Thursday , June 25 2026
DON'T MISS

Ram Asur (2021) Sinhala Subtitles | යුග දෙකක් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Ram Asur (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  7.7/10

Stars :  Sherry Agarwal, Dishanth, Abhichandra Jella

Language :  Telugu

Director :  Triparna Venkatesh

කොහොමද ඉතින් කට්ටියට ? ඔන්න එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..කලින් ෆිල්ම් එකට කට්ටිය හොද නරක කියලා comment කරලා තිබ්බා..මේකටත් හැමෝම පුලුවන් විදියට comment එකක් දාගෙන යන්න එහෙනම්..හරි අපි එහෙනම් ෆිල්ම් එක ගැන විස්තර ටිකක් බලමු..

මේ ෆිල්ම් එක released වෙලා තියෙන්නේ 19 November 2021..ඒ වගේම මේකට IImdb දර්ශකයේ 7.7ක් වැනි ඉහළ අඅගයක් ලැබිලා තියෙනවා..thriller කාණ්ඩයට තමයි මේ ෆිල්ම් එක අයිති වෙන්නේ..Chandini Tamilarasan,Sherry Agarwal,Ram Karthik,Abhinav Sardhar වැනි දක්ෂ නලු නිලියන් පිරිසක් මේකට රංගනයෙන් දායක වෙනවා..මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Triparna Venkatesh විසින්..

එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..ඉතින් රාම් කියන්නේ දියමන්තියක් කෘතිමව හදන්න ප්‍රොජෙක්ට් එකක් කරන කෙනෙක්..ඒත් මෙයාගෙ පෙම්වතිය මෙයාව දාලා ගියපු හින්දා මෙයා මේ හැමදේම අත ඇරලා දාලා බේබද්දෙක් ගානට වැටෙනවා..ඒක බලන් ඉන්න බැරුව මෙයාගෙ යාලුවා රාම්ව සාමි කෙනෙක් ළගට එක්කන් යනවා..ඒ සාමි රාම්ගේ අත බලලා කියනවා මීට අවුරුදු තිහකට කලින් ජීවත් වෙච්ච සූරි කියලා කෙනෙක්ගේ රේඛා එක්ක එයාගෙ අතේ රේඛා සමාන හින්දා සූරිගේ ජීවිතේ වෙච්ච දේවල් තමයි රාම්ටත් වෙන්නේ කියලා..ඉතින් සාමි කියනවා සූරි හිටපු ගමට ගිහින් සූරිගේ ජීවිතේ මොකද වුණේ කියලා හොයාගෙන රාම්ගේ ජීවිතේ ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න කියලා..එතන ඉදන් තමයි හොදම ටික පටන් ගන්නේ..එතනින් එහාට මොකද වෙන්නේ කියලා දැන ගන්න හැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..එහෙනම් තවත් සුපිරියක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි

කලින් කිව්වා වගේම පුලුවන් හැමෝම comment එකක් දාගෙන යන්න ඒක තමයි තව සබ් එකක් කරන්න තියෙන එකම හයිය..ඔයාලට ඕනේ ෆිල්ම් තියෙනවනම් comment එකක් දාගෙන යන්න පුලුවන් විදියට දෙන්න බලන්නම්..

Check Also

Deep Water (2026) Sinhala Subtitles | සාගරයට කඩා වැටුන ගුවන් යානාව… [සිංහල උපසිරැසි සමඟ]

Year : May 1, 2026 (USA) IMBD: 5.5/10 Starring: Aaron Eckhart,Kelly Gale,Ben Kingsley Director : Renny …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *