Sunday , April 14 2024
DON'T MISS

Gemini Man (2019) Sinhala Subtitles | ක්ලෝනයකට එරෙහිව [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Gemini Man (2019) Sinhala Subtitles

Year :  2019

IMDB Rate :  5.7/10

Stars :   Will Smith, Mary Elizabeth Winstead, Clive Owen

Language :  English

Director :  Ang Lee

Gemini Man Ang Lee ගේ අධ්‍යක්ෂණයෙන් සහා Will Smith ගේ රංගනයේ නිර්මාණය වුන චිත්‍රපටයක්. Productions Skydance Media
• Jerry Bruckheimer Films
• Fosun Pictures
• Alibaba Pictures
1997 දී තමයි Gemini Man චිත්‍රපටයේ script එක නිර්මාණය කරලා තියෙන්නේ. 1997දී ඉදන් 2017 වෙනකන් වගේ, ගොඩක් දෙනෙක් මේ script එක reject කරලා තියෙනවා. ඒ කියන්නේ Producer’s , directors , heroes හැම කෙනෙක්ම. 2017 දී වගේ තමයි oscar winner Ang Lee මේ script එක භාර අරගෙන තියෙන්නේ….

දැන් මේ චිත්‍රපටය, මේ අවුරුද්දේ 2019/ඔක්තෝබර්/11 වෙනිදා worldwide release වුනා…. biggest opening එකක් ලැබුනා චිත්‍රපටයට…

Gemini Man චිත්‍රපටයේ Frist look එක release වුනාම , ඒ දේ බලපු අය Gemini Man චිත්‍රපටය කෙරෙහි ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටියා… ඒ වගේම ඒ බලාපොරොත්තු Trailer එක release වුනාම තවත් වැඩි වුනා.. ඒ බලාපොරොත්තුව අපතේ ගියේ නැද්ද ඒම නැත්නම් ගියාද

මේ චිත්‍රපටය 1997 දීම නිර්මාණය කරලා නැත්තේ, මේ චිත්‍රපටයේ script එක අවුල් නිසා නෙමෙයි., ඒ දවස් වල මේ වගේ චිත්‍රපටයක් නිර්මාණය කරන තරමට ලොකු ටෙක්නික් එකක් තිබ්බේ නැති නිසා… ඒ විදිහට තමයි එයාලා කියන්නේ…

ඒ දවස්වල ඒ ටෙක්නිකල් සපෝට් නැති වුනාට, අද ඕන තරම් තියෙනවා. ඒ වගේම ටෙක්නිකල් සපෝට් වලින්ම චිත්‍රපටයකට ජයග්‍රහණයක් ලබා දෙන්න පුළුවන් අය තමයි හොලිවුඩ්.. හැබැයි Gemini Man චිත්‍රපටය ඒ තරම් ලොකුවට ටෙක්නිකල් පැත්තෙන් ඉස්සරහට ගිල්ලා නෑ…

ඒ වගේම තමයි ඇක්ෂන් 97 වල නිර්මාණය කරපු script එකක් නිසා කොයිදෝ ඇක්ෂන් සීන් හැම එකක්ම ගොඩක් Old Style එකෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ…

ඒ හැර Stunt පැත්තෙන් බැලුවොත් අවුලක් නැ උපරිම හොදට ඇවිල්ලා තියෙනවා.. පොඩි බයික් රයිඩ් සීන් එකක් තියෙනවා, ඒ සීන් එක උපරිම හොදට නිර්මාණය කරලා තියෙනවා.. Cinematography එකෙන් කිසිම වැරැද්දක් වෙලා නෑ මම බලපු විදිහට… හැබැයි බයික් රයිඩ් සීන් එකේදී අන්තිම හරිය ටිකක් විතර අවුල් ගිල්ලා තියෙනවා. ඒ වුනත් Cinematography එක උපරිම හොදට කරලා තියෙනවා…

චිත්‍රපටයේ Negative එක පැත්තෙන් බැලුවොත් story එක උපරිම Down. දැන් ඔයා හැමදාම ඔයා ඉන්න තැනේ ඉඳන් වෙනත් තැනකට බස් එකේ යනවා. ඔයා හැමදාම ඒ ගමන යන නිසා, ඔයාට දන්නවා මේ බස් එක, මේ වෙලාවට, මේ තැනට යන්න, එයි කියලා. අන්න ඒ වගේ සීන් එකක් තමයි Gemini Man චිත්‍රපටයේ තියෙන්නේ. ටික වෙලාවක් බලන් යනකොට ඔයාටම කියන්න පුළුවන් [දැන් බලපන් මේ වගේ සීන් එකක් මේ විදිහට මේ වෙලාවට එයි] කියලා.. ඒ තරම් දුර්වල Story line එකක්.

Will Smith උපරිම ලොකු උත්සාහයක් අරගෙන එයාගේ දැන් තියෙන ස්වරූපය සහා එයාගේ තරුණ ස්වරූපය පෙන්නුම් කරලා, ඒ චරිත දෙකේ තියෙන ඒ වෙනස පෙන්නුම් කරලා, හොද රංගනයක් පෙන්නුම් කරලා තියෙනවා… හැබැයි ඒයාගේ ඒ රංගනයට හරි යන background එකක් සෙට් වෙලා නෑ.

ඒ කියන්නේ Will Smith ලොකු hard work එකක් කරනවා හැබැයි එයාගේ ඒ hard work එකට ගැලපෙන විදිහට සීන් නිර්මාණය වෙලා නෑ. Will Smith ගේ රංගනය බලනකොට ඔයාටම හිතෙයි, [ඇයි බන් මූ ඔච්චර දඟලන්නේ, ඕක පොඩි වැඩක් නේ] මෙන්න මේ විදිහට හිතෙයි. ඇයි කිව්වොත් script එකේ ලෙවල් එක සීන් එකෙන් උපරිම අඩු වෙනවා , හැබැයි Will Smith ගේ රංගනය high level එකෙන් යනවා…. ඒක ඇවිල්ලා Will Smith ගේ වැරැද්දක් නෙමෙයි. Will Smith ඔහුගේ වයසටත් එහා ගිල්ලා හොද රංගනයක් පෙන්නුම් කරනවා. හැබැයි එයාට ගැලපෙන විදිහට සීන් නිර්මාණය කරලා නෑ…

මේ චිත්‍රපටයේ positive Will Smith මේ චිත්‍රපටයට ලැබුනු ලොකුම අයියක්. ඒ වගේම Will Smith මේ චිත්‍රපටයේ Double Action කරනවා, ඒ දේ උපරිම හොදට කරලා තියෙනවා Will Smith….

ඇක්ෂන් නම් උඩ හරියේ කිව්වා වගේ Old Style එකකින් තමයි යන්නේ, ඒ වුනාට Cinematography Is Best …

Climax එකේදී තිබුන Dialogues delivery ගොඩක් ඩීප් කරලා තියෙනවා.. අපරාදේ ඒක ආරම්භයේ ඉදන්ම කරන්න තිබ්බා. චිත්‍රපටයට ලොකු අර්ථයක් ලැබෙන්න ඇති.

Will Smith නිසා එක පාරක් බලන්න පුළුවන්. කැමති අය බලන්න..

#GMWW
#Marshal

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

Asvins (2023) Sinhala Subtitles | අශ්විනා… රාක්ෂ ලෝකයට යන්න.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 23, 2023 IMDB Rate : 4.8/10 Starring:  Vasanth Ravi,Vimala Raman,Udayaraj Language: Malayalam Director …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *