Sunday , April 14 2024
DON'T MISS

Mulan (2020) Sinhala Subtitles | වෙස්වලාගත් රණශූරිය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Mulan (2020) Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  4.2/10

Stars :   Yifei Liu, Donnie Yen, Li Gong

Language :  English

Director :  Niki Caro

“අතීතකාමය යළි සිහිපත් කළ චීන රණශූරීයගේ පුනරාගමනය,මූලාන්”
“මූලාන්” යනු කුඩාකාලයේ සිට ම ඇනිමෙිෂන් රැවක් ලෙසින් අප සිත්සතන් වසඟකළ ප්‍රබලතම අතීතකාමයක් වුවා. Covid19 වසංගතය ලොවම වෙලාගෙන සිටින අවධියක මෙි රණශූරිය සැබෑ චරිතයක් ලෙසින් පැමිණෙන්නේ මෙි වසරේ පැමිණෙන්නට නියමිතව තිබු චිත්‍රපටයන් තිරගතවීමි බාධා,කල්දැමීමි මැද්දේ ය. ඒ කෙසේවෙතත් මූලාන් චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගිය මාර්තු මස හොලිවුඩ් හිදි පැවැත්වූව ද කොවිඩ්19 වසංගතය හේතුවෙන් එහි වාණිජ තිරගතවීම් බොහෝ දුරට කල් දැමීමට ඩිස්නි සමාගමට සිදුවිය. අවසානයේ ඩිස්නි සමාගම විසින් සැප්තැම්බර් 4(ඊයේ) දින සිට “මූලාන්” ලොව පුරා සිනමාහල්වල තිරගතකිරීම ආරම්භ කරනු ලැබුවා.
ක්‍රි. ව. 400 – 600 අතරතුර විසූ බවට ජනප්‍රවාදයේ සඳහන් වන ‘හුආ මූලාන්’ නම් රණශූරියකගේ චරිතය ආශ්‍රයෙන් නිර්මාණය කෙරුණු ‘මූලාන්’ චිත්‍රපටය වෝල්ට් ඩිස්නි සමාගම 1998 වසරේ නිෂ්පාදනය කළ “මූලාන්” කාටූන් චිත්‍රපටයේ සජීවී ප්‍රතිනිර්මාණය ලෙස මෙය හඳුන්වාදිය හැකි ය. 1998 වසරේ දී කාටූන් චිත්‍රපටය අමෙරිකානු ඩොලර් මිලියන 90ක පිරිවැයකින් නිර්මාණය වී ඩොලර් මිලියන 300 කට වැඩි ආදායමක් සනිටුහන් කර වාණිජමය වශයෙන් ඉහළ සාර්ථකත්වයක් ඉසිළුවක් වන අතර විචාරකයන්ගේ ද ඉහළ පැසසුමට භාජනය වූවකි.
නැවතත් ඩිස්නි ලේබලය යටතේ පැමිණුන මූලාන් චරිතය සජීවි චරිතයක් ලෙසින් පැමිණීම ම විශේෂත්වයකි. මූලාන් සිනමාපටය Visually stunning,Fight Scenes වලින් පරිපුර්ණත්වයට පත්, ඉහළ ආස්වාදයක් සැපයු අපුරැ චිත්‍රපටයක්. අසිරිමත් චීන දේශයේ මෙි ජනප්‍රවාද වීරවරිය එසේත් නැත්නම් රණශූරියගේ පුරැෂයන් පරදවන අධිබලැති ක්ෂණික අසිපත් සටන් නමි සිනමාත්මක ලක්ෂණවලින් නොඅඩුව පුරවා තිබුනා. අනෙක් අතට මුළු සිනමාපටය පුරාවටම මිසෝන් සේන් සිනමා ක්‍රියාදාමය පැත්තෙන් චීන පරිසරය ප්‍රේක්ෂකයාට සමීප කරන දැවැන්ත මාළිගා, ඔවුන්ට ආ⁣වෙිණික ගෘහ නිර්මාණයන්, වෛරණ ඇඳුමි පැළඳුමි, ගෘහ භාණ්ඩ සහ දැවැන්ත කඳු පන්තීන් සිනමාපටයේ අගය ඉහළ දමයි. චිත්‍රපටය සිනමාත්මක වශයෙන් සේම දෘෂ්ටිවාදයට ද හසුවන චිත්‍රපටයක්. පුරැෂයන්ට දහස් ගණනකට මැදිවන අභිත ස්ත්‍රීයකගේ භුමිකාව “මූලාන් ” නිරෑපණය කරයි. ආසියානු කාන්තාවන්ගේ පොදු නිරෑපණයක් සේම, පිය සෙනෙහස, ශක්තිය, අප්‍රතිහත ධෛර්ය, නීර්භිතකම, වීර වික්‍රමාන්විතභාවය ඇගෙන් ප්‍රකට වෙයි. මෙතෙක් කාලයක් යු⁣රෝපයට පමණක් සීමා වු අයෝමය කාන්තාවගේ සිනමා නිරෑපණය, ආසියාවට විතැන් කිරීම හරහා ඩිස්නි සමාගම චීනයේ වාණිජ පරමාර්ථය සහ හොලිවුඩයේ අාධිපත්‍ය ආයෝජනය කිරීමට උත්සාහ කිරිම මෙම චිත්‍රපටය හරහා හොඳාකාරවම පෙනෙයි.
සම්මානනීය නවසීලන්ත අධ්‍යක්ෂවරියක වන නිකි කාරෝ විසින් “මූලාන්” චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමම චිත්‍රපටය තවත් විශේෂණය කරයි. අමෙරිකානු ඩොලර් 200 ක පිරිවැයකින් තනා නිමකොට ඇති මුලාන්, ඉහළම පිරිවැයක් දරා අධ්‍යක්ෂවරියක විසින් නිර්මාණය කළ ලොව පළමු චිත්‍රපටය ලෙසින් වාර්තා පොත් අතරට එක්වේ. චීනයේ උපත ලද අමෙරිකානු රංගන ශිල්පිනියක, ගායිකාවක සහ නිරූපණ ශිල්පිනියක වන ලියු යිෆී විසින් මුලාන්ගේ චරිතයට පණ පොවන අතර තවත් ජනප්‍රිය නළු නිළියන් විසින් සෙසු චරිත පණගන්වනු ලබයි. ලෝක වුෂු ශූරයෙකු ලෙස ප්‍රකට චීන රංගන ශිල්පියකු වන “ඩොනී යෙන්” මූලාන්ගේ පුහුණුකරු ලෙස රඟ දක්වන අතර 1993 වසරේ තිරගත වුණු බෲස් ලී චිත්‍රපටයේ බෲස් ලී ගේ චරිතය රංග දැක්වූ ජේසන් ස්කොට් ලී තවත් රණවිරුවකුගේ චරිතයක් නිරූපණය කරයි. තවත් වුෂු ශූරයකු ලෙස ප්‍රකට රංගන ශිල්පියකු වන ජෙට් ලී චීන අධිරාජ්‍යයාගේ චරිතයට පණ පොවන අතර චීනයේ දක්ෂතම නිළිය ලෙස සැලකෙන ‘ගොන්ග් ලී” සතුරු මන්තරකාරියකගේ චරිතය නිරූපණය කරයි. ප්‍රවීණ සංගීතඥයකු වන හැරී ග්‍රෙග්සන් විලියම්ස්ගේ විශිෂ්ට පසුබිමි සංගීතය චිත්‍රපටයට අති විශාල ආලෝක ධාරාවක් සපයනු ලබයි. විනාඩි 115 ක් පුරාවට මූලාන්ගේ සහජ දක්ෂතා සපිරි, ඇය මුළුමහත් චීන ජාතියම ගරු කරන්නා වූ රණශූරියක බවට පත්වන අයුරැ සිනමාශාලාවක් තූළදීම අත්විඳිනවා නමි වටී. මුලාන් සිනමාපටය පුංචි අඟල් විසි එකේ කොටුවකින් නැරඹීමම සිතීම මුග්ධ සිතුවිල්ලකි. මන්දයත් ලොව පුරා සිනමාකරැවන් චිත්‍රපට තනන්නේ සිනමා පුළුල් තිරයන්ට මිස, අඟල් විසිඑකේ රෑප පෙටිටිවලට, ජංගම දුරකථනවලට නොවන නිසාවෙනි. මුලාන් යනු වර්ණවත්වුත් දෘශ්‍යමයවුත් අලංකාර ක්‍රියාදාම චාරිකාවකි. 2020 වර්ෂයට අදාළව සිනමාශාලවකම නැරඹිය යුතු සිනමාපටය විදියට ඉහළ නිර්දේශකිරීමකට ලක් කළ හැකි ය. නැරඹීම ඔබ සතු ය.
-මලින්ත විතානගේ-

Check Also

Asvins (2023) Sinhala Subtitles | අශ්විනා… රාක්ෂ ලෝකයට යන්න.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 23, 2023 IMDB Rate : 4.8/10 Starring:  Vasanth Ravi,Vimala Raman,Udayaraj Language: Malayalam Director …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *