Wednesday , October 7 2026
DON'T MISS

La Brea (2021-) [S01: E01] Sinhala Subtitles | අත්භූත ලොවක් කරා [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

La Brea (2021-) [S01: E01] Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  5.2/10

Stars :  Natalie Zea, Eoin Macken, Chiké Okonkwo

Language :  English

Director :  David Appelbaum



ස්ට්‍රීමින් සර්විස් නම ඇහුව ගමන් මොනවද මතක් උනේ Netflix, Disney+ වගේ එක එක නම්
ඔලුවට එන්න ඇති. පැන්ඩමික් එකට පිංසිද්ධ වෙන්න ස්ට්‍රීමින් සර්විස් ටික හොලිවුඩ්
හොල්ලන්න පටන්ගෙන තියෙන්නෙ. මේ වෙනකොට හොලිවුඩ් වල  ස්ට්‍රීමින් සර්විස් කියන ප්ලැට්ෆෝම් එකේ බලවතා
වෙන්න
Netflix වගේ ස්ට්‍රීමින්
සර්විස් ටික ලොකු තරගෙක ඉන්නේ.

ඒ කට්ටිය ස්ට්‍රීමින් වල බලේ අල්ලන්ඩ පොරකද්දි ඇමරිකානු
ටෙලිවිශනයේ ප්‍රමුඛයා වෙන්න දගලන ආයතනයක් තමා
NBC කියන්නේ.



ටීවී සීරිස් පිස්සෙක් නම් NBC ලගෙ සීරිස් එකක් මිස්
වෙලා තියෙන්න විදියක් නෑ. මොකද ඒ තරමට ගුණාත්මක බවින් ඉහල ටීවී ශෝ කරන කට්ටියක්
තමා
NBC කියන්නෙ. බලල
තියෙනවද
The Blacklist. බලල නැතත් නම
හරි අහලා ඇතිනෙ. අන්න ඒක මේ
NBC
ලගෙ වැඩක්.

The Blacklist


ඔන්න ඔය NBC
ලගෙ අලුත්ම ප්‍රොජෙක්ට් එක තමා La Brea කියන්නේ. මේක Sci-fi, Drama කැටගරියට
අයිති වෙන සීරිස් එකක්. මෑතකදි ආපු සීරිස් වලින් මම ආසම සීරිස් එකක් මේක.



සීරිස් එක මුලින්ම යෝජනා කරල තියෙන්නේ 2020 ජනවාරි වල.
ඊටපස්සේ  ඒ අවුරුද්දෙම පෙබරවාරි වල
කාස්ටින් වැඩකටයුතු පටන්ගෙන තියෙනවා. සීරිස් එකේ ක්‍රියේටර් විදියට
David Appelbaum එකතු වෙනවා.
බුවා මේකෙ
Executive Producer කෙනෙක්
ඉදියටත් වැඩකරනවා.
La Brea සීරිස් එක Develop කරන්න Production Companies විදියට Keshet Studios, Match Box Pictures, Bad Apple ස්ටූඩියෝ එක සහ Universal Television එක එකතුවෙනවා.
පේනවනෙ එසේ මෙසේ එකෙක් නෙවේ ගේමට බැහැලා තියෙන්නෙ. මේ ටයිප් එකේ සීරිස් වලට උපන්
හපන්නුනේ
Universal එකේ ඉන්නේ.

 

David Appelbaum



සීරිස්  එකේ
ශූටින් පටන්ගෙන තියෙන්නෙ
2021
මැයි මාසේ 3 වෙනිදා. සීරිස් එකේ ශූටින් ඔක්කොම වගේ කරලා
තියෙන්නේ ඔස්ට්‍රේලියාවේ. මෙල්බර්න් වල තමා මෙයාල මුලින්ම ශුටින් පටන්ගෙන
තියෙන්නෙ. ඒ වගේම වික්ටෝරියා ප්‍රාන්තයෙත් රූගත කිරීම් කරලා තියෙනවා. සම්පූර්ණයෙන්
ශූටින් කරලා ඉවරවෙන්න මාස 4 ක වගේ කාලයක් ගිහිල්ල තියෙනවා.

මේ තියෙන්නෙ ශූටින් යද්දි ගත්තු ෆොටෝ ටිකක්

 


සීරිස් එකේ මුළු බජට් එක විදියට ඩොලර් මිලියන 71
ගිහිල්ලා තියෙනවා. ඒකෙනුත් ඩොලර් මිලියන 60 ගිහිල්ල තියෙන්නෙ වික්ටෝරියා වල ශූටින්
වලට. ඒ වගේම වික්ටෝරියා වල ශූට් කරපු සීරිස් වලින් වැඩිම බජට් එකක් තියෙන සීරිස්
එක තමා මේක. මීට කලින් මේ රෙකෝඩ් එක තිබ්බෙ ස්ටීවන් ස්පීල්බර්ග් ගේ
Pacific සීරිස් එකට. එතනින්ම
හිතාගන්න මේකෙ තරම.

කතාව ගැන සරලව කිව්වොත් ඇමරිකාවේ ලොස්
ඇන්ජලීස් වල භූමිකම්පාවක් ඇතිවෙනවා. ඊටපස්සේ එතන ලොකු
Sinkhole එකක් ඇතිවෙලා මිනිස්සු
ගොඩක් ඒක ඇතුලට වැටෙනවා. මෙයාල වැටෙන්නෙත් ලොස් ඇන්ජලීස් වලටමයි. හැබැයි එයාල දන්න
ලොස් ඇන්ජලීස් නෙවේ.
10,000 BC ඒ කිව්වෙ
මැමත් සත්තු පවා ජීවත් උනු අයිස් යුගයේ තිබ්බ ලොස් ඇන්ජලීස් වලට.

 

ලොස් ඇන්ජලීස් කලාපය 10,000 BC කාලෙදි 


Terranova බලල තියෙනවද ? මේකත් ආං ඒවගේ කතාවක්.
But Way More Better. එපියෙන් එපියට
ඉන්ටරෙස්ටින් වේගෙන එන සීරිස් එකක්. එපි 5 ක් ඇවිල්ලත් තාම කතාවෙ මොකෝ වෙන්නෙ කියන
එක ගැන නෝ අයිඩියා. මොනවා හරි දේකින් ට්විස්ට් එකක් තියෙනවාමයි හැම එපියකම.

 

මේකට නම දාල තියෙන්නෙ මෙහෙමයි.

 

La කියන්නෙ
ඇමරිකාවෙ ලොස් ඇන්ජලීස් වලට කෙටියෙන් කියන නම.. 
ලොස් ඇන්ජලීස් ප්‍රසිද්ධ මොකටද ?

ඔව් ඔයා හරි
හොලිවුඩ් වලට. හැබැයි ඒකට විතරක් නෙවේ ලොස් ඇන්ජලිස් ප්‍රසිද්ධ වෙන්නෙ. තාර
දන්නවනෙ. පාරට දාන ඒවා. මේව ස්වභාවිකවම පොලවෙන් මතුවෙන තැන් තියෙනව. ඒවට කියන්නේ
Tar Pits කියලා. ලොස් ඇන්ජලීස්
වල එක කොටසක් තියෙනවා  මේ
Tar Pits වැඩි වශයෙන් පිහිටලා
තියෙන. මේ පැත්තට කියන්නෙ
Brea
කියලා. මේ නම හැදිල තියෙන්නෙත් තාර නිසාමයි. තාර වලට
ස්පැනිශ් වලින් කයන්නෙ
Brea
කියලා. ඔන්න ඔය ලොස් ඇන්ජලිස් වල Brea කියන ප්‍රදේශයේ තමා මේ
Sinkhole එක හැදෙන්නෙ.

La Brea Tar Pit එකක්

 

දැන් බලමු මේකෙ ඉන්න චරිත කවුද කියලා

 

Eve Harris – මෙයා තමා
සීරිස් එකේ මේන් කැරැක්ටර් එක. මෙයා
Sink hole
එක ඇතුලට වැටුන අයගෙන්   එක්කෙනෙක්.

 


Gavin Harris – සීරිස් එකේ
වැදගත්ම චරිතේ. මේ යකා තමා මුලු කතාවම අනිත් පැත්ත ගහන්නේ. බුවා හිටපු පයිලට්
කෙනෙක්. මෑන්ස්ට වෙන පොඩි අනතුරක් නිසා මිනිහට එක එක දේවල් මැවිල ඒන්න ගන්නවා. ඒ
පේන දේවල් වලින් තමා සීරිස් එකේ රසය පටන්ගන්නේ. මේව මිනිහට පේන්නෙත් එක හේතුවක්
නිසා. ඒ මොකද්ද කියල සීරිස් එක බලලම දැනගන්න.

 



Dr. Samuel Velez – මෙයා දොස්තර
කෙනෙක්.
Sinkhole එකෙන් වැටුන
අයට දොස්තර හිතහොඳ වෙන්නෙ මෙයා.
Sinkhole
එකෙන් වැටුන අයව ලීඩ් කරනව වගේ ඉන්නෙ චරිතෙ තමා මෙයා.



Ty Coleman – මෙයා කාලයක් Psychiatrist කෙනෙක් විදියට හිටපු
කෙනෙක්. නිකමට හිතිලා තියෙනවද මේ ඔක්කොම දමල ගහලා මැරිලා යන්ඩ? මෙයත් ඉන්නෙ ඒ වගේ
මානසිකත්වෙකින්.

 



Veronica Castillo – මෙයා Sinkhole එකට වැටෙනවා එයාගෙ
නංගියි තාත්තයි එක්ක. වැඩිය අනිත් අය එක්ක කතාවට යන්නෙ නැති ගුප්ත චරිතයක්.

 



Scott Israni –  මෙයා ඇවිල්ල හොඳ Science Geek කෙනෙක්. ඒ වගේම ගොඩක්
අහිංසක මැස්සෙක්වත් මරන්නෙ නැති චරිතයක්.


Riley Valez – මෙයා ඇවිල්ල Dr. Samuel ගෙ දුව. මෙයත් Medical Student කෙනෙක්.
සීර්ස් එක බලන උන්ගෙ කරස් එක.

 



Marybeth Hayes – හිටපු පොලිස්
නිලධාරියෙක්. සෑහෙන රහස් ටිකක් හංගගෙන ඉන්න කෙනෙක්.

 



Lucas – මේ යකා ගැන
මුකුත් කියන්නෙ නෑ මම. මොකද කිව්වොත් පොඩි ප්ලොට් ට්විස්ට් එකක් ස්පොයිල් වෙනවා.

 



Dr, Sophia Nathan –
Sinkhole
එකෙන් වැටුන අයව මුදවාගන්න මෙහෙයුම බාරව ඉන්නෙ මෙයා.
පොඩ්ඩක් ටිපර් වෙන දෙයක් කියන්නම්. මෙයා ඇවිල්ල
LGBTQ+ චරිතයක්. දැන් මේක
අල්ලගෙන සීරිස් එක අතාරින්න එපා. එහෙම ලොකුවට මොනවත් නෑ මේකෙ.




Tony Greene – ලෝයර් කෙනෙක්.
වාහන ගැනත් යම් තරමක දැනුමක් තියෙනවා.

 



Toby Truslove – නේතන් එක්ක
කේස් එක බාරව ඉන්න අනිත් කෙනා මේ. බුවා ඇවිල්ලා “ සර් අපිට අපි සර්ට” වගේ ඉන්න
එකෙක්. ආණ්ඩුවෙන් කියන්නෙ මොකද්ද මිනිහා ඊට එහා සක්කරය ඇවිල්ල කිව්වත් කෙයා කරන්නෙ
නෑ. බලන් යද්දි තේරෙයි අපේ රජයෙ නිලධාරින්ගෙයි මේ යකාගෙයි ඒ හැටි වෙනසක් නෑනෙ
කියලා.

 



Josh Harris – මේ Emiliy Harris ගෙ පුතා.



 

ඔය කට්ටිය තමා කතාවේ ගේම ඇඳගෙන යන්නෙ. Specially Haris Family එකයි, Velez ලයි.

 

සීරිස් එකේ මම ආසම දේවල් කීපයක් තියෙනවා.

 

එකක් මේකෙ දර්ශණ වල තියෙන Natural ගතිය. ඒකට හේතුව ඔස්ට්‍රේලියාවෙ
ශූට් කරපු එක වෙන්න ඕනේ. බලාගෙන ඉන්න ආසයි ඒ ශොට් දිහා.
Wilderness ඉයන එක එහෙම බලාගෙන
ඉන්න ඉනිහා ඒක ඇතුලේ ජීවත්වෙනවා වගේ දැනෙන්න හදලා තියෙනවා.

ඊලගට මේකෙ CGI පාවිච්චි කරලා තියෙන හැටි. මාරම මාරයි. Universal එකෙන් අත ගැහුවා කියන්නෙ
ආයෙ අහන්න දෙයක් නෑනේ. පට්ටම පට්ට. 3 වෙනි එපියේ එක ශොට් එකක තියෙනවා
Sinkhole එකට වැටුන අය ඉන්න
තැනට අමුත්තෙක් එනවා, එතන
CGI
එහෙම කියන්න වචන නෑ. ඩොමෙස්ටික් යන්න ටාගට් නොකරපු මේවගේ
සීරිස් එක්කින් ඇත්තටම එහෙම කොලිටියක් බලාපොරොත්තු වෙන්න බෑ.
 

 



අනිත් එක මේකෙ තියෙන Mystery ගතිය. සෑහෙන ප්‍රශ්ණ
ගොඩක් තියෙනව විසඳන්න. ඒකයි මම මුලින් කිව්වේ සීරිස් එකේ එපි 5 ක් ඇවිල්ලත් මේකෙ
වෙන්නෙ මොකද්ද කියලා තාම අයිඩියා එකක් නෑ.

ඒ වගේමයි මේකෙ ඉන්න හැම චරිතෙකටම එයාලටම කියල රහසක්
තියෙනවා. සමහර ඒවා එළිවෙද්දි ඇස් දෙක උඩ යනවා.
Mystery ඉයන එක උපරිම්මෙටම
ගිහිල්ල තියෙන්නෙ. සීරිස් එක බලන අය දන්නවා මේකෙ මුල හරියෙ පෙන්නන……… කවුද
කියල අපි තාම දන්නෙ නෑ. 

කාස්ට් එක අතින් ගත්තත් මේකෙ අපි දන්න අය කවුරුත්ම නෑ.
මේකටම යුනික් කාස්ට් එකක් ඉන්නෙ. ඇත්තටම මං නම් කියන්නෙ ඒක හොඳයි. මොකද මේකට ප්‍රසිද්ධ
කෙනෙක් ආවනම් එයා ඉන්න චරිතෙට මොනවාහරි උනොත් එතනින් එහාට මේකේ රේටින්ස් අඩුවෙන්න
ගන්නවා. හොලිවුඩ් වල මම ආසම දෙයක් ඔය අස්සක ඉන්න අය අරගෙන එයාලට යුනික් ෆෑන්බේස්
හදන එක. හොඳම උදාහරණේ
Game
of Thrones
.
අපි ඕකෙ දැනන් හිටියේ Sean
Bean
ව විතරයි. දැන් පේනවනෙ ඒකෙ හිටපු කාස්ට් එක හොලිවුඩ් වලට
කෝම
Impact එකක්ද දෙන්නෙ
කියලා.
 

ඔයා Terranova,
Lost
වගේ සීරිස් වලට ආසයි නම් අනිවා මේක බලන්න. මාරම ඉන්ට්‍රෙස්ටින්
සීරිස් එකක් මේක. හයිප් නෑ කියලානම් මේක අතාරින්න එපා. මොකද කමියුනිටි එකේ හයිප්
නැති සීරිස් වල තමා සැබෑම රසය තියෙන්නෙ.

 

…ඒනම් ගයිස් අපි කැපුනා…

– Malinda Bandara (RWC)

Check Also

Heart of the Beast (2026) Sinhala Subtitles | “යුධ සගයා සමඟ ඇලස්කාවේ සැතපුම් 58ක දිවි ගමන..” [සිංහල උපසිරැසි සමඟ]

මෙම උපසිරැසි දැනට නිකුත් වී ඇති කැමරා පිටපත් සඳහා පමණක් අදාළවේ. Year : September 23, 2026 …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *