Tuesday , March 19 2024
DON'T MISS

Fighting with My Family (2019) Sinhala Subtitles | රෙස්ලින් ජීවිතයම කරගත් පවුල [සිංහල උපසිරැසි සමග]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Fighting with My Family (2019) Sinhala Subtitles

Year :  2019

IMDB Rate :  7.4/10

Stars :   Dwayne Johnson, Lena Headey, Vince Vaughn

Language :  English

Director :   Stephen Merchant

ආයුබෝවන් සියලු දෙනාටම….🙏
පයිරේට් වෙබ් අඩවිය වෙනුවෙන් මම කරන පලවෙනි උපසිරසි නිර්මාණය තමයි මේක. අඩු පාඩු එහෙම තිබුනොතින් සමාව ඉල්ලනවා. එහෙනම් වැඩි කතා නැතිව අපි කතාව පැත්තට හැරෙමු.

Fighting with my Family මේ අවුරුද්දෙ පබරවාරි මාසෙ ඉඳන් ලොව පුරා තිරගත වුන මෙම සිත්තම Biographical,Sports,Drama,Comody යන Category වලට අයත් මෙය IMBD දර්ශකයේ 7.4 වැනි ඉහල අගයක් හා කුණු තක්කාලි මීටරේ 92% වැනි ඉහල අගයක් ගත්තු සුපිරි  චිත්‍රපටයක් මේක.ගොඩක් අය ඇබ්බැහි වුන දේවල් අතරින් රෙස්ලින් වලට හොඳ තැනක් හම්බවෙනවා. The Rock, John Cena , Batista, Undertaker , HHH මේ වගේ ගොඩක් සුපිරි තරු අනිවාර්‍යයෙන් හැමොම දන්නවා ඇතිනෙ..ඉතින් මේ චිත්‍රපටයෙන් කියවෙන්නෙ අන්න ඒ වගෙ හැමොගෙම සිත දිනාගත්තු රෙස්ලින් ක්‍රීඩිකාවක් වන Paige ගෙ ජීවිත කතාව පාදක කරගෙන ගොඩ නැගුන කතාවක්.එයා පොඩි කාලෙ ඉඳන් WWE Main Roster ඇවිත් ලෝක ශූරිය වෙනකන් එයා ආපු ගමන් මග මේ චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන්. Paige ගෙ චරිතයට පණ පොවන්නෙ ප්‍රසිද්ධ එංගලන්ත නිලි Florence Pugh. ඒ වගේම Dwayne Johnson(The Rock) ,Jack Lowden, Nick Forst,Lena Headey සහ Vince Vaughn යන රංගන ශිල්පීන්ගෙන් මෙම සිත්තම හැඩගැන්වී තියෙනවා.

මේය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Stephen Merchant, ඒ වගේම මෙහි රංගනයෙන් සහ සම නිශ්පාදක වරයෙක් විදියට සුප්‍රකට නළු Dwayne Johnson ද එකව සිටිනවා. ඇ.ඩො. මි. 11 වියදමින් නිශ්පාදිත මෙහි Box Office ආදායම ඇ.ඩො.මි 38.5 ක්. මේ චිත්‍රපටයෙන් WWE ආයතනයේ අපි නොදකින් පැතිකඩ රාශියක් බලන්න පුළුවන්. හැමොටම ආරාධනා කරනවා චිත්‍රපටය බලන්න කියලා. පහලින් comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. අන්තිමට කියන්න ඕන.. රෙස්ලින් වලට කැමති නම් මේක බලන්නම ඕන Film එකක්. ස්තූතියි.. මට මේ අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් පයිරේට් අඩවියේ කාර්ය මණ්ඩලයට ස්තූතිවන්ත වෙනවා.. හැමොටම සුබ දවසක්….!

සිංහල උපසිරැසි ගැන්වීම හා පරිවර්තනය
චතුර පැතුම් විජේසිංහ විසිනි

(පළමුවන උපසිරැසි ගැන්වීම)

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

Halo [S02 : E07] Sinhala Subtitles | මට තියෙනවා වෙනම මෙහෙයුමක්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : March 24, 2022 (USA) IMDB Rate :  7.2/10 Stars :  Pablo Schreiber, Shabana …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *