ලෙය කතා කරන්නෙ ලෙයට!
Year : 2021-
IMDB Rate : 7.5/10
Stars : Adrien Brody, Emily Hampshire, Jennifer Ens
Language : English
Director : Jason Filardi, Peter Filardi
Stephen King කියපුවම නොදන්නෙ කවුද නේද.. ඉතින් මම අද ඉඳන් අරගෙන එන සුපිරි කතාමාලාවත් නිර්මාණය කරල තියෙන්නෙ 1978 දී Stephen King විසින් එළිදැක්වූ කෙටිකතාවක් ඇසුරෙන්.. ඉතින් මේක අගෝස්තු 22 වෙනිදා තමයි Epix හරහා විකාශය වීම ආරම්භ වුණේ. Chapelwaite නම් මේ රූපවාහිණී කතාමාලාවේ පළමු කතා සමය කොටස් 10කින් සමන්විතයි.. දෙවනි කතා සමයක් ගැන නම් බලාපොරොත්තු වෙන්න බෑ දැනට.. මේ කතා මාලාවෙ ප්‍රධාන චරිතය එහෙමත් නැත්නම් චාල්ස් බූන්ගේ චරිතය රඟදක්වන්නේ අපි කවුරුත් දන්න සුපිරි රංගන ශිල්පියා Adrien Brody. ඔහුව The Pianist, Detachment, Predators (2010), King Kong (2005) වගේ සුපිරි චිත්‍රපට වලින් අපිට දැකගන්න ලැබුණා. Emily Hampshire, සුරූපී Jennifer Ens, Genevieve DeGraves සෙසු චරිත ලෙසත්, ළමා චරිත ලෙස Sirena Gulamgaus සහ Ian Ho දැකගන්න පුළුවන්. ඒ වගේම මේක රචනා කරන්නෙ Jason Filardi සහ Peter Filardi. කතාව අයිතෙ වෙන්නෙ හොල්මන්, අභිරහස් සහ නාට්‍යමය යන ඝනයන් වලට.
කතාව ගැන බැලුවොත්, චාල්ස් බූන් කියන්නෙ නැවක කපිතාන් කෙනෙක්. මෙයා ගොඩක් අඳුරු අතීතයක් තිබ්බ මනුස්සයෙක්. මෙයා මේ වෙනකොට ජීවත් වෙන්නෙ මුහුදෙ නැවක ගමන් කරන ගමන්, ඒ තමන්ගෙ පවුලත් සමඟ පවුලේ බිරිඳ සහ දරුවන් තුන්දෙනෙකු වනවා. දවසක් මුහුදෙදි ඇති වෙන අසනීපයක් හේතුවෙන් මෙයාගෙ බිරිඳ මියයනවා. ඉතින් මේකෙන් මෙයාගෙ දරුවො ජීවත් වෙන්නෙ ගොඩක්ම කමපා වෙලා. ඉතින් මේ කණ් අගාටුදායක සිදුවීම් නිසාම මෙයා තීරණය කරනවා ගොඩබිමකට ගිහින් ජීවත් වෙන්න. ඉතින් මෙයා මෙයාගෙ මස්සිනාගෙන් මෙයාට ලැබුණු පවුලේ උරුමයක් වුණ “මැසචුසෙට්” වල පිහිටි “චැපල්වේට්” කියන නිවසට යනවා.. ඉතින් මේ වෙනකොට ඒ ගෙදර ජීවත් වුණ කිසිම කෙනෙක් ජීවතුන් අතර නැහැ.
ඒ වගේම මේ ගමේ ජීවත් වෙන මිනිස්සු මේ බූන් පවුලට ඒ තරම් කැමැත්තක් නම් දක්වන්නෙ නෑ. ඒ කියන්නෙ කලින් හිටපු අයට සහ අලුතින් මේ ගෙදර පදිංචියට ආපු අපේ කතාවේ ප්‍රධානියෝ ටිකටයි. මේ අතර චාල්ස් බූන් මේ දරුවන්ට ඉගැන්වීම් කරන්න ගුරුවරියක් හොයන අතරෙදි මේ නගරෙ වෙසෙන රෙබේකා මෝගන් නම් උගත් කාන්තාවක් මේ රැකියාවට කැමති වෙලා මේ ගෙදර නවතින්න එනවා. හැබැයි එයා එන්නෙ නම් ළමයින්ට උගන්නන්නම විතරක් නෙවෙයි. මොකද මේ ගෙදර අවුරුදු ගණනාවක් තිස්සෙ ඉඳන්ම අත්භූත, භයානක සිදුවීම් වලට මුහුණ දුන්න නිවසක්. මුළු ගමේම මිනිස්සු මේ නිවසට විතරක් නෙවෙයි එහෙ ජීවත් වෙන අයට පවා බියෙන් සහ වෛරයෙන් තමයි හිටියේ. ඉතින් මම කලින් කිව්වනෙ මේ රෙබේකා මෝගන් කියන තරුණිය උගත් කාන්තාවක් කියලා එයා මවුන්ට් හෝලියෝක් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබාගෙන, කීර්තිමත් අත්ලාන්තික් සඟරාවට නවකතාවක් ලිවීම සඳහා අත්තිකාරමක් අරන් නිවසට ආපු කෙනෙක් තමයි මෙයා. ඉතින් බූන් සහ පවුල මේ නගරෙට ආව බව ඇසගැටුණු රෙබේකා, ගුරුවරියගේ රැකියා අවස්ථාවෙන් මේ නිවසට පිවිසෙනවා.. ඒ මේ ගෙදර වසර ගණනාවක් තිස්සේම මේ පවුල සහ තම්ගේ ගමටම පීඩා කරමින් තිබ්බ අභිරහස විසඳා ඒක එයාගේ පොතේ මාතෘකාව කරගන්නා අරමුණින්. ඉතින් පරණ කතාවක් කියලා මේග නොබල හිටියොත් නම් ලොකු අපරාධයක්.. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා මේ අලුත්ම සුපිරිම කතාමාලාව නරඹන්න.. එහෙනම් ඊළඟ කොටසින් හමුවෙනකන් හැමෝටම, ජයවේවා..!
– Charith Pramodya
300MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
300MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
300MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
300MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
300MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
300MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
300MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
|
සසිඳු ගයාන් විසින් කල උපසිරැසි ගැන්වීමක්
Thnx sahoo
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Blindspot Season 5 sub dennako
bro me series eke okkoma episode danna puluwanda