Tuesday , June 23 2026
DON'T MISS

Boss Level (2020) Sinhala Subtitles | කිසිදා නොනවතින මරණය [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Boss Level (2020) Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  N.A/10

Stars :   Mel Gibson, Annabelle Wallis, Michelle Yeoh, Naomi Watts, Ken Jeong

Language :  English

Director :  Joe Carnahan

කට්ටිය කොහොමද ඉතින්, ඔන්න අද අරන් ආවෙ ඊයෙ කොපියක් රිලීස් උන පට්ටම පතුරු ෆිල්ම් එකක්.. මුලින්ම කියන්නම් මේක නම් සුපිරිම ෆිල්ම් එකක් ප්ලීස් මේක මිස් කරගන්න නම් එපා.. මේ අවුරුද්දෙ ආපු හොඳම ෆිල්ම් වලින් එකක් කියල බය නැතුව කියන්න පුලුවන්. සුපිරිම නළු නිළියො ටිකක්, සුපිරිම ස්ටෝරියක්, සුපිරිම ෆයිට් ටිකක්.. එක හුස්මට බලන්න පුලුවන් ෆිල්ම් එකක්. Frank Grillo, Mel Gibson, Naomi Watts, Michelle Yeoh, Ken Jeong කියන සුපිරි රංගන ශිල්පීන් රංගනයෙක් දායක වෙලා තියෙනවා.. Cast එක දැක්කම තේරෙනවනෙ ෆිල්ම් එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. CGI, VFX ගැන බයවෙන්න දෙයක් නෑ ඒවත් සුපිරියටම තියෙනවා. ඒ වගේම සබ් එක ගැන කියන්න ඕනි මමයි ඉෂානුයි අද හවස ඉඳන්ම දඟලලා තමයි සබ් එක ඉවර කරගත්තෙ වැඩේ ලේසි උනේ නම් නෑ මොකද මේ ෆිල්ම් එකට තවමත් හරියට ඉංග්‍රීසි උපසිරැසියක් තිබුණෙ නෑ. ඒ නිසා මේක අපි අසා ලිවීමක් විදිහට තමයි කරේ. ෆිල්ම් එක සුපිරි නිසා ඉංග්‍රීසි සබ් එකක් නොතිබුණත් වැඩේ කරන්නම හිතුණා.. කොහොමහරි කිසිම අඩුපාඩුවක් නැති වෙන්න වැඩේ හරියට ඉවර කරා. ෆිල්ම් එකේ Cast එක පහළින් බලාගන්න පුළුවන්.

කතාව පැත්තට හැරුණොත්, ජෝයි කියන්නෙ හමුදාවෙ සේවය කරපු විශ්‍රාමික කෙනෙක්, ඉතින් මෙයා මෙයාගෙ පවුලෙන් අයින් වෙලා වෙනම තමයි ජීවත් වෙන්නෙ. මෙයාට ජෝයි කියල පොඩි පිරිමි දරුවෙකුත් ඉන්නවා. මේ දරුවත් එයාගෙ අම්මත් එක්කමයි ජීවත් වෙන්නෙ. කොහොමහරි ජෝයිගෙ බිරිඳ එහෙමත් නැත්නම් හිටපු බිරිඳ (ජෝයි) විද්‍යාගාරයක වැඩ කරන කෙනෙක්. මෙයාගෙ බොස් තමයි කොල් කියන්නෙ කොල් තමයි මේ කතාවෙ Villan ඉතින් මේ කොල් ජෝයිට කියල අභිරහස් යන්ත්‍රයක් හදනවා.. මේ යන්ත්‍රෙ නිසා ජෝයිට මුහුණ දෙන්න වෙන්නෙ ගොඩක් භයානක අකරතැබ්බෙකට තමයි. ජෝයිට මරණයත් එක්ක සෙල්ලම් කරන්න වෙනවා.. ඉතින් මේ ජෝයි මරණයත් එක්ක කරන සෙල්ලම කොහොම අවසන් වේවිද? එයා මේකෙන් කොහොම බේරියිද? මේ සේරම ප්‍රශ්න වලට පිළිතුරු හොයාගන්න නම්, ඔයාට මේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටිය බලන්නම වෙනවා.. බලන්න කලින් ආයෙත් කියන්නම් මේක නිකන් දෙකයි පනහෙ ෆිල්ම් එකක් නම් නෙවෙයි බෝම්බයක්. එහෙනම් අමතක නොකර ඔයාලගෙ අදහසුත් පහතින් කමෙන්ට් කරන්න. එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මණින්ම හමුවෙනතුරු හැමෝටම,

ජයවේවා!!

– SriLankan Premiere Movies Zone  –

Check Also

Marsupilami (2026) Sinhala Subtitles | දඟර වලිග ලපවානර විස්කම් පෙන්නනවා.. [සිංහල උපසිරැසි සමඟ]

Year : February 4, 2026 (France) IMBD: 6.3/10 Starring: Philippe Lacheau,Élodie Fontan Director : Philippe Lacheau …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *