Year : 2022
IMDB Rate : 7.6/10
Stars : Sivakarthikeyan, Priyanka Arulmohan, S.J. Suryah
Language : Tamil
Director : Cibi Chakravarthi
කොලේජ් එක. ජීවිතේ නිතරම “රන් හා සමාන මතක සිත්තම්” තියෙන තැන. කොලේජ් කාලෙන් මට මතකෙට එන්නේ, මගෙ යාළුවො, ආදරේ, තව “භූමිව” තමයි. ඒත් ජීවිතේ කිව්වම, මගෙ තාත්තව තමයි මතක් වෙන්නේ. හැම ගැහැණූ ළමයෙක්ම එයාගෙ තාත්තා තමයි එයාගෙ පළවෙනි ආදරේ කියලයි කියන්නේ. පිරිමි ළමයිට පළවෙනි වීරයා විදියට ඉන්නවා. ඒත් මගේ ජීවිතේ මගෙ තාත්තා * එපාම කරපු දුෂ්ඨයෙක් * තමයි.
චක්‍රවර්ති නම් අලුත් අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂණයක් යටතේ දිගැහැරෙන ඩොන් චිත්‍රපටය ඔබ වෙත දැගහැරීමටයි මේ ප්‍රයත්නය. දමිළ සිනමාවේ “නැචුරල් ස්ටාර්” ලෙස නම් පටබැදී එන නළු “සිවකාර්තිකෙයියන්” සමඟින් පිට පිට දෙවන වතාවට සිවා සමග රංඟනයෙන් දායක වන ප්‍රියංකා මෙහිද රංඟනයෙන් දායක වනවා. ඩොක්ටර් චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් පසු තමයි මේ දෙපළ ආයෙම මෙලෙස එකතුවෙලා තියෙන්නේ. ඉතිං ඩොක්ටර් එකටත් වඩා සාර්ථක වුණු චිත්‍රපටයක් තමයි මේ චිත්‍රපටය. IMDb දර්ශකය 7.6ක තරම් ඉහළ අඟයකට කරකවා ඇති මෙය රොම්-කොම් ඝණයට අයත් වනවා.
චක්‍රවර්ති කියන්නේ ජීවිතයේ අරමුණක් නැති කොල්ලෙක්. කුඩා කල සිටම ඔහුට තියෙන ප්‍රශ්ණය මම කවුද වෙන්නේ? ලොකු උනහම මම කවුද වෙන්නේ කියන එක. ඉතිං මොහුට කුඩා කාලෙ ඉදන්ම දකින දකින කෙනා වෙන්න හිතෙනවා. ඒ තරමට අරමුණක් නෑ. තමන් කැමති දෙයක් නිශ්චිත නෑ. ඉතිං උසස් පාසල් කාලයෙත්, කොලේජ් කාලයෙත් මේ ගැනම තමයි නිතර හිතන්නේ. චක්‍රවර්තිගෙ තාත්තා දැඩි කෙනෙක්. ඔහුගෙ උවමනාවට තමයි චක්‍රවර්තී ඉංජිනේරු කොලේජයට ඇතුල් වෙන්නේ. ශිෂ්‍යයෙක්ට කොච්චර හොර තක්කඩි වැඩ කරන්න පුළුවන්ද, ඒ සේරම ගෙදරට අහු නොවෙන්න කරන කෙනෙක් තමයි අපෙ චක්‍රවර්තී. පියාගෙ සිහින සමග සෙල්ලම් කරන තක්කඩියෙක් කිව්වොත් හරි. කෙටියෙන් කියනව නම් චක්‍රවර්ති කියන්නෙත් ඔහුගෙ තාත්තට උවමනා විදියට නැටවෙන කෙනෙක්.
පාසල් කාලයේ ඉදන් දිවෙන සුන්දර ආදර කතාවක් ද ඇතුළත් මේ චිත්‍රපටයේ හාස්‍ය කියන දේ අඩංගු කරලා තියෙනවා හරිම මිම්මට. වෙනදා නොදැකපු ප්‍රියංකාවක් ඔයාලට මෙයින් දැකගන්න පුළුවන්. ඉන්ටෘ කීපයක්ම එකම නළුවට දැකගන්න ලැබෙන්නේ හිත් පිනවෙන විදියට.ආදරය හාස්‍ය මැද්දෙන් දිවෙන කථාව එකපාර ඉමෝෂණල් කරලා ප්‍රේක්ෂකයාව අල්ලගන්න ලස්සන මායාවක් කරලා තියෙන ෆිල්ම් එකක් විදියටත් හඳුන්වන්න පුළුවන් මේ චිත්‍රපටය.
උසස්පෙළ කරනකොට හැමෝම කියනවා, මේ අවු 2ක මහන්සි වෙන්න, කැම්පස් ගියාම උපරිම නිදහසේ ඉන්න පුළුවන් කියලා. ඉතිං ඒ සංකල්පයත් මෙහි විවාදයට අරගෙන පිළිතුරක් ලබා දීලා තියෙනවා. ඇත්තටම කැම්පස් යනකම් විතරද කට්ට???? භූමි කියන්නේ මෙහි ඩොන්ගෙ ප්‍රතිවාදියා. කොලේජ් එකේ විනය භාර ගුරුතුමා. ඕනෙ ඕනෙ විදියට නටන්න දෙන්නෙ නෑ ළමයින්ට. භූමි සහ චක්‍රවර්ති අතරෙ හතුරුකම හිත් ඇදෙන විදියට මෙහි ගොඩ නගලා තියෙනවා. බලන්නකො.
මේ හැමෝම අනිත් අයගෙ ජීවිත තමයි ජීවත් වෙන්නේ, තමන් කවුද කියලා හොයලා හොයාගන්නකම්ම. හොයාගත්තට පස්සේ, එයාගෙ ජීවිතේ එයා ජීවත් වෙනවා. ඒත් ඒ දේ හොයා ගන්න ලැබෙන “එකම එක විනාඩිය” හැමෝගෙම ජීවිත වලට ලැබෙන්නෙ නෑ. ඔය.. අත්පොඩි ගහනවනේ..? ඒ තමයි උඹට ඔය කියන “විනාඩිය” ඉතිං කාලකණ්නි කමින් ගෙවෙන චක්‍රවර්තිව තමන්ගෙ ජීවිතය හම්බවෙන්නෙ නොහිතන විදියකට. ආදරය, හාස්‍ය සහ කඳුළු අතරින් පියනගන මේ චිත්‍රපටයට මායාවක් වැනි ගීත එකතු කර අනිරුද් අපිව වෙනම පාරාදීසයකට රැගෙන යනවා. දැවැන්ත චරිත හතරක් මත දිවෙන ඩොන් බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. හැමෝටම බලපු අනර්ඝ චිත්‍රපටයක් වේවි මෙය. ඒ තරම් හාට් ටචින්. අරමුණක් රහිතව ඇරඹ උතුම් ආදරශයක් සමඟ අවසන් වන ඩොන් චිත්‍රපටය එහෙනම් මෙතැන් සිට නුඹට භාරයි.
ටයිම් ලයින් ගහලා දීලා, උපසිරැසියටත් උදව් කරපු “ලහිරු උඳයංග” අයියවත් මෙහිදී මතක් කරනම ඕනේ. ඔහුටයි මේ ස්තූතිය!
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.8GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.8GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
4.0GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.8GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.8GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
4.0GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.8GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.8GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
4.0GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
ස්තුතියි සබ් එකට…Pirate කියන්නේ සුපිරිම Site එකක් වීඩියෝ එක සබ් එක දෙකම එකට දෙන…නියමයි 🙏🙏🙏
Thank you