Sunday , April 14 2024
DON'T MISS

D Company (2013) Sinhala Subtitles | ප්‍රචන්ඩත්වය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

D Company (2013) Sinhala Subtitles

Year :  2013

IMDB Rate :  4.7/10

Stars :  Jayasurya, Asif Ali, Unni Mukundan

Language :  Malayalam

Director :  Deepan, M. Padmakumar, Vinod Vijayan

D Company 2013 ඉන්දියානු මලයාලම් චිත්‍රපටයක්.මේ චිත්‍රපටය ප්‍රධාන වශයෙන් ක්‍රියාදාම, නාට්‍යමය සහ කාව්‍යය සංග්‍රහ වර්ගයට වෙන් කරන්න පුළුවන්.මෙහි එකිනෙකට වෙනස් කෙටිකථා තුනක් අඩංගු වෙනවා වගේම මේ චිත්‍රපට මාලාව අධ්‍යක්ෂණය කර තිබෙන්නේ M. Padmakumar, Diphan සහ Vinod Vijayan අධ්‍යක්‍ෂකවරු පිරිසයි.චිත්‍රපට වල කතා ලියා තිබෙන්නේ G.S Anil,Anoop Menon සහ Rajesh Ravi නමැති තිදෙනායි. Seven Arts International සහ D Cutz Film Company සමාගම් යටතේ නිෂ්පාදනය කර තිබෙන මේ චිත්‍රපට මාලාව වෙනුවෙන් නිෂ්පාදන දායකත්වය ලබා දී තිබෙන්නේ K. Mohanan සහ Vinod Vijayan දෙපලයි.සිනමාරූපණය Bharani K. Dharan,Vinod Illampally සහ Pappu යන තිදෙනා වගේම සංස්කරණයෙන් B. Ajithkumar,Samjith Muhammad සහ Arunතිදෙනා දායක වී තිබෙනවා. D Company 2013 චිත්‍රපටයේ සංගීත නිර්මාණය කර තිබෙන්නේ Rahul Raj,Gopi Sundar,Ratheesh Vegha,Ifthi යන සංගීත අධ්‍යක්‍ෂකවරු හතරදෙනායි.මිනිත්තු 122 ධාවන කාලයක් සහිත මේ චිත්‍රපටය 2013 සැප්තැම්බර් 14 වෙනිදා Seven Arts International සමාගම හරහා මහජන ප්‍රදර්ශනයට නිකුත් කර තිබුණු අතර මුලදී මේ චිත්‍රපටය කතා පහකින් යුක්තව ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනත් පසුව කතා තුනක් සහිතව නිකුත් කිරීමට තීන්දු කර තිබුනා.ඒ වගේම මේ චිත්‍රපට මාලාවට ප්‍රධාන රංගනයෙන් වගේම සහය රංගනයෙන් Jayasurya Marudu,Fahadh Faasil,Asif Ali,Anoop Menon,Samuthirakani Pandiyan,Ananya Nair,Bhama Kurup,Unni Mukundan,Parvatii Nair විශාල නළු නිලි පිරිසක් දායක වී තිබෙන අතර ගූගල් පරිශීලක අගය 66%ක් විදිහටත් IMDB අගය 4.7/10 ක් විදිහට පෙන්වා දී තිබෙනවා.

01.Oru Bolivian Diary 1995|එක බොලීවියානු දිනපොතක් 1995

මේ කෙටි චිත්‍රපටයේ කතාව පදනම් වෙලා තිබෙන්නේ වනගත ගම්බද ප්‍රදේශයකට පැමිණෙන චෞක්කිදාර් නමැති මාවෝවාදී විප්ලවවාදියෙකු වටායි.ඔහු ගමින් ගමට යමින් සමාජවාදය උගන්වමින් ගෝත්‍රික ජනතාව දැනුවත් කරමින් ඔවුන්ව සංවිධානය කරනවා.ගම තුලම ඉන්නා චින්නන් නමැති ගෝත්‍රික තරුණයෙක් චෞක්කිදාර් ඇතුළු පිරිසට තමන්ගේ ඉගැන්වීම් කරගෙන යාම සඳහා උදව් කරනවා.මේ අතරතුරදී ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සඳහා පැමිණෙන පොලිස් නිලධාරියෙකු ඝාතනයට ලක්වෙනවා මෙන්ම චින්නන් චෞක්කිදාර් ඇතුළු පිරිසට බේරී පලායාමට උදව් කෙරුවත් අවසානයේදී චින්නන්ව පොලිස් අත්අඩංගුවට පත්වෙනවා.පසුව පොලිස් නිලධාරීන් චින්නන්ට වද දෙමින් චෞක්කිදාර් ඇතුළු පිරිස සිටින ස්ථානය ගැන දැනගැනීමට උත්සහ කරන්නට පටන් ගන්නවා.

*මේ කෙටි කතාව තුල කියවෙන Pazhassi Raja කේරල ප්‍රාන්තය පාලනය කෙරූ රජෙකු ලෙස සැලකෙනවා.ඔහුගේ රාජ්‍යය පාලන කාලය ලෙස සැලකෙන්නේ 1774 සිට 1805 කාලය දක්වායි.ඒ වගේම ඔහු ඉන්දියාවේ ප්‍රථම නිදහස් සටන් කාමියා ලෙසද සලකනවා.ඔහුගේ රාජධානිය හැඳින්නුවේ කෝට්ටයම් රාජධානිය ලෙසයි.ඔහු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව මෙන්ම බ්‍රිතානය පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමට විරුද්ධව සටන් කෙරුවා මෙන්ම ඔවුන් ඉන්දියාවෙන් පලවා හැරීම සඳහා සේනා සංවිධානය කල අයෙකු ලෙස සැලකෙනවා.ඔහු 1793 වර්ෂයේදී පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමට සහ ඔවුන්ගේ පාලනයට විරුද්ධව කටයුතු කිරීමට පටන් ගනිමින් ජනතාව සංවිධානය කරන්නට පටන් ගන්නවා.නමුත් 1796 වසරේදී සමාගම පලසි රාජාව අත්අඩංගුවට ගැනීමට සමත් වුනත් අවසානයේදී අත්අඩංගුවෙන් පලායමින් විශාල ගරිල්ලා යුද්ධයක් ආරම්භ කරමින් එයට නායකත්වය ලබා දෙනවා.වසර පහක් දක්වා ඇදුනු මේ යුද්ධය අවසාන වන්නේ වර්තමාන කර්ණාටක සහ කේරල දේශසීමාව අසල පිහිටි කුඩා ගංගාවක් අසලදී සිදුවුණු සටනකින් 1805 නොවැම්බර් 30 වෙනිදා පලසි රාජාව වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුවයි.

*මේ කෙටි කතාව එකතැනක සඳහන් වෙන Thalakkal Chanthu, නොහොත් Thalakkal Chandu නැමැත්තා කේරලයේ කුරුචිය පළාතේ සිටි ගෝත්‍රික සොල්දාදුවෙක් මෙන්ම පලසි රාජාගේ සේනාවේ සේනාධිපති මෙන්ම දුනුවායෙකු ලෙස කටයුතු කර තිබෙනවා.ඔහු 19 වෙනි ශතර්වශයේ පළමු දශක කාලය තුලදී කේරලයේ වයනාඩ් වනාන්තර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් බ්‍රිතාන්‍යය අධිරාජ්‍යය වාදීන්ට එරෙහිව සටන් කර තිබෙනවා.සටන් ආරම්භ වුනේ පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම විසින් වයනාඩ් වල සිටි කෘෂිකාර්මික ජනතාවට අසාධාරණ ලෙස බඳු පැනවීම නිසයි.මෙහිදී Edachena Kunkan නමැති රදල ප්‍රධානියා විසින් බ්‍රිතාන්‍ය සමාගමේ නිලධාරියෙකු ඝාතනය කරනවා.මින් පසුව ඔහු වටා එකතු වෙන සියලුම ගොවියන් ඔහුව බ්‍රිතාන්‍යට විරුද්ධව ගෙනියන සටනේ නායකයා බවට පත් කරගන්නා අතර පලසි රාජා යටතේ ඔහු කේරලයේ එක පැත්තකින් සටන් ආරම්භ කරනවා.ඔහු යටතේ කටයුතු කරනා Thalakkal Chanthu 1802 ඔක්තෝම්බර් 11 වෙනිදා කුරුචිය ගෝත්‍රික දුනුවායන් 175 දෙනෙකු සමඟ පනමාරම් වල පිහිටි බ්‍රිතාන්‍යය බලකොටුව අල්ලාගන්නවා.නමුත් අවසාන කාලයේදී Thalakkal Chanthu ව බ්‍රිතාන්‍ය හමුදාව අත්අඩංගුවට රැගෙන Koly ගසක් යටදී ඝාතනය කරන අතර පසුව පසුව නිදහස් සටන පරාජයට පත් වීමත් සමඟම එඩචනා කුන්කන් කේරලේ පන්නිචල් ප්‍රදේශය අසලදී සියදිවි නසාගන්නවා.

02.Gangs of Vadakkumnathan |වඩක්කුමනාදන් වල මැර කල්ලි

Gangs of Vadakkumnathan කෙටි චිත්‍රපටයෙන් කතා කරන්නේ වඩක්කුමනාදන් අවට ප්‍රදේශය තුල සිටින මැර කල්ලි පිළිබඳවත් ඒ ආශ්‍රිතව සිදුවෙන කළු සල්ලි ජාවාරමක් පිලිබඳවයි. චිත්‍රපටයේ කතාව ආරම්භ වන්නේ ධනවත් ව්‍යාපාරිකයෙකුගේ ඝාතනයත් සමඟ ඇතිවෙන පොලිස් විමර්ශනයක් ආරම්භ වීම සමඟයි.ව්‍යාපාරිකයාගේ පුත්‍රයා මෙහිදී පොලිස් නිලධාරියා සමඟ කතා කරමින් සිය පියාගේ ඝාතකයාත් නැතිවූ කෝටි 750 ලබාගැනීම සඳහා ගනුදෙනුවක් සිදු කරනවා.මෙහිදී සොයාගන්නා සල්ලි වලින් කොටසක් අක්බර් නමැති පොලිස් නිලධාරියා සමඟ බෙදාගැනීම සඳහා ව්‍යාපාරිකයාගේ පුත්‍රයා එකඟ වෙනවා.පසුව අක්බර් වඩක්කුමනාදන් වල සිටින මැරයින් පිලිබඳ විමර්ශනය කරමින් ඔවුන් අතරේ කල්ලි යුද්ධයක් ඇති කරමින් ඔවුන්ව ඝාතනය කරන්නට පෙළඹෙනවා.

03. The Day of Judgement| විනිශ්චය දිනය

The Day of Judgement චිත්‍රපටය ආරම්භ වෙන්නේ සුනිල් මැතිව් නමැති පුද්ගලයෙකුගේ බිරිඳ මරණයට පත්වෙන දර්ශනයකිනුයි.මානසික වශයෙන් අස්ථාවරව සිටින ජීනා නිවසේ පිහිටි බැල්කනියෙන් පහලට ඇද වැටෙමින් මරණයට පත්වෙන අතර අවසානයේදී ඇතිවෙන යම් සැකයක් නිසා පොලීසිය මේ මරණය පිළිබඳව විමර්ශනයයක් ආරම්භ කරනවා.එහිදී සුනිල්ට අයත් නිවසක තවත් ඝාතනයක් සිදුවුණු බව පොලීසිය ඔහුට දන්වන අතර මෙයින් ඔහු සහ ඔහුගේ මිතුරන් පොලීසියට ප්‍රශ්න කිරීම සඳහා ගෙනයාමට ඉඩකඩ සැලසෙනවා.

Download Menu

 

 


900MB 720p DVDRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි DVDRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “D Company (2013) Sinhala Subtitles”

D-Company-2013.zip – Downloaded 792 times – 43.22 KB

If you have any complains about our contents, please email us at
[email protected]

– SriLankan Premiere Movies Zone  –

Check Also

Asvins (2023) Sinhala Subtitles | අශ්විනා… රාක්ෂ ලෝකයට යන්න.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 23, 2023 IMDB Rate : 4.8/10 Starring:  Vasanth Ravi,Vimala Raman,Udayaraj Language: Malayalam Director …

2 comments

  1. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *