Monday , March 18 2024
DON'T MISS

sinhalasub-faq

පයිරේට් වෙබ් අඩවියේ තියෙන ප්‍රධාන දේ සිංහල උපසිරැසි සහිත චිත්‍රපටි දෙනවා කියලා කවුරුත් දන්නවනේ. නමුත් ටික දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේ උපසිරැසි සමඟ හරියට චිත්‍රපටි බලන්නේ කොහොමද කියන එක. ඉතින් මේ සටහනෙන් ඕගොල්ලන්ට පුලුවන් වෙයි ඒ පිළිබඳව දළ අදහසක් ලබා ගන්න.

සිංහල යුනිකේත හා එය සඳහා සහයෝගය දක්වන players පිහිටුවා ගැනීම.

* DivX, XviD හෝ mkv වර්ගයේ චිත්‍රපටි, ගොඩක් players වල වැඩ කළාට ඒ හැම එකකම සිංහල යුනිකේත වලින් අපි ලියන උපසිරැසි හරියට පෙන්නුම් කරන්නේ නැහැ.

* මුලින්ම අපි චිත්‍රපටි බලන පරිගණකයේ මොන player එක තිබ්බත් siyabas එකේ තියන Sinhala Rendering Engine එක හ‍රියට Install ක‍රල තියෙන්න ඔනේ! (වින්ඩෝස් 7 තුල නම් සිංහල ඇතුලත් කර ඇති නිසා කිසිදු ප්‍රශ්ණයක් නොමැතිව සිංහල පැහදිලිව දර්ශණය වේ)

* ඉතින් අපිට ෆිල්ම් එක බලන්න නම් Jet Audio හෝ KM Player හෝ Media Player Classic හෝ පාවිච්චි කරන්න පුලුවන්.

* Mac පරිඝණක බාවිතා කරන අයට පුළුවන් මෙන්න මේ ප්ලේයර් එක (iSubtitle) යොදාගන්න සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටි බලන්න.

* මේවා අතරින් Media Player Classic භාවිතා කරනවානම් එයට අවශ්‍ය කරන codec pack එක මෙතනින් බාගත කරගෙන පරිගණකයේ ස්ථාපනය කරගන්න.

* විශේෂයෙන්ම කියන්න ඕනා කාරණයක් තමයි VLC Player එක සිංහල යුනිකේත වලින් ලියවෙන උපසිරැසි වලට තවමත් හොඳ සහයක් දක්වන්නේ නැහැ. එම නිසා එමඟින් සිංහල උපසිරැසි නිසියාකාරව බලන්න බැහැ.

උපසිරැසි ගොණුව නියමිත පරිදි පිහිටුවා ගැනීම.

1) අපි ඔබට ලබා දී තිබෙන උපසිරැසි ගොනුව බාගත කර ගන්න. එය තිබෙන්නෙ (rar) හෝ zip ගොණුවක් ලෙස. එය winrar හෝ 7 zip භාවිතයෙන් open කර ගන්න. එවිට ඔබට (.srt) හෝ (.sub) හෝ (.ssa) වැනි ෆයිලයක් ලැබෙනු ඇත.

[ඔබ පරිගණකයේ winrar  හෝ 7 zip පිහිටුවා නැත්තම් පහත තැන්වලින් බාගත කරගෙන ඔබ පරිගණකයේ සුරැකි කොට ගන්න. winrar බාගත කරගන්න මෙතනින්. 7 zip බාගත කරගන්න මෙතනින්.]

2) චිත්‍රපටිය බාගත්ත ෆෝල්ඩරයටම අපි සපයා තිබෙන උපසිරැසි ගොණුවත් සුරැකි කර ගන්න.

3) අපි සපයා තිබෙන .srt/.sub/.ssa උපසිරැසි ගොණුවේ නමත් (file name) චිත්‍රපටියේ නමත් එක සමාන විය යුතුයි. එය පරීක්ෂා කර බලන්න.

උදාහරණයක් ලෙස චිත්‍රපටිය movie2009.avi නම්, උපසිරැසි ගොණුව movie2009.srt විය යුතුයි.

4) දැන් චිත්‍රපටය ඉහත සඳහන් කල players වලින් කැමති එකක ධාවනය කරවන්න. උපසිරැසි ගොණුව විවෘත කිරීමට අවශ්‍ය නැත.

5) චිත්‍රපටය ධාවනය වන විටම වෙනත් උපසිරැසි ගොණුවක් එයට ලබාදෙන්න අවශ්‍ය නම් ඒ සඳහා එක් එක් ප්ලේයර් වල වෙනස් ක්‍රම ඇත. ඒවා අත්හදා බලන්න.

ඔච්චරයි !!!

දැන් චිත්‍රපටිය සමඟ අනිවාර්යයෙන්ම සිංහල උපසිරැසි පෙනෙන්නට ඕනා.

 

ඔබ ලඟ ඇති කොපියට උපසිරැසි ගොනුව නොගැලපේ නම්,

දැනටමත් ඔබ ලඟ ඇති චිත්‍රපටියකට අප ලබාදුන් උපසිරැසි නොගැලපෙන්නට ඉඩ තියනවා. බොහෝ විට ඒ උපසිරැසි ඔබේ ලඟ ඇති වීඩියෝවටත් ගැලපෙන ලෙස සකස් කරගන්නට ක්‍රම කීපයක් තියයනවා. එයින් පහසුම ක්‍රමය වන පහත සඳහන් ක්‍රමය භාවිතා කරන්න. එක් එක් ප්ලේයර්වල තිබෙන ආකාර වෙනස්. 

  • KM Player 
කීබෝර්ඩ් එකේ “[” සහ “]”  (square brackets) යන කී භාවිතා කර උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.
  • Jet Audio 
Alt කී එක සමඟ වම් සහ දකුණු arrow කී එක භාවිතයෙන් උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.
  • VLC

“g” හා “h” අකුරු වලින් පුළුවන්.

මෙලෙසත් හරිගියේ නැතිනම් කලහැකි පහසුම දේ තමා අප ලබාදී ඇති ටොරන්ට් එකක් මාර්ගයෙන් චිත්‍රපටය බාගත කරගන්න එක. ඔබේ පහසුව සඳහා අප හැකි සෑමවිටම කුඩා ප්‍රමාණයේ ටොරන්ට්ද ලබා දෙන්නට කටයුතු කරනවා.

 

සිංහල උපසිරැසි රූපවාහිනී යන්ත්‍රය සමඟ බැලීමට.

අලුත් රූපවාහිනි යන්ත්‍රවල ඇති නවතම පහසුකමක් වන USB මගින් වීඩියෝ නැරඹීමේ ක්‍රමය නිසා ඔබට දැන් අප ලබාදෙන සිංහල උපසිරැසි රූපවාහිනී යන්ත්‍රයෙන්ද නැරඹිය හැකියි. එයට ඉතා ලෙහෙසි ක්‍රමයක් මුලින් අනුගමනය කරන්න ඕන. එනම් අප ලබාදෙන සිංහල උපසිරැසි ගොණුව අදාල ෆිල්ම් එකට ඇතුලත් කර ගැනීමයි. ඒ සඳහා සිංහල යුනිකෝඩ් අකුරු සහය දක්වන එක් මෘදුකාංගයක් තමා WinAVI Video Converter කියන්නේ. අදාල ෆිල්ම් එක සහ උපසිරැසි ගොණුව එකම ෆෝල්ඩරයක් තුල බහා මේ මෘදුකාංගය මගින් ඔබ කැමති වීඩියෝ ෆෝමැට් එකකට පරිවර්ථනය කරගන්න ඕනා. වීඩියෝ එකේ තත්වය, විශාලත්වය සහ ඔබේ පරිඝණකයේ වේගය අනුව ඉතා කෙටි කාලයත් ඇතුලත එය රූපවාහිණිය මගින් නැරඹිය හැකි වීඩියෝ ගොණුවක් බවට පත්කර දේවි.

මෙම මෘදුකාංගය මෙතැනින් ලබාගන්න. ස්ථාපනය කිරීමේ උපදෙස් සඳහා, බාගත කරගත් පසු ලැබෙන “ReadMe” ගොනුව කියවන්න. (මෙය හරියාකාරව ස්ථාපනය කරගත නොහැකිනම් මෙම මෘදුකාංගයේම පැරණි සංස්කරණයක් ස්ථාපනය කර බලන්න.) 

මේ මෘදුකාංගයේම තවත් කොපියක්. (ඉහත ඒවා නිවැරදිව වැඩ නොකරයි නම් මෙය උත්සාහ කර බලන්න)

මෙම මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය කල පසු එය රෙජිස්ටර් කරගත යුතුයි. ඒ සඳහා උපදෙස් ඔබ බාගත් ෆයිල් ගොනුවේ ඇති උපදෙස් අනුව කටයුතු කරන්න. නිවැරදිව ස්ථාපනය කර ගන්න හැටි මෙන්න මේ වීඩියෝවේ තියනවා.

උපසිරැසි ඇතුලත් කරගන්නා ආකරය මෙතනින් බලන්න.

 

ෆෝන් එකෙන් සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට බැලීමට නම් මෙන්න ක්‍රමය.

 

උපසිරැසි ෆයිල් එක බාගත කරීමට හෝ   Extract කර ගත නොහැකි නම්?

 ඔබ IDM (internet download manager) භාවිතා කරන්නේ නම් මෙම ගැටළුව ඇතිවිය හැක,ප්‍රථමයෙන් chrome වෙබ් බ්‍රව්සර් එක ඔබගේ පරිඝනකයේ  ස්ථාපානය කරගන්න . ඉන්පසු chrome බ්‍රව්සරය භාවිතා කරමින් Alt යතුර සමඟ සිංහල උපසිරස බාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න.එමගින් ගැටළුව නිරාකරණය කර ගත හැකි වෙයි 

මේ සියළු දේ පිළිබඳව ගැටළුවක් තිබේනම් පොඩි විස්තරයක් එක්ක ඊ-මේල් එකක් දාන්න..

[email protected]

 

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර මෙතනින් එක් කරන්න..