්‍යය වෙනස් දේවල්. ඉතින් කවුරුහරි හිතනවනම් දියසෙන් හරි රාවණා ලා ඇවිත් රට හදයි කියලා ඒක තනිකර මිත්‍යාවක්. තමන්ට ඕන රට බිහිවෙන්න නම් ඒක තමන්ම කරන්න ඕනේ. වෙන කිසිම කෙනෙක් ට බැහැ. මම මේ හැම දෙයක්ම කිව්වට මන් කිසිම වෙලාවක කියන්නේ නෑ මන් කියන විදිහට හැසිරෙන්න කියලා. වෙන කොහේහරි තැනක තිබ්බ දෙයක් හරි වෙන කවුරුහරි කෙනෙක් කියපු දෙයක් තේරුම් අරන් මගේ විශන් එකට අනුව කියන එක තමා මම කරන්නේ. මම ඉගෙනගත්තු ඒවා තමයි මම කියන්නේ. මම මේවා කියලා දෙනවා. ඒවා තේරුම්ගැනීම සහ පිළිගැනීම තියෙන්නේ 100% ක් ඔයාලගේ අතේ. විවාදාත්මක දෙයක් කිව්වට පස්සේ මම හැම තිස්සෙම කියනවා වගේ මේ දේවල් තම තම නැණ පමණින් විසඳ ගන්න ඕන දේවල්. 



Game of Thrones වල දේවල් ඇත්තට මේ ලෝකේ වෙනව ද කියලා තාමත් කෙනෙක් ට හිතෙන්න පුළුවන්. O/L ඉතිහාසය කරපු කෙනෙක් දන්නවා ඇති ඔලිවර් ක්‍රොම්වෙල් ගැන. මතක නෑ ඒ කතාව සම්පූර්ණයෙන් ඉතිහාසය පොතේ තිබ්බ ද කියලා. ඒ නිසා මම කතාව කියන්නම්. 1625 එංගලන්තයේ රාජ්‍යයත්වයට පත්වෙනවා පළවෙනි චාර්ල්ස් රජතුමා. මෙයාගේ අදූරදර්ශී සහ මුරණ්ඩු පාලනක්‍රමය නිසා එයාගේ පාලනක්‍රමයෙන් අසාධාරණයට ලක්වුණ ඔලිවර් ක්‍රොම්වෙල් ප්‍රමුඛ පිරිසක් චාර්ල්ස් රජතුමා ව ඝාතනය කරලා පාලන බලය ලබා ගන්නවා. ඊට පස්සේ එංගලන්තය පාලනය කළේ ඔලිවර් ක්‍රොම්වෙල්. මෙයා මැරුණට පස්සේ ක්‍රොම්වෙල් ගේ පුතාට තමයි පාලන බලය ලැබෙන්නේ. මෙයාගේ රාජ්‍ය පාලනයේ අසමත් කම නිසා මිනිස්සු මෙයාව පන්නලා ප්‍රංශයට පැනලා ගිහින් හිටපු චාර්ල්ස් රජතුමාගේ පුතා ව එංගලන්තයේ රාජ්‍යයත්වයට පත් කරනවා. Game of Thrones එකක්ම තමයි ඒක. සමහර කට්ටියට වර්තමාන උදාහරණයක් බලාපොරොත්තු වෙනවා ඇති. එක රටක සෑහෙන බලයක් තිබ්බ නායකයෙක් හිටියා. ඒත් පාලකයගේ මුරණ්ඩු සහ කුරිරු වැඩ නිසා පිරිසක් එකතු වෙලා මේ බලවත් පාලකයව පන්නන්න කුමන්ත්‍රණය කරා. ඊට පස්සේ මේ පාලකයා එක්කම හිටපු සහායකයෙක් පාලකයට පිටුපසින් ඇනලා කුමන්ත්‍රණ කරුවන් ගේ ජයග්‍රහණය ස්ථීර කළා. පස්සේ ඒ කුමන්ත්‍රණය කරුවන් එකතු වෙලා පිහිටවු පාලන ක්‍රමය අසාර්ථක සහ unstable වුණ නිසා ජනතාව කලින් හිටපු බලවත් නායකයගේ heir එකක් නැවත බලයට ගෙනාවා. මේ ආටිකල් එක කියවපු ඔයලාට දැන් තේරෙනවා ඇති GOT සීරීස් එකේ Kingslanding වලට යන එළවළු කරත්තෙට වඩා සෑහෙන ගැඹුරු සහ රියලිස්ටික් දේවල් තියෙනවා කියලා. පුළුවන් නම් ආයේ වෙලාවක් හම්බුණොත් සීරීස් එක බලන්න. කලින් දැනුණේ නැති ගොඩක් ඩීටේල් ෆීල් කරන්න පුළුවන් වේවි. විශේෂයෙන් GOT එකේ කැරැක්ටර්ස් වලට වැඩි අවධානයක් යොමු කරලා බලන්න. ඒ වගේම ඉස්සරහට එන GOT එකේ ප්‍රීකුවල් එක වෙන House of Dragons ඇතුළු GOT සම්බන්ධ ප්‍රොජෙක්ට්ස් වල සියළුම විස්තර දැන ගන්න Welcome to Review Who Cares ෆේස්බුක් පේජ් එක සහ RWC ලගේ House of Dragons ෆේස්බුක් ෆෑන්ගෲප් එකත් එක්ක ටච් එකේ ඉන්න. ඒ සම්බන්ධ එන හැම නිව්ස් එකක්ම සහ විස්තරයක් ම දැන ගන්න පුළුවන් වෙයි. කලිනුත් කියපු Cersei Lannister ගේ quote එකකින්ම මම ලිපිය ඉවර කරන්නම්.


” When you play the Game of Thrones, you win or you die.”


Westeros වල විතරක් නෙවේ අපි ඉන්න ඕනෑම සමාජයක බලය සඳහා Game of Thrones සෙල්ලම් කරනවා. අපි කොච්චර ප්‍රතික්ෂේප කරත් මේ ගේම් එකේ සර්වයිව් වෙන්න නම් අපිට මේ ගේම් එක හොඳටම සෙල්ලම් කරන්න වෙනවා. එහෙනම් මෙතැනින් මේ ආටිකල් ඉවරයි. ආයෙත් මේ වගේ ආටිකල් එකකින් අපි හමුවෙමු.


Valar Dohaeris!

Tikiri Wanigasooriya – RWC

Download Menu

 

 


4.2GB 720p PSA BluRay Complete S01


4.2GB 720p PSA BluRay Complete S01


4.2GB 720p PSA BluRay Complete S01

Mega Links


480p BluRay Season 01


720p BluRay Season 01

Uptobox Links


480p BluRay Season 01


720p BluRay Season 01

මෙම උපසිරැසි BluRay පිටපත් සඳහා ලබා දි ඇත

Download “Game of Thrones Complete Season 01 with Sinhala Subtitles”

Game-of-Thrones-Season-01.zip – Downloaded 16702 times – 687.21 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premiere Movies Zone  –

Check Also

Hanu Man (2024) Sinhala Subtitles | වීරයා.!! [සිංහල උපසිරැසි සමඟ]

Year :  2024 IMDB Rate :  8.4/10 Stars :  Teja Sajja, Amritha Aiyer, Varalaxmi Sarathkumar Language …

9 comments

  1. Machn 4.2GB link weda ne, ewagen downlaod wenna, weda karana Link ekak danda

  2. අනේ බං season ඔක්කොගෙම link expired වෙලා.අලුතෙන් link දාන්ඩකො.පිං සිද්ද වෙයි දාන්ඩකො😢

  3. link monwath wada nane

  4. Psa link wada karanne naaa ne

  5. ane aye dannko pleeezzz. link wada nane ekakwath.

  6. Thanks Guys …❤

  7. Supiri bn thanks okkoma ekata dala dunnata 😍❤

  8. Link tika aye oneh brother

Leave a Reply

Your email address will not be published. Required fields are marked *