Monday , August 3 2026

Scam 1992: The Harshad Mehta Story (2020) [E10] Sinhala Subtitles | අවසානය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Scam 1992: The Harshad Mehta Story (2020) [E10] Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  9.3/10

Stars :  Pratik Gandhi, Shreya Dhanwanthary, Hemant Kher

Language :  English

Director :  Hansal Mehta

එහෙනම් අපි හර්ෂාද් මෙහෙතාගේ කතාවේ අවසානෙට ඇවිත් තියෙන්නේ. ඒත් අවසානය නම් තරමක් හැඟීම් බරයි. මොකද හර්ෂාද්ගේ කතාව අවසන් වෙන්නෙත් හිර ගෙදරකින්. ඒ සිර දඩුවම හර්ෂද්ට විදින්න වෙන්නේ හර්ෂාද් මෙහෙතාගේ වරදකින් නෙමේ. එයාගේ ළගින්ම හිටිය විශ්වාසවන්ත කෙනෙක් කරපු වංචාවක් නිසාවෙන්. කොහොම වුණත් හර්ෂාදට විරුද්ධව අපරාධ නඩු 70කට වැඩි ප්‍රමාණයක් හා සිවිල් නඩු 600කට වැඩි ප්‍රමාණයක් ඒ වෙනකොටත් ගොනු වෙලා තිබ්බේ. මේ නඩු මේ මෑතක් වෙනකන්ම ඒ කියන්නේ අවුරුදු 27ක් පුරාවට විභාග වුණා.
එහෙනම් ඉන්දියාවේ විශාලම මූල්‍ය වංචාව ගැන ලියවුණු කතාව මෙතනින් ඉවර වෙනවා. කොතරම් නීති පැනෙව්වත්, අධිකරණ පිහිටෙව්වත් අදටත් මේ වගේ වංචාවන් ලෝකයේ ඕනි තරම් සිද්ධ වෙනවා. ඒවගේම අපේ රටෙත් ඕනී තරම් සිද්ධ වෙලාත් තියෙනවා, සිද්ධ වෙමින් පවතිනවා. ඉතින් රටක දේශපාලනයට හෝ ප්‍රමුඹ පෙළේ ව්‍යාපාරිකයන්ට විරුද්ධව නැගි සිටින එක රටක සාමාන්‍ය මිනිස්සුට කරන්න අපහසු දෙයක්.
මෙතෙක් කතාවේ අවසානය වෙනකන් රැදිලා හිටියාට ඔයාලාට ස්තූතියි. මගෙ අතින් අඩුපාඩු මොනවා හරි වෙලා තියෙනවා නම් ඒවත් මට පෙන්වන්න. ඒවගේම ඔයාලගේ අදහස් , යෝජනා හෝ recommend කරන films/TV series තියේ නම් ඒ ගැනත් කියාගෙන යන්න.

Check Also

Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles | අවතාර් ආන්ග්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : July 24, 2026 (USA) IMBD: 7.9/10 Starring: Eric Nam,Jessica Matten,Steven Yeun,Dave Bautista Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *