Sunday , April 14 2024
DON'T MISS

Captain Marvel (2019) Sinhala Subtitles | කැප්ටන් මාර්වල් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

 Captain Marvel (2019) Sinhala Subtitles

Year :  2019

IMDB Rate :  7.2/10

Stars :   Brie Larson, Samuel L. Jackson, Ben Mendelsohn

Language :  English

Director :  Anna Boden, Ryan Fleck

සුභ දවසක් හැමෝටම ඔන්න අද අරන් ආවෙ හැමෝම පුන පුනා බාලාගෙන හිටපු මේ දවස් වල ලෝකෙම හොල්ලල තියෙන සුපිරි වීරවරියගෙ ෆිල්ම් එක.. Captain Marvel (2019), Marvel Studios වල ප්රථම කාන්තා සුපිරි වීරයාගෙ ෆිල්ම් එක තමයි මේක. Anna Boden සහ Ryan Fleck විසින් අධ්යක්ෂණයද Anna Boden සහ Ryan Fleck විසින්ම රචනා කර ඇති අතර Kevin Feige විසින් තමයි නිශ්පාදනය කරලා තියෙන්නේ.. ෆිල්ම් එකේ බජට් එක වෙන්නෙ ඇමරිකානු ඩොලර් මිලියන 152ත් 175ත් අතර ගණනක්, මේ වෙනකොට ෆිල්ම් එකෙන් ලැබිල තියෙන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1.127ක් වගේ ඉතාමත් ඉහල අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. IMDB දර්ශකය තුළ දැනට හිමි වෙලා තියෙන්නෙ 7.2ක අගයක්. ඒ වගේම චිත්‍රපටියේ ධාවන කාලය වෙන්නෙ මිනිත්තු 124ක්. ෆිල්ම් එක ගැන වැඩි විස්තර කියන්නෙ නැහැ මොකද කවුරුත් දන්නව මේක සුපිරියක්. මේක ගැන නොදන්න කෙනෙකුත් නැති තරම්.. ඉතින් තවත් ඉස්සරහට මම ලිපිය ලියන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ.

**කැප්ටන් මාවල් ගැන ඔයාල නොදන්න දේ දැනගන්න මෙතැන් සිට මම ලිපිය බාර කරනවා Movie’s පිස්සො ෆේස්බුක් පේජ් එකේ Franklin_Richards සහෝදරයට..**

මේ දවස්වල ඉතින් හැම එකාටම තියන ප්‍රශ්යක් තමයි Captain Marvel කියන්නෙ හරි එහෙනම් අපි බලමු මෙයා ගැන

මෙයා මුලදි Miss Marvel කියලා තමයි හඳුන්වන්නෙ පස්සෙ මෙයා භාරගන්නවා Captain Marvel කියන මැන්ට්ල් එක මෙයා ගැන කතා කරන්න කලින් අපි මෙයා කවුද කියලා බලලා ඉම්මු

Captain Marvel කියන codename එකෙන් හැඳින්වුවට මෙයාගේ නම Carol Danverse මෙයා U.S air force එකෙ හොඳම fighter pilot කෙනෙක් වගේම former C.I.A agent කෙනෙක් විදියට තමයි මෙයාව මුලදි දකින්න ලැබෙන්නෙ පස්සෙ මෙයාව NASA එකෙ security director විදියට florida වල කේප් කැනැවල් තුඩුවෙ තියන head quarters වලට යවනවා මෙතනින් තමයි ඉතින් සීන් එකට මූල බීජය යන්නෙ මෙයා මෙහෙ වැඩ කරන කාලෙ මෙයාත් එක්ක වැඩ කරනවා Philiph Losan කියලා ඩයල් එකක්(මෙයා තමයි ඔරිජිනල් Captain Marvel)මෙයා NASA එකේ වැඩ කරාට මෙයා පෘතුවියෙ කෙනෙක් නම් නෙවෙයි මු අැවිල්ලා ක්‍රී කෙනෙක් දැන් ඉතින් කවුද ක්‍රීලා කියලා හිතනවා අැති

ක්‍රීලා කියන්නෙ planet hala කියන ග්‍රහලෝකෙ ඉන්න ඉතාමත් අාක්‍රමනශීලි ජීවින් විශේෂයක්(agents of shield බලන අයනම් ක්‍රීලා කවුද කියලා දන්නවා )මෙයාලා අැවිල්ලා තමන්ගෙ අධිරාජ්‍ය වර්ධනය කරගන්නයි ශක්තිමත් කරගන්නයි හෙන ගේමක් දෙන සෙට් එකක් අදට මේ අැති ක්‍රීලා ගැන දැන් අායෙත් අපේ කතාවට යමු

දැන් ඉතින් හිතනවා අැති මෙච්චර අාක්‍රමනශීලි ජීවියෙක් පෘතුවියෙ ඉන්නෙ අැයි කියලා මෙයා ඉස්සෙල්ලාම මෙහෙට එන්නෙ spy කෙනෙක් විදිහට එ්ත් මෙයාට මිනිස්සු ගැන අාදරයක් අැතිවුන නිසා මෙයා මිනිස්සු අාරක්ෂා කරන්න ගන්නවා එහෙමයි මෙයා පෘතුවියෙ ඉන්නෙ දැන් අපි අායෙත් කතාවට යමු.

කැරොලුයි මෙයායි වැඩකරන කාලේ ක්‍රි fighter රොබෝ කෙනෙක් active වෙලා nasa එක විනාශ කරන්න යනවා මේ වෙලාවේ Philip මෙයාලව බේරගන්නවා NASA එකේ අය තමන් කවුද කියලා අහපුවාම මෙයා Ma- vell කියලා තමයි උත්තර දෙන්නෙ එ්ක වැරදියට අැහිලා තමයි මෙයාට නම දාන්නෙ Captain Marvel කියලා මේකෙදි කැරොල්ව මු බේරගන්න නිසා දෙන්නා අතර love එකක් පටන් ගන්නවා ටික කාලයක් ගියාට පස්සෙ අායෙත් ක්‍රී සෙන්පතියෙක් එනවා yon- dogg කියලා මේකෙදි නම් ලෝසන් පරදිනවා එ් වගේම කැරොල්වත් අරන් ගිහින් හිර කරනවා.එහෙම කරලා මෙයා ක්‍රීලාට තහනම් කරලා තියන weapon( psychi magnitrum )එකක් use කරනවා කැරොල්ව බේරගන්න එන ලෝසන්ට ට විරුද්ධව. මේ weapon එකෙන් හිතෙ තියන දේවල් රියාලිටි එකක් කරනවා. මෙයා කැරොල්ට අාදරේ නිසා weapon එක on වෙනකොටම ලොකු explosion එකක් එක්ක කැරොල්ගේ අැඟට ලෝසන්ගේ DNA switch වෙන්න ගන්නවා එ්ත් කොහොමහරි මේකෙන් බේරිලා එන ලෝසන් කැරොල්ව බේරගෙන මෙයා වටේට shield එකක් හදනවා එ් විහිදුන radiation එකෙන් කැරොල්ගේ අැඟට ලෝසන්ගේ DNA ගිහින් මෙයා ක්‍රී + human හයිබ්‍රිඩ් කෙනෙක් වෙනවා මේක තමයි ටෙක්නිකලි අපි දන්න කියන කැප්ටන් මාවල්ගෙ birth එක.සමහර කතාවල මෙතනදි ලෝසන් මැරුනලු සමහර කතාවල නැ පිල්ම් එකෙම්ම බලාගම්මු එ්ක.

දැන් තමයි සීන් එක වෙන්නෙ මේකෙන් ටික දවසක් යනකොට මෙයාට තේරෙන්න ගන්නවා මෙයාගෙ ශරීරය වෙනස් වෙලා තිබුනට වඩා ගොඩක් බලවත් වෙලා කියලා ඉතින් මෙයා තීරනය කරනවා super hero කෙනෙක් වෙන්න තමන්ගෙ කොල්ලා වෙනුවෙන් එ්ක කරන්නේ මෙයාගෙ powers එහෙම බලමු දැන්

Seventh sense – මෙයාට මේකෙන් පුලුවන් අනතුරක් වෙන්න හුඟාක් කලින් දැනගන්න.එ් නිසා මෙයාට enemy ගේ ඊලඟ move එක peedict කරන්න පුලුවන්

Cosmic blast – මෙයාගේ common ම weapon එක තමයි මේක මේ blast එක iron man ගේ arch blast එකට වඩා powerful.

Cosmic sense – මේකනම් seventh sense එක වගේමයි මේක නිසා මෙයාට space එකේ අෑත ඉඳන් එන danger එකක් වුනත් අඳුරගන්න පුලුවන්.

Energy absorption – මේකෙන් මෙයාට ඕනෙම විදියක energy එකක් absorb කරන්න පුලුවන්.හැබැයි ලිමිටඩ් මෙයාට තමන්ගේ සීමාවට වඩා energy absorb වුනොත් අස්ථායි වෙනවා කියලයි කියන්නෙ හරියටම කියනවම් gravitonium වලින් අස්ථායි කරාම වගේ.

Gravity control – මේකෙන් මෙයාට තමන් වටේට තියන ගුරුත්වාකර්ෂනය පාලනය කරන්න පුලුවන්

Super strength – Hulk, Thor වගේ තරමටම නැති වුනත් මෙයාට හොඳ ශක්තියක් තියනවා. මෙයාගේ ලිමිට් 75 ton වගේ ගන්න පුලවන් කියලයි කියන්නෙ.

Super speed – මෙයා sonic speed එක වගේ 6 ගුනයක් වැඩියි

තව මෙයාට space එකේදි හුස්ම ගන්නැතුව වුනත් fight කරන්න පුලුවන්.

මෙයාට ටික කාලයක් Galactus අාරක්ෂාව ලබලාදීලා තියනවා.(හැබැයි මෙයාගේ powers නම් Galactus ගේ powers වලට ගැවෙන්නවත් මදි )

මේක නම් කියන්නෙ mcu එකේ powerful ම character එක female කියලා දුකෙන් ඉන්ල උන්ටයි එ්කෙන් උඩ ගිය කෙල්ලන්ටයි හිත හදාගන්න කියලා දැම්ම 2020 එන Guardians of the Galaxy 3 එකේදි Adam Warlock ව MCU එකට ගේනවා (දැන් Adam කවුද කියලා කල්පනා කරන්නෙපා උෟ ගැන post එකක් දාන්නම්) තව 2025 sentry එනවා කියලා තියනවා.(මේකනම් ෂුවර් නැ)
මේ දෙන්නා එක්ක බලද්දි නම් මෙයා මොකෙද්ද.

Special Thanks: Movie’s පිස්සො Facebook Page
#Franklin_Richards

ඔයාලගෙ අදහස් පහතින් කමෙන්ට් කරල යන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකන් හැමෝටම..

ජයවේවා..!

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

Asvins (2023) Sinhala Subtitles | අශ්විනා… රාක්ෂ ලෝකයට යන්න.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 23, 2023 IMDB Rate : 4.8/10 Starring:  Vasanth Ravi,Vimala Raman,Udayaraj Language: Malayalam Director …

5 comments

  1. Surprise ❤️

  2. මේක camera copy යක් ද

  3. privacy error kiyala vatena hinda download karanna ba nee.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *