Monday , March 18 2024
DON'T MISS

Bigil (2019) Sinhala Subtitles | හොඳම මිතුරා වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Bigil (2019) Sinhala Subtitles

Year :  2019

IMDB Rate :  7.5/10

Stars :   Nayanthara, Joseph Vijay, Jackie Shroff

Language :  Tamil

Director :  Atlee Kumar

ඇටිලිගේ අධ්‍යක්ෂණයෙන් සහා විජයි ගේ රංගනයෙන්, 2019 වර්ෂය වෙනුවෙන් ටැමිල් සිනමාවට බිහි වුන අතිදැවැන්ත චිත්‍රපටයක් තමයි බිගිල්.

මේ චිත්‍රපටය ගැන කියන්න කලින් පොඩි දෙයක් සදහන් කරන්නම් මම. මේ චිත්‍රපටයේ Script එක අධ්‍යක්ෂක වරු ඇට්ලි ගේ own Script එකක් නෙමෙයි. මේක ඇවිල්ලා Old Script එකක්, ඒ නිසා මේ චිත්‍රපටයේ Story line එක ගැන කියලා වැඩක් නෑ, ඒ වගේම කිව්වොත් ඔයාට රසවින්දනය කරන්න මුකුත් ඉතුරු වෙන්නෙත් නෑ. ඒ නිසා මම මේ චිත්‍රපටයේ Screenplay එක ගැන විතරක් කතා කරන්නම්.

කොච්චර ලොකු අධ්‍යක්ෂකවරෙක් වුනත්, කොච්චර ලොකු budget චිත්‍රපටයක් වුනත්, කොච්චර ලොකු නළුවෙක් ඒ චිත්‍රපටයේ හිටියත්. මේ ටික හැර හැම මනුස්සයෙක්ම ඒ චිත්‍රපටයෙන් ඊට වඩා ලොකු දෙයක් තමයි බලාපොරොත්තුව වෙන්නේ, ඒ වගේ බලාපොරොත්තුවක් තමයි, හැම කෙනෙක්ම මේ බිගිල් චිත්‍රපටය කෙරෙහි තියාගෙන හිටියේ. මම හිතන විදිහට ඒ බලාපොරොත්තු අපතේ ගිල්ලා නෑ.

චිත්‍රපටයකට ජයග්‍රහණයක් ලැබෙන්න ඕනේ නම්, ඒ චිත්‍රපටය බලන කෙනාගේ රසාස්වාදයට සමාන රසාස්වාදයක් ඒ චිත්‍රපටයෙන් ලැබෙන්න ඕනේ, එතකොට තමයි ගොඩක් දෙනෙක් ඒ චිත්‍රපටය හාසාවෙන් බලන්නේ. බිගිල් චිත්‍රපටය හැම කෙනෙක්ටම ඉක්මනින් Connect වෙන්න හේතුව #Emotional. අධ්‍යක්ෂක වරු ඇට්ලි emotional කැටගරි එක උපරිම ඉහල මට්ටමකින් පෙන්නුම් කරන්න ගොඩක් දක්ෂයි. ඒකට උදාහරණයක් ලෙස ඔහුගේ චිත්‍රපටි තුන ගන්න පුළුවන්.

• රාජා රානි

• තෙරි

• මෙරසල්

මේ චිත්‍රපටි තූනේම emotional කැටගරි එක උපරිම ඉහලින් පෙන්නුම් වුනා. හැබැයි බිගිල් එකේ ඊට වඩා වැඩි. ඒකට හේතුව මේ චිත්‍රපටි තුනෙන් පෙන්නුම් කල ඒ emotional එක, බිගිල් කියන මේ එක චිත්‍රපටයකින් ඔහු පෙන්නුම් කරලා තියෙනවා.. ඒ නිසාම ඉක්මනින් කෙනෙක්ට මේ චිත්‍රපටය Connecte වෙනවා.

Expected , Unexpected
මේ වචන දෙක official update වලට විතරක් නෙවෙයි, චිත්‍රපටය ඇතුලෙත් මේ වචන වලට ලොකු ඉඩක් දීලා තියෙනවා. හිතපු දේවල් වලට වඩා, හිතපු නැති ගොඩක් දේවල් චිත්‍රපටය ඇතුලේ තියෙනවා.

#Positive

Cinematography කියලා වැඩක් නෑ. ඇක්ෂන් සීන් හැර.. Vishnu මෙරසල් චිත්‍රපටයට දුන්න ඒ Cinematography එකට වඩා තුන් ගුණයක් ඉහලින් බිගිල් චිත්‍රපටයට දීලා තියෙනවා..

ෆයිට් සීන් 50% ක රියැලිටි ගතියක් තියෙනවා. ඒ 50 ඇතුලේ කොච්චර ලෙවල් එකකින් පෙන්නුම් කරන්න පුළුවන්ද ඒ තරම් ඉහළ මට්ටමකින් පෙන්නුම් කරලා තියෙනවා. හැම ෆ්රේම් එකක්ම මෝස්තරයක් අදිනවා වගේ ලස්සනට කරලා තියෙනවා.ගොඩක් ලස්සනට පෙන්නුම් වෙනවා ඒක.

නෝර්ත් කොරියාවේ ඉන්න චන්ඩියෙක් වගේ තමයි විජයිව පෙන්නුම් කරන්නේ මයිකල් චරිතයෙන්. විජයි හැර විජයි එක්ක ඉන්න ඒ කොල්ලෝ සෙට් එක උපරිම ලෝකල් රංගනයක් දීලා තියෙනවා. යෝගී බාබු කියලා වැඩක් නෑ .

නයන්තාරා එයාට දුන්න රෝල් එක උපරිම හොදට කරලා තියෙනවා. Lady Super Star කියලා ඔප්පු කරලා තියෙනවා.ඒ වගේම තමයි විවේක් මාස්ටර්, ඉන්දියාවේ කොමඩි කින්ග් වඩිවේලුට පස්සේ ඉන්න පොරක්. ඒයාගේ රංගනය ගැන ඉතින් කියන්න ඕනේ නෑ.

A.R Rahman ගේ background Score එක නම් screenplay එකට හොදට සෙට් වෙලා තියෙනවා. මැදින් මැද වෙරිත්තනම්…..වෙරිත්තනම් කියලා පොඩි Score එකක් දානවා, ඒක සුපිරි , සිංදුව වලින් නම් වෙරිත්තනම් විතරයි මට ඇල්ලුනේ. ඒ වගේම ඒ සිංදුවට දීලා තියෙන විශුවල්ස් හිතුවටත් වඩා සුපිරියට තියෙනවා. ඒ වගේම තමයි සිංගප්පෙන්නේ..

විජයි ගැන නම් කියන්න දෙයක් නෑ, අවුරුදු 45ක මිනිහෙක් විදිහට නෙමෙයි බිගිල් චිත්‍රපටයෙන් ඔහු ඔහුව පෙන්නුම් කරගෙන තියෙන්නේ. ඔහුගේ චරිතය ඔහු උපරිම හොදට කරලා තියෙනවා, පොඩි පොඩි තැන් වල ටිකක් විතර මිස් වෙනවා. ඒ මොකක්ද කියලා මම කියන්නම්.

Spot Planning එක ගැන කියන්නම ඕනේ, 50% ක් උපරිම හොදට නිර්මාණය කරලා තියෙනවා. නෝර්ත් කොරියාව පැත්තෙන් බැලුවොත්, ඒ පැත්තේ ඉන්න මාස 6 ළමයගේ ඉදන් අවුරුදු 60 පන්නපු නාකියා වෙනකන් උපරිම රස්තියාදු පාට් එකෙන් තමයි ඉන්නේ. ඒ රියැලිටි එක ෆ්රේම් එකෙන් හොදට පෙන්නුම් කරලා තියෙනවා.කෙනෙක්ගේ රංගනයෙන් හැර ලොකේෂන්ස් වලින් ඉහලට මට්ටමකට ගෙනියලා තියෙනවා.

Women Football Team ඒක පැත්තෙන් බැලුවොත්. දෙන්නෙක්ව විතරක් ප්‍රධාන තැනකට අරන් ඇවිල්ලා තියෙනවා. හැබැයි background චරිත පස්සට ගිල්ලා නෑ.ඒයාලට කියලා පොඩි Sad Story එකක් Flashback එකක්. ඒ විදිහට හැම චරිතයකට ම පොඩි තැනක් දීලා තියෙනවා.

විජයි ගේ Dialogues delivery කියලා වැඩක් නෑ ගැම්මට තියෙනවා. 2 Half එකේදී ගැහැණු ළමයින් වෙනුවෙන් කතා කරන ඒ Dialogues උපරිම හොදට ඇවිල්ලා තියෙනවා, ගැහැණු ළමයින් වෙනුවෙන්ම තමයි සම්පූර්ණයෙන්ම. ඒ වගේම තමයි football Matches, හොද රියැලිටි එකක් දීලා තියෙනවා. මම හිතන විදියට football matches වලට කියලම තනි script එකක් ඇට්ලි නිර්මාණ කරලා තියෙනවා. එතනදි තමයි ඔහුගේ හැකියාවත් උපරිම හොදට පෙන්නුම් වෙන්නේ.

Interval Block එක සම්පූර්ණයෙන්ම emotional එකෙන් තමයි ඉවර කලේ. ගොඩක් දෙනෙක් හොද ඇක්ෂන් එකක් ඇති කියලා තමයි හිතුවේ. හැබැයි සම්පූර්ණයෙන්ම emotional කැටගරි එක ඇතුල් කරලා, චිත්‍රපටය කෙරෙහි තියෙන ඒ ආදරය වැඩි කෙරෙව්වා. .

ඇටිලිගේ women screenplay එක ගොඩක් හොදට වැඩ කරලා තියෙනවා. ගැහැණු ළමයෙක් කියන්නේ කවුද?, ගැහැණු ළමයෙක්ව ඇයි අපහාස කරන්නේ?. මේ විදිහට අපෙන් ම පරශ්න කරනවා, ඒ කියන්නේ විශුවල්ස්, ඩයලොග්ස්, බලනකොට සහා හානකොට අපිට පොඩි හැගීමක් දැනෙනවා, ඇත්තටම ඇයි ගැහැණු ළමයින්ව අපහාස කරන්නේ කියලා, ඒ විදිහට අපිව එක උත්තර නැති පරශ්නයකට ඇතුල් කරලා, ඉටපස්සේ ඇට්ලි එයාගේ screenplay එකෙන්ම පොඩි උත්තරයක් දෙනවා ඒකට, ඇත්තටම එයා ගොඩක් හැගීම් බරව නිර්මාණය කරලා තියෙනවා හැම සීන් එකක්ම..

Climax එකත් උපරිම හොදට නිර්මාණය කරලා තියෙනවා.

මම දැනුවත්ව positive Things මෙච්චරයි…

#Negative

විජයිට කියලා කොමඩි ස්ටයිල් එකක් තියෙනවා. ඒ වගේම තමයි නෝර්ත් කොරියාවේ ඉන්න කොල්ලන්ටත් තනි ස්ටයිල් එකක් තියෙනවා. විජයි ඒ දෙකම එකට එකතු කරලා අලුත් විදිහේ ස්ටයිල් එකක් තමයි පෙන්නුම් කරන්නේ.. හැබැයි ඒක රංගනයක් විදිහට තමයි පෙන්නුම් වෙන්නේ. රියැලිටි එකක් නෑ.

VFX ඕන් නැති තැන් වලට පවා VFX. ඒ වගේම තමයි ස්ටේඩියම් එක ගොඩක් colourful ව තියෙන්නේ ඕන නිසා, VFX වල ඩීප් එක ගොඩක් වැඩි කරලා, ඒ නිසා රියැලිටි විශුවල්ස් මැකිලා යනවා.

ඕනෑම චිත්‍රපටයක තේරුම තේරුම් කරන්න, මැදින් මැද screenplay එකේ වේගය ටිකක් අඩු කරනවා,. හැබැයි බිගිල් එකේ ඕනවටත් වැඩිය screenplay එක slow වෙනවා, උදාහරණයක් ලෙස කිව්වොත්,
[මචන් ලැස්ති වෙයන් මෙතන ලොකු සීන් එකක් වෙන්න යන්නේ, විජයි ඌව උස්සලා පොලවේ ගහයි ගෙම්බා ගැව්වා වගේ] මේ විදිහට හැම කොල්ලෙක්ම රෙඩ් පිට ඉදි. හැබැයි මුකුත්ම වෙන්නේ නෑ එතන . Expected, Unexpected හැර Screenplay එකේ වේගය ගොඩක් අඩු වෙනවා එතකොට….

Disappointed රසිකයන් ටිකක් විතර Disappointed වුනා, ඒකට හේතුව ඇට්ලි මොන වගේ චිත්‍රපටයක් නිර්මාණය කලත්, Copy Rights සීන් එකක් අනිවාර්යෙන්ම එයාගේ චිත්‍රපටි වල තියෙනවා, එයත් ඒක පිළි අරගෙන තියෙනවා…. ඔය අන්තිමට ආපු මෙරසල් චිත්‍රපටයත් කමල් හාසන්ගේ පරණ චිත්‍රපටයක කොපියක් කියලා තමයි හැමෝම කිව්වේ. ඒ වගේම විජයිගේ Entry සීන් එක සිවාජි චිත්‍රපටයේ කොපියක් කියලා කිව්වා…

මට නම් ඒ Entry සීන් එක බලනකොට, Godzilla 2014 චිත්‍රපටය තමයි මතක් වුනේ. Godzilla චිත්‍රපටයේ Godzilla ව පෙන්නන්න කලින්, ඌගේ කකුල,අත,නැට්ට,ඇස් දෙක,නාය,ඉටපස්සේ ඌ ඇවිදින විදිහ, මේ ඔක්කෝම ටික පෙන්නුවාට පස්සේ, Far Angel එකෙන් බිම ඉදන් උඩට කැමරාව උස්සලා සම්පූර්ණ Godzilla ව පෙන්නුවා, එතකොට Godzilla අයියෙන් කෑ ගැව්වා…ඒ වගේම තමයි මෙරසල් එකේ විජයිගේ Entry එක තිබුනේ. හැබැයි විජයි අයියා කෑ ගැව්වේ නෑ, ලස්සනට හිනා වුණා. ආතල් ටොක් ගනන් ගන්න එපා .

ඉතින් මේ විදිහට හැම චිත්‍රපටයකම කොපියක් තියෙන නිසා, මේ පාර රසිකයන් ටිකක් බය වෙලා හිටියේ, හැබැයි ඇට්ලි බිගිල් audio lunch එකේ පොඩි දෙයක් කිව්වා මම හැම සීන් එකක්ම බල බල කරලා තියෙනවා කියලා. එතකොට රසිකයන් හිතුවේ මේ පාර Copy Rights නෑ කියලා. හැබැයි මේ පාරත් ඒ දේ සිද්ධ වුනා. ඒකෙන් රසිකයන් ටිකක් disappointed වුනා.

ඒ වගේම තමයි විජයි ගේ චරිත, රායප්පන් කියන චරිතයෙන් අලුත් විජයි කෙනෙක් ව ඔයාට අනිවාර්යෙන්ම බලා ගන්න පුළුවන්, හැබැයි මැදින් මැද එයා ඒ චරිතයෙන් පිට යනවා, ඒ කියන්නේ එයාගේ සේම් රංගනයට ඇතුල් වෙනවා.

විජයි ගේ චිත්‍රපටයක් නම් අනිවාර්යෙන්ම motivation සහා social speech එකක් තියෙනවා. හැබැයි මේ බිගිල් චිත්‍රපටය සම්පූර්ණයෙන්ම motivation සහා social චිත්‍රපටයක්. ගොඩක් හොද ආදර්ශමත් වලින් චිත්‍රපටය ගමන් කරගෙන යනවා. [පට්ට ෆිල්ම් එකක් බන්, හොද msg ටිකක් තියෙනවා] ඒ විදිහට තමයි හැමෝම හිතන් ඉන්නේ. හැබැයි ඉටපු ගමන් මාස්, මාසාලා ඕන හින්දා කොයිදෝ. එක සීන් එකක් ඇතුල් කලා screenplay එකට, ඒකෙන් කිසිම ආදර්ශයක් ලබා ගන්න බෑ. ඒ සීන් එකත් ආදර්ශමත් විදිහට නිර්මාණය කරන්න තිබ්බා. හැබැයි ඇට්ලි එතනදි ෂෝ එක විතරයි බලලා තියෙන්නේ.

චිත්‍රපටය බලන් යනකොට මට හිතුන දෙයක් තමයි, [මේ චිත්‍රපටයෙන් 100% ක් හොද ආදර්ශයක් ලබා ගන්න පුළුවන් බන්] ඒ විදිහට තමයි මම හිතුවේ, හැබැයි අර සීන් එක බැලුවට පස්සේ 80% ක් වුනා.

බිල්ඩබ් එක නම් ඉහලින්ම තියෙනවා. සිගරට් එක පත්තු කරන්නෙත් ක්‍රැකස් එකකින්. රසිකයන්ට උපරිම හොද ඇක්ෂන් විශුවල් ටිකක් තමයි ඒවා. හැබැයි සමාන්‍ය මනුස්සයෙක්ට පොඩ්ඩක් විතර අවුල් යනවා ඒ වගේ සීන් බලනකොට.

මෙච්චරයි ඉතින් බිගිල් ගැන මට දෙන්න පුළුවන් Review එක..

හැබැයි තමන්ගේ ජීවිතය වෙනුවෙන් උත්සාහ කරන කොල්ලෙක්ට හෝ කෙල්ලෙක්ට අනිවාර්යෙන්ම 80% හොද ආදර්ශයක් ලබා ගන්න පුළුවන් චිත්‍රපටයක් තමයි බිගිල්.

#GMWW
#Marshal

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

Hanu Man (2024) Sinhala Subtitles | වීරයා.!! [සිංහල උපසිරැසි සමඟ]

Year :  2024 IMDB Rate :  8.4/10 Stars :  Teja Sajja, Amritha Aiyer, Varalaxmi Sarathkumar Language …

6 comments

  1. Bohoma sthuthi sub ekata

  2. SUB ekata Thanks Saho

  3. Niyamai brother

  4. Marjaavaan,Action
    මේ ෆිම් දෙක ඕන ඉක්මන්ට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *