Year : 2004 – 2010
IMDB Rate : 8.3/10
Stars : Jorge Garcia, Josh Holloway, Yunjin Kim
Language : English
Creators : J.J. Abrams, Jeffrey Lieber, Damon Lindelof
ABC නාලිකාවෙ විකාශය වු විශිෂ්ට ගනයේ නිර්මාණයකුයි මෙ ඔබ හට දිග හැරෙන්න යන්නෙ. 2004 අවුරුද්දෙ පටන් මෙ වන විට මෙය කතාමාලා 6 සමන්විත වන අතර මෙම පළමු කතාමාලව තුල කොටස් 24 වැනි විශාල ගනනක් තියනවා. මෙය IMDb දර්ශකයේ පවා 8.3ක් වැනි ඉතාම ඉහළ අගයක පවතිනවා. මෙහි වර්ගිකරනය කියනවා
නම් එය ත්‍රසජනක, හාස්‍ය, ආදරය, නට්‍යම, විද්‍යාත්මක ලෙස වර්ග කල නොහැක මන්ද ඒ සියලුම කරුණු මෙහි හොදින් ඔප්නන්වා තිබෙනවා. මෙය උපසිරස ගැන්විමෙදි දැඩි දුෂ්කරතා වලට මුහුණ දිමට සිදුවුයේ විවිධාකාර පුද්ගලයන් සිටින නිසා ඔවුන්ගෙ විවිධාකාරයේ භෂා හැසිරවිමයි. කෙසෙ හො සියළු අභියොග ජය ගනිමින් මෙතැන්පටන් ඔබ හට මෙය සිංහල උපසිරස සමඟම නැරඹිය හැක.
මෙ සිද්ධිය සිදුවන්නෙ මෙසෙය, දකුණු ශාන්තිකර මුහුදු තලයෙදි 2004 සැප්තැම්බර් 22 වන දින, ගුවන් ගතවු 815-මඟි ගුවන් යානය සංනිවෙදන දොෂක් නිසා, එනම් ගුවන් යානය හා මුලස්ථානය අතර සියලු සංනිවෙදන සම්බන්දතා නැතිවි යාමක් සිදු වේ. ඉන් පසු මෙම ගුව්න් යානයට ලැබෙන සංඥා සොයාගත නොහැකිව පැය හයකට අධික කාලයක් පුරා උඩු ගුවනෙ සැරිසරනවා. මෙ අතර එකවරම ඔවුන් වායු හිඩැසකට ඇදවැටෙනවා. මෙය සාමාන්‍ය හිඩසක් නොවු බැවින් ගුවන් යානයේ පාලනය සම්පුර්නයෙන්ම නියමුවාගෙන් තොරවෙනවා, අවසාන ප්‍රතිඵලය ලෙස කොහෙද කියා වත්
සොයගත නොහැකි උෂ්ණකලාපිය දුපතකට මොවුන්ගේ යානය කඩාගෙන වැටෙනවා.
මෙම කඩාවැටිමත් සමඟයි මෙම කතා මාලාව ආරම්ඹ වෙන්නෙ, මෙම කඩාවැටිමෙදි ‘ මිනිසුන් 46 දෙනෙකුම බොහො සෙයින් නිරුපද්ද්‍රතව තම ජිවිතය ගලවා ගන්නවා. ඒ මෙ මිනිසුන්ගෙ වාසනවා හා මෙම දුපතෙහි ඇති ගුප්ත ස්භාවය නිසා විය යුතුය. මෙම මිනිස්සුන් අතර විවිදාකාර මිනිසුන් සිටිනවා මොවුන් සියළු දෙනාම කණ්ඩායමක් ලෙස එක්වි තමන්ව බෙරාගැනිමට කවුරුන්හො පැමිනෙතැයි බලාපොරොත්තුවෙන් බලාගෙන ඉන්නවා. අවසානයෙදි මොවුනට වැටහෙනවා මෙම බලා සිටිම නිෂ්පල කරුණක් බව, මෙම දුපතෙ මොවුන් ගෙවන පළමු දිනයෙදිම මොවුනට මෙහි ගුප්ත ස්භාවය හොදින් වැටහෙන්න ගන්නවා
මෙ දුපතෙ මොවුන් කල් ගත කරන්නෙ කෙසෙද? කවුද මෙ දුපතෙ ඉන්නෙ? මොවුන් කණ්ඩායමක් ලෙස එකතුව මෙ දුපතෙ සිටිනා හිම වලසුන්ට, රාක්ෂයන්ට, ආරංචිවන ඔවුන් වැනිම තවත් මිනිසුන් කොටසට මුහුණ දෙන්නෙ කෙසෙද?
මෙ දුපතට කලින් ආ ඇයො කවුද ? එයාලට මොකද වුනේ? කවුද පැමිණි විද්‍යාඥ කණ්ඩායම කියන්නෙ මොකක්ද? කුඩා ගුවන් යානයකින් පැමිණි පුජකයො කවුද? එයාලා ගෙන ගියේ මොනවද? සංණිවෙදනය වන ආපදා ඇමතුම එන්නෙ කොහෙ සිටද? මෙවන් කුතුහලයක් ඔබෙ හිත තුල හුවාගෙන මෙම කතා මාලව ඔබට රස විදිමට මම ආරාධනා කර සිටිනවා
පාලු දූපතක අතරමං වුනොත් | Lost TV Series Overview
Title එක දැක්ක ගමන් ගොඩක් අයට නම් මතක් වෙන්න ඇති මොනවා ගැනද කියන්න යන්නෙ කියලා. මන් හිතන්නෙ මේක කියවන අයගෙන් 50%ක්වත් Lost Series එකේ එක Episode එකක්වත් බලලා ඇති. මොකද මේ Series එක ITN එකේ පෙන්නුවා Season එකක් හෝ දෙකක්. (බලපු අයනම් අසරණ වෙන්න ඇති දෙවෙනි Season එකෙන්ද කොහෙද Series එක පෙන්නන එක නතර කරපු නිසා😂)
Series එක පැත්තට බහිමු 🤗
Series එක නම් ටිකා…ක් විතර පරනයි (හැබැයි කොල්ලො ඕන් කිව්වා පරනයි කියලා බලන්නැතුව හිටියොත් මැනික් කැටේකට තමයි පයින් ගහන්නෙv😂) Lost පලවෙනි Episode එක Release වෙන්නෙ 2004 සැප්තැම්බර් 22. මේ Series එක පෙන්නුවෙ ගොඩක් Famous වුනු Series (Once Upon A Time, Agents Of S.H.I.E.L.D, Station 19, Grey’s Anatomy, Quantico, Scandal, The Good Doctor etc.) Telecast කරපු ABC චැනල් එකෙන්.
ABC Studios |
Star Wars: The Rise Of Skywalker
Super 8 |
Star Wars: The Last Jedi
Star Wars: The Last Jedi |
මේ සෙට් එකම මෙයා Direct කරපු Movies. ඒ වගේම තවත් Star Trek සහ Mission Impossible Movies කිහිපයකටම Abraham Production වලින් සහභාගී වෙලා තියනවා. පේනවනෙ එසේ මෙසේ ඩයල් එකක් නෙවෙයි කියලා ❤️🔥
Series එකට IMDB 8.3ක ඉහල අගයකුත් ලැබිලා තියනවා 👌 මේ Series එක අයිති වෙන Genres නම් ගොඩක් තියනවා 😂
බලපු නැති සෙට් එකට පොඩි හරි Idea එකක් ගන්න බෑ නෙහ් Genres ටික දැක්කහම 😂
ඊලගට Cast එක.🤧 මේක ගැන ලියන්නෙ කොහොමද කියලා හිතා ගන්න බෑ 😂 මොකද කිව්වොත් Main Charactorsම විස්සක් විසිපහක විතර ඉන්නවා (පලවෙනි Poster එක දකින්න ඇතිනෙ).
Matthew Fox (Jack) |
Jorge Garcia (Hugo) |
Terry O’Quinn (John) |
Daniel D Kim (Jin) |
Naveen Andrews (Sayid) |
Dominic Monaghan (Charlie):- X men Origins Wolverine, LOTR බැලුවනම් මෙයාව මතක් වෙයි |
Yunjin Kim (Sun) |
Emillie De Ravin (Claire):- Remember Me, Once Upon A Time බැලුවොත් මෙයාව බලාගන්න පුලුවන්. |
Ian Somerhelder (Boone) |
Maggie Grace (Shannon) |
Michel Emerson (Ben):- පොර Arrow එකේ ඉන්නවා.😁 |
Elizabeth Mitchel (Juliet) |
Henry Ian Cusick (Desmond) |
Harrold Perri Neau (Micheal) |
Michelle Rodriguez (Ana):- Fast Saga එකේ Domගෙ පරම පිවිතුරු ආදරේ.😂❤️ |
තව Charactors ගොඩක් ඉන්නවා මේ Series එක ඇතුලෙ. ඔක්කොම දාන්න ගියොත් ලිපිය ලියන්න වෙන්නෙ Cast එක ගැන විතරයි 🥵
Music ඒක නම් Next Level. කතා නෑ ඒක ගැන. මේ Series එකේ තියනවා එකපාරම උඩ ගිහින් විසි වෙල ලයින් එකේ Scenes තොගයක්ම. Horror නෙවේ ඈ. සමහර Mysteries Solve වෙද්දි හිතා ගන්න බෑ මේ මොකක්ද ඇත්තටම වුනේ කියලා. ඒ ඒ තැන්වලට මාරම විදිහට Music Use කරලා තියනවා. මම Music පැත්තෙනුත් ඇති වෙන්න Enjoy කරා Series එක.
මේ Series එකේ Plot එකනම් ගොඩක් දිගට ඇදිලා යන එකක්. ඒ වගේම මේ කතාවෙ සමහර Charactors කොහෙන් හෝ තම තමන්ගෙ Life Story එකේ කොටස්කාරයො. කතාව ගැන කියන්න කලින් තව දෙයක් කියන්න තියනවා. ඔයාලා GOT & The Suicide Squad (2021) බලලා ඇතිනෙ. ඒ දෙකේදිම කිසිම Clue එකක් නොදී Charactor එක පාරම ස්ටෝරියෙන් අයින් කරලා දානවා (මැරෙනවා) අපි දැක්කා. මේකෙත් ආන් ඒ වගේ අමුතු ආතල් එකක් තියනවා. Series එක ඉවර වෙනකන්ම ඉදී කියලා හිතෙන කැරැක්ටර්ස් හිතන්නැති වෙලාවක මැරෙනවා තැන් දෙක තුනක නෙවේ දහ පහලොස් පාරක් විතර බලාගන්න පුලුවන්.
Oceanic 815 Crash එක |
අපේ Pilot Episode එක පටන් ගන්නෙ Oceanic 815 Airline (ඔය නම මතක තියාගන්න. සීරීස් එක බලලා ඉවර වෙනකොට ඔය නම කවදාවත් අමතක වෙන්නේ නැති නමක් වෙනවා ඒකාන්තයි) එක ගමන් ආරම්භ කරන තැන ඉදන්. Plane එකේ ඉන්න කවුරුත් දන්නෑ මෙයාලා යන්න යන්නෙ හිතුවට වඩා Long Journy එකක් කියලා. Flight එකේ ඉන්න පිරිසෙන් බහුතරයක් තමයි Series එකේ Main Charactors වෙන්නෙ.
අපේ Protagonist තමයි Jack Shephard (මෙයා තරමටම හයිලයිට් වෙන තව කැරැක්ටර්ස් ගොඩක් ඉන්නවා). මෙයාව මුලු සීරීස් එක පුරාවටම බලාගන්න පුලුවන්. රැකියාවෙන් Doctor කෙනෙක්. මාරම පරාර්තකාමී චරිතයක්. ඒ වගේම Leadership Qualities ගොඩක් පිහිටලා තියන කෙනෙක්. මුලින්ම Abraham ප්ලෑන් කරන් ඉදලා තියෙන්නෙ පයිලට් එපිසොඩ් එකෙන්ම ජැක්ව මරලා දාන්න. ආතල්ම ෆැක්ට් එක තමයි මුලින් ජැක්ට කාස්ට්කරන්න අදහස් කරන් ඉදලා තියෙන්නෙ මයිකල් කීටන්ව. කොහොම හරි මයිකල්ගෙ අතට ස්ක්‍රිප්ට් එක හම්බෙලා නෑ. ඒ වගේම ජැක් පයිලට් එපිසොඩ් එකේදි මැරුනෙත් නෑ.
ඊලගට කේට්. මෙයා තමයි සීරීස් එකේ Female Lead Role එක. ස්ක්‍රිප්ට් එකේ තිබිලා තියෙන්නෙ මුලින්ම මෙයා මැරි කරපු කෙනෙක් විදිහට. තමන්ගෙ Husbandව හොයන් යන විදිහට තමයි Character එක Build කරලා තිබිලා තියෙන්නෙ. ඒ උනාට ඒ වෙනුවට වෙනම Rose කියලා කැරැක්ටර් එකක් ඇඩ් කරලා තියනවා. ජැක් මැරුනට පස්සෙ Survive උනු සෙට් එක මෙයා ලීඩ් කරන විදිහට තමයි ස්ක්‍රිප්ට් එක තිබිලා තියෙන්නෙ. ඒවත් ඔක්කොම වෙනස් වෙලා අන්තිමට.
සීරීස් එකේ තවත් Main Character එකක් තමයි Sawyer. කතාවෙ මුරන්ඩුම චරිතය කිව්වොත් හරි. ඒ වගේම මේ Series එකේදි මම දැකපු විදිහට හොදම Character Buildup එකක් ලැබුනෙ මෙයාට.
මේ Series එකේ ඉන්න වැදගත්ම Character එකක් තමයි ජෝන් කියන්නෙ. මෙයා නිසා අවස්තා කිහිපයකම මුලු Story Line එකම Upside Down වෙනවා. පට්ටම Badass Character එකක්.
ඉතුරු චරිත ටික ගැන මම විශේෂයෙන් මුකුත් කියන්නෑ. එහෙම කියන්න ගියොත් තව Characters විස්සක් ගැන විතර කියන්න වෙනවා.
කොහොම හරි මේ Oceanic 815 දූපතකට කඩන් වැටෙනවා. මේ Island එක බේස් කරන් තමයි කතාවම Build වෙලා තියෙන්නෙ. මේක සාමාන්‍ය දූපතක් නම් නෙවේ හැබැයි. Miracles, අපේ වචනවලින් කිව්වොත් හාස්කම් වගේ දේවල් තියන තැනක්. ඇයි මන් මෙහෙම කිව්වෙ ඇයි කියලා එකම එක Example එකකින් කියන්නද? John කියන්නෙ ඇවිදින්න බැරි ආබාධිත පුද්ගලයෙක්. පොර දූපතට පය තිබ්බ ගමන් ඇවිදින්න ගන්නවා 😱 මන් හිතන්නෙ තව උදාහරන ඕනෙ නැතුව ඇති 😏 දැන් ඉතින් ස්පොයිල් කරා කියලා කෑ ගහන්න එපා 😒 පලවෙනි Episode එකෙන්ම ඔය සිද්ධිය පෙන්නනවා.
ඉතින් අපිට First Season එකේදි Charactor Introduce එකක් වගේ තමයි කරන්නෙ. ඔයාලම හිතලා බලන්නකො දැන් අපි ගෙවන Lifestyle එකෙන් අයින් වෙලා එක පාරම හද්ද පාලු දූපතකට ඇදන් වැටුනොත් මොනවා වෙයිද කියලා (ආ..සොරි.. අපිට වෙලා තියෙන එක හන්දා අමුතුවෙන් හිතන්න දේකුත් නෑනේද??? 😂
). මුල් එපිසොඩ් ටිකේදි Survive උනු සෙට් එකට කන්න කෑම ටිකක් බොන්න වතුර ටිකක් හොයා ගන්න බැරි වෙනවා. අඩුම ගානෙ දූපතට ආපු ගමන් වැස්සෙන් බේරෙන්නවත් තැනක් නෑ. එයාලා කොහොමද ආපහු Rebuild වෙන්නෙ කියලා පට්ටම Emotional විදිහට අපිට බලා ගන්න පුලුවන්. ආ අමතක උනානෙ 😑 මේ Series එකේ හැම Episode එකකම Back Stories පෙන්නනවා. Arrow මතකයිනෙ. අන්න ඒ වගේ. වෙනසකට තියෙන්නෙ මේ Series එකේ ඉන්න හැම Charactor එකකම Back Stories පෙන්නන එක. Anyway Second Season එකේ ඉදන් වගේ තමයි හරියටම ස්ටෝරියට Enter වෙන්නෙ. මේ දූපතේ හිර වුනු සෙට් එක කොහොමද දූපතෙන් පැන ගන්නෙ Try කරන්නෙ සහ නොමැරී බේරිලා ඉන්නෙ කොහොමද කියන එක තමයි Series එකේ සරල Plot එක.මේ කතාවට Science Fiction අදාල වෙන්නෙ කොහොමද කියලා ඉස්සරහට බලාගන්න පුලුවන්. ඕනෙ නම් එකම එක Hint එකක් දෙන්නම් “Time Travel!!!”
මෙච්චරයි කියන්න තියෙන්නෙ ඉතින් Series එක ගැන. හිමිහිට බලන්න පටන් ගන්න. කතාව සෑහෙන්න සංකීරණයි. සෑහෙන්න එන්ජෝයි කරන්න පුලුවන් 🙌
තව Article එකකින් හමුවෙමු.
3.0GB 480p HDTV Complete Season 1
3.0GB 480p HDTV Complete Season 1
3.0GB 480p HDTV Complete Season 1
මෙම උපසිරැසි HDTV පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Thanks bro
Thanks .season 2 genu
Ko bn sub
adoo thq bnnnnn .
ubata pulvnm The Terror tv series ekta sub dipan ko eka maru series ekak bn season 2 evilla tynne…
ado thq bn .
ubata pulvnm The Terror series ekta sub dipan season 2 evilla tynne plz
Meka download k bane dr
Links dila thiyana complite na appa. Api aka aka dannako
720p nadda bm
720p HDTV එක නම් නෑ.. BluRay තියෙනවා pahe.in එකේ.. සබ් එක පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනවා ඒක sync කරගෙන තමයි බලන්න වෙන්නෙ.
Me 3 GB file ek download krhm winadi 42k ek kotasak witharane thiyeenne.
Blu ray walata hadala diyamko bn pls
Links not Working