Year : 2021
IMDB Rate : 8.8/10
Stars : Tom Holland, Zendaya, Benedict Cumberbatch
Language : English
Director : Jon Watts
සුබ නව වසරක් වේවා!!
ඉතින් අද අපි අරගෙන ආවෙ මේ අවුරුද්දේ ආව සුපිරිම ෆිල්ම් එක.. මුළු ලෝකයක්ම හොල්ලපු ෆිල්ම් එක කිව්වොත් නිවැරදියි, බාල මහළු හැමෝම ආදරේ කරන අලුත්ම ස්පයිඩර්-මෑන් චිත්‍රපටය, Spider-Man: No Way Home (2021). මේ වෙනකොට IMDb දර්ශකයේ මනාප 319K කට අධික ප්‍රමාණයක් අරගෙන 8.8ක අගයක් ලබාගන්න මේ චිත්‍රපටයට හැකි වෙලා තියෙනවා. 94%ක කුණු තක්කාලි අගයකුත්, 97%ක ගූගල් පරිශීලක අගයකුත් ලබාගන්න හැකි වෙලා තියෙනවා. ඉතින් පෞද්ගලිකව මමත් මේ ෆිල්ම් එකට ගොඩක්ම ආසයි, ටොම් හෝලන්ඩ්ගේ අපිට බලාගන්න ලැබුණු සුපිරිම ස්පයිඩර්මෑන් ෆිල්ම් එක තමයි මේක.. ඒ වගේම මතක් කරන්නම ඕනි මාත් එක්ක මේකට උපසිරැසි ගන්වන්න එකතු වුණ අපේ රුක්ෂාන් ඛාන් සහෝදරයා.. ඉතින් දෙන්නම එකතු වෙලා එක දවසින් වැඩේ ඉවරයක් කරන්න පුළුවන් වුණා. එහෙනම් ෆිල්ම් එක ගැන පොඩ්ඩක් බලමු..
Endgame බැලුවට පස්සේ මට හිතුණේ කවදාවත් ඒ එක්ස්පීරියන්ස් එක තියටර් එකක ගන්න බැරි වෙයි කියලා. ඒත් No Way Home එකෙන් ඒකට වඩා එක්ස්පීරියන්ස් එකක් ලැබුණා කියලා තමයි මට නම් හිතුණේ. මේක pure theater entertaining experience එකක්. Marvel ෆෑන්ස් ලට මෙච්චර කල් MCU එකත් එක්ක ඉඳලා දුන්න සපොර්ට් එකට, MCU එකෙන් ෆෑන්ස් ලට දුන්න ට්‍රීට් එකක් විදිහට තමයි මේක ෆීල් වුණේ. ෆෑන්ස් ලව 100% සැටිස් කරන්න Marvel ලට පුළුවන් වෙලා තියෙනවා මේ ෆිල්ම් එකෙන්. ෆිල්ම් එක ගත්තොත් ඒක සෑහෙන ඉමෝෂනල්. ෆිල්ම් එකේ පළවෙනි සීන් එකේ ඉඳන් අන්තිම සීන් එක වෙනකන් තනිකර ඉමෝෂනල් ෆිල්ම් එකක්. මට වෙන කිසිම MCU ෆිල්ම් එකකින් එහෙම වයිබ් එකක් දැනිලා නැහැ. ඒ හැම ඉමෝෂනල් සීන් එකකින් ම පස්සෙ අවුට්පුට් වෙන ටොම් හොලන්ඩ් ගේ ස්පයිඩර් මෑන් නම් MCU එකේ මන් දැකපු හොඳම ප්ලොට් ටිව්ස්ට් එක විදිහට කියන්න පුළුවන්. සමහර අය මෙච්චර කල් ටොම් ගේ ස්පයිඩිට බැන්නේ Tony Stark Jr. නැත්නම් අයන් මෑන්ගෙන් ඩිපෙන්ඩ් වෙන කෙනෙක් විදිහට නේ. එහෙම කියපු අයට හොඳ කනේ පාරක් මේ ෆිල්ම් එකෙන් දීලා තියෙනවා. ෆිල්ම් එකේ ෆයිනල් අවුට්පුට් එක දැක්කම සප්‍රයිසින් බට් වෙල් ඩිසර්ව්ඩ් ට්විස්ට් එකක් කියලා ඒකට කියන්න පුළුවන්. ඒක තමයි මම පර්සනලි මේ ෆිල්ම් එකේ කැමතිම දේ. කැරැක්ටර්ස් අතින් ගත්තොත් ටොම් ට අමතරව Zendaya සහ Aunt May ගේ කැරැක්ටර්ස් බලාපොරොත්තු වුණාට ත් වඩා හොඳට තිබ්බා.
ඊට අමතරව මම මේකේ දැකපු යුනික් ම දෙයක් තමයි ශොට්ස්. සෑහෙන ලස්සන ශොට්ස් තිබ්බා. ඒ තරම් ලස්සන ශොට්ස් MCU එකේ වෙන කිසිම ෆිල්ම් එකක තිබ්බේ නැහැ. ඒ වගේම මල්ටිවර්සල් කැරැක්ටර්ස් ගැනත් කියන්න ඕනේ. ෆිල්ම් එකෙන් දුන්න තියටර් එක්ස්පීරියන්ස් එකේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක යන්න ඕනේ ඒ කැරැක්ටර්ස් වලට. නෙක්ස්ට් ලෙවල් ෆෑන් ට්‍රීට්මන්ට් එකක් ඒක. ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් ගත්තු පළවෙනි අවස්තාව තමයි ඒක. ඒක ගැන කතා කරන්න බැහැ ගොඩක් ස්පොයිල් වෙයි. හැබැයි කියන්න ඕන දෙයක් තමයි පර්සනලි මට නම් ෆිල්ම් එකේ මල්ටිවර්සල් කැරැක්ටර්ස් හැන්ඩ්ල් කරපු විදිහ සැටිස් නැහැ. එක මල්ටිවර්සල් කැරැක්ටර් එකක් ඇරුණම අනික් කැරැක්ටර්ස් ගැන නම් ඇත්තටම සැටිස් නැහැ. ඒ ඒ කැරැක්ටර්ස් ඇපියර් වෙනකොට එන ෆීලින් එක නම් නෙක්ස්ට් ලෙවල්. හැබැයි පස්සේ පස්සේ යනකොට නිකන් ෆීල් වෙන්නේ ඒ කැරැක්ටර්ස් ෆිල්ම් එකේ ඔරිජිනල් කැරැක්ටර්ස් වලට වඩා ගෙස්ට් කැරැක්ටර්ස් වගේ කියලා. 4 th wall එක සෑහෙන විසිබල් වෙන විදිහට තමයි ෆීල් වුණේ. MCU ෆිල්ම් එකක් නිසා ඒක ගොඩක් වෙලාවට කවර් වෙනවා. ඒත් ඒ අඩුපාඩුව ඇත්තටම සෑහෙන දැනුණා. Circus Clowns ලා වගේ ඇත්තටම ෆීල් වුණේ. සාකැසම් හෝ අපහාසය නෙවෙයි මම මීන් කරේ. එයාලා දුන්න එන්ටර්ටේන්ට්මන්ට් එක අර වගේ එකක්. වෙන පැත්තකින් බැලුවොත් එහෙම වුණ එකත් හොඳයි කියලා හිතෙනවා. ස්පොයිල් වෙන්න පුළුවන් නිසා කියන්න බැහැ මට ඒක. ඒ නිසා මට පර්සනලි මල්ටිවර්ස් කන්සෙප්ට් එක මේකෙන් ෆීල් වුණේ නැහැ.
මට 100% විශ්වාසයි ලබන අවුරුද්දේ එන Flash ෆිල්ම් එක මීට වඩා සෑහෙන හොඳට මල්ටිවර්ස් කන්සෙප්ට් එක ටච් කරයි කියලා. මල්ටිවර්ස් ෆිල්ම් එකක් විදිහට Flash මීට වඩා සක්සස් වෙයි. හැබැයි එන්ටර්ටේනින් පැත්තෙන්, ෆෑන් ට්‍රීට්මන්ට් පැත්තෙන් සහ එක්ස්පීරීයන්ස් එකෙන් උපරිමම ලෙවල් එකේ තියෙනවා. සරලව කිව්වොත් Endgame ට වඩා හොඳයි ෆිල්ම් එක. අන්තිමට තව දෙයක් කියන්න තියෙනවා. මන් හිතන්නේ 2019 ට පස්සේ ෆුල් ක්‍රවුඩ් එකක් එක්ක මම ෆිල්ම් එකක් බලපු පළවෙනි අවස්තාව මේ. අවුරුදු දෙකකට පස්සේ ආයේ ලංකාවේ තියටර්ස් sold out කරලා පස්සේ ආයේ ස්ක්‍රීනින් ටයිම්ස් දාන තැනට ගෙනාපු එකට Marvel එකට සෑහෙන ස්තූති කරන්න ඕනේ. ෆිල්ම් එක ඉවරවෙලා තියටර් එකෙන් එළියට බැස්සට පස්සේ ඊළඟ ශෝ ටයිම් එක බලන්න ෆෑන්ස් ලා පෝලිම් ගැහිලා ඉන්නවා දැක්කම පුදුම සතුටක් දැනුණේ. අවුරුදු දෙකකට පස්සේ ඒ වගේ පෝලිම් ගැහිලා ඉන්නවා දැක්කේ මිනිස්සු ෆිල්ම් එකක් බලන්න. Wonder Woman 1984 ෆිල්ම් එකෙන් වැහෙන්න ගියපු තියටර්ස් ටික බේරගත්තා. Spider-man: No Way Home එකෙන් ආයේ තියටර්ස් Endgame තිබුණු කාලේ තත්වෙට ගෙනාවා. මේක නම් වෙබ් රිප් බලන්න, ලැප් හරි ඩෙස්ක්ටොප් වල බලන්න නම් හදන්න එපා. කිසිම වැඩක් නැහැ. අවංකව බැරි අය ඇති. හැබැයි පුළුවන්කමක් තියෙන හැමෝම කොහොමහරි තියටර් එකක බලන්න. තියටර් එකක බලන්න බැරි නම් අවංකවම සෑහෙන අවුලක් ඒක. – by Review Who Cares
900MB 720p BluRay පිටපත මෙතැනින් ලබාගන්න
1.1GB 720p PSA BluRay පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p BluRay පිටපත මෙතැනින් ලබාගන්න
2.2GB 1080p PSA BluRay පිටපත මෙතැනින් ලබාගන්න
900MB 720p BluRay පිටපත මෙතැනින් ලබාගන්න
1.1GB 720p PSA BluRay පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p BluRay පිටපත මෙතැනින් ලබාගන්න
2.2GB 1080p PSA BluRay පිටපත මෙතැනින් ලබාගන්න
900MB 720p BluRay පිටපත මෙතැනින් ලබාගන්න
1.1GB 720p PSA BluRay පිටපත මෙතැනින් ලබාගන්න
2.2GB 1080p PSA BluRay පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p BluRay පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි BluRay පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles


