Year : 2021-
IMDB Rate : 5.5/10
Stars : Aimee Garcia, Jeremy Shada, Keston John
Language : English
Directors : Chris Sanders and Dean DeBlois
ආයුබෝවන්! 🙏😋 කියලා ඔන්න හැමෝවම ආදරෙන් සාදරෙන් පිලිගන්නවා! ඔන්න අද උණු උණුවෙම අරන් ආවා අලුතෙන්ම නිකුත් වෙච්ච ඇනිමේ සීරිස් එකක්. මේ වෙද්දී ලොකු පොඩි කවුරුත් ආසම ඇනිමේ ඩ්‍රගැන් ෆිල්ම් එක තමයි How to Train your Dragon ෆිල්ම් සෙට් එක. ඒ ෆිල්ම් වලිනුත් sequence විදියට ඇනිමේ සීරිස් වගේකුත් නිකුත් උනා. ඉතිං අද මං ඔයාලට අරගෙන එන්නෙ මේ Dragons කියන category එකෙන්ම HULU Presents වෙතින් ගිය අවුරුද්දේ ඒ කියන්නෙ 2021 දෙසැම්බර් මස නිකුත් වුන මේ How to Train your Dragon ෆිල්ම් සෙට් එකේම sequel එකක්. මේ ඇනිමේ සීරිස් එක එපිසෝඩ් 6ක් තියෙනවා. එපිසෝඩ් එක ගානේ ගේන්නෙ නැතිව එකපාර එපිසෝඩ් හයම ගේන්න ඕන කියල මේ පාර හිතුවා. සීරිස් එක ගැන පොඩියට යමක් කියනව නම් quality අතින් මේ ලඟකදි නිකුත් උන Croods සීරිස් එක බැලුව අයට හිතාගන්න පුලුවන්.
කතාව පැත්තට හැරුනොතින් එහෙම, අපි මේ කතාවේ Basic පැත්තට හැරුනොතින් ඔයාලා දන්නවනේ මුලින්ම මකරුන්ව හොයා ගන්නෙ වයිකින්වරු කියල. වයිකින්වරු හිටියේ සෑහෙන කාලෙකට කලින් නිසාම මකරුත් ඒ වයිකින්වරුන්ගේ කාලයට අයත් වෙන නිසාම තමයි මෙයාලා ලෙජන්ඩ් එකක් වෙන්නෙ, එහෙමත් නැත්නම් පුරාවෘත්තයක් වෙන්නෙ. ඒක ඔයාලා මේ වෙනකොට කොහොමත් දන්න දෙයක්. හැබැයි මේ සීරිස් එකේදී ඒ ලෙජන්ඩ් කියන තැනට ලොකු හානියක් කරලා තියෙනවා. ඒ මොකද කිව්වොත් දැන් මං කලින් සඳහන් කලා වගේම වයිකින්වරුනේ මේ මකරුන්ව හොයාගන්නෙ. ඒක පුරාවෘත්තයක් හෝ මිත්‍යාවක් හෝ වේවා ඒකනේ අපි දන්න කතාව. ඒ Concept එකට කිසිම ගරු කිරීමක් නැතුවම මේ සීරිස් එකෙන් ශොට් එක දීලා තියෙනවා. ඒ තමයි මං දකින මේ ඇනිමේ සීරිස් එකේ එකම අඩුපාඩුව. ඒ මොකද කියලත් මං ඔයාලට දැන් කියන්නම්. මොකද මේ කතාව පාදක කරගෙන තියෙන්නෙ Present life එක Based කරගෙන. වර්තමානේ මේ දියුණු වෙන ලෝකය හා පාදක කරගෙන තමයි මේ සීරිස් එක ගොඬනැගිලා තියෙන්නෙ. මේ කතාවට ප්‍රධාන චරිතය වෙන්නෙ ටොම්, ටොම් කුලර්සන් කියන පුංචි දරුවා. How to Train your Dragon ෆිල්ම් එකේ හිකප්ට මෙයාව Replace කරගන්නකෝ ඔයාලා හිතින්. මේ ටොම්ට ඉන්නෙ එයාගේ අම්මා විතරයි. ටොම්ගේ අම්ම’ගේ නම ඔලිවියා කුලර්සන්! මෙයාලා වයිකින්වරුන්ගේ පරම්පරාවෙන් පැවතගෙන එන අය. ඒ කොහොම උනත් කතාවේ මට නම් present life එකට මකරු සම්බන්ධ කරගත්ත අතින් මට නම් සීරිස් එක ලොකුවටම satisfy උනේ නෑ. මකරු ටිකත් ලාවට වගේ වෙනස් කරලා ඔරිජිනල් මකරු සෙට් එකටම Replace කරන්න හදලා තියෙන උත්සහයෙන් Classic story එකට හානියක් උනාදෝ කියලත් නිකමට වගේ හිතුනා.. ඒ උනත් සීරිස් එකේ ලොකු අවුලක් නෑ, ශේප් එකේ බලන්න පුලුවන්. ඒත් ඔයා How to train your Dragon හොඳ ෆෑන් කෙනෙක් නම් ම්අං අර කලින් කිව්ව අඩුපාඩු ටික නම් තදින් දැනේවි. එහෙනම් මං මෙතනින් නවතිනවා අලුත්ම උපසිරැසියකින් ලඟදිම මුණගැහෙන බලාපොරොත්තුවෙන්!!
සුබ දවසක්!! ජය වේවා!!
1.0GB 720p Complete Season 01 WEBRip
1.0GB 720p Complete Season 01 WEBRip
1.0GB 720p Complete Season 01 WEBRip
1.0GB 720p Complete Season 01 WEBRip
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
මචන් ෆ්ලෑශ් එකට සබ් දීපන්කෝ බන් උබ සීසන් 7 එකත් කලානේ ප්ලීස් බන් 🥺❤️
Meke mega.nz link ekak thiyeda
පුළුවන් නම් Marvel hit Monkey series ekata සිංහල සබ් දෙනවාද..!
මේ සබ් එකට thank 👍👌👏
Meke mega.nz link ekak thiyeda
Thanks……..good luck…..