Sunday , April 14 2024
DON'T MISS

IT Chapter Two (2019) Sinhala Subtitles | යක්ෂයාගෙන් ඇමතුමක් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

IT Chapter Two (2019) Sinhala Subtitles

Year :  2019

IMDB Rate :  6.9/10

Stars :   Jessica Chastain, James McAvoy, Bill Hader

Language :  English

Director :  Andy Muschietti

මේ අවුරුද්දෙ සැප්තැම්බර් 6 වෙනිදා ලොව පුරා සිනමාහල්වල තිරගත කරපු IT Chapter 2 චිත්‍රපටිය මේ වෙනකොට ගොඩක් අය බලලා ඇති. ඒ් වගේ ම තාමත් නොබලපු අයත් ඇති. Stephen King නම් ලේඛකයාගේ IT කියන නවකතාව ඇසුරෙන් 2017 වර්ෂයේ දී තිරගත වෙච්ච IT චිත්‍රපටයේ දෙවන දිගහැරුම විදිහට තමයි 2019 වර්ෂයේ දී IT Chapter 2 චිත්‍රපටය තිරගත වෙන්නෙ. මේ IT Chapter 2 චිත්‍රපටය IMDb දර්ශකයේ අගය 6.9 ක් පෙන්නුම් කරලා තියෙනවා. කොහොම නමුත් 2017 IT චිත්‍රපටියට වඩා අඩු IMDb අගයක් තමා IT Chapter 2 චිත්‍රපටය ලබාගෙන තියෙන්නේ. මොකද IT Chapter 1 චිත්‍රපටය 7.3 ක IMDb අගයක් ලබාගෙන තියෙනවා. Andres Muschietti ගේ අධ්‍යක්ෂනයෙන් හැඩවුනු ඇ.ඩො.මිලියන 79 වියදමක් දරා නිර්මානය කෙරුණු මෙම චිත්‍රපටය මේ වන විට ඇ.ඩො.මිලියන 448 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තබා අවසන්.

ඉතිං අද මම මම මේ ලිපියෙන් කියන්න උත්සාහ කරන්නෙ අපි හැමෝම දන්න IT Chapter 2 චිත්‍රපටිය පිලිබද නොදන්න දේවල් ටිකක්.

මුලින්ම බලමු IT Chapter 2 චිත්‍රපටියේ රගපාන නළු නිලියො ටික කවුද කියලා. ඔයාලා හැමෝම දන්නවා ඇති 2017 IT Chapter 1 චිත්‍රපටියේ පෙන්නන්නෙ උතුරු ඇමෙරිකාවෙ ඩෙරී කියලා නගරයක ,පරාජිතයන්ගේ කණ්ඩායම (Loser’s Club) කියන නමින් හදුන්වන ළමයි කණ්ඩායමක් විසින් ඩෙරී නගරයේ ළමයින් බිලිගන්න Pennywise නම් අත්භූත විකටයෙකුට ඒරෙහිව සටන් කරලා ඌව පරාජය කරන හැටි. මේ IT Chapter 2 චිත්‍රපටයේ තියෙන්නේ නැවත අවුරුදු 27 කට පස්සෙ මේ පරාජිතයන්ගෙ කණ්ඩායම Pennywise කියන අත්භූත විකටයට කොහොමද මුහුන දෙන්නෙ කියන එක. ඉතින් IT Chapter 2 චිත්‍රපටියේ අපිට දකින්න ලැබෙන්නෙ IT Chapter 1 චිත්‍රපටියේ අපි දැකපු චරිත වල වැඩිහිටි කාලෙ චරිත. අතරින් පතර සමහර දර්ශන වල IT Chapter 1 චිත්‍රපටියේ චරිතත් අපිට දකින්න පුළුවන්. පහළ තියෙන්නෙ IT Chapter 2 චිත්‍රපටියේ රගපාන ප්‍රධාන නළු නිලියන්.

Jessica Chastain – Beverly Marsh
James McAvoy – Bill Denbrough
Bill Hader – Richie Toizier
Jay Ryan – Ben Hanscom
James Ransone – Eddie Kaspbrak
Isaiah Mustafa – Mike Hanlon
Andy Bean – Stanly Uris
Bill Skarsgård – Pennywise

1) ගැලුම් 5000 ක ව්‍යාජ රුධිරය –
IT Chapter 2 චිත්‍රපටියේ එක දර්ශනයකට ව්‍යාජ රුධිරය ගැලුම් 5000 ක් යොදාගෙන තියෙනවා. බලපු අයටනම් මතක ඇති ඒ දර්ශනය. හොලිවුඩ් ඉතිහාසයේ චිත්‍රපට ජවනිකාවක් සදහා වැඩිම ව්‍යාජ රුධිර ප්‍රමාණයක් යොදාගත්තු චිත්‍රපටය විදිහට සැලකෙන්නෙ IT Chapter 2 චිත්‍රපටිය.

2) වයසට ගිය අය තරුණ කිරීම
මම මුලින් කිව්වා IT Chapter 2 චිත්‍රපටියේත් අතරින් පතර දර්ශන වල IT Chapter 1 චිත්‍රපටියේ රගපාපු ළමා නළු නිලියන් ඉන්නවා කියලා. හැබැයි IT Chapter 2 චිත්‍රපටිය රූගත කරලා තියෙන්නේ IT Chapter 1 චිත්‍රපටිය රූගත කරලා අවුරුදු 2කට පස්සෙ. ඒ වෙනකොට මේ ළමා නළු නිලියො ටික පෙනුමෙන් ගොඩක් වෙනස් වෙලා. Finn Wlifhard (Young Richie Toizier) එහෙම ගොඩක් උස ගිහින්. Sophia Lillis ( Young Beverly Marsh) විතරයිලු පෙනුමෙ එච්චර ලොකු වෙනසක් නැතුව හිටියෙ. ඉතින් CGI තාක්ෂණය මගින් මෙයාලගෙ පෙනුම ලාබාල කරලා හැදුවලු IT Chapter 1 චිත්‍රපටියේ රගපාද්දී හිටපු මට්ටමට. IT Chapter 2 චිත්‍රපටිය බලද්දී හොදට බැලුවොත් Finn Wlifhard ගේ (Young Richie Toizier) එහෙම පෙනුමෙ IT Chapter 1 චිත්‍රපටියට වඩා ඔයාලට පොඩි වෙනසක් පෙනෙයි.

3) ආදේශක නළු නිලියන් නැත.
මේ චිත්‍රපටියේ තියෙන ක්‍රියාදාම වලට ආදේශක නළු නිලියො යොදාගෙන නෑ. රගපාන නළු නිලියොම තමා ක්‍රියාදාම කරල තියෙන්නෙ. සමහර ජවනිකා රගපාද්දි Bill Hader (Adult Richie Toizier) එහෙම සුළු තුවාල ලබලත් තියෙනවා.

4) කැමියෝ දර්ශන
IT නවකතාව රචනා කරපු Stephen King මේ චිත්‍රපටි‌යේ එක කැමියෝ දර්ශනයක රගපානවා. චිත්‍රපටය බලපු අයට මතක ඇති එක දර්ශනයක් තියෙනවා බිල් (James McAvoy – Adult Bill Denbrough) එයා පොඩි කාලෙ පැදපු බයිසිකලේ තියෙනවා දකිනවා පරණ බඩු කඩේක. අන්න ඒ පරණ බඩු කඩේ අයිතිනාරයාට රගපාන්නෙ Stephen King.

5) අලුත් දර්ශන දෙකක්
IT Chapter 2 චිත්‍රපටිය නිර්මාණය කලේ Stephen King ගේ IT කියන නවකතාව පාදක කරගෙන කියන්න ඔයාලා දැනටමත් දන්නවා. හැබැයි නවකතාවෙ නැති සිද්ධීන් දෙකක් මේ චිත්‍රපටියට ඇතුළත් කරලා තියෙනවා. එකක් තමා සමලිංගික චරිත දෙකක් සහ පෙනිවයිස්ගෙන් ඔවුන්ගෙන් එක් අයෙකු මරණයට පත්වන දර්ශනය. දෙවැනි එක තමා බෙවර්ලි මාෂ්ගේ (Jessica Chastain – Adult Beverly Marsh) විවාහ ජීවිතයේ ඇති කම්කටොලු බව පෙන්වන දර්ශනය.

6) අති විශාල ජල තටාකයක්.
චිත්‍රපටියේ ඔයාලා දකින්න ඇති අවසන් දර්ශන වල තියෙනවා මේ කට්ටිය අර විශාල කාණුව ඇතුලේ පපු මට්ටම දක්වා ඇති ජලයේ බැහැලා පෙනිවයිස් ඉන්න තැන හොයාගෙන යනවා. මේ දර්ශනය සදහා වර්ග අඩි 75 ක ශාලාවක් අඩි 4 1/2 ක් උසට වෙනකන් ක්ලෝරිනීකෘත ජලය ගැලුම් 180,000 ක් පුරවලා තටාකයක් විදිහට හදලා තියෙනවා.

7) මයික්ගේ විවාහය
IT Chapter 2 චිත්‍රපටියේ Adult Mike Hanlon ගේ චරිතය රගදක්වන Isaiah Mustafa ගේ විවාහය යෙදිලා තිබිලා තියෙන්නෙ මේ චිත්‍රපටය රූගත කරන කාල වකවානුව අතරතුර. ඉතින් චිත්‍රපටියේ වැඩ නිසා Isaiah Mustafa ට සිද්දවෙලා තියෙනවා දින කහිපයක් ඉස්සරහට විවාහය කල් දාගන්න. කොහොමහරි විවාහය දවසෙත් පැය 5කට කලිනුත් Isaiah Mustafa චිත්‍රපටයේ දර්ශනයකට පෙනී ඉදලලු විවාහයට ආවෙ. කොහොම නමුත් Isaiah Mustafa ගෙ මනාලිය තත්වෙ තේරුම් අරගෙන හිටපු නිසා ප්‍රශ්නයක් වෙලා නැහැ.

8) A Real Ability
වතාවක් Bill Hader ( Adult Richie Toizier ) Bill Skarsgård ( Pennywise ) ගෙන් ඇහුවලු ඔයා කොහොමද අර eye lenses දෙපැත්තට යවන වැඩේ කරන්නෙ,,මොකක්ද ඒකට භාවිතා කරන ටෙක්නික් එක? කියලා. Bill Skarsgård හිනාවෙලා ඔයා අහන්නෙ මේක ගැනද කියලා අහලා එකපාරටම අර චිත්‍රපටියේ විදිහටම ඇස්වල eye lenses දෙක දෙපැත්තට යැව්වලු. Bill Hader කොච්චර බයවුනාද කියනවානම් එතනින් කෑ ගහගෙන දව්වලු. චිත්‍රපටියේ ඔයාලා දැකලා ඇති සමහර අවස්ථාවල පෙනිවයිස් එයාගෙ ඇස් වල eye lenses දෙපැත්තට යවනවා. මේ හැකියාව Bill Skarsgård ට ඇත්තටම පිහිටලා තිබුනාලු.

9) චිත්‍රපටයේ ධාවන කාලය
මේ IT Chapter 2 චිත්‍රපටයේ ධාවන කාලය මුල් සංස්කරණයේදී පැය 4කට ආසන්න කාලයක් ධාවනය වන විදිහටලු තිබ්බෙ. හැබැයි පැය 4කට චිත්‍රපටිය ඇදෙනවා කියන්නෙ අනිවාර්යෙන්ම ප්‍රේක්ෂකයට මේ චිත්‍රපටිය එපා වෙනවා කියන එක. ඒ නිසා දෙවන වර සංස්කරණය කරලා ධාවන කාලය පැය 2 විනාඩි 45 කට අඩු කරලා තියෙනවා.

10) එකම නිලිය චිත්‍රපටි දෙකේ චරිත දෙකක්
2017 IT Chapter 1 චිත්‍රපටයේ එඩීගේ අම්මට රගපාපු නිලිව මතක කාටද? ගොඩක් අයට මතක ඇති. එතකොට IT Chapter 2 චිත්‍රපටයේ එඩීගේ (James Ransone – Adult Eddie Kaspbrak ) බිරිද මයිරාගේ චරිතය රගපාපු නිලියව කාටද මතක?..මේ චරිත දෙකම රගපෑවෙ එකම නිලිය කියලා මම කිව්වොත් ඔයාලා පිලිගන්නවද? ඔව් 2017 IT Chapter 1 චිත්‍රපටයේ එඩීගේ අම්ම,,ඒ කියන්නෙ Mrs. Kaspbrak ගෙ චරිතය සහ IT Chapter 2 චිත්‍රපටයේ එඩීගේ බිරිද මයිරාගේ චරිතය කියන චරිත දෙකම රගපෑවෙ Molly Atkinson කියන නිලිය විසින්.

ඉතින් ලිපිය මෙතනින් ඉවරයි. මම හිතනවා IT Chapter 2 චිත්‍රපටය ගැන ඔයාලා නොදන්න දේවල් ගොඩක් දැනගන්න ඇති කියලා. පහලින් ඔයාලගෙ වටිනා අදහස් ටිකකුත් සටහන් කරගෙනම යන්න. තවත් දවසක මේ වගේ ලිපියකින් ඔයාලා හමුවෙන්න එන පොරොන්දුව පිට නවතින්නම්.
ස්තූතියි
(K.M.M.P.A)

– Mandula Abeyrathne

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

Inspector Rishi (2024) [Complete S01] Sinhala Subtitles | යක්ෂයින්ගේ තොරතුරු සොයා… [සිංහල උපසිරැසි සමඟ]

Year : March 29, 2024 (India) IMDB Rate :  7.2/10 Stars : Naveen Chandra, Sunaina …

One comment

  1. Thanks very very much bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *