Sunday , April 20 2025
DON'T MISS

The Princess Switch 3: Romancing the Star (2021) Sinhala Subtitles | ආදරණීය තරුව [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

The Princess Switch 3: Romancing the Star (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  5.5/10

Stars :  Vanessa Hudgens, Remy Hii, Sam Palladio

Language :  English

Director :  Mike Rohl

Princess Switch 3: Romancing the Star (2021) මේ අවුරුද්දේ නත්තල වෙනුවෙන් NetFlix ඉදිරිපත් කරපු චිත්‍රපටියක්. මේක කලින් අවුරුදු දෙකක එලි දැක්වුණු Princess Switch (2018) සහ Princess Switch: Switched Again (2020) චිත්‍රපටිවල තුන්වෙනි දිගහැරුම. පළවෙනි චිත්‍රපටියේදී කුමාරිකාවට සමාන තව කෙනෙක් හමුවුණා. දෙවෙනි කතාවේදී ඒකට ඒ හා සමාන තව කෙනෙකුත් හමුවුණා. දැන් මේ තුන්වෙනි කතාව.

Robin Bernheim සහ Megan Metzger ගේ නවකතාවක චරිත ආශ්‍රයෙන් තමයි මේ චිත්‍රපටියේ කතාව ගොඩනගාගෙන තියෙන්නේ. සුපුරුදු පරිදි අධ්‍යක්ෂණය කරන්නේ Mike Rohl විසින්. රඟපෑමෙන් එක්වෙන්නේ කලින් චිත්‍රපටි වල රඟපෑමෙන් දායක වෙච්ච අයමයි. Vanessa Hudgens (ෆියෝනා, මාග්‍රට් රැජිණ සහ ස්ටේසි), Remy Hii (පීටර් මැක්ස්වෙල්), Sam Palladio (එඩ්වඩ් කුමරු), Florence Hall (මින්ඩි) ඇතුළු පිරිසක්.

කතාව ගැනත් කෙටියෙන් කියන්නම්. මාග්‍රට් රැජිණට මේ නත්තලේදී නත්තල් ගහේ තරුව විදියට තියන්න, වතිකානුවෙන් ලැබෙනවා පෞරාණික වටිනාකමක් ඇති සාමයේ තාරකාව. මේ තාරකාව දැඩි ආරක්ෂාව මධ්‍යයේ මාලිගාවට ගෙනාපු දවසේම අතුරුදහන් වෙනවා. මේ තාරකාව හොයාගන්න උදව් වෙන්න ඉදිරිපත් වෙන්නේ ෆියෝනා. දැන් ඉතිරි කතාව ගෙවෙන විදිය, තාරකාව හොයාගන්න පුළුවන්ද, කවුද ඇත්තටම මේක හොරකම් කරන්නේ, වගේ දේවල් දැනගන්න මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය රස විඳින්න.

Check Also

A Working Man (2025) Sinhala Subtitles | නිම නොවෙන වැඩ මුරය.. [සිංහල උපසිරැසි සමඟ]

Year :   March 28, 2025 (USA) IMDB Rate :  5.9/10 Starring: Jason Statham; Jason Flemyng; Michael Peña; …

One comment

  1. …බොහෝම ස්තූතියි උපසිරැසියට…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *