Year : 2022
IMDB Rate : 8.7/10
Stars : Oscar Isaac, Ethan Hawke, May Calamawy
Language : English
Creator : Doug Moench(characters)
Moon knight කතාමාලාවෙ පලමු කථාංගය” The Goldfish Problem “ඊයේ දිනයේ නිකුත් උනා.මූන් නයිට් පිළිබඳ තොරතුරු සහිත ලිපි විවිද සමූහ තුලින් පලවූ නිසා එම කථාංගයේ නොදැකපු ඩීටේල්ස් ටිකක් ගේන්නයි මේ සූදානම.
මාවල් විශ්වය කොමික් වලින් තිරයට ගෙන ආ චරිත ගොඩක් සහ චිත්‍රපට රාශියක් , ටීවී හෝ වෙබ් සීරීස් රාශියක් තිබෙනවා. ඒවා අතරින් වෙනස්ම ආකාරයක කතාමාලාවක් වෙයි කියලා අපිට දැන්ම ඉඳන්ම අනුමාන කරන්න පුලුවන්. මූන් නයිට් ට්‍රේලරය නරඹන විට තිබුනු හැඟීම එලෙසම පලවෙනි එපියෙන් ලැබුනා කියල කිව්වොත් වැරදි නෑ
⚠️️Spoiler’s ahead!!..⚠️️
⭕Hidden Details
සඳෙන් සිදුවන ප්‍රධාන කාර්‍ය මොකක්ද ඇහුවොත් මිනිස්සු කියන්නේ රෑට එළිය දෙන එක කියලා. හොඳයි එහෙම හඳ රෑට එළිය දෙන්නේ කොහොමද ???
ඒ සූර්‍යාගේ ආලෝකය පරාවර්තනය කරලා. ඔයා පලමු කතාංගය බැලුවනම් දැනටමත් දැකලා ඇති පරාවර්තිත රූපරාමු කීයක් පළමු කතාංගය තුළ තිබ්බද කියලා. ඒ වගේම ඒ දර්පණ ලඟින් යන ගොඩක් වෙලාවට ස්ටීවන්ගේ අනිත් පෞර්ශත්ව දෙක පෙන්නන්න ප්‍රතිබිම්බ දෙකක් පෙන්නනවා අපිට දකින්න පුලුවන්.
ඒ වගේම කලින් සඳහන් කලා වගේම මේ එපිසෝඩ් එක හඳුන්වන්නෙ The goldfish problem කියලා. ඔයාලා හිතනවා ඇති අර හිටපු ගෝල්ඩ් ෆිශ්ගේ වරල් හින්දනේ ස්ටීවන් ,මාක් ව දැනගත්නේ සහ සිදුවන සියල්ලම දැනගන්නෙ ඒක හින්දා නමතියන්න ඇති කියලා… නෑ ගෝල්ඩ් ෆිශ් කෙනෙක්ගේ මතකය තියෙන්නේ තත්පර කිහිපයයිලු. කොටින්ම කියනවනම් කාලා තත්පර කිහිපයකින් ආපහු අපි මාලු කෑම දැම්මොත් උන් ඒවා කිසි ප්‍රශ්නයක් නැතුව කන්නේ උට කෑවා කියලවත් මතක නැති නිසාලු. ඒකෙයි සීරීස් එකෙයි සම්බන්ධෙ තේරෙනවනේ.තවත් කරුනක් තමයි කලින් හිටපු ගොල්ස්ෆිශ් ගෙ තිබුනෙ එක වරලයි,දැන් දෙකක් තියෙනවා මේකට හේතුව මෙයා මාක් වෙලා ඉන්න අතර තුර අර කඩෙන් අලුත් මාලුවෙක් අරන් තියෙනවා.
ඊළඟ කාරනේ තමයි ඇයි මේ මනුස්සයා ඇඳ වටේට වැලි ඉහලා, කකුලට දම්වැලක් දාගෙන දොරට ටේප් එකක් ගහගෙන ඉන්නේ කියලා. තේරුනේ නැත්තන් සරලම පිළිතුර තමයි පොර හීනෙන් කරන්නේ මොනවද කියලා හොයාගන්න.නිදානොගෙන ඉන්න උත්සහා කරන්නෙත් හීනෙන් මොනවා කරනවද කියලා නොදන්න නිසා.එ වගේම හිනේන් ඇවිදිනවද නැද්ද කියන එකත් බලාගන්න තමයි එහෙම කරන්නෙ.ට්‍රෙලර් එකේ වගේම මෙකෙත් ස්ටීවන් රූබික් කියුබ් එකක් විසඳන්න ට්‍රයි කරනවා එත් විසඳල ඉවර කරනව පෙන්නන්නෙ නැහැ නමුත් දර්ශනයකදි විසඳපු රූබික් කියුබ් එකක් පසෙකින් තියෙනව මේක ස්ටීවන් නින්දට ගියාම මාක් විසඳපු එකක් වෙන්න පුලුවන්.
ඒවගේම ස්ටීවන් කොමික් වල වගේ පෝසත් සෙල්ලක්කාර කොල්ලෙක් නෙවේ මියුසියම් එකක වැඩ කරන මනුස්සයෙක් ඒවගේම හොඳ මිත් ගැන දැනුමක් තියන කෙනෙක්.
කතාවෙ දුෂ්ටයා එහෙමත් නැත්තම් හැරෝ කියන පුද්ගලයාගෙ දර්ශනයකින් තමයි කථාංගය ආරම්භ වන්නෙ.එම චරිතයත් සයන්ටිස්ට් කෙනෙක්ගේ ඉඳන් කල්ට් ලීඩර් කෙනෙක් දක්වා වෙනස් කරලා තියනවා.සත්වයෙක් /දෙවඟනක්/රාක්ශයෙක් ආකාර තුනෙන්ම හැදින්වෙන ammit කියලා හඳුන්වන අයෙකු ගෙ ප්‍රතිරූපයක් එහෙමත් නැත්ත්නම් අනුගාමිකයෙක් විදියට තමයි හැරෝ වැඩ කරන්නෙ.ඔබ දකින්න ඇති හැරෝ ආරමභක දර්ශනයේදි වීදුරුකටු සහිත පාවහනක් පළඳින ආකාරය.කටුමත ඇවිදීම ගිනි අඟුරුමත ඇවිදීම වැනි වේදනා ගෙන දෙන ක්‍රියාවලින් එක එක ආගම් වලදී පෙන්නන්න උත්සහ කරන්නෙ තමා ඒ ආගමෙ නියම භක්තිකයෙක් යන බවයි.නමුත් හැරෝ එය කාටවත් පෙන්න කරන්නෙ නැහැ.ඒකෙන් කියවෙන්නෙ හැරෝ කියන්නෙ ශො එකට විතරක් වැඩ කරන කෙනෙක් නෙවෙයි එයා නියම භක්තිකයෙක් කියලා එයා විසින්ම පිළිගන්න බවයි.ඒ වගේම තමා තියන හැම පියවරක්ම(ක්‍රියාවක්ම) ඔහුට දැනෙනවා ඒකෙන් තමන්ට අවශ්‍යම සහා නිවැරදිම පියවර තබාගන්න ඔහුට උදවු වෙනවා.
යම් වෙනස් තිබුනත් Ultron,thanos වගේ Mcu ගොඩක් විලන්ස් ලාගෙ වගේම හැරෝ ගෙ විශන් එක වෙන්නෙත් යහපත ගේන ඒක.නමුත් එයාල ඒක කරන පාත් එක අනුව තමයි හීරෝ කෙනෙක් නොවී විලන් කෙනෙක් වෙන්නෙ.හැරෝට පුලුවන් ඊජිප්තු මිත්‍යාවල ඉන්න anubis ට වගේම කෙනෙක් ගෙ හදවත මනින්න.එහෙම් කියල අදහස් කලේ පුත්ගලයෙකු ජීවිත කාලය පුරාවටම කල හොද සහ නරක දේවල් තරාදියකට ගේන්න ඔහුට පුලුවන්.මිත්‍යාවලට අනුව නම් මේක මරනින් පස්සෙ සිදුවන දෙයක් අනුබිස් මෙහෙම මරනින් පසුව එන රජවරුන්ගෙ ඉරනම තීරනය කරාට පස්සෙ එයට සුදුසු නැත්තම් ammit විසින් ඒ ආත්මය ලබාගන්නවා. නමුත් කතාවේදී මිනිස්සු ජීවිතකාලෙම හොරකම්,මිනීමැරුම් වැනි නොයෙකුත් වැරදිකරලා එනකන් බලන් ඉඳලා ammit දෙවඟනට එපා වෙලා තියෙන්නෙ.ඒක නිසා හැරෝගේ උදව්වෙන් ඇයට ඒක කලින්ම ඉවර කරලා දාන්න පුලුවන් කොටින්ම අනාගතේදි කරන්න ඉන්න වැරදි පවා මැයට බලන්න පුලුවන්.කතාවෙ වයසක කාන්තාවට උනෙත් එ සිදුවීමම තමයි.
මියුසියම් එකේ අවසාන සිදුවීමෙදි ස්ටීවන් ලග තිබුන ස්කැරබ්(කුඩා කෘමියෙකුගෙ රුව ඇති වස්තුව)එක ලබාගන්න jackal,හිවල් හිසක් තියෙන වෙයාර්වුල්ෆ් කෙනෙක් වැනි සතෙක් හැරෝවිසින් එවල තියෙනවා.හැරෝ සඳහන් කලා වගේ ammit ව නිදහස් කරන්න මේ ස්කැරබ් එක යම් විදියකින්හරි අවශ්‍ය ඇති.කොහොම හරි සතාගෙන් බේරෙන්න බාත්රූම් එකකට පැනගන්න ස්ටීවන්, අනිත් පර්සනලිටි එක වන මාක් එක්ක පොඩි වාදයක් යනවා.මෙතනදි ස්ටීවන් ගෙ මනසේ කැඩුනු/ වෙන්වුන ස්වාභාවය ප්‍රතිබිම්භ වලින් පෙන්නනවා වගේම අවසානයේදි මනස එකලස් කරගන්නා අවස්තාවේදි ප්‍රතිබිම්භ පෙන්නන්නෙ නැහැ.ඊට පස්සෙ මූන් නයිට් වෙන අවස්තාවෙ ඊජිප්තු භාශාවක් වන හයිරොග්ලිෆික් සංකේත බිත්තිය පුරා ඇඳෙන අයුරු පෙන්නනවා.සිදුවීම ආරම්භයේදී ජැකල් ප්‍රෙඩෙටර් ලෙසත් ස්ටීවන් ප්‍රේ(ගොදුර) ලෙසත් පෙන්නුවද අවසානයෙදි ස්ටීවන් මූන් නයිට් වී ප්‍රෙඩෙටර් ලෙස පරිවර්තනය වුනා.
“I DONT WEAR WHITE TO HIDE MYSELF.I WEAR IT SO THEY’LL SEE ME COMING. SO THEY’LL KNOW WHO IT IS.CAUSE WHEN THEY SEE THE WHITE, IT DOESN’T MATTER HOW GOOD A TARGET I AM. THEIR HANDS SHAKE SO BAD THAT THEY COULDN’T HIT THE MOON”
⬜ :-MOON KNIGHT
තොරතුර සහා ආටිකල් එක සදහා උදවු Deneth Rajapaksha මල්ලිට ස්තූති…😌
තොරතුරු: අන්තර්ජාලය ඇසුරෙන්
– Dumindu Dewinda
270MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
270MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
270MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
270MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
270MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
270MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
270MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
270MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
600MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
600MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
600MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
600MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
600MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
600MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
600MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
600MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
Thanks Bro. දිගටම Sub දෙන්න. Halo ep 2 එකටත් සබ් එක දෙන්න. ජයෙන් ජය.!
මග බලන් හිටපු එකක් ❤️😍
elaga kotasath one
Bro episode eka remove wela ne racaty eken download krnna ba ne