Monday , April 15 2024
DON'T MISS

Ishq (2019) Sinhala Subtitles | ආදරය අහිමි වූ පසු ප්‍රීතිය සොයා [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Ishq (2019) Sinhala Subtitles

Year :  2019

IMDB Rate :  8.0/10

Stars :   Shane Nigam, Ann Sheetal, Shine Tom Chacko

Language :  Malayalam

Director :   Anuraj Manohar

තවත් ආදර කතාවත් නොවෙයි කිව්වට මේ ආදර කතාවක් තමයි. හැබැයි පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවෙන ආදරෙන් එහාට ගිහින් මේක කතා කරන්නේ ආදර කතා අස්සේ අසුන්දර කතන්දර.

අපි හැමතිස්සෙම දකින ලස්සන සුන්දර අහිංසක මලයාලි කතන්දර අස්සේ මේ වගේ කතා දකිනකොට පොඩ්ඩක් දරාගන්න අමාරුයි තමයි. ඒත් ඇත්තම ඇත්ත තියෙන්නේ මේවා අස්සේ.. ආ.. කමක් නෑ.. ඒ එහෙනේ කියලා හිත හදාගන්න අපිට බෑ. හැමතිස්සේම අපි බැගෑරි ගානවනේ එහේ මෙහේ වගේ කියලා.. ඉතිං මේ වගේ කතන්දර එහේ වගේම මෙහෙත් නැතිවෙන්න බෑ.

කොල්ලෙක් කෙල්ලෙක් ටිකක් තනියම ඉන්නවා දකිද්දි හීනි වෙන.. ඇකිලෙන ඇස් තියෙන ස්වෙච්ඡා සංස්කෘත පොලෝසී වල අවස්ථාවාදී මිනිස්සු නිසා සිද්ධ වෙන්න පුළුවන් සරළ කතාවක් ෆිල්ම් එක අස්සේ තිබුනට.. අවසාන වශයෙන් පෙන්වන රූපවාහිනී දර්ශණ ටික නොකියා කියන්නේ මේ කතාව තරම්ම ඒ ⁣දේවල් සරළ නෑ කියන එකයි.

ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ තමන්ගේ කුළුදුල් නිර්මාණය විදියට Anuraj Manohar
කතාව ලියන්නේ Pullikaran Staraa ලිව්ව Ratheesh Ravi.

ප්‍රධාන චරිත නිරූපණය කරන Shane Nigam අම්මෝ මෙයා ගැන වෙනම ලියන්න වෙනවා.. ඒක ඒතරම් දක්ෂ රඟපෑමක් සීනිබෝල පෙම්වතාගේ ඉදන් එහාට පිරිමියෙක්ගේ චරිතය. ඒක මරු! අනිත් සහය චරිත ටිකත් ආයේ කතා දෙකක් නෑ මරු.

අවසානයට පෙර.. මේකේ කාන්තා චරිත හැසිරවීම හා ඒ චරිත ඉදිරිපත් කිරීමට මම මාර ආසයි. අගතියට පත් කාන්තා චරිතය එහෙම නැත්තං වසූදා ගේ චරිතය ගොඩනැංවීම වගේම ඒක හරහා පෙන්වන ගෑණුන්ගේ ස්භාවික ශක්තිමත් බාවය නම් මරු. ඕ.. ශක්තිමත් භාවය.. ඒක තමයි මම ලිව්වේ.. උපතින්ම ගෑණු කියන්නේ පිරිමින්ට වඩා ගොඩක් ශක්තිමත් ජාතියක්. දරාගැනීම පැත්තෙන් ඒක උපරිම. තමන් අකමැති පිරිමි ඉදිරියේ කළුගලකට වඩා ශක්තිමත් වෙන ඇය තමන්ගේ ආදරණීයම පිරිමියා ඉදිරියේ අයිස් වෙනවා.. දිය වෙනවා.. ඒ පිරිමියාගේ එක බැල්මක් එක වචනයක් ඇති අයව වීදුරුවක් පොළවේ ගැහුවා වගේ කුඩුකරලා දාන්න.. හැබැයි ඒ විදූරු කුඩු වලින් ආයේ බිහිවෙන ගෑහැණිය අයිස් වලට වඩා හයියයි.!

හොල් එකේ බැලුවනම් ඇය මුද්ද දාන්න ඇඟිල්ල දෙනවෙලාවේ පුටුවෙන් නැගිටලා අත්පුඩියකුත් ගහලා මදි ටිකට විසිල් එකකුත් ගහනවා අම්මපා! ඒ තරම් දැනුනා ඒක නම්! ඒ ඇඟිල්ල ඇය ආදරේ කරපු සශීට විතරක් නෙවෙයි.. මුළු කේරළයටම, ඉන්දියාවටම ඇතුලු කාලෙකට කලින් නුවර වැව වටේ බංකු කඩපු සංස්කෘතික පොලෝසි නෝනලා මහත්තුරු ඉන්න අ⁣පේ වගේ රටවල් වලටත් එක්කමයි කියලා මට හිතුනේ..!

Ishq හදවතට නෙවෙයි.. මොළයට!
බලන්න.

අනුවාදය – Malmee විසිනි.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

Manjummel Boys (2024) Sinhala Subtitles | මෙන්න නියම මිතුරෝ.! [සිංහල උපසිරැසි සමඟ]

මෙම උපසිරැසි දැනට නිකුත් වී ඇති කැමරා පිටපත් සඳහා පමණක් අදාළවේ. Year :  2024 IMDB …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *