Tuesday , August 4 2026

My Son (2021) Sinhala Subtitles | අතුරුදහන් වූ දරුවා සොයා [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

The Hearts of the Down Under and the My Son (My Son) (2021) Sinhala Subtitles

My Son (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  6.1/10

Stars :  James McAvoy, Claire Foy, Tom Cullen

Language :  English

Director :  Christian Carion

අද අරගෙන එන්නෙ මේ වසරේ නිකුත්වූ නාට්‍යමය, අභිරහස්, ත්‍රාසජනක ඝනයට අයත්වෙන ඇමරිකා-බ්‍රිතාන්‍ය සම නිෂ්පාදනයක් නිමවූ චිත්‍රපටයක සිංහල උපසිරැසිය ඔබ වෙත ගෙන ඒමටයි. මෙය නමින් My Son(2021). ක්‍රිස්ටියන් කැරියන්ගේ අධ්‍යක්ෂණයක් වන මෙය ඔහුගේම Mon garçon (2017) නම් ප්‍රංශ චිත්‍රපටයේ ඉංග්‍රීසි භාෂා ප්‍රතිනිර්මාණය. පුරා හෝරාවකුත් මිනිත්තු 35ක ධාවන කාලයකින් යුත් මෙයට රංගනයෙන් දායක වන්නෙ ජේම්ස් මැක්ඇවොයි (එඩ්මන්ඩ් මරේ), ක්ලෙයා ෆෝ( ජොආන් රිච්මන්ඩ්), ටොම් කලන් (ෆ්‍රෑන්ක්), ගැරී ලුවිස් (ඉන්ස්පෙක්ටර් රෝයි), ඕවන් විට්ලො ( ෆර්ගස්), මයිකල් මෝලන්ඩ් (විලියම් ඔ’කොනර්), පෝල් රැටරි (ස්ටීවන්), මැක්ස් විල්සන් (ඊතන් මරේ) ඇතුළු පිරිසක්. මේ වනවිට (2021:09:21) මෙය IMDb වෙතින් 6.1ක අගයක් ලබා ඇති අතර ගූගල් පරිශීලක ප්‍රසාද මට්ටම සටහන් වන්නේ 76%ක් ලෙසයි. මෙහි කතාව පැත්තට යමු අපි දැන්…

එඩ්මන්ඩ් මරේ, ඔහු වෘතියෙන් තෙල් බිම්වල රාජකාරියේ නිරතවන්නෙක්. රැකියාව නිසා නිතර විදේශ ගතව සිටින ඔහුට නැවත තම මව්රටට එන්නට සිදුවෙනවා තම හිටපු බිරිඳගෙන් ලැබෙනවා ඇමතුමක් නිසා. ඒ පාසල් කඳවුරු බිමක සිටියදී තම සත් වියැති කුඩා පුත්‍රයා අතුරුදන් යැයි පවසමින්. වැඩි කාලයක් නොගොස්ම එය පැහැරගැනීමක් යැයි විශ්වාස කරන්නට සිදුවෙනවා මරේ හට. යම් බාහිර බාධක අතරේ ඔහු තම පුත්‍රයා සොයාගන්නට දරන වෑයමයි චිත්‍රපටයෙන් අපිට දකින්නට ලැබෙන්නේ. එහෙනම් ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම…

විශේෂ : –
මෙහි රූගත කිරීම් අතරතුර අනෙකුත් සියලු දෙනාට පිටපතේ දෙබස් කියවීමේ අවස්ථාව ලබාදී ඇතත් ජේම්ස් මැක්ඇවෝයි හට පිටපත ලබාදී නැති බව කියවෙනවා. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ ඔහුට තැනට සුදුසු ලෙස දෙබස් භාවිත කිරීමට සැලැස්වීම මගින් යම් තාත්විකභාවයක් චිත්‍රපටයට ලබා ගැනීම. එසේම මෙහි මුල් නිර්මාණය වන Mon garçon (2017) හි එම චරිතය රඟදැක්වූ Guillaume Canetහටත් පිටපත ලබාදී තිබී නෑ රූගතකිරීම් අතරතුර.

Check Also

Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles | අවතාර් ආන්ග්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : July 24, 2026 (USA) IMBD: 7.9/10 Starring: Eric Nam,Jessica Matten,Steven Yeun,Dave Bautista Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *