Tuesday , June 23 2026
DON'T MISS

Gehraiyaan (2022) Sinhala Subtitles | ආදරේ කියන්නෙ සල්ලිම නෙවෙයිද.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Gehraiyaan (2022) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  6.7/10

Stars :  Deepika Padukone, Siddhant Chaturvedi, Dhairya Karwa

Language :  Hindi

Director :  Shakun BatraDar Gai

මේ චිත්‍ර‍පටියට බොහොමත් ලොකු විචාර අනම් මනම් ලියවිලා තිබ්බා ෆේස්බුක් එකේ පහුගිය දවස පුරාම.. මං කියන්නම්කෝ මට හිතෙන එක.. මේකට කට්ටිය එකඟ නොවෙන්න පුලුවන්.. ඇත්තම කාරණාව කොල්ලෙක් දුප්පත් නම් ඌට සල්ලි තියෙන්නේ සමාන්‍යය විදියට නම් අනිවා පුසල්ලිකාර කොල්ලෙක් ඒකිට ලයින් උන ගමන් කෙල්ල කොල්ලාට බුට තියනවාම තමයි. ඒ දේවල් වලින් ගැලවෙන්න එක එක නිදහසට කතා කියනවා.. මට මේ ජිවිතේ හිස් කමක් දැනුනා.. අනම් මනම් සේරම.. ඇත්තම හිස්කම සල්ලි (ස්පොයිල් වෙන නිසා ඒක පැහැලිදි කරන්න බැහැ) මේ කතාවත් අන්න ඒකම තමයි.. අලිෂා හා කරන් මේ දෙන්නා ලිවින්ටු ගෙදර් විදියට ජිවත්වෙන්නේ.. අලිෂා තමන්ගේම කියලා ඇප් එකක් හදාගෙන ඒක නිකුත් කරන්න හෙන ගේමක් දෙන අතරේ කරනුත් එයාගේම කියලා පොතක් ලියලා ප්‍රින්ට් කරන්න මහන්සිවෙනවා. අලිෂාගේ ඥාති සහෝදරියක් තමයි ටියා කියන්නේ… ඇමරිකාවේ පදිංචි වෙලා ඉන්නේ වගේම සල්ලිබාගේ යහමින් ඇති කෙල්ලෙක්. එයාගේ පෙම්වතා තමයි සෙයින්.. ඔහුත් ලොකු බිස්නස් එකක් කරන සල්ලි තියන පුද්ගලයෙක්.. ටියා කාලේකට පස්සේ ඉන්දියාවට ආව නිසා අලිෂා හා කරන්ට කතා කරනවා ඔවුන්ගේ බිච් හවුස් එකේ නිවාඩුවක් ගත කරන්න යන්න. කොහොම හරි අලිෂාට සෙයින්ව හම්බවෙන්නෙත් මේ ගමන නිසා තමයි. අලිෂා හා සෙයින් ටිකෙන් ටික මිත්‍ර‍ වෙනවා. සෙයින් පවා අලිෂාට පොඩි ලයින් එකක් අල්ලලා බලනවා වැඩේ හරියනවාද කියලා.. සෙයින් කියන්නේ එසේ මෙසේ කෙනෙකුත් නෙමෙයි ලොකු යාත්‍රාවක් කුලියට අරන් ඉන්න ලැන්ඩ් කෘසර් එකකින් එහේ මෙහේ යන නිවාස ව්‍යාපෘතියක් කරන්න ඉන්දියාවට ඇවිත් ඉන්න ව්‍යාපාරයක හිමිකාරිත්වය දරණ සල්ලිකාර කොල්ලෙක්.. අනික සෙයින් අලිෂාගෙන් අහනවා එයාගේ ඇප් එක ඩිවලොප් කරන්න උදව්වකුත් දෙන්නද කියලා.. අලිෂාත් මුලින් අදිමදි කලාට සෙයින්ගෙන් උදව් ගන්නවා. හැබැයි මේ හැමදෙයක්ම වෙන්නේ ටියා හා කරන්ට හොර රහසේ.. වැඩි දවසක් යන්න කලින්ම සෙයින් එක්ක හොටෙල් එකක නිදනකාමරයෙන් තමයි අලිෂාගේ ගමන නිමාවෙන්නේ.. අලිෂාටත් මේ අතර මැද කරන් එක්ක ජිවත් වෙන ජිවිතයට වඩා සෙයින්ගේ සල්ලිකාර ජිවිතේ හිතට අල්ලනවා. ටියා තමන්ගේ ඥාති සහෝදරියක් වෙලාත් මේ ඇය බදින්න ඉන්න පෙම්වතා බව දැන දැනත් ඇය සෙයින් එක්ක තියන සම්බන්ධය වඩාත් වැඩියෙන් කරන් යනවා. සෙයිනුත් ඇයට විවිධාකාර විදියට උදව් කරනවා. ඒ එක්කම දැන් අලිෂාට කරන්ගෙත් පොඩි පොඩි වැරැදි පෙන්න ගන්නවා. කතාවක් තියනවානේ එපා උනොත් දාලා යන්න හයියෙන් හචිමක් ගියාත් ඇති කියලා… ඉතින් මේ අලිෂා හා සෙයින්ගේ අනියම් සම්බන්ධයේ අවසානය ඇත්තටම කොතනකින් ඉවර වේවිද? මට මේ කතාවේ තව එකක් කියන්න හිතුනාත් ස්පොයිල් වේවි කියලා හිතලා කියන්නේ නැහැ. එහෙනම් අරන් බලන්න… ඉතින් කොහොම හරි මේක 14 වැනිදාම දෙන්නම් කියලා හිතුවා. එහෙනම් අද වැලන්ටයින් දවසේ බලන්නකෝ.. ඇත්තම ආදරේ කියන්නේ සල්ලිම නෙමෙයිද කියලා…

Check Also

House of the Dragon [S03 : E01] Sinhala Subtitles | ලුණු සහ මුහුද, ගින්න සහ රුධිරය! [සිංහල උපසිරැසි සමඟ] 18+

Year : June 16, 2024 IMDB Rate :  8.4/10 Stars :  Paddy Considine, Matt Smith, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *