Monday , June 22 2026
DON'T MISS

Dogman (2018) Sinhala Subtitles | බිහිසුණු සුනඛ හිමිකරුවා [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Dogman (2018) Sinhala Subtitles

Year :  2018

IMDB Rate :  7.2/10

Stars :  Marcello Fonte, Edoardo Pesce, Nunzia Schiano

Language :  Italian

Director :  Matteo Garrone

ලෝකයේ ඉංග්‍රිසි භාෂාවට අමතරව, ගොඩක් සම්මානනීය විදේශ චිත්‍රපටි ලෝක සිනමාව ඇතුළේ නිෂ්පාදනය වෙනෙවා. නමුත් අවාසනාවකට වගේ ඒවා ගැන අපිට අහන්න දකින්න ලැබෙන්නේ කලාතුරකින්. ඉතින් මේ චිත්‍රපටියත් 2018 වසරේ නිකුත් වුණු විශාල සම්මාන රැසකට පාත්‍ර වුණු ඉතාලි චිත්‍රපටියක්

මාර්සෙලෝ කියන්නේ ඉතාලියේ තදාසන්න නොවන කුඩා නගරයක ජීවත් වෙන සාමාන්‍ය මනුස්සයෙක්. රැකියාව විදිහට මෙයා කරන්නේ සුරතලේට ඇති කරන බල්ලන්ව රැකබලා ගන්න එක සහ එයාලව නඩත්තු කරන එක. මාර්සෙලෝ ඇත්තටම සත්ව හිතවාදියෙක්, බල්ලන්ට ගොඩක් ආදරේ කරන කෙනෙක්. ඒත් මේ අහිංසක මනුස්සයට නොසිතු වෙලාවක වෙනත් පුද්ගලයෝ නිසා විදින්න වෙන කරදර නිසා මාර්සෙලෝගේ ජීවිතය සම්පුර්ණයෙන්ම අදුරු වෙනවා. ම්ජාර්විස්යේෙලෝගේ අහිංසක අසරණකම වෙන අය තමන්ගේ නොමනා වැඩවලට යොදාගන්න නිසා එයාට මේ කරදර එයා ආශ්‍රය කරපු පුද්ගලයින් නිසා උදාවෙනවා. අසරණකම, කගෙන්වත් උදව්වක්වත් නැති කම, කෙනෙක් එක්ක හැප්පෙන්න බැරිකම නිසා එයාට මේ කරදරවලට මුහුණ දෙන්න පුලුවන්කමක් ඇති වෙන්නේ නෑ

මාර්සෙලෝගේ චරිතයට පණපොවන Marcello Fonte මේ චරිතයේ තියෙන අසරණකම, පිහිටක් නැතිකම වගේ ලක්ෂණ ගොඩක් හොදින් රග දක්වනවා. ඒ නිසාවෙන්ම 2018 වසරේ පැවති Cannes Film Festival සහ Capri, Hollywood කියන සිනමා උළෙලවල්වලදී හොදම නළුවාට හිමි සම්මානය දිනා ගන්නවා. ඒවගේම මේ චිත්‍රපටිය BIFEST (Bari International Film Festival) හොදම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගන්නවා. 2019 වසරේදි BAFTA Awards Brussels International Film Festival සම්මාන උළෙලවල් වලදී හොදම අධ්‍යක්ෂණය සදහා නිර්දේශ වෙනවා. සමස්ථයක් විදිහට ගත්තාම මේ චිත්‍රපටිය සම්මාන 40 දිනා ගෙන තියෙනවා. ඒවගේම නිර්දේශවීම් (Nominees) 32ක් ලබා ගෙන තියෙනවා. ඒවගේම IMDb දර්ශකයේ අගය 7.2ක්.

මේ චිත්‍රපටිය නාට්‍යමය ඝනයේ අපරාද චිත්‍රපටියක් නිසා ගොඩක් දෙනෙක් සිනමා රසයට නොගැලපෙන්න පුලුවන්. ඒත් විදේශීය භාෂා, නාට්‍යමය චිත්‍රපටි නරඹන කෙනෙක්ට නම් ගොඩක් රසවත් කතාවක් මේක.

Check Also

The Butcher’s Blade (2026) Sinhala Subtitles | සටන.. [සිංහල උපසිරැසි සමඟ]

Year : April 24, 2026 (USA) IMBD: 5.9/10 Starring: Chun Yu Shan Shan,Fufu Yuan,Fengchao Liu Director …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *