Sunday , April 14 2024
DON'T MISS

No Time to Die (2021) Sinhala Subtitles | මිය යන්නට කාලයක් නැත! [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

No Time to Die (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  7.5/10

Stars :  Daniel Craig, Ana de Armas, Rami Malek

Language :  English

Director :  Cary Joji Fukunaga

ඉතින් ඔන්න අද අරගෙන ආවා මෙතෙක් බිහි වුණ, හොඳම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය. ඒ වගේම මේක තමයි Daniel Craig රංගනයෙන් දායක වන අවසන් බොන්ඩ් චිත්‍රපටය. මේ වෙනකොට IMDb දර්ශකයේ එක්ලක්ෂ පනස් දහසකට අධික මනාප සංඛ්‍යාවකින් 7.5ක අගයක් ලබ අගන්න මේ අති සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයට හැකි වෙලා තියෙනවා. කතාවේ අලුත් හතුරා විදිහට කවුරුත් දන්න සුපිරි නළු Rami Malek රංගනයේ යෙදෙනවා. ඒ වගේම Ana de Armas, Léa Seydoux, Ben Whishaw, Ralph Fiennes, Lashana Lynch, Rory Kinnear, Christoph Waltz කියන සුපිරි රංගන ශිල්පීන් රැසකගේ දායකත්වය මේ චිත්‍රපටයල ලැබිල තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Cary Joji Fukunaga. ලොව පුරා සිනමාහල් වල තිරගත වෙමින් මේ වෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන 670කට ආසන්න මුදලක් මේ චිත්‍රපටයල උපයාගන්න හැකි වෙලා තියෙනවා. ඒ වගේම කියන්න ඕනි කලින් බොන්ඩ් චිත්‍රපට වලින් අපිට දැකගන්න බැරි වුණු විදිහේ සටන් ජවනිකා රැසක් මේ චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන්. ඒ වගේම තමයි චිත්‍රපටයේ ධාවන කාලය පැය 2 මිනිත්තු 43ක් ඉතින් අති සුපිරි බොන්ඩ් චිත්‍රපටයක් තමයි මේ පාර මෙයාලා ගෙනල්ලා තියෙන්නෙ.

ජේම්ස් බොන්ඩ් ක්‍රියාකාරී සේවයෙන් ඉවත් වුණාට පස්සෙ මෙයා ජැමෙයිකාවෙ සන්සුන් ජීවිතයක් ගත කරමින් ඉන්නවා. මේ අතරෙදි එයාගේ පරණ CIA යාළුවා ෆීලික්ස් ලයිටර් ඇවිල්ලා එයාගෙන් උදව්වක් ඉල්ලනවා. ඉතින් ඒත් එක්කම ජේම්ස්ගේ මේ නිවාඩු පාඩුවේ ගත කරන ජීවිතේ අහවර වෙනවා. ඉතිම් මෙයාට පැහැරගත්ත විද්‍යාඥයෙක්ව හොයන්න යන මෙහෙයුමක් තමයි භාර වෙන්නෙ. මේ මෙහෙයුමේදි මෙයා හිතුවට වඩා ගොඩක් ද්‍රෝහිකම් වලට මෙයාට මුහුනපාන්න වෙනවා. ඉතින් භයානක නව තාක්ෂණයක් තියෙන, අත්භූත දුෂ්ටයෙක්ගේ පස්සෙන් තමයි බොන්ඩ්ට යන්න වෙලා තියෙන්නේ. ඉතින් මේක තමයි කතා සාරාංශය බොහොම දිග කතාවක් තියෙනවා ඒක ඉතින් බලන එක ඔයාලට බාරයි. එහෙනම් අනිවා අරගෙන බලන්න මේ අති සුපිරි බොන්ඩ් චිත්‍රපටය.. පුලුවන් අය 1080p පිටපතක් අරන් බලන්න. ඔයාලගෙ අදහසත් පහලින් කමෙන්ට් කරන් යන්න. එහෙනම් තවත් මේ වගේම සුපිරි ෆිල්ම් එකකින් හම්බෙමු!! ජය!!

– SriLankan Premiere Movies Zone  –

Check Also

Manjummel Boys (2024) Sinhala Subtitles | මෙන්න නියම මිතුරෝ.! [සිංහල උපසිරැසි සමඟ]

මෙම උපසිරැසි දැනට නිකුත් වී ඇති කැමරා පිටපත් සඳහා පමණක් අදාළවේ. Year :  2024 IMDB …

11 comments

  1. meke sub dannako ikmnta

  2. Thank you brothers 😍😍

  3. Gammac tm ithn hum 😌 thanks❤

  4. Anupama Premarathna

    sub ekata thanks.
    Arcane (league of legends) TV series eketh sub oona ❤

  5. maru. maru thanks. loku copy waltatah thanks

  6. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request:
    Shang-Chi and the Legend of the Ten Rings (2021)

  7. Anupama Premarathna

    meka James Bond ge anthima ekama kiyala kiyanna ba. film eke anthima 18 second balanna.

  8. sub ekata thanks…!!!

  9. Request:
    Clifford the Big Red Dog (2021)

  10. hell hath no fury sub aka denawada ?

  11. ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *