Saturday , April 13 2024
DON'T MISS

Havenhurst (2016) Sinhala Subtitles | මරණ මංචකය.. [සිංහල උපසිරසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Havenhurst (2016) Sinhala Subtitles

Year :  2016

IMDB Rate :  4.9/10

Stars :   Julie Benz, Belle Shouse, Josh Stamberg

Language :  English

Director :  Andrew C. Erin

සුභ දවසක් හැමෝටම, මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. උපසිරැසියක් කරන්න පට්ටම ආසාවක් තිබුනත් කිහිපවතාවක්ම වැඩේ පටන් ඇරන් අතඇරල දාලා තියෙනවා. ඉතින් මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරල සබ් එක ගන්න බලනකොට කොහෙවත් සබ් එක හොයාගන්න තිබුනෙ නෑ. ෆිල්ම් එක බලන්න තියෙන ආසවයි සබ් එකක් කරන්න තියෙන ආසාවයි නිසා පැය 7ක විතර කට්ටක් කාලා සබ් එක හැදුවා. සබ් එක හැදුවට පස්සෙ තමයි තේරුනේ සබ් එකක් හදනව කියන එක මොන තරම් අමාරුද කියලා.. ඒ වගේම තමයි හදල ඉවර උනාට පස්සෙ එන සතුට කියල නිම කරන්න බෑ තමන්ගෙම සබ්ටයිටල් එකකින් කවද හරි ෆිල්ම් එකක් බලන එක ගොඩක් ෆිල්ම් පිස්සොන්ගෙ හිතේ තියෙන දෙයක්.. ඉතින් අනිවාරෙන්ම උත්සහ කරල බලන්න ඒ feel එක ගන්න නම් ඉතින් මේක කරලම බලන්න ඕන.. පළවෙනි සබ් එක නිසා ඉතින් වැරදි අඩුපාඩු තියෙන්න පුලුවන්. ඒකට සමාවෙන්න! හැබැයි ෆිල්ම් එක හොඳට රසවිඳින්න පුලුවන් වෙන්න කීපවතාවක්ම චෙක් කරලා බලල තමයි සබ් එක හැදුවේ.. එහෙනම් වැඩි කතා ඕනි නෑ අපි ෆිල්ම් එක පැත්තට හැරෙමු.

Crime, Horror චිත්‍රපටි බලන අය අනිවාරෙන්ම Wrong Turn, Jigsaw, Jeepers Creepers, He’s out there චිත්‍රපටි ටික බලල ඇති මේකත් අන්න ඒ වගේම කපන කොටන, ලේ හලන සීන් තියෙන ෆිල්ම් එකක්. ඉතින් පොඩි දේටත් කම්පනයට පත් වෙන අයට නම් මේක බලන්න එපා කියල තමයි කියන්න තියෙන්නේ. තව මේකෙ තියෙන පොඩි සීන් කිහිපයක් නිසා මේක වැඩිහිටියන්ට පමණක් සුදුසුයි. (එහෙම කියල අපේ උන් බලන්නෙ නැතිවම ඉඳියි 😂) ත්‍රාසය සහ කුතුහලය චිත්‍රපටිය පටන්ගත්ත වෙලාවෙ ඉඳල ඉවර වෙනකන්ම නොවෙනස්ව තියෙනවා. ඒ නිසා කිසිම කම්මැලි කමක් නැතිව එක හුස්මට බලන්න පුලුවන් ෆිලුමක් කියල මම වගකීමෙන්ම කියනවා..😉 විනාඩි 80ක් පුරා ධාවනය වන මෙම චිත්‍රපටය නිකුත් වුණේ 2016 මැයි 14 වෙනිදා. Crime, Horror, Mystery, Thriller ගණයට තමයි මේ චිත්‍රපටය අයත් වෙන්නෙ. IMDB දර්ශකයේ 4.9ක අගයක් හිමි වෙලා තියෙනවා. ෆිල්ම් එක අධ්‍යක්ෂනය සහ නිශ්පාදනය කරල තියෙන්න Andrew C. Erin විසින්.

Julie Benz – Jackie
Belle Shouse – Sarah
Fionnula Flanagan – Eleanor Mudgett
Danielle Harris – Danielle Hampton
Josh Stamberg – Tim
Toby Huss – Wayne
Douglas Tait – Jed
Jennifer Blanc-Biehn – Paula

කියන නලු නිලියො තමයි රංගනයෙන් දායක වෙන්නෙ. කතාව ගැන කෙටියෙන් කිව්වොත් Havenhurst කියන්නෙ මහල් නිවාස සංකීර්ණයක්. කතාවේ ප්‍රධාන චරිතය වෙන ජැකීගේ මිතුරියක් වන ඩැනියෙල් හැම්ප්ටන් සහ ඇගේ සහකරුවා මේ අත්භූත මහල් නිවාසයේදී අතුරුදහන් වෙනවා. ඉතින් මේ අතුරුදහන් වීම ගැන හොයන්න ජැකී මේ මහල් නිවාසයේම නවාතැන් ගන්නවා. ජැකීට මේ වැඩේට ගොඩක් උදව් කරන්නෙ වේන් කියන රහස් පරීක්ෂකයා. ඉතින් ජැකීගේ යාලුවන්ට ඇත්තටම මොකද වුනේ? ජැකී මේක ඇතුලෙදි මුහුණ දෙන්නෙ මොන වගේ භයානක සිදුවීම් වලටද? ජැකීට අත්වෙන ඉරණම මොකක්ද? ත්‍රාසය,භීතිය,කුතුහලය පිරි මේ සුපිරි බයිස්කෝප් එකේ ඉතිරිය ඔබට බාරයි. ඔයාලගෙ අදහස් පහතින් කමෙන්ට් කරල යන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකන් හැමෝටම..

ජයවේවා..!

Download Menu

 

 

>>  700MB 720p BluRay Torrent පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.3GB 1080p BluRay Torrent පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත

Download “Havenhurst (2016) Sinhala Subtitles”

Havenhurst-2016-www.piratelk.com_.zip – Downloaded 771 times – 15.58 KB

සිංහල උපසිරැසි ගැන්වීම හා පරිවර්තනය
චරිත් ප්‍රමෝද්‍ය විසිනි

පළමුවැනි උපසිරැසි ගැන්වීම

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

Monster Mash (2024) Sinhala Subtitles | ෆ්‍රැන්කන්ස්ටයින් මොකද කරන්න යන්නේ.? .. [සිංහල උපසිරැසි සමඟ]

Year : 2024 IMDB Rate :  3.4/10 Starring: Ethan Daniel Corbett,Michelle Bauer,Anna DeRusso Language : English …

6 comments

  1. super horror film akak.. bro // puluwannam zombie film akakata sub dannakoooooooooooooo broooooooooooooooo$$$$$$$$$$

  2. zombie film akakata sub dannakooooooooooooooooooooooooo!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  3. Thanks sub ekata Good luck

  4. එලම වැඩක්… සුපිරී මචං
    දිගටම සබ් දෙන්න ජය වේවා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *