Year : 2019
IMDB Rate : 7.3/10
Stars : Dong-hwi Lee, Seon Yu, Myung-Bin Choi
Language : English
Director : #
මගේ මුල්ම උපසිරැසිය විදිහට අරගෙන ආවේ කොරියන් ෆිල්ම් එකක්.. ෆිල්ම් එකේ නම තමයි My First Client (2019), 2013 දී සිදු වූ සත්‍ය ,සත්‍ය කතාවක් ඇසුරෙන් නිමවූ මේක අයිති වෙන්නේ crime/Drama කියන කාණ්ඩයට. මේකේ රේටින්ග්ස් පැත්තට හැරිලා බැලුවොත් IMDb දර්ශකයේ 7.3/10 ක අගයක් ගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියනවා. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ Kyu-sung Jang කියන අධ්‍යක්ෂකවරයා.
අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරිලා බලමු..
ජුන්ග් යූප් කියන්නේ සෝල්හි නීති සමාගමක නීතිඥයෙකු ලෙස රැකියාවක් සොයා ගැනීමට උත්සාහ කරන කෙනෙක්. ඔහු ඉන්නේ කුඩා නගරයක නිසා ඒක එතරම් පහසු නෑ. මේ අතර ඔහු ගමේ ළමා සුභසාධන මධ්‍යස්ථානයක වැඩ ආරම්භ කරනවා. ඔහු ළමා සුභසාධන මධ්‍යස්ථානයේ සිට සම සේවකයෙකු සමඟ පොලිසියට ගොස් 10 හැවිරිදි ඩා බින් හමු වෙනවා. තම සුළු මව වන ජි සූක් තමාගේ ගෙල සිර කළ බව දැරිය පොලිසියට වාර්තා කළ නමුත් ජුන්ග් යූප්ට කළ හැකි කිසිවක් නැති අතර, ඩා බින්ව නැවත ඇගේ පවුල වෙත භාර කරනවා. ඩා බින් සහ ඇගේ 7 හැවිරිදි සහෝදර මින් ජූන් දිනපතා ළමා සුභසාධන මධ්‍යස්ථානයේ ජුන්ග් යූප් හමු වෙනවා. ඔහු තම රැකියාව කරගෙන යාමට, ළමයින් සමඟ කාලය ගත කිරීමට උත්සහ කරනවා. මෙම දරුවන් කුඩම්මා විසින් අපයෝජනයට ලක් කරන බව ජුන්ග් යූප් දන්නා නමුත්, ඒ ගැන කිසිවක් කරන්න පුළුවන් කමක් නෑ. ටික දිනකින් ජුන්ග් යූප්ට දැනගන්න ලැබෙනවා ඔහුව සෝල්හි නීති ආයතනයක් විසින් බඳවාගෙන ඇති බව. ඩා-බින් සහ මින්-ජුන් ගෙන් සමු නොගෙන ඔහු සෝල් බලා යනවා. ටික දවසකින් ඔහුට දුරකථන ඇමතුමක් ලැබෙනවා
ඩා- බින් ඇගේ බාල සොහොයුරා වන මින් ජුන් මරා දමා ඇති බවට.
ඩා බින් එහෙම කලේ ඇයි කියලා ඔයාලම ෆිල්ම් එක බලලා දැනගන්න..
එහෙනම් තවත් ෆිල්ම් එකක සිංහල උපසිරැසියකින් හමුවෙමු..
හැමෝටම බුදු සරණයි.
මම අසේල රත්නායක
[email protected]
500MB 480p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.1GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
500MB 480p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
500MB 480p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.1GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles
