Monday , March 18 2024
DON'T MISS

ඔබටත් ඉඩක්

පයිරේට් අඩවියට නිතර ඇවිල්ලා යන ඔබටත් දැන් පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. ඔබට ඉංග්‍රිසි භාෂා දැනුමක් තියනවනම්, ඔබ බලපු, ඔබේ සිත් ඇද ගත්ත, ලස්සණ ෆිල්ම් එකක් තියනවනම්, ඒක හැමෝමත් එක්ක සිංහල උපසිරැසි සමඟ බෙදාහදා ගන්න කැමතිද? එහෙමනම් කරන්න තියෙන්නේ ඔබ රසවිඳපු ඒ ෆිල්ම් එකේ ඉංග්‍රිසි උපසිරැසිය සිංහලට පරිවර්ථනය කර ඒ උපසිරැසි ගොණුව සමඟ, දැනට වෙබ් අඩවියේ පළවී ඇති ආකාරයේ ලිපියක් ලියලා පහළ තියන ඊමේල් ලිපිනයට එවන්නයි (උපසිරැසි යොදන ආකාරය පිළිබඳව විස්තර මෙතනින් බලන්න). නමුත් වෙබ් අඩවියට උපසිරසි කරුවෙක් විදියට ඇතුලත් කර ගන්නවාද නොගන්නවාද අවසන් තීරණය ඇඩ්මින් මඩුල්ල සතු බව සලකන්න.

ලිපියක තියෙන්න ඕනා කරුණු ගැනනම් දැනට අඩවියේ පළවී තියන ලිපියක් බැලුවාම තේරෙනවනේ. ඒ විදියට තිබුනාම ඇති. හැබැයි ලිපියක් ලියන්න, උපසිරැසි පරිවර්ථන කරන්න කලින් සලකා බැලියයුතු කරුණු කීපයක් නම් තියනවා.. ඒවා තමයි.

  • අදාල ෆිල්ම් එකට හොඳට සීඩ් තියන ටොරන්ට් එකක් තියෙනවද බලන්න.
  • දැනට අඩවියේ ඒ ෆිල්ම් එක ගැන ලිපියක් හෝ සිංහල උපසිරැසියක් පළවෙලා නැති බවට Search box එකෙන් හොයලා සහතික කර ගන්න.
  • ඔබ උපසිරැසි යොදන්න බලාපොරොතුවෙන චිත්‍රපටය වෙනත් කෙනෙක් බාරගෙනද යන වග පළමුව අපෙන් විමසා දැනගන්න.
  • චිත්‍රපට සඳහා ඔබ උපසිරැසි කරන්න ගන්න විට නිතරම තෝරාගන්න සැලකිලිමත් වෙන්න විනාඩී 20 ට වඩා ධාවන කාලයක් ඇති චිත්‍රපට සහ උපසිරැසි ලයින් 200 ට වඩා ඇති චිත්‍රපට පමණක්.
  • තනි තනි වශයෙන් කෙටි චිත්‍රපට ලබාදෙන එක අප සීමා කර ඇත. ඒ නිසා ඔබ අපට කෙටි චිත්‍රපට වලට උපසිරැසි නිර්මාණය කර එවන්නේ නම් එවන් චිත්‍රපට දෙකක් හෝ තුනක් එකවර එවන්න. එවිට ඒ සියල්ල එක් පෝස්ට් එකක් ලෙස අප පළකරන්න සූදානම්. එවිට අපගේ ගණනයන්වලදී එය එක උපසිරැසියක් ලෙස ගණනය වේ.
ඔය කාරණා ටික සපිරුනානම් උපසිරැසිය නිර්මාණය කර, ෆිල්ම් එක ගැන ලිපියක් සමඟ අපට එවන්න… ඔබ එවන ලිපිය පයිරේට් අඩවියේ පළවූ පෝස්ට් එකක් තරම් දිගු ලිපියක් වෙන්න ඕනා. මීට කලින් පළවෙලා තියෙන සාමාන්‍ය ලිපියක් දිහා බලපුවහම තේරෙවිනේ දෙන්න ඕනා ප්‍රමාණය.
මීට අමතරව, ඔබ අඩවියේ මීට පෙර ලබා දුන් චිත්‍රපටයකට උපසිරැසි යෙදීමට අදහස් කරන්නේ නම්, එය පළ කිරීම සඳහා අප කටයුතු කරන්නේ පහත පරිදිය. 
  • එය අලුත් ලිපියක් ලෙස පල කරන්නේ නැත.
  • එය අඩවියේ ලබාදී ඇති ලිපියටම එකතු කරනු ලැබේ. (උපසිරැසි බාගත කරගත හැකි ලින්ක් එක)
  • උපසිරැසි යෙදූ ඔබගේ නම ලිපියට එකතු කරනු ලැබේ.
  • පයිරේට් අඩවියට අයත් සමාජ ජාල අඩවිවල ඒ පිළිබඳව ප්‍රචාරයක් ලබා දේ…

ඔබ සිංහල උපසිරැසියක් නිර්මාණය කර අප වෙත එවූ සැනින් පලවීමක් නම් සිදු නොවේවි. මක්නිසාද යත්, අප හැමවිටම අපට උපසිරැසි ලැබුන පිළිවලට තමා අඩවියේ පළකිරීම සිදුකරන්නේ. ඉතින් සමහරවිටක ඔබේ උපසිරැසිය ඔබ අප වෙත එවා දිනක් දෙකක් ගතවී පළවීමට ඉඩ තිබේ.

(සැ.යු.: අන් අය විසින් පරිවර්තන කල උපසිරැසි වෙනත් අඩවියකින් ලබාගෙන තමන්ගේ නමින් අප වෙත එවීමෙන් වලකින්න. එය ඒ නිර්මාණය කල අයට කරන බලවත් අසාධාරණයක් මෙන්ම ඔබේ ලැජ්ජා නැතිකම පෙන්වීමකි. එලෙස ඔබ පළමුවර අන් කෙනෙකුගේ එකක් එවා එය හෙලි වූ පසු නැවත ඔබ ඔබගේම උපසිරැසියක් එව්වත් අප එය බාර නොගැනීමට ඉඩ ඇත.)

මේල් එක එවන විටදී අපේ පහසුව සඳහා මේ කරුනුත් සලකා බලන්න.

  • Subject විදියට අදාල ෆිල්ම් එකේ නම දාන්න. (උපසිරැසි දමන්නට බාර ගැනීමට එවන මේල් වලදීද මේ විදියට කරන්න)
  • සිංහල මාතෘකාවකුත් එවන්න.
  • ලිපිය මේල් බොඩියෙම දමන්න. (word, Notepad, etc.. ආදියේ නැතිව)
  • ඔබේ නම පළවියයුතු ආකාරය දන්වන්න.
  • ඔබේ පිංතූරයක් එවන්න. (Additional)
  • ටොරන්ට් එක තියන වෙබ් පිටුවේ ලිපිනය පමණක් එවන්න. ටොරන්ට් එක අමුණා එවන්න එපා. (Additional)
  • සබ් ෆයිල් එක මේල් එකට අමුණා එවන්න.
මේ අඩවිය ගැන තවත් විස්තර කියනව නම්, මේක සේවයක් විදියට කරන දෙයක් මිසක් මුදල් ඉපයීමට කරන දෙයක් නෙවෙයි. ඒ නිසා අපිට වගේම ඔයාලටත් මේ අඩවියට සම්බන්ධ උනා කියල මූල්‍යමය වාසියක් ලැබෙන්නෙ නෑ. නමුත් හිතට දැනෙන සතුට නම් බොහොමයි. මේ වැඩේට කැමති කට්ටිය පහළ තියෙන ඊමේල් ලිපිනයෙන් අපිව සම්බන්ධ කරගන්න.

[email protected]

(මේ සම්බන්ධයෙන් ඕන අදහසක්, ගැටළුවක් මේකට එවන්න!)