Year : 2010
IMDB Rate : 8.8/10
Stars : Leonardo DiCaprio, Joseph Gordon-Levitt, Ellen Page
Language : English
Director : Christopher Nolan
(පොඩ්ඩක් වෙලාව අරන් කියවන්න ෆිල්ම් එක ගැන ලොකු අවබෝධයක් ගන්න පුලුවන් 💪)
මේක නම් ටිකක් නෙමේ හොඳටම සංකීර්ණ තේමාවක් මත පදනම් වෙච්ච මේ චිත්‍රපටය බොහොම අවධානයෙන් බැලිය යුතු එකක්. මිනිසෙකුගේ මනස තුලට සිහින හරහා ඇතුලු වී ඒ මඟින් ඔවුන්ගේ රහස් දැන ගැනීම වැනි මූලික සංකල්පය තේරුම් ගන්න ලේසි වුනත් සිහිනයක් තුල තවත් සිහිනයක් තුලට පිවිසීම එහි කාල වෙනස වගේ දේවල් එක්ක විටෙක චිත්‍රපටය පැටලිලි සහිත වෙනවා.මේකෙ අධ්‍යක්ෂ වෙන්නෙ Christopher Nolan ඒ නම කිව්ව ගමන් මතක් වෙන්නෙ Interstellar,The Dark Night
කොච්චර සාර්ථක අධ්‍යක්ෂ කෙනෙක්ද කියනව නම් මෙයාගෙ ෆිල්ම් 10න් 8ක්ම IMDb Top 250ට දාගන්න පුලුවන් වෙලා තියෙනවා,
මේ කතාවෙ කියවෙන්නෙ Lucid Dreaming ගැන මනෝවිද්‍යාත්මකව ඔප්පු කරලා තියෙන දෙයක් මේක ඒ වගේම මේ lucid dreaming ගැන පොඩ්ඩක් දැනගමු
Lucid Dreaming
******************
හීන කියන මාතෘකාවෙ තියෙන වැදගත්ම දෙයක් තමයි මේ ලුසිඩ් ඩ්‍රීම්ස් කියන්නෙ. Lucid dreams ඉතාම තාත්විකයි. කොච්චර තාත්විකද කියනව නම් ඔයාට හිතාගන්න බෑ ඔයා මේ ඉන්නෙ හීනෙකද හැබෑ ලෝකෙද කියලා. ඒක තහවුරු කරගන්න පුංචි වැඩ ටිකක් කරන්න පුළුවන්. එකක් තමයි තමන් මේ ඉන්න තැනට ආවෙ කොහොමද කියල හිතන එක. හිතන්නකො ඔයා රේල් පාරක් උඩ හිටගෙන ඉන්නවා. ඔයාට තියෙන්නෙ ඔයා මෙතනට ආවෙ කොහොමද කියලා ආපස්සට හිතන්නයි. ඔයා හීනෙක නම් ඉන්නෙ, ඔයාට මේ ප්‍රශ්නෙට උත්තරයක් නෑ. එතකොට ඔයාට තේරුම්ගන්න පුළුවන් ඔයා මේ ඉන්නෙ හීනයක් ඇතුලෙ කියලා. තව ක්‍රමයක් තමයි අත්ල දෙස බලන එක. ඔයා හීනයක් ඇතුලෙ ඉන්නව නම් ඔයාට අතේ රේඛා වගේ දේවල් පැහැදිලිව පේන්නෙ නෑ. Details ගොඩක් අඩුවෙන් පේන්නෙ. සමහරවිට ඇඟිලි ඇද වෙලා පෙනෙයි. එතකොට ඔයාට තේරුම්ගන්න පුළුවන් ඔයා මේ ඉන්නෙ හීනෙක කියලා.
ඒත් ඉතින් හීනෙදි ඔහොම අපිට ඕන ඕන දේවල් කරන්න බෑනෙ. අන්න ඒකයි lucid dreams වල විශේෂත්වය. මේකෙදි අපිට කැමති ඕන දෙයක් කරන්න පුළුවන්. පියාඹන්න ආස නම් ඒකට කිසිම බාධාවක් නෑ. මොකද මේ හීන ලෝකෙ පරිසරය තනිකරම තියෙන්නෙ ඔයාගෙ පාලනය යටතේ. කැමති දෙයක් ගොඩනගන්න, කැමති දෙයක් කරන්න කිසිම බාධාවක් නෑ.
හැබැයි ඉතින් lucid dreamer කෙනෙක් වෙන්න නම් ලේසි නෑ. ඒකට තරමක පුහුණුවක් අවශ්‍යයි. අපි නිදාගෙන අවදි වෙද්දිම අපිට අපි දැකපු හීන වලින් 50%ක් විතර අමතකයි. ඇහැරිලා පළවෙනි විනාඩි 15 වගේ ඇතුලත හීනෙන් 90%ක් 95%ක්ම අමතක වෙනවා. ඉතින් අපි කරන්න ඕනෙ අවදිවුන ගමන්ම ඉක්මණට දැකපු හීනය පොතක ලියන එක. මේ පොතට Dream Journal කියලයි කියන්නෙ. මේක ඇඳ ලඟින්ම තියාගන්න. හැමදාම නින්දට කලින් පොත අරන් කලින් දවසෙ දැකපු හීනය හොඳට කියවන්න. ඊට පස්සෙ ඒ හීනයටම ආපහු ඇතුළුවෙන්න උත්සහ කරන්න. කාලයක් පුහුණු වුණාම ඔයාට පුළුවන් ඔයාගෙ හීන වල පාලනය ඔයාගෙම අතට ගන්න. හීන ලෝකෙදි කාලය ගතවෙන වේගය වෙනස් නිසා විනාඩි 5ක 10ක හීනයක් ඇතුලෙ ඔයාට පැය ගානක් වුණත් ගතකරන්නත් පුළුවන්.
හැබැයි මේ lucid dreaming සහ හීනයක් තුල හීනයක් කියන සංකල්පය යටතේ හැදුන අති විශිෂ්ට චිත්‍රපටයක් තමා Inception කියන්නෙ ප්‍රධාන නළුවා ලියනාඩෝ ඩිකැප්‍රියෝ. එහෙම කිව්වම දන්න අය දන්නවා මේක කොච්චර සුපිරි චිත්‍රපටයක් වෙන්න පුළුවන්ද කියන එක…
(සමහර කරුනු උපුටාගැනීම් වේ)
Google Drive
මෙම උපසිරැසි BR පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Thank You brother