Sunday , April 14 2024
DON'T MISS

Dora and the Lost City of Gold (2019) Sinhala Subtitles | රත්තරන් නගරයේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Dora and the Lost City of Gold (2019) Sinhala Subtitles

Year :  2019

IMDB Rate :  6.1/10

Stars :   Isabela Moner, Eugenio Derbez, Michael Peña

Language :  English

Director :   James Bobin

සැබෑ නොවන රත්තරන් හීන..
පුරානයේ පටන් වර්තමානය දක්වා විසූ මිනිසුන් රත්තරන් වලට ඉතා ගිජු බවක් දක්වා අැත.එහි තිබෙන වටිනාකම නිසාම මොන ජිවිත අවදානම තිබුනත් එය සොයා යාමට මිනිසුන් පෙලබෙයි.වර්ශ 1535 ස්පාඥඥයේ යටත් විජිතයක්ව පැවති ඉක්වදෝරයේ ග්‍රොතික නායකයෙකුගෙන් සෙබස්තියන් ඩී.බොලාල්කසාර්ට අසන්නට ලැබුනේ ඝන වනාන්තරයේ උස කන්දක පිහිටි අක්‍රීය යමහලක පිහිටි ගැඹුරැ විලක් අසල පිහිටි ග්‍රෝත්‍රික නායකයෙකු රත්තරන් කුඩු අැගෙහි තවරා එම විලෙන් දිය නාන බවකි.අතිශය සතුටට පත් සෙබස්තියන් ඔහු එල් ඩොරාඩෝ යනුවෙන් නම් කලාය.එනම් රත්තරන් මිනිසා හෝ රත්තරන් නගරය ලෙසයි.පුරාවෘතයට පියාපත් ලැබිනි.එ් අනුව ගවේශන කන්ඩායමක් සමග මෙය සොයා යන ඔහුට අවසානයේ බොහෝ පිරිසක් අහිමි කරගෙන නැවත පැමිනීමට සිදුවේ.1536 දී වැඩිදුර මේ පිලිබද අධ්‍යනය කරන ගොන්සාලෝ ජීමෙන්ස් මෙය අැත්තෙ කොලාෙම්බියාවේ බව සොයා ගනියි.එ් අනුව කොලොම්බියාවේ ඝන වනාන්තරයක උස කන්දක පිහිටා අැති ගුවාටාවිටා විල පිරික්සුවත් කිසිවක් හමුවන්නෙ නැත.මෙසේ දශක හතලිහක් ගිය පසු 1584 අැන්ටොනියෝ බෙරියෝ මෙය අැත්තෙ ගයනවේ බව සිතා ගයනා වනාන්තර පිරන්නට විය.එහෙත් ලැබුන දෙයක් නැත.එ් අනුව 1591 දී බෙරියෝ නැවත ඔරිනොකෝ ගග හා පැනමාව පිරැවත් ලැබුනු දෙයක් නැත.මේසේ නොදන්නා රත්තරන් නගරයක් සෙවීමට ගොස් තම භාන්ඩාගාර හිස් වනු දුටු එංගලන්තයේ පලමු එලිසබෙත් රැජින තම ගවේෂකයන්ට දැන්වුයේ මෙය මිත්‍යාවක් බවත් මින් ඉදිරියට මෙය සොයායාම රාජද්‍රෝහි ක්‍රියාවක් බවත්ය.1603 වසර වූ එම අවුරැද්දෙ වොල්ටර් රැලේ විශාල පිරිසක් සමග මෙම නගරය සෙවිමට ගොස් සිටි අතර අවසානයේ විශාල පිරිසකට දිවි අහිමිව රැලේ නැවත පැමිනියාය.දැඩි ලෙස තරවටු කල රැජින නැවත මෙවැනි වැරදි නොකරන ලෙස අන කලාය.එය කනකට නොගත් රැලේ 1618 නැවත මෙය සොයා යන අතර හිස් අතින් අාපසු පැමිනෙයි.මේ විකාරය අවසන් කල යුතු යැයි සිතන රැජින ඔහුගේ හිස ගසා දමන ලෙස අන කරයි.ඉන් පසු මෙම උමතුව ටිකක් යටපත් වේ.1969 බොගොටා විලේ කැනීම් කරමින් සිටින කම්කරැවන්ට හමුවන්නේ පිරිසිදු රන් පිලිමයකි.එහි දැක්වෙන්නෙ රජෙකු සෙබලුන් හතර දෙනෙකු සමග පාරැවක නැග යන අයුරැයි.එල් ඩොරාඩෝ යනුවෙන් කෑ මොර දෙන ඔවුන් නැවත පුරවෘතයට පියාපත් දෙයි.එ් අනුව අති නවීන උපාංග සමග පැමිනෙන කන්ට්‍රැක්ටර් නම් සමාගම ගුවාටාවිටා විල සම්පුර්නයෙන් හිස් කලත් ලැබෙන දෙයක් නැත.මින් පසු මෙය සෙවිම නතර කර දැමෙන අතර 2019 නැවත මෙය සොයා යාම අරඹයි.
එය සැබෑ ලෝකයේනම් නොවේ.සිනමා ලෝකයේදිය.Dora lost city of gold හරහා අැය සාර්ථක වේවිදැයි ඔබම නරඹන්න.

– Ruwan Sameera

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

Asvins (2023) Sinhala Subtitles | අශ්විනා… රාක්ෂ ලෝකයට යන්න.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 23, 2023 IMDB Rate : 4.8/10 Starring:  Vasanth Ravi,Vimala Raman,Udayaraj Language: Malayalam Director …

2 comments

  1. please change your web site’s user interface. It’s so annoying to use. Very buggy and not explicitly categorized even. It’s a headache to use this site.

  2. Links වැඩ නෑ. update කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *