Monday , June 22 2026
DON'T MISS

Lamb (2021) Sinhala Subtitles | අභිරහස් බැටළු පැටවා [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Lamb (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  6.5/10

Stars :  Noomi Rapace, Hilmir Snær Guðnason, Björn Hlynur Haraldsson

Language :  Icelandic

Director :  Valdimar Jóhannsson

අපේ කණ්ඩායම නිතරම උත්සාහ කරන්නෙ අන්තර්ජාතික සිනමා ලෝකය පුරාම ඔයාලව එක්ක යන්න. ඒ අනුව අපි ඔයාලට ගෙනාවා පසුගිය 2021 සැප්තැම්බර් 24 දින අයිස්ලන්තයේදී තිරගත කිරීම ආරම්භ කල තවත් අපූර්වතම අයිස්ලන්ත සිනමා නිර්මාණයක්. ඒ තමයි Lamb. ‘බැටළු පැටියා’ කියන තේරුම. මේකෙ අයිස්ලන්ත නම Dýrið. ඒ කියන්නෙ “සතා” කියන තේරුම. භාෂාවත් අයිස්ලන්ත. මිනිත්තු 106 ක් පුරාවට දිග හැරෙන Drama, Mystery, Horror වර්ගයේ ෆිල්ම් එකක්. මුලින්ම තිරගත කිරීමක් කරල තියෙන්නෙ 2021 ජුලි 13 දින, ප්‍රංශයේ පැවති 2021 Cannes Film Festival සම්මාන උළෙලදි. හොලිවුඩ්හී පැවැත්වෙන 94th Academy Awards සම්මාන උළෙලේ Best International Feature Film අංශය සඳහා අයිස්ලන්තය වෙනුවෙන් තෝරාගෙන ඇත්තේද මේ චිත්‍රපටයයි. 2021 ඔක්තෝබර් 8 දින ඇමරිකාවේ සහ කැනඩාවේ ප්‍රදර්ශනය ඇරැඹි Lamb, සිනමා ශාලා 583 ක තිරගත කරමින් පළමු සති අන්තයේම හත් වෙනි තැනට පත්වෙමින්, ඇ.ඩො.මිලියන 1 ක බොක්ස් ඔෆීස් ආදායමක් වාර්තා කරගෙන ඇත්තේ, එදා මෙදා තුර අයිස්ලන්ත සිනමා පටයක් ඇමරිකාව තුලදී පළමු සති අන්තය තුල උපයාගත් ඉහළම ආදායම ලෙසට වාර්තා පොත් අතරට එක්වෙමින්. උපයාගත් සමස්ත බොක්ස් ඔෆීස් අදායම ඇ.ඩො.මි. 2.7 ක් ලෙසයි වාර්තා වෙන්නෙ. මෙහි ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ දක්ෂ, ජනප්‍රිය ස්වීඩන් රංගන ශීල්පිනියක් වන Noomi Rapace. ඇයව ඔයාලට මතක ඇති The Girl with the Dragon Tattoo [2009], Close [2019] සහ The Trip / I onde dager [2021] යන නිර්මාණ වලින් මතක හිටින රංගනයන් ඉදිරිපත් කලා. ඇය මෙහි මරියාගෙ චරිතයට පණපොවන අතර අනෙක් චරිත වලට Hilmir Snær Guðnason (ඉන්ග්වාර්) සහ Björn Hlynur Haraldsson (පීතූර්) යන ශීල්පින් එකතු වෙනවා. නූමි කුඩා කාලයේ අයිස්ලන්තයේ ජීවත්වී ඇති අතර ඇය අයිස්ලන්ත භාෂාව කතා කරන ප්‍රථම චිත්‍රපටය හැටියටයි සඳහන් වෙන්නෙ.

හරි කතාව දෙසට හැරෙමු. මරියා සහ ඉන්ග්වාර් කියන්නෙ අයිස්ලන්තයේ පිටිසර කඳුකර ප්‍රදේශයක ගොවිපළක් පවත්වාගෙන යන අඹුසැමි යුවළක්. මෙයාලට ළමයි නෑ. එක පාරක් බබෙක් ලැබෙන්න ඉඳලත්, මළ දරුවෙක් තමයි ලැබිල තියෙන්නෙ. මෙයාලගෙ ඉන්නවා බැටළු රැළක්. එක පාරක් මේ රැළේ බැටළු පැටියෙක් උපත ලබනවා. හිතාගන්නවත් බැරි විදිහේ අසාමාන්‍ය බැටළු පැටියෙක්. ඉතින් මේ දෙමාල්ලො දෙන්නා, මේ පැටියව එයාළගෙ ගෙදරට ගෙනත් එයාලගෙ ළමයෙක් වගේ හදාගන්නවා. එයාට දාන්නෙත් එයාලගෙ මැරුණු දරුවට දාපු “ආදා” කියන නම. එයාල ඒකෙන් ගොඩක් සතුටු වෙනවා. එයාල හිතන්නෙ ආදා, එයාලගෙ ජීවිතේට ලැබුනු තෑග්ගක් කියල. ඒත් ඒක එහෙමම වෙයිද? ඒ වගේම මේ චිත්‍රපටයෙන් අම්මල දෙන්නෙකුගෙ අනුවේදනීය මව් සෙනෙහසක් ඔයාලගෙ හදවත මොහොතකට හෝ සසල කරාවි. ඉතින් මේ ලස්සන නිර්මාණය බලන්න කියලා ආරාධනය කරනවා. තප්පර 50 ක විතර පොඩි සෙක්ස් කෑල්ලක් තියෙනවා. අපරාදෙ. නැත්නම් ළමයින්ටත් බලන්න තිබුනා.

Check Also

The Butcher’s Blade (2026) Sinhala Subtitles | සටන.. [සිංහල උපසිරැසි සමඟ]

Year : April 24, 2026 (USA) IMBD: 5.9/10 Starring: Chun Yu Shan Shan,Fufu Yuan,Fengchao Liu Director …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *