Monday , July 13 2026
DON'T MISS

Race Gurram (2014) Sinhala Subtitles | කුරිරු දේශපාලකයෙකුට එරෙහිව දෙසොයුරන්ගේ එක්වීම [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Race Gurram (2014) Sinhala Subtitles

Year :  2014

IMDB Rate :  7.2/10

Stars :  Allu Arjun, Shruti Haasan, Shaam

Language :  Telugu

Director :  Surender Reddy

ඔන්න අදත් PIRATE යාළුවෝ හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා !!!

ඔන්න ඉතින් අදත් අපේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකට අරන් ආවා සුපිරිම ෆිලුමක්.සුපිරි කිවුවේ සුපිරියක්ම තමා. සුපුරුදු පරිදි කතාව ගැන කියන්න කලින් චිත්‍රපටයේ පූර්ව විස්තරක් අරන් එන්නම් ෆිලුම ගැන දල අදහසක් ගන්න.

Surender Reddy විසින් අධ්‍යක්ෂනය කරන මෙම ෆිලුම 2014 වසරේදී වුවත් අදටත් IMDB අගය 7.2/10 උපරිමයක් තියාගන්න සමත් වෙලා තියනවා.පැය 2 කුත් විනාඩි 43 ක් පුරා දිවෙන මෙම ෆිලුමට Allu Arjun, Shruti Haasan, Shaam යන තෙළුගු සිනමාවේ තරු රැසක්ම රංගනයෙන් දායක වෙලා තියනවා. ක්‍රියාදාම හා විකට ගනයට අයත් වන මෙම සලරුව ගැන කිවුවොත්.

කතාව ගැන…………………………………..

එක ගමක පොඩි පවුලක් ඉන්නවා. ඒ පවුලේ ළමයි දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් රාම්. රාම් කියලා කියන්නේ පාසලේ හිටියද වෙනත් අංශ වලින්ද අති දක්ෂතම සිසිවෙක්. අනිත් එක්කෙනා තමයි ලක්ෂ්මන් කියලා කියන්නේ. රාම් ලක්ෂ්මන් කියලා කිවුවම ඔයාලා හිතුවේ රාමායනයේ රාම් ලක්ෂ්මන් වගේ කිසිම ආරවුලක් නැති හොද සහෝදරයෝ දෙන්නෙක් කියලා නේද ?. හරියට ම හරි. මේ අයගේ අම්මත් පොඩිකාලේ හිතාගෙන හිටියේ එහෙමම තමා.

ලක්ෂ්මන් කියලා කියන්නේ ටිකක් නරක් චරිතයක් කියලා තමා පිටත ලෝකය හිතාගෙන ඉන්නේ.හැබැයි ඇත්තට ම ඉතින් එයා එහෙම නෑ. නමුත් , ලක්ෂ්මන් එයාට ඒ නම කියලා කතා කරනවට කැමති නෑ. එයා කැමති එයාට ලකී කියලා කියනවට.මේ දෙන්නා කොහොමත් ගැළපෙන්නේ නෑ . නිතරම දෙන්නා අතර රණ්ඩු. මේ දෙන්නා අතර තියෙන්නේ ලොකුම ලොකු ආරවුලක්.

ඔන්න ඉතින් රාම් ඉගෙනගෙන ACP කෙනෙක් වෙනවා.නමුත් ලකී නම් රස්තියාදු ගහනවා යාළුවෝ එක්ක බොනවා වෙන වෙන නීති විරෝධී වැඩ කරනවා. හැබැයි ඒ ඔක්කොම කරන්නේ රාම් ගෙන් පළි ගන්න හිතා ගෙන.

ඔන්න ඔතනින් තාමා ඇත්තටම කතාව පටන් ගන්නේ…

ශිවා රෙඩ්ඩි , ඒ කිව්වේ කතාවේ මැරයා. ශිවා රෙඩ්ඩිත් එක්ක ඉතින් රාම් ලොකුම ලොකු ආරවුලක් දාගන්නවා. ඒ.සී.පී රාම්ව මරන්න ශිවා රෙඩ්ඩි උත්සාහ කරද්දී අහම්බෙන් ලකී ඕකට පැටලෙනවා. ඊට පස්සේ ඉතින් වලිම තමා.

  • කතාව අවසානයේදී මොකක් වෙයිද ?
  • ආපහු දෙන්නගේ සහෝදර පෙම එළියට එයිද ?
  • නැත් නම් පරණ ආරවුල හේතුවෙන් රාම් ට අනතුරක් කරයිද ?

ඔහ් හෝ කියන්න බැරි වුණා . දෙන්නා ලොකුම ආරවුල දාගන්නේ කොහොමද කියලා කිවුවොත් ලකී ට කෑල්ලක් සෙට් වෙනවා.ඊට පස්සේ රාම් ඒ කෙල්ලගේ තාත්තට කතා කරලා ලකීට කිසිම වැඩක් හරියට කරගන්න බැරි කොටින්ම කිව්වොත් කාලකන්නියෙක් කියලම කියනවා. ඔන්න ඔතනින් පස්සේ තාමා දෙන්නගේ ආරවුල වැඩි වෙන්නේ.

ඔය කතාවේ ඉතින් මම නොකිවුවට සුපිරිම ජෝක් සීන් ටිකකුත් තියනවා.

ඔයාලම කතාව බලලා මම නොකියපු සුපිරිම සීන් ටික බලන්න කියලා ආරාධනා කරන ගමන් අදට ගිහිල්ලා එන්නම් එහෙනම්.

හැමෝටම සුබ දවසක්.

ලිපි සැකසුම
Nuwantha Nirman

Download Menu

 

 

 

 

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premiere Movies Zone  –

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *