Tuesday , June 23 2026
DON'T MISS

Holidate (2020) Sinhala Subtitles | හිතුවක්කාර ආදරේ [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Holidate (2020) Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  6.1/10

Stars :   Emma Roberts, Luke Bracey, Kristin Chenoweth

Language :  English

Director :  John Whitesell

මුලින්ම හැමෝටම සුභ නත්තලක් කියල ප්‍රාර්ථනා කරනවා.. ඉතින් නත්තල වෙනුවෙන් සයිට් එකෙන් නත්තල් දවස පුරාවටම ඔයාලට දෙන්න ගොඩක් ෆිල්ම් ලෑස්ති කරල තියෙන්නෙ.. ඉතින් මම ඒ වෙනුවෙන් අරන් ආවෙ හොඳට හිනාවෙලා බලන්න පුලුවන් ලස්සන ආදර කතාවක්.. ෆිල්ම් එකේ ප්‍රධාන චරිත වෙන ජැක්සන් සහ ස්ලෝන් කියන්නෙ තනිකඩයො දෙන්නෙක්.. මෙයාලට විශේෂ නිවාඩු දින වල පවා ඉන්න වෙන්නෙ තනිකඩයො විදියට.. ඉතින් මේක නිසා මේ දෙන්නම ගොඩක් කණස්සල්ලෙන් ඉන්න වෙලාවක අහම්බෙන් මේ දෙන්න එකට හම්බෙනවා. ඊටපස්සෙ මෙයාල කතා වෙනවා Holidate එකක් කරන්න ඒ කියන්නෙ නිවාඩු දවස් වලට විතරක් මේ දෙන්නා කපල් එකක් විදියට පවුලෙ අයත් එක්ක එකතු ව්ලා සතුටු වෙන්න.. ඉතින් මේ අතරෙ මෙයාල අතර හොඳ හොඳ දේවල් ගොඩක් සිද්ද වෙනවා.. අන්තිමේට ජැක්සන්ටයි ස්ලෝන්ටයි මොකද වෙන්නෙ කියල දැනගන්න නම්, ෆිල්ම් එක බලන්නම වෙනවා.. ඒ වගේම ෆිල්ම් එකේ ප්‍රධාන චරිත 2ට රඟපාන්නෙ සුපිරි නළු Luke Bracey සහ නිළි Emma Roberts. මේ ෆිල්ම් එක IMDB දර්ශකයේ 6.1ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා.. ෆිල්ම් එක අයිති වෙන්නෙ Comedy, Romance ඝණයට.. ඉතින් මේ අවුරුද්දෙ රිලීස් වුණ හොඳම ආදර කතා වලින් එකක් තමයි මේක.. ඉතින් මග හැරගන්න එපා ලස්සන හිතුවක්කාර ආදර කතාවක්, ඔයාලගෙ අදහස් පහළින් ලියන්න.. එහෙනම් තවත් ෆිල්ම් එකකින් ඉක්මණින්ම හමුවෙමු ජයවේවා!!

Check Also

Marsupilami (2026) Sinhala Subtitles | දඟර වලිග ලපවානර විස්කම් පෙන්නනවා.. [සිංහල උපසිරැසි සමඟ]

Year : February 4, 2026 (France) IMBD: 6.3/10 Starring: Philippe Lacheau,Élodie Fontan Director : Philippe Lacheau …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *