Monday , March 18 2024
DON'T MISS

Seven (1995) Sinhala Subtitles | මාරාන්තික පාප හත [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Seven (1995) Sinhala Subtitles

Year :  1995

IMDB Rate :  8.6/10

Stars :   Morgan Freeman, Brad Pitt, Kevin Spacey

Language :  English

Director :  David Fincher

1995 දී තිරගතවූ ඩේවිඩ් ෆින්චර්ගේ විශිෂ්ටතම නිර්මාණයක් බව කිවයුතුයි.
Psychological crime,thriller ශානරයට අයත්වෙන මෙහි ප්‍රධාන චරිත ලෙස Morgan Freeman, Bradd Pitt, Kevin spacey,Gwenyth paltrov දායකත්වය ලබාදෙනවා.
මා සිනමාවේ දුටු විශිෂ්ටතම තිර රචනාවක් බව කිවයුතුමයි..

සෙවන් ගැන අපි කතාකරමු…

-MOVIE review-

🔰සෙවන්හි කතාව🔰

රහස් පරීක්ෂක සමර්සෙට්,නගරයේ අපරාධ ගැන කලකිරීමෙන් සිටින අත්දැකීම් බහුල නිලධාරියෙක්.
රැකියාවෙන් විශ්‍රාම ගැනීමට සිටිනවිට හදිසියේ මතුවන දාම ඝාතකයකු නිසා දින හතක් නැවත රැකියාවේ යෙදීමට සිදුවේ.
මේ සමඟම ඔහුගේ විශ්‍රාම යාමෙන් පසුව එම ස්ථානය සඳහා එන තරුණ රහස් පරීක්ෂක ඩේවිඩ් මිල්ස් සමඟ මේ ඝාතකයා සොයායාම තමයි මෙහි අන්තර්ගතය.
ඝාතකයා තම ඝාතන සිදුකරන්නේ කැන්ටබරි ටේල්ස්,පැරඩයිස් ලොස්ට්,සෙන්ට් තෝමස් අැක්වයිනස් යන කෘතිවල සඳහන් කරන ලද මාරාන්තික පාපයන් හතක් සංකේතවත් කරමින් ය..
මේ හරහා ඔහු මෙම පාපයන් සිදුකරන අයට ඒවායේ ප්‍රතිවිපාක ගැන අාදර්ශයක්,පණිවිඩයක් ලබාදීම අරමුණ වී අැත.

🔰නිර්මාණය තුල රිපීට් වෙන සෙවන්🔰

💄කතාවේ කාලය දින 7කට සීමාවීම
💄දින 7 ක් අැතුලත පරීක්ෂක සමර්සෙට් විශ්‍රාම යාම
💄ඝාතනයන් 7
💄මාරාන්තික පාපයන් 7 සංකේතවත් වීම
💄පාර්සලය අවසානයේ එන්නේ 7.01 ට..
💄අවසානයට විනාඩි හතකට පෙර ට්‍රේසිගේ මුහුණ පෙන්වීම.

🔰මාරාන්තික පාපයන් 7 මොනවාද?🔰

💄GLUTTONY

කෑදරකම මෙලෙස හඳුන්වයි.අයකුට අවශ්‍ය ප්‍රමාණයට වඩා දේවල් පරිභෝජනය කිරීමේ දැඩි අාශාව කෑදරකමවේ.
මේ පාපයට නිරයේදී මීයන්,සර්පයන් බලෙන් කැවීම සිදුකරයි.
මෙහි සිටින තරබාරු මිනිසාට මෙසේ සිදුනොවුනත් ඔහුගේම ජරාව මත,අතපය ගැටගසා,මුහුණ ස්පගෙටි පිඟානක් තුල එබී තිබීම මිහිපිට අපායක් ජෝන් විසින් නිර්මාණය කර අැත.
මරණ පරීක්ෂකට අනුව බඩවැල් පුපුරායාමෙන් මේ මිනිසා මියගොස් අැත.බඩේ තිබුණ ප්ලාස්ටික් කෑලි ඔස්සේ ගොස් සමර්සෙට් පලමු පාපය සොයාගනී..
එහිදී පැරඩයිස් ලොස්ට් හි අඩංගු Long is the way and hard, that out of hell leads up to light.
මේ වාක්‍යයද ඔහුට හමුවේ..
මෙය ඝාතන රැල්ලක අාරම්භය බව සමර්සෙට් වටහාගනී.
බෞද්ධ දර්ශනයේ එන “තමසොමා ජ්‍යොතීගී්මය” යන පාඨයෙන් කියවෙන්නේද මෙයයි..

💄GREED

අධික ධනය හා ද්‍රව්‍යමය දේ එක්රැස්කිරීමේ අාශාව ලෝභකම වේ..
මෙයට නිරයේදී දඬුවම ලෙස තෙල් කටාරමක බහාලනු ලැබේ..
ජෝන් ඩෝ මේ පාපයට දඬුවම් දීමට තෝරාගන්නේ ප්‍රසිද්ධ දිස්ත්‍රික් නීතිඥ එලී ගෝල්ඩ්.අවසානයේ ඔහු පවසන අයුරින් එලී තම ධනය රැස්කරඅැත්තේ බොරුකියමින්,චංචාවෙන්ය.මුදල්වලට මිනීමරුවන් හා ස්ත්‍රී දූෂකයින් වැනි අපරාධකරුවන් එලී විසින් නිවැරදිකරුවන් කර අැති බව ඔහු පවසයි.
ඒ සඳහා දඬුවම ලෙස එලී වංචාවෙන් එක්රැස්කල මුදල්වලට හිලව් ලෙස මස් රාත්තලක් ඉල්ලා අැත.
ෂේක්ස්පියර්ගේ වැනීසියේ වෙලෙන්දා හි එන
One pound of flesh no more no less no cartilage no bone but only flesh
මේ පණිවිඩයෙන් පලිගැනීම හා ලේ පිපාසය සංකේතවත් කරයි.

💄SLOTH

අලසකම නොහොත් වැඩකිරීමෙන් වැලකී සිටීම.අධ්‍යාත්මික,ශාරීරිකව වැඩ නොකර සිටීම මෙයින් අදහස් කරයි.
එලී ගෝල්ඩ්ගේ මරණයෙන් පසුව ලැබෙන අැඟිලි සලකුණු වලින් වික්ටර් යන අයෙක් පෙන්වයි.
මේ වික්ටර් යනු,ළමා දූෂණයකට වරදකරුවී සිරගත කල අයෙක්.මොහු වෙනුවෙන් නඩුව කතාකර අැත්තේ එලී ගෝල්ඩ්..
දැන් සම්බන්ධය පේනවනේ..
වික්ටර්ව සොයාගන්නාවිට වම් අත කපා දමා අැතිබව පෙනේ.
වික්ටර්ගේ අැඟිලි සලකුණු බිත්තියට අාපු විදිහ පේනවනේ.

💄LUST

රාගය අප හැමෝටම පොදු දෙයක්.නමුත් එය පමණ ඉක්මවා ගියවිට විනාසයක් ගෙන එන බව අප දනිමු.
නිරයේදී රාගයෙන් පෙලෙන්නන් ගින්නට දමනු ලැබේ..
මෙවර ජෝන් තෝරාගන්නේ ගණිකාවක්.
අැගේ පාපයට දඬුවම ලෙස ලැබෙන්නේ අපායටත් වඩා දරුණු දෙයකි.
ඩිල්ඩෝ එක වෙනුවට පිහියක් ගැටගසා ලිංගිකව එකතුවීමට ජෝන් පාරිභෝගිකයාගේ කටට තුවක්කුවක් තබාගෙන බලකර අැත.
එය කෙතරම් අප්‍රසන්න දෙයක්ද කියා දැනෙේවි.

💄PRIDE

තමන් ගැන හා තමන්ගේ හැකියාවන් පිළිබඳ අැති දැඩි මාන්නන,අභිමානය,උඩඟුකම මෙයට අයත්වේ.
මෙහිදී ජෝන් ඉතාම ලස්සන කාන්තාවක් තෝරාගනී.
අැයට තෝරාගැනීම් දෙකක් ලබාදී අැත.
තම මුහුණ අවලස්සන කරගෙන උදව් ඉල්ලීමට දුරකතන අැමතුමක් ලබාගැනීම හෝ නිදිපෙති බී මියයාම.
කෙසේ හෝ අැය ලස්සන පිළිබඳ උඩඟුකම පසෙක දමා උදව්ඉල්ලා,අවලස්සන වීම තෝරාගෙන අැත.
නමුත් පොලිසිය ළඟාවනවිට ජෝන් අැගේ නාසය කපාදැමීම හේතුවෙන් රුධිරය වහනයවී අැය මියගොස් අැත.

💄ENVY

ජෝන් ඩෝ ද පව්කාරයකු බව අවසානයේ පෙන්වයි..
ඉහල අධ්‍යාපනයක් සහිත,ජීවත්වීමට ධනය සහිත වූවකු වූවත් ඔහු අධික මානසික රෝගියෙකු බව අපට පෙනේ.
මිනිසුන් ඔවුන්ගේ ජීවිතය තුල කල පව්වපට දඬුවම් දීමෙන් සමාජයේ සිටින අනෙක් පව්කාරයන්ට පණිවිඩයක් දීමට ක්‍රියාකරන ජෝන් දෙවියන් වහන්සේට සේවය කරනබව සිතා සිටියත්,ජෝන්හට නිත්‍ය,නිදහස් ජීවිතයක් නොතිබූ බව ඔහු පවසයි.
ඒ නිසා එලෙස ජීවිතයක් හිමි පරීක්ෂක මිල්ස් පිළිබඳව ඊර්ෂ්‍යාවක් හටගත් නිසා ජෝන් තමා ද පව්කාරයකු ලෙස සිතයි.

💄WRATH

කෝපය,තරහව,වෛරය මෙයට අයත්වේ..
ජෝන් විසින් මිල්ස්ගේ බිරිඳ හා ගැබ්ගෙන සිටි දරුවා ගැන පවසමින්,අැය බැගෑපත්වුන අයුරු පවසමින් තරහව වැඩිකරන අයුරු හා මිල්ස්ගේ හැසිරීම තුල තරහව වැඩිදියුණුවන අාකාරය අපිට පේනවා..
අවසානයේ තරහව හා දුක දරාගැනීමට නොහැකිව ජෝන්හට එකදිගට මිල්ස් වෙඩිතබයි.
එයත් සමඟ ජෝන්ගේ මෙහෙයුම සම්පූර්ණ විය.
මීට පෙරත් මිල්ස් තුල තරහව වැඩිදියුණුවන අාකාරය ජෝන්ව ලුහුබඳින තැන,ජෝන්ගේ නිවසට අැතුලුවන තැන,ඡායාරූප ශිල්පියාට පහරදෙන තැන අපිට බලාගන්න පුළුවන්..

🔰සෙවන්හි නගරය🔰

නිතරම හේතුවක් නැතිව අපරාධ සිදුවෙන,බොහෝ මිනිසුන් වංචාවෙන් හා බොරුවෙන් ජීවත්වන,බොහෝ මිනිසුන් මානසිකව පීඩා විඳින නගරයක් බව පෙනේ.
සමර්සෙට් කියවන පත්තරය පුරා අැත්තේ අපරාධ පිළිබඳව බව පෙනීමෙන් නගරයේ ස්වභාවය තේරුම්ගත හැකිය.
අපිට මේ නගරය මිහිපිට අපායක් ලෙස සංකේතවත් කරගැනීමට පුළුවන්.
ජෝන් විසින් සාතන්ව සංකේතවත් කිරීමට පුළුවන්.

🔰සෙවන්හි අවසානය🔰

පාර්සලය දකින සමර්සෙට් ජෝන්ගේ මාස්ටර් ප්ලෑන් එක වටහාගනී.
එය තුල ට්‍රේසිගේ හිස තිබෙන්නට අැත.
මිල්ස්ව මේ විනාශයෙන් වලකාගැනීමට හැදුවත් තරහව පාලනය කරගැනීමට නොහැකිව ඔහු එය තුල ගිලී යයි..

🔰සෙවන්හි දර්ශනය🔰

මේ නගරය තුල මෙන්ම මේ චරිත තුල බොහෝවිට අප සිටියි.නමුත් මේ නිර්මාණය නැරඹූවත්,තවත් මේ අාකාරයේ ප්‍රචණ්ඩත්වය පිළිඹිබු කරන නිර්මාණ නැරඹූවත් මේවා තුල අප සිටින බව හඳුනාගැනීමට බොහෝ දෙනා අපොහොසත්වේ.
මේ නිර්මාණය තුල කිසිම තැනක මරණය සිදුකරන අාකාරය,වදදෙන අාකාරය නොපෙන්වයි.
නමුත් එය අප සිත තුල දැඩි පිලිකුලක්,කෝපයක්,තරහවක් අැතිකරයි..
මිල්ස් සේම අවසානය තෙක් අප තුල සිටින රාක්ෂයා බොහෝවිට අපට හඳුනාගැනීමට නොහැකිවේ.
දිනෙන් දින මේ අාකාරයේ නිර්මාණ නරඹමින් හතුරා යැයි සිතන වැඩිපුර කළු චරිතයට දඬුවම් ලැබෙන තුරු බලාසිටින අප බොහෝවිට අප තුල අැති මනෝභාවයන් මේ චරිතවලට කෙතරම් සමානදැයි නොදැන සිටිය හැකි ය….
සෙවන් තුලින් මිනිසාගේ කුහකකම හා එය පිළිඹිබු කරන අාකාරය පෙන්වන අතර ප්‍රේක්ෂකයාගේ මනෝභාවයද ප්‍රක්ෂේපණය කරයි..

The world is a fine place, and worth fighting for’ … I agree with the second part.”

දෙවන කොටසට මමත් එකඟවෙමි.

#KRISH #STAYSAFE

– Krishadh Madhawa

Check Also

Hanu Man (2024) Sinhala Subtitles | වීරයා.!! [සිංහල උපසිරැසි සමඟ]

Year :  2024 IMDB Rate :  8.4/10 Stars :  Teja Sajja, Amritha Aiyer, Varalaxmi Sarathkumar Language …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *