Tuesday , August 4 2026

Great White (2021) Sinhala Subtitles | මුහුදු මරුවා [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Great White (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  3.9/10

Stars :   Katrina Bowden, Aaron Jakubenko, Te Kohe Tuhaka

Language :  English

Director :  Martin Wilson

මේ මස, ඒ කියන්නෙ 2021 මැයි මාසයේ නිකුත් වීමට නියමිත තවත් නවතම ඕස්ට්‍රේලියානු සිනමා නිර්මාණයක් තමයි Great White. විනාඩි 91 ක ධාවන කාලයකින් යුතු මෙය Horror, Thriller වර්ගයේ චිත්‍රපටයක්. දැනට IMDb අගය 3.9/10 ක් සහ ගූගල් සැරිසරන්නන්ගේ කැමැත්ත 69% ක් ලබාගෙන තියෙනව. අධ්‍යක්ෂනය Martin Wilson ගෙන්. රංගනයෙන් දායක වෙන්නේ Katrina Bowden ( කැස් ), Aaron Jakubenko ( චාලි ), Tim Kano ( ජෝ ), Kimie Tsukakoshi ( මිෂෙල් ) සහ Te Kohe Tuhaka ( බෙනී ).

Great White Shark, White Shark, White Pointer සහ සරලව Great White කියන්නෙ මැකරල් මෝර විශේෂයක්. ලොව ප්‍රධාන මුහුදු සෑම එකකම පාහෙ ජීවත් වෙනවා. වෙරළාශ්‍රිත මුහුදේ ජීවත් වන මොවුන් දිගින් අඩි 20 ක් පමණ දක්වා වර්ධනය වෙනවා. ඉතින් ඒ කිව්වෙ මේ චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ගැන. තම සීප්ලේන් එකෙන්, ධනවත් ජපන් යුවලක් රැගෙන, තම කෝකියාද සමග අපායෙ ගල්පරය හෙවත් “හෙල්ස් රීෆ්” නමැති කුඩා දූපතට කුලී සංචාරයක් යන, තරුණ යුවලක් වන කැස් ෆෙලෝස් සහ චාලි… මහ මුහුදේ සිටින විශාල සුදු මෝරෙකුට, සොරි.. දෙන්නෙකුට මැදිවෙන්නේ කොහොමද? ඔවුන්ගේ ආකර්ශනීය ගුවන් සංචාරය හිටපු ගමන්, තෙරක් නොපෙනෙන මහ මුහුද මැද දිවි පරදුවට තබා කරන බිහිසුණු සටනක් බවට පත්වෙන්නේ කොහොමද? ජපන් යුවලට “අපායේ ගල්පරයටම” යන්න ඕන වෙන්නෙ ඇයි? මේ සියල්ලටම පිළිතුරු, මුල සිට අග දක්වාම ත්‍රාසයෙන්, භීතියෙන්, කුතුහලයෙන් පිරි, එක හුස්මට බැලිය හැකි සලරුවක් වන “ග්‍රේට් වයිට්” බලලම දැන ගමු නේද? මේ චිත්‍රපටයේ අසභ්‍ය දර්ශන හෝ අසභ්‍ය වචන නම් නැති බව විශේෂයෙන්ම සටහන් කරන්න ඕනි.
ජය වේවා!

Check Also

Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles | අවතාර් ආන්ග්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : July 24, 2026 (USA) IMBD: 7.9/10 Starring: Eric Nam,Jessica Matten,Steven Yeun,Dave Bautista Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *