Monday , June 22 2026
DON'T MISS

Avengers: Endgame (2019) Sinhala Subtitles | අවසන් සංග්‍රාමය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Avengers: Endgame (2019) Sinhala Subtitles

Year :  2019

IMDB Rate :  8.7/10

Stars :   Robert Downey Jr., Chris Evans, Mark Ruffalo

Language :  English

Director :  Anthony Russo, Joe Russo

2019 මැයි මස 3 වනදා සිට මෙරට සිනමා ශාලාවල ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළ Avengers : Endgame චිත්‍රපටය මේ වන විටත් උපයා ඇති සමස්ත ආදායම බිලියන 2.7 හි සීමාව පසුකර ඇත. ඒ අනුව දැනට Avengers : Endgame චිත්‍රපටය ලොව ඉහළම ආදායම ක් උපයා ඇති චිත්‍රපටය බවට පත්වී හමාරය. ඒ මෙතෙක් කළක් එම ස්තානය හෙබවූ Avatar චිත්‍රපටයද දෙවන ස්තානයට ඇද දමමිනි.

චිත්‍රපටය ක් ලෙස මෙතරම් රසික ආකර්ෂණය ක් ඇතිවීමට Avengers : Endgame කතාව තුළ ඇති රසිකයන් හට ප්‍රධාන ලෙසම ගෝචර වන්නා වූ ත්‍රාසය, භීතිය, අවිනිශ්චිත භාවය, කුතුහලය සාක්ෂි දරයි. බොහෝ රසිකයන් අපේක්ෂා කරන්නේ වීරත්වය පමණකි. එහෙත් Thanos නම් වූ දුෂ්ඨයා හටද රසිකයන් සිටීම නොරහසකි. කතාව එතරම් ම ප්‍රබල ස්ථානය ක පසුවන බවට වෙන මොන නිදර්ශන යන් ද ? චිත්‍රපටය තුළ ඇති කතාව රසිකයන් හට ඉදිරිපත් කර ඇති ආකාරය ද මීට තවත් හේතුවක් වේ. ඒ සඳහා CGI / VFX නිර්මාණ කරුවන් ගේ මහන්සිය විශේෂයෙන් ම පැසසුමට ලක් විය යුතුය. කතාවේ රචකයා කොතරම් හොඳින් කල්පනාකාරී වූයේද ? යන්න රසිකයන් කතාව නැරඹීමෙන් අනතුරුව තවදුරටත් සිදු කරන ලබන කතා බහ තුලින් ගෝචර වන්නේ ය. Avengers : Endgame චිත්‍රපටය කෙසේ වනු ඇති දැයි බොහෝ රසිකයන් විවිධාකාර වූ න්‍යායන් ඉදිරිපත් කළහ. එය තවදුරටත් කතා බහ ට ලක් වෙමින් පවතී.

චිත්‍රපටයන් 21 කින් යුක්ත වූ Marvel Cinematic Universe ( මාර්වල් සිනමා විශ්වය) තුළ 22 වන චිත්‍රපටය මෙම චිත්‍රපටය යි. පුරා වසර 10ක් පුරාවටම මාර්වල් රසිකයන් හට චිත්‍රපටය න් 21 ක් දායාද කරමින් රසික ප්‍රසාදය ට පාත්‍ර වීම එතරම් ලේසි පහසු කාර්යයක් නොවේ. නමුත් එය අපහසු කාර්යයක් ද නොවන බව තේරුම් ගැනීමට Avengers : Endgame චිත්‍රපටය තිරගත වීම ආරම්භ කළ මුල් දින 11 තුළ උපයා ගත් ආදායම ප්‍රමාණවත් ය.

Avengers : Infinity War චිත්‍රපටය තුළ දී Thanos ගේ උත්සාහ ය සාර්ථක විය. Avengers වීරයන් හට Thanos Infinity Stones අත්පත් කර ගැනීම නැවැත්වීමට නොහැකි විය. Thanos ගේ ඒකායන අභිලාෂය වූ විශ්වයෙන් හරි අඩක් විනාශ කිරීම නවත්වන්න ට නොහැකි විය. Avengers : Endgame චිත්‍රපටය තුළින් දිගහැරෙන්නේ සිදුවූ විපත නැවත යථාතත්වයට පත්කරනු වස් දැනට ඉතිරිව සිටින Avengers වීරයන් කරන්නා වූ කැපකිරීම් සමූහය යි.

තම සියලු උත්සාහයන් ව්‍යර්ථ වූ හෙයින් සියලු ම Avengers වීරයන් සිටින්නේ කනස්සල්ලෙන් ය. තමන් අසාර්ථක වූ බව ඔවුන් දැඩිව විශ්වාස කරයි.

Black Widow : මේ වැඩේ හරි යයි ස්ටීව්. මට විශ්වාසයි.

Captain America : මමත් එහෙම හිතනවා. මොකද මේක ක් හරිගියේ නැත්නම් මට තේරෙන්නේ නෑ මොනවා කරන්නද කියලා.

නමුත් මෙය සාමූහික ප්‍රයත්නයක් බව ඔවුන් අමතක නොකළ යුතුය. දැනටමත් අභ්‍යවකාශයේ Tony Stark සහ Nebula සමඟ අතරමං වූ යානාය පෘථිවිය ට ගෙන්වා ගත යුතුය. ඒත් ඇත්තටම ඒ යානාව ඇත්තේ කොහේ දැයි කිසිවෙකු නොදනියි. සිදුවූ විපත්තිය නැවත යථාතත්වයට පත් කරවීම ට ඇති එකම පිළිතුර කාලය යි. කාලය සියලුම තුවාලයන් සුවපත් කරනු ඇත.

ඒ අනුව ඔවුන් ගේ සැලසුම් කෙසේ සකස් වේද ?

Thanos ව නැවත සොයාගන්නේ කෙසේද ?

විනාශ වී ගොස් ඇති සියල්ල නැවත යථාතත්වයට පත් කරන්නේ කෙසේද ?

මේ සියල්ල සඳහා ඇති එකම පිළිතුර චිත්‍රපටය නැරඹීම යි. චිත්‍රපටය පිළිබඳ ව ඇරඹූ සංවාදය මම මෙතැනින් නවත්වමි. නැත්නම් කතාවේ ප්‍රධාන ස්ථානයන් කතා බහට ලක්වනු ඇත. එය තවමත් චිත්‍රපටය නරඹා නොමැති අයට සුභවාදී නොවේ.

අනුවාදය – ජනිඳු රාජකරුණා විසිනි.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

Marsupilami (2026) Sinhala Subtitles | දඟර වලිග ලපවානර විස්කම් පෙන්නනවා.. [සිංහල උපසිරැසි සමඟ]

Year : February 4, 2026 (France) IMBD: 6.3/10 Starring: Philippe Lacheau,Élodie Fontan Director : Philippe Lacheau …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *