Wednesday , February 5 2025
DON'T MISS

Meet Joe Black (1998) Sinhala Subtitles | මරණය සමඟ පෙම් බැඳි ඇය.. [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

ආත්මයට ම කා වදින සංවේදී සිනමාපටය – “Meet Joe Black”

Year :  1998

IMDB Rate :  7.2/10

Stars :  Brad Pitt, Anthony Hopkins, Claire Forlani

Language :  English

Director :  Martin Brest

සමහර චිත්‍රපට තියෙනවා පුදුමාකාර විදියට අපේ ආත්මය (soul) සුවපත් කරන ගණයේ හදවතට ඉතාමත් සංවේදී චිත්‍රපට. ඒ කුඩා මොහොත හැඟීම්වලින් සහ ආදරයෙන් පුරවාලන “Meet joe black” කියන්නේ අන්න ඒ වගේ අපූරු රසයක් තියෙන චිත්‍රපටයක්. 💚

65 හැවිරිදි “විලියම් පැරිෂ්” කියන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්ත ව්‍යාපාරිකයෙක්. පැරිෂ්ට තමන්ගේ ජීවිත අවසාන කාලයේදී අපූරු මිනිසෙක් අහම්බයකින් මෙන් මුණ ගැසෙනවා. ඒ තමයි කඩවසම් පුද්ගලයෙක් වෙන “ජෝ බ්ලැක්”. මේ ජෝ බ්ලැක් ඕපපාතිකව බිල් පැරිෂ්ගේ ජීවිතයට සමීප වෙන්නේ ඔහුගේ මුළු දිවියම වෙනසකට ලක් කරමින්. චිත්‍රපටය නරඹන අපටත් හිතාගන්න බැරි වෙනවා, මේ ලස්සන මනුස්සයා බිල්ගේ ජීවිතයට සමීප වෙන්නේ කොහොමද? කියලා. ක්ෂණික හමුවීමක් වුනත් බිල්ට සහ ජෝට එකිනෙකාගෙන් වෙන් වෙන්න බැරි තරමටම යහළුවන් බවට පත් වෙනවා. බිල්ට ලස්සන දියණියක් ඉන්නවා. ඒ තමයි “සුසෑන්”. සුසෑන් සහ ජෝ දෙන්නම ආදරයෙන් බැඳෙනවා. නමුත් චිත්‍රපටය අවසන් වෙන්නේ අපි කිසිසේත්ම නොහිතපු අවසානයකින්.

අපේ ජීවිත වෙනස් කරන්න පුළුවන් ඕපපාතිකව මිනිස්සු හම්බවෙන්න පුළුවන්. අනන්‍යතාවයක් සහිතව හා රහිතව අපේ ජීවිතවලට බලපෑම් කරන්න මේ අහම්බයන් වලට පුලුවන්. චිත්‍රපටය වඩාත් දැනෙන්නේ මෙන්න මේ අහම්බකාරක හමුවීම්වලදි.

චිත්‍රපටය 75%ක්ම වගේ හැඟීම්වලින් පුරවන්න සමත්වෙන්නේ හොලිවුඩ් සිනමාවෙහි අතිදක්ෂ සංගීතඥයකු වන “තෝමස් නිව්මන්ගේ” මියුරු නාදරටාවලින් ඔපවත් වුනු සංගීත රසයයෙන් ( Music Flavour). “ජෝ බ්ලැක්” ලෙසින් කඩවසම් රංගනයක යෙදෙන බ්‍රැඩ් පිට්ගේ පෙනී සිටීම පුදුමාකාර ලස්සනයි. බිල් කියන දැවැන්ත චරිතය වෙනුවෙන් පණ පොවන “ඇන්තනී හොප්කින්ස්ගේ” රංගනය ඇත්තටම විශිෂ්ටයි. මේ සුසංයෝගය නිසාම චිත්‍රපටය තවත් රසවත් වෙනවා. ජෝ බ්ලැක්, බිල් සහ සුසෑන් කියන ත්‍රිකෝණය ඇතුළේ පමණක් දිවෙන ඉතාමත් සරල චිත්‍රපටයක් විදියට “Meet Joe Black” කියන්නේ මම බලපු ලස්සන හොලිවුඩ් චිත්‍රපටයක්. Romantic – fantasy ශානරයේ චිත්‍රපට බලන්න කැමති අයට Meet Joe Black කියන්නේ ඉහළින්ම නිර්දේශ කරන්න පුළුවන් රසවත් චිත්‍රපටයක්.

– මලින්ත විතානගේ _ Wachana. lk

“මීට් ජෝ බ්ලැක්” කියන්නේ 1998 වසරේ නිකුත් වුනු බොක්ස් ඔෆිස් වාර්තා බිද දැමූ
ඇමරිකානු ආදර ෆැන්ටසි අභිරහස් චිත්‍රපටයක්.. එවගේම Martin Brest විසින් තමයි
අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරලා තියෙන්නේ.. මේකට ප්‍රධාන වශයෙන් රංගනයෙන්
දායක වෙනවා අපි කවුරුත් දන්න Brad Pitt,Claire Forlani සහ Anthony Hopkins..

මේ වෙනකොට මේ චිත්‍රපටිය IMDb දර්ශකයේ මනාප ලක්ෂ දෙක හමාරකට අධික
ප්‍රමාණයකින් 7.2 වගෙ ඉහළ අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා..
කතාව ගැන කෙටියෙන් කිව්වොත්,
විශාල ව්‍යාපාරිකයෙක් වෙන බිල් පැරිෂ් ඔහුගෙ 65 වන උපන්දිනය සමරන්න ආසන්නව
තිබියදී ඔහු එම සන්දිස්ථානයට ළගා වෙන්නත් කලින් ජෝ බ්ලැක් ලෙස මිනිස් ස්වරූපය
ගත් මරණය ඔහුව හමුවෙන්න එනවා, ජෝ සහ බිල් ගිවිසුමක් ඇති කර ගන්නවා, බිල්ට
ඔහුගේ ජිවිතයේ අමතර දින කීපයක් ලබා දෙනවා, ජෝ ඒ කාලයේ මනුෂ්‍යයෙක් වෙන එක
කොයි වගේද කියලා දැන ගන්නයි කාලය ගත කරන්න යන්නේ, එවගේම මේ කතාවෙ බිල්
කියන්නේ ගොඩක් ආදරණීය තාත්තා කෙනෙක්…

මේ අතරේ ජෝ බිල්ගෙ දියණිය සූසන් එක්ක ආදරයෙන් බැදෙනවා, ඉතින් මරණය එක්ක
පෙම් බැන්ද සූසන්ට මොකක් සිද්ද වෙයිද, එහෙනම් කතාව බලලම දැනගන්නකො!

Check Also

Emmanuelle (2024) Sinhala Subtitles | නැතිවූ සතුටක් සොයමින්.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

Year : September 25, 2024 (France) IMDB Rate :  4.4/10 Starring:Noémie Merlant,Naomi Watts,Will Sharpe Language : …

3 comments

  1. .බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට

  2. සිංහල උපසිරස දුන්නාට බොහොම ස්තුති 😘🔥❤️

  3. නියමයි. මෙි වගේ 80 90 වගේ ලස්සන english sub ටිකක් කරන්න . Thanks 🙏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *