Year : 2021-
IMDB Rate : 5.8/10
Stars : Azhy Robertson, Tara Moayedi, Daisuke Tsuji
Language : English
Director : Simon Kinberg, David Weil
අද අරගෙන ආවේ SEE දෙවනි කතාමාලාව අවසන් වීමත් සමඟ Apple TV මඟින් පසුගිය 22 වෙනිදා නිකුත් කල සුපිරි විද්‍යා ප්‍රබන්ධයක් වන Invasion කතාමාලාවේ ආරම්භයයි. මේ වෙනකොට IMDb දර්ශකයේ 5.8ක අගයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම තමයි මේකත් ගොඩක් වියදම් කරලා සුපිරියටම හදපු සීරිස් එකක්. පලවෙනි කතා මාලාව කොටස් 10කින් සමන්විතයි. Jakob Verbruggen සහ Amanda Marsalis විසින් තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. ඒ වගේම දක්ෂ රංගන ශිල්පීන් රැසකුත් මේ කතාමාලාවට සම්බන්ධ වෙලා තියෙනවා.
ඉතින් මම පලවෙනි එපිසෝඩ් තුනේ සිද්දවෙන දේවල් ගැන කෙටියෙන් සඳහනක් කරන්නම්, හැමදාම අපෙන් කතාමාලා වල සහ චිත්‍රපට වල සිදුවීම සම්බන්ධයෙන් කෙටි විස්තරයක් හෝ බලාපොරොත්තු වෙන අය වෙනුවෙන්, ඉතින් මම නම් කියන්නෙ ඔයාලා මේව කියවන්නෙ නැතුව මේ කතාව බලන්න ගත්තොත් ලොකු කුතුහලයක් එක්ක හොඳ රසවින්දනයක් ගන්න පුලුවන් කියලා.. කතාව බලල ඉවර වෙලා හරි මැදකට යනකන් හරි බැලුවට පස්සෙ අන්තර්ජාලයේ තියෙන රිවීව් එහෙම කියවල බලන එක හොඳයි කියන එක තමයි මගෙ නම් අදහස ඉතින් හොඳ කුතුහලෙන් මේක බලන්න ඕනි අය මේක කියවන්නෙ නැතුව ගිහින් එපිසෝඩ් එක බලන්න. ඉතින් දවසක් පෘථිවියේ එක් එක් ප්‍රදේශ වලින් නොයෙකුත් අත්භූත සහ විනාශකාරී සිදුවීම් සිද්ද වෙන්න ගන්නවා.. අභ්‍යවකාෂගත වුණු යානයන් එහි නියමුවන්ද සමඟින් අභිරහස් ආකාරයට විනාශ වෙනවා. පාසැල් වය කුඩා ළමුන්ගෙ නහයවල් වලින් ලේ ගලනවා.. හමුදා බට පිරිසකට අභිරහස් යානයක් විසින් පහර දෙනවා.. අහසින් උල්කාපාත වැනි දේවල් ප්‍රදේශ රැසකට කඩා වැටෙනවා, ගෙවල් සහ තවත් ඉදිකිරීම් රැසක් විනාශ කරමින්, තව ඉරිඟු යායක මැද ලොකු රවුම් වලක් හැදිල තියෙනවා ඒ මොකක් නිසාද කියල කවුරුත් දන්නෙ නෑ, ඒ වගේම එතනට ට්‍රක් එකකින් ගිය තරුණයින් කිහිපදෙනෙක්ම අතුරුදහන් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ අමුතු දේවල් වෙන්න ගන්නකොට හැමෝටම හිතෙනව ඇති මේක “පිටසක්වල තර්ජනයක්” කියලා, ඒත් ඒ ගැන අපි තාම හරියටම දන්නෙ නැති නිසා දැනට අපි කියමු මේක හුදෙක් “ආක්‍රමණයක්” පමණක් කියලා.
250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles
![Invasion (2021) [S01: E01] Sinhala Subtitles](https://piratelk.com/wp-content/uploads/2021/10/Invasion-2.jpg)

