Year : 2020
IMDB Rate : 6.5/10
Stars : Gerard Butler, Morena Baccarin, Roger Dale Floyd
Language : English
Director : Ric Roman Waugh
ඉතින් කොහොමද කස්ටියටම ඔන්න එහෙනම් මම අද අරන් ආවේ අද උදේ නිකුත් කරපු ෆිලුමක් ඉතින් මේක ගැහුවේ මම විතරක් නෙමෙයි චරිත්
අයියත් මට උදව් කරා,ඉතින් ඒත් එක්කම අපි දෙන්නා කතා කරගෙන තමයි මේ ෆිලුම ගැහුවේ ඉතින් තව දෙයක් කියන්න ඕනෙ අපේ මේ මහන්සියට පල්ලෙහායින් කොමෙන්ටුවක්
දාන්න පුළුවන්නම් ඔයාලට මේවගේ අලුත් ෆිලුම් තව තව අරන් එනවා කියලා කියන්න ඕනේ…එහෙනම් අපි කතාව ගැන පොඩ්ඩක් බලමු….
Greenland (2020) කියන්නේ දෙසැම්බර් 18 ඩිජිටල් මාධ්‍යය ඔස්සේ දෙන්න තිබ්බ ෆිලුමක් ඒත් එකපාරටම නොවැම්බර් 11 වෙනිදා මේක දීලා තිබ්බා,මේකේ IMDB අගය නම්
6.5ක් වෙනවා,ඒත් එක්කම මේක ගූගල් එකේ සෙවීමේ ප්‍රතිශතේ 90% වගේම Rotten Tomatoes අගය 100%ක් තියෙනවා ඉතින් මේ කතාව පැයයි විනාඩි 59ක් ම දුවනවා
ඉතින් ආසන්න වශයෙන් ගත්තොත් පැය 2ක්.ඉතින් මට කියන්න පුළුවන් මේක 2020 අවුරුද්දටම ගැළපෙන ෆිලුමක් කියලා මොකද මේ කොරෝනා වසංගතෙ අස්සෙ ලෝක
විනාශ ෆිලුමක් ගේනවයි කියන්නේ එකවගේ දෙයක්.ඉතින් මේකේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ Ric Roman Waugh යන කෙනායි.ඉතින් මම දැන් මේකේ අපේ රංගනයෙන් දායක
වෙන නළු නිළියෝ මතක් කරන්නම් ඒ තමයි….Gerard Butler,Morena Baccarin,Roger Dale Floyd,Scott Glenn වැනි දක්ෂ නළු නිළියොයි රංගනයෙන් දායක වෙන්නේ.
ඉතින් මේක ලෝක විනාශය ගැන ෆිලුමක් නිසා මගහැරගන්න එපා කියනවා.
ඉතින් මම ජෙරාඩ් බට්ලර් කියන්නේ කවුද කියලා මතක නැති අයට එයාගේ ෆිලුම් උදාහරණෙට අරන් මතක් කරලා දෙන්නම්…..
මේ තියෙන්නේ ජෙරාඩ් බට්ලර් රංගනයෙන් දායක වුනු චිත්‍රපට කීපයක්…..
1.Angel Has Fallen
2.Olympus Has Fallen
3.Hunter Killer
4.Gods of Egypt
5.Geostorm
6.Den of Thieves
7.The Vanishing
8.How To Train Your Dragon (ස්ටොයික්ගේ ශබ්ද නිරූපණයට)
9.How To Train Your Dragon 2 (ස්ටොයික්ගේ ශබ්ද නිරූපණයට)
10.300
ඉතින් මං හිතනවා ඉහත සඳහන් කරපු ෆිල්ම් ගොඩක් අය බලලා තියෙන ඒවා කියලා,ඉතින් ඒ ෆිලුම් බලපු අය දන්නවා ඇති මේ නළුවා කොච්චර නම්
දක්ෂ කෙනෙක්ද කියලා,ඉතින් මෙයාගේ ෆිල්ම් එකක් මගහැරගන්නවා කියන්නේ ලොකු පාඩුවක් කියලා තමයි මම නම් කියන්නේ.
ඉතින් අපි දැන් එහෙනම් මේ කතාව ගැන පොඩි විචාරයක් කරමු……
ජෝන් ගැරිටි කියන්නේ මේකේ ප්‍රධාන චරිතයයි ඉතින් මෙයාට පුංචි පවුලක් ඉන්නවා ඒවගේම මෙයාගේ වයිෆුයි මෙයයි එච්චර ළඟ ආශ්‍රෙක නැහැ,ඉතින් මෙයාලා දෙන්නගේ
ළමයා තමයි නේතන් කියන්නේ එයා දියවැඩියාව යන නිදන්ගත රෝගෙකින් පෙලෙන කෙනෙක්,ඉතින් මේ තුන්දෙනා එක්ක මේ කතාවේ යන්නේ ලෝක විනාශ කරන්න එන
වල්ගාතරුවක් ගැන ඉතින් මේ වල්ගාතරුවට කියන්නේ ක්ලාර්ක් කියලා ඉතින් ගොඩක් රජයෙනුයි දෙපාර්තමේන්තුවලිනුයි කියනවා මේ වල්ගාතරුව ගැන බයවෙන්න දෙයක්
නැහැ මේක පෘථිවියට ආසන්නයෙන් යන්නේ ඉතින් මේක පෘථිවියේ වදින්නේවත් මුකුත් නැහැ කියලා,ඒ විශ්වාසෙන් ඉතින් මිනිස්සුත් ඉන්නවා දවසක් එකපාරටම කියනවා
මේ වල්ගාතරුවේ කැබැල්ලක් බර්මියුඩා ත්‍රිකෝණෙ තියෙන හරියට වැටෙනවා කියලා ඉතින් එහෙම වැටුනට කිසිම හානියක් වෙන්නේ නැහැ කියලත් සැරින් සැරේ කියනවා
ඉතින් එකපාරටම මේක වැටෙන වෙලාව ලොකු ඝට්ටනයක් දෙනවා සැතපුම් 1500කටත් එහා ඉන්න අයට,ඒත් එක්ක මේක වැටෙන දවසේ බර්මියුඩාවලට නැතුව ෆ්ලොරිඩා ප්‍රාන්තෙටයි
වැටෙන්නේ එතනදි ගොඩක් මිනිස්සු ජීවිතක්ෂෙට පත්වෙනවා,හැම නගරයක්ම,ගෙයක්ම සියල්ලම විනාශ වෙනවා,ඉතින් එච්චර දරුණු දෙයක් මේ වල්ගාතරුවේ කැබැල්ලකින්
කරානම් ලොකු කැබැල්ලක් වැටුනොත් එහෙම මොනවා වෙයිද? දැන් ඉතින් දවසක් ජෝනුයි නේතනුයි බඩු ගන්න සාප්පුවට ගිය වෙලේ එයාලට ජනාධිපති එ ඇලර්ට් එකක් එනවා
ඒකේ කියන්නේ මේ ජෝන්ගේ පවුලේ අයව රක්ෂාස්ථානයකට යන්න තේරිලා තියෙනවා කියලා,ඉතින් ඒක ගොඩක් පෝසත් මිනිස්සුන්ට තමයි ඒ අවස්ථාව දීලා තියෙන්නේ
ඒක ආපු ගමන්ම ලොකු ලොකු සිද්ධි ටිකක් වෙනවා ඊටපස්සේ මෙයාලත් එක්ක හිටපු යාලුවෝ මෙයාලට වෛර කරන්න ගන්නවා මොකද එයාලාට එන්නේ නැතුව මේ පණිවිඩය
මෙයාට විතරක් ආපු නිසා ඉතින් මේගොල්ලෝ කොහොමහරි යනවා ගුවන් බලකා තොටුපලට මේ ඇලර්ට් එක නිසා එතනදි මෙයාලට ලොකු අකරතැබ්බෙක්ට මූණ දෙන්න වෙලා
එතනින් කොහෙවත් යන්න හම්බෙන්නේ නැහැ,ඉතින් පස්සේ මෙයාලට ගොඩක් අභියෝග වලට මූණ දෙන්න සිද්ධවෙනවා,ඒත් එක්ක මරණ විශාල සංඛ්‍යාවක් සිද්ධවෙනවා.
ඒත් ඒක වල්ගාතරුවේ ලොකු කැබැල්ලකුත් කඩන් වැටෙනවා,ඉතින් මම මෙතනින් මේක ගැන කියන එක නතර කරනවා…..එහෙනම් ඉතිරි ටික ඔයාලට භාරයි,මම නම් කියන්නේ මේ
වගේ ෆිලුමක් මගහැරගන්නේ නැතුව බලන්න කියලා…ඉතින් ඒත් එක්කම මගේ කතාව ඉවර කරනවා!!! එහෙනම් සුබ දවසක්!!!
තව දෙයක් තියෙනවා ඔයාලා අතුරුගිරි පැත්තේ එහෙම එනවා නම් ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්න කියලත් ආරාධනා කරනවා,බොහෝම ස්තූති!
අපේ ලිපිනය නො.118 කඩුවෙල පාර අතුරුගිරිය,මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් – ishanzsuper20……එහෙනම් ඒත් එක්ක අපි තව සබ් එකකින් හම්බෙමු….
ජය වේවා!!!!
480p Links
720p Links
1080p Links
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
|
උපසිරැසි පරිවර්තනය චරිත් ප්‍රමෝද්‍ය සමඟින් ඉශාන් අරංගල
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
thanks bro
Wow💚❤️
Thanks you !!!,
බොහොම ස්තුතියි සබ් එකට බන්…
සබ් එක විතරක් ඩවුන්ලෝඩ් කකරන්නේ කොහොමද
film sub karana vidiya kiyadenna puluwanda
පුලුවන් [email protected] එකට මේල් එකක් දන්න බ්‍රෝ..
නියමයි සුපිරි film එකක් එනකන් මග බලාගෙන හිටියේ thank you පයිරෙට් ආදරෙයි 😍❤️❤️💞🙏💕☺️
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request :
Babyteeth (2019)
His House (2020)
Holidate (2020)
Jungleland (2019)
Kajillionaire (2020)
(PSArips)
Thanks jayawewa…….!
Mega එකෙන් ෆිල්ම් download කරන්නෙ කොහොමද phone එකෙන් download කරන්න බැරිද