Year : 2019
IMDB Rate : 4.4/10
Stars : Vishal, Tamannaah Bhatia, Aishwarya Lekshmi
Language : Tamil
Director : Sundar C.
ඇක්ෂන් සුන්දර් ගේ අධ්‍යක්ෂණයෙන් සහා විශාල් ගේ රංගනයේ නිර්මාණය වුන චිත්‍රපටයක් තමයි ඇක්ෂන්… 2019/11/15 වෙනිදා තිරගත වීමට ආරම්භ වුනා… මම හිතන විදිහට normal budget එකකට ලැබෙන්න ඕන ඒ ජයග්‍රහණය මෙම චිත්‍රපටය ලැබෙනවා කොයිදෝ… හරියට ඒ ගැන කියන්න බෑ මට .
චිත්‍රපටයේ නම ඇක්ෂන් නිසා කොයිදෝ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම ඇක්ෂන් සීන් වලින් පුරවලා…. ඒක ඉතින් හොදයි අවුලක් නෑ. ඇයි කිව්වොත් ගොඩක් දෙනෙක් ඒ විදිහට තමයි බලාපොරොත්තු වුනේ. හැබැයි Negative එක පැත්තෙන් බැලුවොත් 50%ක් රියැලිටි එකත් තියෙනවා ඒ වගේම රියැලිටි නැති ගතියකුත් තියෙනවා. Fright Seen විශාල් උපරිම හොදට කරලා තියෙනවා., හැබැයි Stunt Seen තමයි සම්පූර්ණයෙන්ම VFX වලින් කවර් කරලා තියෙන්නේ. පොඩි පොඩි Stunt seen original backgrounds use කරලා තමයි අරන් තියෙන්නේ. ඒ වුනාට Tom cruise ගේ ලෙවල් එකට යන්න බැරි නිසා, hard Stunt ටික graphics backgrounds වලින් තමයි අරන් තියෙන්නේ… ඒ ටික හොදට ඇවිල්ලා තියෙනවා විශාල් ගේ උත්සාහයෙන්., හැබැයි VFX වල රියැලිටි එක නැති හින්දා තියටර් එකේ Sound effects එක්ක බලනකොට වැඩිය ගතියක් දැනෙන්නේ නෑ.
චිත්‍රපටයේ screenplay එක ටිකක් විතර මේ වර්ෂයේ තිරගත වුන #Chanakya තෙලිඟු චිත්‍රපටයට සම්බන්ධ වෙනවා.. ඒ වගේ ලයින් එකක් තමයි තියෙන්නේ.. චිත්‍රපටය බලපු අයට ඒ ගැන දන්නවා ඇති.
රොමෑන්ස් සීන්ස් ගොඩක් හොදට ඇවිල්ලා තියෙනවා… 1st Half එකේදී තමන්නා නෙමෙයි ප්‍රධාන නිළියට ඉන්නේ වෙනත් කෙනෙක්. #Aishwarya_Lekshmi.. තමන්නා ගේ profomans ටික 2nd Half එකේදී තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ.. ඊට කලින් එන Aishwarya Lekshmi එයාට දුන්න චරිතය උපරිම හොදට හැගීම් බරව පෙන්නුම් කරලා තියෙනවා. ඒ වගේම සුන්දර් සර් රොමෑන්ස් සහා ඒමෝෂනල් කැටගරි දෙක උපරිම හොදට ගෙනියලා තියෙනවා. .
සුන්දර් සර් නම් අනිවාර්යෙන්ම comedy සහා horror තමා…. උපරිම හොදට කරනවා ඒ වගේ චිත්‍රපට… හැබැයි මේ ඇක්ෂන් චිත්‍රපටයේ ආරම්භය බලනකොට හැමෝටම හිතෙන දෙයක් තමයි [මේක ඇත්තටම සුන්දර් ගේ චිත්‍රපටයක්ද බං කියලා] අන්න ඒ විදිහට තමයි පටන් ගන්නේ, ඉටපස්සේ විශාල් ගේ Entry එක බැලුවට පස්සේ, තිබ්බ සැකේ නැති වෙලා ගියා …
චිත්‍රපටය බලන් යනකොට මැදින් මැද පොඩි බයක් දැනෙනවා., විශාල් මේ දේ හරියට කරයි ද ? mission එක හරි විදිහට ඉවර වෙයිද.? මේ විදිහට ටිකක් විතර ගැස්සෙනවා. ඒ වගේ හැගීමක් එනකොට සුන්දර් සර් මැදට පැනලා හොද කොමඩි සීන් එකක් දාලා ෂේප් කරනවා.
සංගීතය කියන තරම් හොදට තිබුනේ නෑ… background Score එක ටිකක් විතර හොදට නිර්මාණය කරලා තියෙනවා….
මම දැනුවත්ව මේ චිත්‍රපටයට ලැබුන ලොකුම අයිය විශාල්.. ලොකු උත්සාහයක් දක්වලා තියෙනවා ඇක්ෂන් සීන් වලට… VFX ටිකක් විතර strong වුනානම් තවත් ටිකක් ඉහලින් විශාල් ගේ ඇක්ෂන් සීන් බලන්න තිබ්බා.
සුන්දර් සර් Fantasy එක උපරිම ඉහලින් පෙන්නුම් කරන්න ගොඩක් දක්ෂයි. කොමඩි එකෙන් ම Fantasy එක ඉහල තැනකට ගෙනියනවා… මේ චිත්‍රපටයෙත් ඒ දේ ඇක්ෂන් පැත්තෙන් ගෙනියලා තියෙනවා.
Climax එක thriller පැත්තට බර කරලා තියෙනවා. ඒක හොඳයි අවුලක් නෑ විශාල් ඔහුගේ ස්වරූපය මාරු කරගෙන තමයි ගේමට එන්නේ.., ඒ විශුවල්ස් උපරිම හොදට ඇවිල්ලා තියෙනවා.
මාසාලා පැත්තට කැමති අය අනිවාර්යෙන්ම නරඹන්න ඕන චිත්‍රපටයක්.
Racaty Links
Dropapk Links
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
තෑන්ක්ස් මචං නියමයි..🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thanks jayawewa……!
Thanks for sub…👍