Wednesday , November 18 2026
DON'T MISS

Premada Oorali (2026) Sinhala Subtitles | “හදවත් තුනක නොකී පෙම..” [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Posted By : SJS

නිකුත් වූ දිනය : 2026 සැප්තැම්බර් 25
භාෂාව : කන්නඩ
ධාවන කාලය : පැය 2යි මිනිත්තු 35යි
IMDb : 7.8/10
අධ්‍යක්ෂණය : Manoj Kumar
ප්‍රධාන නළු නිළියන් : Shree Raam, Rangayana Raghu, Thapaswini Poonacha, Ramika Shivu

BOX OFFICE ALL-TIME BLOCKBUSTER

මේක සාමාන්‍ය Hit එකක් නෙවෙයි, අතිදැවැන්ත Box Office සාර්ථකත්වයක් ලැබූ චිත්‍රපටයක්!

2026 නොවැම්බර් 17 දිනට Sacnilk වාර්තා අනුව 👇

නිෂ්පාදන වියදම – ඉන්දීය රු. කෝටි 3ක් පමණ.
ලොව පුරා ආදායම – ඉන්දීය රු. කෝටි 139.47ක්.

කතාව පැත්තට යමු…

බිරිඳ අහිමි වූ ගොවි පියෙකු වන නාගන්නාගේ එකම බලාපොරොත්තුව තම පුත් සන්තූට හොඳ අනාගතයක් උදා කර දීමයි. ඒ වෙනුවෙන් ඔහු පුතාට උගත් තරුණියක් විවාහ කර දීමට සිහින දකිනවා.

මේ අතර සන්තූගේ ජීවිතයට අතීත ප්‍රේම වේදනාවක් නිසා විවාහය පිළිබඳ විශ්වාසය බිඳගත් රුක්මිණී පැමිණෙනවා. එසේම කුඩා කල සිටම සන්තූට ආදරය කරන වසන්තාත් ඔහුගේ ජීවිතයේ සිටිනවා.

පියාගේ බලාපොරොත්තු, අතීතයේ වේදනා සහ නොකියූ ආදරය අතර සන්තූගේ ජීවිතය කුමන දිශාවකට ගමන් කරයිද?

⭐ ප්‍රධාන චරිත

Rangayana Raghu – නාගන්නා: පුතාගේ අනාගතය වෙනුවෙන් කැපවෙන පියෙක්.

Shree Raam – සන්තූ: ආදරය සහ ජීවිතයේ තීරණ අතර පැටලෙන තරුණයෙක්.

Thapaswini Poonacha – රුක්මිණී: අතීත ප්‍රේම වේදනාවෙන් පීඩා විඳින තරුණියක්.

Ramika Shivu – වසන්තා: සන්තූ වෙනුවෙන් ආදරය හිතේ සඟවාගෙන සිටින ළමා මිතුරියක්.

චිත්‍රපටයේ විශේෂත්වය

ගැමි ජීවිතය, පිය සෙනෙහස, ආදරය, හාස්‍යය සහ පවුලේ බැඳීම් අපූරුවට මුසු කළ චිත්‍රපටයක්.

විශේෂයෙන්ම අතීතයේ වැරදි සහ අත්දැකීම් නිසා කෙනෙකුගේ අනාගතය තීරණය කළ හැකිද යන අදහස චිත්‍රපටය තුළින් මතු කරනවා. Rangayana Raghuගේ රංගනයත් මෙහි කැපී පෙනෙන අංගයක්.

එහෙනම් ආදරය, පවුලේ බැඳීම් සහ ජීවිතයේ නොසිතූ තීරණ ගැන කියවෙන මේ ලස්සන කතාවේ අවසානය මොකක්ද කියලා දැනගන්න නම් Premada Oorali (2026) චිත්‍රපටය බලලම ඉන්න.! ❤️🎬

මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත

If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premiere Movies Zone  –

Check Also

The Beast (2026) Sinhala Subtitles | ජනපතිගේ ජීවිත සටන… [සිංහල උපසිරැසි සමඟ]

Year : October 9, 2026 (USA) IMBD: 4.9/10 Starring: Samuel L. Jackson,Guy Burnet,Colin Morgan Director: Renny …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *