Year : 2020
IMDB Rate : 5.7/10
Stars : Finn Cole, Margot Robbie, Travis Fimmel
Language : English
Director : Miles Joris-Peyrafitte
හුදෙක් පුද්ගලයෙකුට වඩා සංකීර්ණ බැරෑරුම් අදහසක් ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන්න Dreamland සිනමාපටය උත්සාහ කරනවා. එය විචක්ෂණ භාවයෙන් සහ තර්කාණුකූලව වෙන්කර හඳුනාගත හැකි ආකාරයේ පැහැදිලි කිරීමක් ගැනයි අද අපි කතා කරන්න යන්නෙ. අපේ සමාජයේ පීඩිතයින්ට සහ වරප්‍රසාද නොලත් අයට එරෙහිව එකමුතුව වැඩ කරන සමාජ ආයතනවල විවාදාත්මක මාතෘකාවයි මේ චිත්‍රපටයෙන් පැහැදිළි කරන්නේ. සිතුවිලි වල අමරණීයභාවය සහ මිනිස් ආත්මයක ජීවත්වීම ඔවුන්ගේ ප්‍රධාන භූමිකාව ගැන මේකෙන් අදහසක් දෙනවා. චිත්‍රපටයේ අඩිතාලම දාල තියෙන්නෙ මිනිස් මනසක පාරභෞතික ලක්ෂණය විශ්වාස කරන තුනී රෙදි කඩක් මත. Dreamland සමඟ සන්සන්දනය නොකරම බැරි චිත්‍රපටයක් ලෙස 1973 දී ටෙරන්ස් මලික් විසින් අධ්‍යක්ෂණය කරපු, Badlands නම් වීර කාව්‍යමය සිනමාපටය ගෙන හැර දැක්විය හැකියි. පලායන්නන් දෙදෙනෙක්, ටෙක්සාස් අධිවේගී මාර්ගය හරහා, ඔවුන් හැමවිටම සිහින මැවූ ජීවිතයක් සොයමින්, මෙක්සිකෝ වෙත පලා යනවා.. ඇමරිකානු සමාජයේ මිනිස්සුන්ට සිදුවෙන නීතිවිරෝධී, අකටයුතුකම් මලික්ගේ චිත්‍රපටයට පැහැදිළිවම සමානකමක් ගෙන එනවා.
Dreamland චිත්‍රපටය අධ්‍යක්ෂනය Miles Joris-Peyrafitte ද, රචනය Nicolaas Zwart විසින්ද සිදු කර තිබෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය තුළ අතිදක්ෂ රංගන ශිල්පීන් කිහිපදෙනෙක් සහ නැගී එන දක්ෂ රංගනශිල්පීන් රැසක්ම දැකගන්න හැකියාව ලැබෙනවා.
පදනම
ඉයුජින් එවාන්ස් ජීවත් වෙන්නෙ ඔහුගේ මව ඔලිවියා එවාන්ස් සහ සුළු පියා ජෝර්ජ් එවාන්ස් සමඟයි. ජෝර්ජ් එවාන්ස්ට දාව ඔහුගේ කුඩා නැගණිය වන ෆෝබි සමඟ ඔහු උණුසුම් හා සුහද සම්බන්ධතාවයක් පවත්වනවා. මෙම ආදරණීය දැරිය බොහෝ විට තම සහෝදරයා වන තරුණ ඉයුජින්ගේ ආවේගය, ඔහුගේ ආශාවන් සහ ඔහුගේ අභිප්රේරණයන් පහසුවෙන් තේරුම් ගන්නවා. පවුල විශාල ණය බරකින් පෙළෙන අතර මුළු නගරයේම රැකියා හිඟයක් පවතිනවා. විනාශකාරී හා මාරාන්තික අපරාධකරුවෙකු ඇල්ලීම වෙනුවෙන් ලබාදෙන ත්‍යාගය මෙයට කදිම අවස්ථාවක් ලෙස ඉයුජින් දකිනවා. පහසුවෙන් මුදල් උපයාගෙන ඔහුගේ පවුල ණය බරින් බේරාගැනීමට මෙය හොඳ අවස්ථාවක්. අපරාධකරු ඇලිසන් වේල්ස් නම් ප්‍රසිද්ධ කාන්තාවක්. කෙනෙකුට ඒක ඉරණම ලෙස හෝ හුදෙක් ඇලිසන් සහ ඉයුජින් හමුවීම අහම්බයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඇයව පොලිස් අධිකාරියට භාර දීමට ඔහුට හැකියාවක් තිබුණෙ නෑ. ඔහු එසේ කරන එක වළක්වන දෙයක් තිබුණා. ආකර්ශනීය සහ තරුණ ඇලිසන්ගේ උනන්දුව විශ්වාස කරන්න ඔහුට අවශ්‍ය වුණා. ඔහුට ඔහුගේ සැකයන් තිබුණත් ඒවා හෙළිදරව් කරන්න ඔහුට අවශ්‍ය වුණේ නෑ. ඔහුට අවශ්‍ය වුණේ ඒ සැකයන් ඔහුගේ පරිකල්පනයේ හුදු රූපයක් කරගන්නයි. මේ අවස්ථාවෙදි තමන්ගෙන අණකට වැඩ කරන්න ඕනි බව ඉයුජින්ට සිතුණා. ත්‍රිමාණ ලෝකයෙන් ඔබ්බට දෑත් දිගු කළ කල අධ්‍යාත්මික ක්ෂේත්‍රයක් පවතින බව තේරුම් ගැනීමට නොහැකිව තරුණ වියේදීම තම පවුල හැර ගිය තම පියා සොයා ගැනීමට කාලය බව ඉයුජින් සිතුවා. ඔහුගේ පියා නොමැතිවීම ඔහුගේ ජීවිත කාලය පුරාම හොල්මන් කරල තිබුණා. නමුත් ඔහුට එය මේ වන තුරුම තම මනසින් ඉවත් කිරීමට නොහැකිව තිබුණා. ඇලිසන්ගේ පැමිණීම දිගු කලක් තිස්සේ ඔහුගේ මනසේ තිබුණු ඒ හැඟීම වෙනස් කරන්නට සමත් වුණා. ඉයුජින් මේ සම්බන්ධ වෙන්නේ බරපතල අපරාධයකට බව ඔහුට කිසිම වෙලාවක තේරුම් ගියේ නෑ. නමුත් ඔහු චිත්තවේගීයව සම්බන්ධ වන තරමට ඇදහිල්ලේ එම පිම්ම පැනීමට ඔහු සූදානම් වුණා. ඔහු නිතරම සිහින මැවූ ලෝකය ඔහු දකිනවා. මේ වන විට එය යථාර්ථයක් සේ දැනුන නමුත් දැන් එය සිදුවිය හැකි ක්ෂේත්‍රයන් තුළ පෙනෙන්නට තිබුණා.
ගුණාංග
පැයයි විනාඩි තිහක නාට්‍යයකට පවා විටින් විට නොසන්සුන් හා අඳුරු බවක් දැනෙන්නේ කොහොමද කියන එක පුදුමයක්. චිත්‍රපටයේ දීර්ඝ බව හොඳින් පෙනුනත් එහි ඇත්තේ සිහින් සිදුවීම් ස්වල්පයක්. මේ සිහින් සිදුවීම් චිත්‍රපටය උච්චතම ස්ථානයට ළඟා වන විටම එහි වේගය බිඳ දමනවා. ඔබේ අවධානය මුදා හරින අනවශ්‍ය චින්තනයක් ඇති නිසා එය නැවත කිසි දිනෙක ග්‍රහණය කර ගැනීමට හැකියාවක් නෑ. සමාජ බැඳීම් වලින් මිනිස් ආත්මය මුදා ගැනීමේ උත්සාහයක් ලෙස, චිත්‍රපටය තදින් බැඳී ඇති ආඛ්‍යානයක් විය හැකි දේ මත රඳවා තබා ගන්නවා. විශේෂ shower scene එකකින් රිද්මය බිඳ දමා ඒ මොහොතේ අවශ්‍ය වන ආවේගය සහ ප්‍රවේගය අඩු කරනවා. පුද්ගලිකව, මම කැමති සෙමෙන් පරිණාමය වී ගලා යන දර්ෂණ වලට. ඒ සියලුම හැඟීම් අවුස්සන්නට හැකි නම් විතරයි. වඩාත්ම වැදගත් වෙන්නේ එහි සාරය නොවෙනස්ව ප්‍රේක්ෂකයාට ලබාදීමයි.
Margot Robbie යලිත් වරක් පෙන්නුම් කරන්නේ ශ්‍රේෂ්ඨ නිළියකට අමතරව, එම දැවැන්ත ව්‍යාපෘතිය පිටුපස සිටින දැවැන්ත තරු බලවේගයද ඇය විය හැකි බවයි. කලාවේ පරිශුද්ධභාවය පවත්වා ගෙන යන අතරම ඇයට එයද ඇදගෙන යාමට හැකියි. ඇය සිනමාව හදාරන සිසුවෙකුට පවසා ඇත්තේ විනෝදාස්වාදය සඳහා පමණක් එය නරඹන ලෙසයි.
Dreamland විශිෂ්ට චිත්‍රපටයක් නොව, මෙය 1930 ගණන් වල සැලසුම් කළ චිත්‍රපටයක්, සහ මෙම චිත්‍රපටයේ ප්‍රේක්ෂ ආකර්ෂණය සහ පසුබිම රසවත් කිරීම සඳහා ජනප්‍රිය නිළි Margot Robbie යොදාගෙන ඇත.
– Charith Pramodya
Racaty Links
Uptobox Links
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
|
උපසිරැසි පරිවර්තනය චරිත් ප්‍රමෝද්‍ය සමඟින් ඉශාන් අරංගල
Thanks jayawewa…..!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!