Release date: October 28, 2022 (USA)
IMDB Rate : 5.2/10
Stars : Jason Jacqueline Byers,Christian Navarro,Colin Salmon
Language : English
Director :Daniel Stamm
සුභ දවසක්! කියාගෙනම ඔන්න ටික කාලයක් නිහඬව ඉඳලා ඔන්න කොල්ලා, අලුතින්ම release වුනු චිත්‍රපටයකට අද උපසිරැසියක් අරගෙන ආවා. ඒවගේම මේක විශේෂයි. මොකද අද මං අරගෙන එන්නෙ “පයිරේට් සිංහල උපසිරැසි” වෙනුවෙන් 100′ උපසිරැසි නිර්මාණය. කලින් වතාවල වගේම කීපසැරයක්ම horror චිත්‍රපටි වගයක් අරගෙන ආපුම හින්දා හිතුනා මේ පාරත් horror චිත්‍රපටයක්ම අරගෙන එන්න ඕන කියලා. මේ මාසේ release වුන “Prey for the devil” චිත්‍රපටය.
මේ චිත්‍රපටය Daniel Stamm අතින් අධ්‍යක්ෂ වෙද්දී ඩොලර් මිලියන 41.9 ක box office වාර්තාවකට ද හිමිකම් කියන්න සමත් වෙලා තියෙනවා. මේ චිත්‍රපටය සංස්කරණ අතින් Tom Elkins තමා හසුරවලා තියෙන්නෙ. Horror/Thriller කියන ඛාණ්ඩයට අයත් වෙන මේ Prey for the devil කියන චිත්‍රපටයට IMDb අගය 5.2/10 ක අගයක් ද Rotten Tomatoes අගය 16% ක්ද ලබා ගනිද්දී, google users අගය 79% ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා.
රංගනය අතින් මේ චිත්‍රපටයට නළු නිලි කැලකගේ දායකත්වය ලැබිලා තියෙනවා. Ann sister ගේ චරිතයෙන් ප්‍රධාන භූමිකාවට පණ පොවන්නෙ, 2014 නිකුත් වුනු Ascension, 2017 දී Ordinary Days සහ 2018 දී Bad Samaritan චිත්‍රපට ත්‍රිත්වයෙන් වගේම 2016 දී නිකුත් වුනු Roadies සහ 2017-2018 Salvation යන කතාමාලා ද්විත්වයට වගේම නිර්මාණ රැසකට රංගනයෙන් දායක වුනු සුරූපි නිළි Jacqueline Byers. තවද අනු චරිත වශයෙන් Christian Navarro, Colin Salmon, Ben Cross, Virginia Madsen, Nicholas Ralph වගේ නළු නිළි පිරිසක් බලාගන්න ලැබෙනවා.
මේ වෙනකොට trailer එක බලලා තියෙන අයට මේ මොකක් සම්බන්ධව චිත්‍රපටයක් ද කියලා පොඩි අදහසක් ඇති නේ. පෝස්ට් එක බලපුවාම වුනත් ඒක තේරුම් යනවා. ඒත් මේ චිත්‍රපටය මොකක් ගැනද කියලා පැහැදිලි කිරීමක් කරන්න ඕන කියලා හිතුන නිසාම, මං පොඩියට මෙහෙම සඳහන් කරන්නම්. මනුෂ්‍ය ලොව හා නිරන්තරයෙන් ගැටෙන යක්ෂයාට එරෙහි වෙලා මනුෂ්‍යාව බේරාගන්න යෙදෙන පිලියමක වෑයම දරණ චිත්‍රපටයක්. ඔයාලා මේ වගේ horror චිත්‍රපට කලිනුත් බලලා ඇති! පැය 1 කුත් මිනිත්තු 33 කට සීමා වෙලා තියෙන මේ horror චිත්‍රපටයත් ඔයාලට බලන්න භාර කරලා, එහෙනම් මං අදට ගිහින් එන්නම්, ජය වේවා!! ✌️😊
UsersDrive Links
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
Uptobox Links
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]