Tuesday , April 16 2024
DON'T MISS

How to create sinhala subtitles

හරි මම ඉස්සරලම කියල දෙන්නම් කම්පියුටර් එකෙන් කොහොමද සිංහල උපසිරැසියක් හදන්නෙ කියල.. 

උපසිරැසියක් හදනකොට මුලින්ම ඒ ෆිල්ම් එකට අදාළ ඉංග්‍රීසි උපසිරැසියක් ගන්න ඕනි.  ඉංග්‍රීසි උපසිරැසි ගන්න හොඳම සයිට් දෙකක් තමයි මේ..  Subscene.com   | Yifisubtitles.com මේ සයිට් දෙකෙන් ඕනිම එකකට ගිහින් ඕනි ෆිල්ම් එක සර්ච් කරලා සබ් එකක් බාගන්න පුලුවන්..  (ඉංග්‍රීසි සබ් එක ගන්නකොට මට මැසේජ් එකක් දාන්න මම හරියටම ගැලපෙන එකක් අරන් එවන්නම්)

දැන් ඔයාට නියමෙටම ඉංග්‍රීසි පුලුවන්නම් ඉතින් ගින්නක් නැතිව සබ් එක සිංහලට ගහන්න පුලුවන්නෙ.. ඒත් ඉංග්‍රීසි ටිකක් අවුල් වගේනම් මේකයි කරන්නෙ.. Google Translate මෙතනින් ගිහින් අර ඉංග්‍රීසි සබ් එකේ තියෙන ලයින් එක මේකට දාලා ට්‍රාන්ස්ලේට් කරලා ගන්නවා.. හරි මම ඒක කරන් හැටිත් යටින් කියල දෙන්නම්..

කම්පියුටරෙන් සබ් හදන අය මුලින්ම මෙන්න මේ සොෆ්ට්වෙයා එක ගන්න මෙතනින් Download (6MB)  දැන් මේක ඕපන් කරගන්න. ඊටපස්සෙ අපි ගත්ත ඉංග්‍රීසි සබ් එක මේකෙන් ඕපන් කරගන්න ඕනි. මේ වගේ File > open  ගිහින් ඔයා ගත්ත ඉංග්‍රීසි සබ් එක select කරන්න.. ඊටපස්සෙ මේ වගේ සබ් එක ඕපන් වෙයි.

හරි දැන් ඕකෙ මම 1 කියල ලකුණු කරල තියෙන්නෙ සබ්ටයිටල් එකේ තියෙන ලයින් ඔයාට ඒ ලයින් එකින් එක ක්ලික් කරලා අංක 2 ලකුණු කරලා තියෙන box එකෙන් ඒක සිංහලට හරවන්න පුලුවන්..

ඔයාට ඉංග්‍රීසි හොඳටම බැරිනම් ඔය ඉංග්‍රීසි වචන ටික ගූගල් ට්‍රාන්ස්ලේට් එකේ ගහලා ට්‍රාන්ස්ලේට් කරල ගන්න පුලුවන්.. Google Translate ඒත් මෙහෙම ට්‍රාන්ස්ලේට් කරනකොට මේක හරියටම කතා කරන භාෂාවෙන් හරියටම ගැලපිල එන්නෙ නෑ.. ඒ නිසා ඔයාට ඔයා සබ් එක හදන ෆිල්ම් එකත් ඉංග්‍රීසි උපසිරැසිය ඇඩ් කරල බලන ගමන් සබ් එක ට්‍රාන්ස්ලේට් කරනවනම් පට්ටම ලේසියි..  ඊටපස්සෙ සබ් එක හදලා ඉවර වෙලා උඩ තියෙන පින්තූරෙ තියෙන සොෆ්ට්වෙයා එකේ File > Save as ගිහින් සේව් කරගන්න.. හරි ඊටපස්සෙ වැඩේ ඉවරයි. 😊

මෙතැන් සිට අවශ්‍ය අයට පමණී.

දැන් මේක එකින් එක ගූගල් ට්‍රාන්ස්ලේට් එකේ ගහන එක කරදරයක්නෙ මුලු සබ් එකම එක පාර සිංහලට ට්‍රාන්ස්ලේට් කරගත්තනම් වැඩේ ලේසියි.. ඒක කරන්නෙ මෙහෙමයි ඉස්සරලම ඔයා ගත්ත ඉංග්‍රීසි සබ් එක නෝට් පෑඩ් එකේ ඕපන් කරගෙන ඒකෙ සම්පූර්ණ කොපියක් අරගෙන new text file එකක් අරගෙන අර කලින් කොපි කරගත්ත ටික ඒකට පේස්ට් කරලා txt file එක සේව් කරගන්න…

ඊටපස්සෙ මේ සේව් කරගත්ත txt file එක මෙතනට අප්ලෝඩ් කරලා අර මුලු ෆයිල් එකම සිංහලට හරවගන්න පුලුවන්..  මෙන්න ලින්ක් එක Click Here පහත පොටෝ වල තියෙන්නෙ ඒ txt ෆයිල් එක අප්ලෝඩ් කරලා සිංහලට හරවගන්න හැටි. පොටෝ එකේ මම කරල තියෙන විදිහටම ඔයාලත් කරන්න..

ඔය විදිහට ට්‍රාන්ස්ලේට් කරගත්තම අර ඉංග්‍රීසි ෆයිල් එක සිංහලට හැරිල මෙහෙම පෙන්නයි

ඊටපස්සෙ මේ ට්‍රාන්ස්ලේට් වෙලා ආපු සේරම ටික select කරලා අරගෙන new txt එකකට දාලා save කරන්න.. මතක් කරලා එතනදී save as type කියන එකට යටින් තියන Encoding කියන එකට UTF 8 යන්න දෙන්න…ෆිල්ම් එකේ සඳහන් නමම දීලා save as කරගන්න…

මේ වැඩේ කරගන්න තේරෙන්නෙ නැත්නම් මට ගෲප් එකෙන් මැසේජ් එකක් දාන්න මම text file එක සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා එවන්නම්. ඉංග්‍රීසි සබ් එක හොයාගන්න බැරිනම් ඒත් මට කියන්න 

මේ සම්බන්දව මොනාම හරි ප්‍රශ්නයක් තියෙනවනම් අපි ගෲප් එකේ කතා කරමු.

 

දැන් බලමු පෝන් එකෙන් උපසිරැසියක් හදාගන්නෙ කොහොමද කියලා

ඉස්සරලම මේ ඇප් දෙකෙන් කැමති එකක් ඉන්ස්ටෝල් කරගන්න

 

ඊටපස්සෙ ඔයා ඩවුලෝඩ් කරගත්ත ඉංග්‍රීසි සබ් එක මේ ඇප් එකකින් ඕපන් කරගන්න. එතකොට මේ වගේ එයි.

දැන් ඕකෙ තියෙන ඉංග්‍රීසි ලයින් සිංහලට හරවන්න තියෙන්නෙ. ඉංග්‍රීසි වැඩිය බැරිනම් මෙතනින් Google Translate  පාවිච්චි කරන්න පුලුවන්.

 

ඉංග්‍රීසි සබ් එක හොයාගන්න බැරිනම් ගෲප් එකෙන් ඉල්ලන්න සෙනිකව එවන්නම්. 

සබ් හදනකොට පුලුවන් තරම් ෆිල්ම් එක බලන ගමන් සබ් එක හදන්න ට්‍රයි කරන්න.

ගූගල් ට්‍රාන්ස්ලේට් එකෙන් එන එකම ගහන්න එපා ඒක හරියට ගැලපෙන විදිහට වෙනස් කරල ගන්න ඕනි. ඔයාට නොතේරෙන වචන විතරක් හොයාගන්න ගූගල් ට්‍රාන්ස්ලේට් යූස් කරන්න.