Thursday , June 4 2026
DON'T MISS

Camelot [S01: E01] Sinhala Subtitles | නැවතත් කැම්ලට් වෙත [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

ඔබ දන්නා යැයි සිතන සෑම දෙයක්ම අමතක කරන්න, මේ මින් පෙර කවදාවත් නොකියූ කැමල්ට්හි කතාවයි..

Camelot [S01: E01] Sinhala Subtitles

Year :  2011

Series IMDB Rate :  6.5/10

Stars :   Joseph Fiennes, Jamie Campbell Bower, Tamsin Egerton

Language :  English

Director :  Chris Chibnall, Michael Hirst

සුබ දවසක්. ඔන්න අද ඉදන් අලුත් රුපවාහිනි කතා මාලාවකට උපසිරසි අරන් එන්න
තමයි හදන්නෙ. අලුත් කිවුවට මේක මුලින්ම විකාශනය වුනේ 2011 අවුරුද්දෙදි.
මේ වෙන කොට කතාමාලාව විකාශනය වෙලා ඉවරයි. ඒත් ලංකාවෙ ගොඩක්
අය බලපු නැති කතා මාලාවක් තමයි කැම්ලොට් කියන්නෙ. කතාව ගැන මුලින්ම
කියන්න කලින් ස්තුති වන්ත වෙන්න ඕන පයිරෙට්.lk ඇඩ්මින් මඩුල්ලට. ලගදි තමයි මම මේ සයිට් එකත් එක්ක එකතු වුනේ හැබැයි අඩ්මින් මඩුල්ලෙන් හොද සහයෝගයක් ලැබුණා. එහෙනම් කතාව පැත්තට යමු.

කැම්ලොට් ගැන කෙටියෙන්….

ඔයාලට මතක ඇති ඉස්සර රුපවාහිනියේ විකාශනය වුන මර්ලින් කතා මලාව.
ලංකාවෙ ගොඩක් ජනප්‍රිය වෙච්ච කතා මාලාවක් තමයි මර්ලින් කියන්නෙ.
කැම්ලොට් කියන්නෙත් මර්ලින් කතාවට ගොඩක්ම සමාන කතා මාලවක්.
මර්ලින් එකේ හිටපු ගොඩක් චරිත මේකේදිත් දැක ගන්න පුලුවන්. හැබැයි රගපාන
නලු නිලියන්නම් වෙනස්. කොහොමහරි මේකට IMDB 6.5 ක රේටින් එකක්
තියනවා.ඒ වගේම තවත් සම්මාන ගනනාවකින් කතාව ඇගයිමට ලක් වෙලා තියනවා.

කැම්ලොට් 2011 අප්‍රියෙල් 01 historical කියන තේමාව යටතේ Star රූපවාහිනි ජාලය
හරහා විකාශනය වෙන්න පටන් ගත්ත කතාවක්. ආතූරියානු කියන පුරාවෘත්තය පදනම් කරගෙන
ග්‍රැහැම් කිං සහ මෝගන් ඕ’සුලිවන් සහ මයිකල් හර්ස්ට් විසින් තමයි නිෂ්පාදනය කරන්නෙ.

5 වන සියවසේ අග භාගය වන අතර බ්‍රිතාන්‍යයන් දශක ගණනාවක් තිස්සේ රෝම පාලනයෙන්
බැහැරව හිටියා.උතර් රජුගේ හදිසි මරණයට අවුල්සහගත තත්වයකට රට ගෙනියන්න පුලුවන් වුනා.
මේ අතර රජුගේ මරනයෙන් පස්සෙ නැවතත් රටට බ්‍රිතාන්‍යයන්ගේ තර්ජන එල්ල වෙන්න පටන් ගත්තා.
මන්තර ගුරුකම් කරන මර්ලින්ට අඳුරු අනාගතයක් පිළිබඳ දර්ශනක් මේ නිසා ඇති වෙන්න පටන් ගත්තා.
උතර්ගේ නාඳුනන පුත්‍රයා සහ උරුමක්කාරයෙකු වන ආතර් නව රජු ලෙස ස්ථාපිත කරන්න මර්ලින්ට
පුලුවන් වෙනවා. ආතර්ගේ සැබෑ මවවන ඉග්‍රේන්,ඔහුගේ කැපකරු සහෝදරයා වන කේ සහ විශ්වාසවන්ත
රණශූරයා ලියොන්ටෙස්, ගවයින්, උල්ෆියස් සහ බ්‍රැස්ටියස් ඇතුලුව මර්ලින් සහ ආතර් ඔවුන්ගේ සහචරයින්
සමඟ කාසල් කැමල්ට් හි නැවත ස්ථාපනය කරන්න මෙයාලට හැකි වෙනවා.කැමලට් වල ඉදන් ආතර්සු
මිනිසුන්ට සාමකාමීව සහ විශ්වාසයෙන් ජීවත් වෙන්න පුලුවන් හොඳ බ්‍රිතාන්‍යයක් ගොඩනැගීමට උත්සාහ
ගන්නවා.

කතාව ආරම්භ වන්නේ මෝගන් ඇගේ පියා වන උතර් පෙන්ඩ්‍රගන් රජු සමඟ කතා කිරීමත් සමග.
තම මවට වංචා කිරීම නිසා අවුරුදු 15 ක් ඇයව පිටත් කර පිටුවහල් කර තිබූ ඇයට ඌතර් රජු සමාව
දෙනවා. නමුත් මෝගන්ව නෙරපා දැමූ නිසා තවදුරටත් ඔහුට දියණියක් නොමැති බව ඔහු කෝපයෙන්
ප්‍රකාශ කර සිටිනවා. පසුව තම පියාගෙන් පලි ගැනීමේ අරමුනින් ඉන්න මෝගන් සේවක දැරියක්
ලෙස මැජික් භාවිතා කරමින් වෙස් ගෙන තම පියාට වස දී මරා උතර්ගේ බිරිදව රටින් පිටුවහල් කරනු
ලබනවා. තම පියාගෙ බලවත්ම සතුරා වන ලොත් රජුට කාසල් පෙන්ඩ්‍රගන් වලට ආරාධනා කර ඔහුත් සමග
සන්ධානයක් පවත්වාගෙන යාමට ඇය කටයුතු කරනවා. උතර්ගේ වඩාත්ම විශ්වාසදායක උපදේශකයා වන
මර්ලින්, ජීවිතයේ දිශාවක් නොමැති ආතර්නම් තරුණයෙකු හොයා ගෙන යන්න පටන් ගන්නවා.ඔහු ආතර්ට
කියනවා ඔහුට රාජකීය රුධිරය ඇති බවත් නව රජු ලෙස කිරුල පැලදිය යුතු බවත් මර්ලින් ඔහුගෙන් ඉල්ලිම්
කරනවා.මර්ලින් ආතර්ගෙන් ඉල්ලා සිටින්නේ ඔහු සමඟ ගොස් ඔහුගේ ඉරණම සොයා ගන්නා ලෙසයි. පසුව
ආතර් මර්ලින් සහ ඔහුගේ සහෝදරයා වන කේ සමග කැමල්ට්වල අතහැර දැමු බලකොටුවකට ගමන් කරන්න
පටන් ගන්නවා. මේ අතර ඔටුන්න ගන්න බලා ගෙන ඉන්න මෝගන් ලොත් රජු සමග එකතු වෙලා ආත්ර්ට එරෙහිව
යුද ප්‍රකාශ කරනවා. ඉතින් හමුදාවක්වත් නැති ආතර්ට මෝගන් සමග සටන් වදින්න පුලුවන් වෙයිද. ???

ඒක ඔයලා කතාව අන්තිම වෙනකන් බලලා අදහසක් ගන්න.ඒ අගේම පුන්චි ඉල්ලිමක් කරන්න කැමතියි පුලුවන්
නම් උපසිරසිය ගන්න කොට මතක් කරලා පොඩි comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. සාමන්යෙන්
කතාව විනාඩි 55 කින් වගේ ඉවර වුනාට උපසිරසිය නිර්මානය කරන්න පැය 5ක 6ක වගෙ කාලයක් මට නම් ගත වෙනවා.
ඉතින් ගන්න මහන්සියට පුලුවන්නම් ඇගයියිමක් විදියට comment එකක් දාලා යන්න අමතක කරන්න එපා එහෙනම්.

ඊළඟ කොටසින් හමුවෙමු..!

Download Menu

 

 


Download Episode 01 480p HDTV - Google Drive


Download Episode 01 720p HDTV - Google Drive

මෙම උපසිරැසි HDTV පිටපත් සඳහා ලබා දි ඇත

Download “Camelot [S01: E01] Sinhala Subtitles” Camelot-S01E01.zip – Downloaded 4870 times – 20.79 KB

සිංහල උපසිරැසි ගැන්වීම හා පරිවර්තනය
– හසිඳු වීරසේන –

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

Kara (2026) Sinhala Subtitles | කර.. [සිංහල උපසිරැසි සමඟ]

Year : April 30, 2026 (India) IMBD: 8.2/10 Starring: Dhanush,Mamitha Baiju Director : Vignesh Raja Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *