Year : 2022
IMDB Rate : 6.1/10
Stars : Arnold Vosloo, Michelle Mosalakae, Sarah Kozlowski
Language : English
Director : Mandla Dube
දකුණු අප්‍රිකාව කියන්නේ ගොඩක් ඈත කාලෙක ඉදන්, අද වෙනකනුත් වර්ණභේදවාදය නිසා ගොඩක් ගැටලු නිර්මාණ කරගත්ත රටක්. සුළුතරයක් වුණු සුදු ජාතිකයන් විසින් කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් අතීතයේ පාලනය ගෙන ගිය රටක්. ඒ කියන්නේ කළු ජාතිකයන්ට සුදු ජාතිකයන් සමග සමාජයේ එකට එක්වීම, ගමනාගමනය කිරීම ඒවගේම රජයේ තනතුරු දැරිම සිදුකරන්න අවසරක් නැහැ. තමන්ට ටැක්සියක කොහේ හරි යන්න ඕනි නම් ඒකට කළු ජාතිකයන්ට වෙන් වුණු ටැක්සි තිබුණා. පොදු තැන්වල ඉන්න ඕනි පෝලිම්වල සුදු ජාතියන්ට වෙනමත් කළු ජාතිකයන්ට වෙනමත් පෝළිම් තිබුණා. මේ වර්ණභේදවාදයට විරුද්ධව කළු ජාතිකයන් විසින් අරගල කළා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමා uMkhonto weSizwe කියන සංවිධානය (MK සංවිධානය) බිහිවෙන්නේ. 1961 දෙසැම්බර් 16 තමා මුලින්ම එවකට පවතින රජයට විරුද්ධව ප්‍රහාර එල්ලවෙන්නේ. මේ සංවිධානයේ ආරම්භකයා වෙන්නේ නෙල්සන් මැන්ඩෙලා.සටන්වලට නායකත්වය දුන්න තරුණයන් විසින් පිහිටවා ගත්ත ” විමුක්ති සටන්කාමි ව්‍යාපාරය” ගොඩ නැගෙන්නෙත් මේ එක්කම. ඒත් 1961 දීම රජයෙන් මේ ව්‍යාපාරය තහනම් කරනවා. ඒත් මේ නිදහස් සටන වෙනුවෙන් මේ තරුණයෝ ආයුධ සන්නද්ධව මේ අරගලය දිගටම ගෙනියනවා. මේවා මන් මූලිකවම දන්නා හා හොයා ගත්ත කරුණු මේ අරගලය සම්බන්ධයෙන්. මන් වැරදිනම් ඒවා ගැන මාව නිවැරදි කරන්න කියලා ඔයාලාගෙන් ඉල්ලනවා
අපේ කතාව පටන් ගන්නේ 1980න්,
විමුක්ති සටන්කාමින් මේ අරගලය දිගටම කරගෙන යන්න පාවිච්චි කරන්නේ ” ප්‍රචණ්ඩත්වය”යි. ඒ කියන්නේ රජය පවත්වා ගෙන යාමට නොහැකි වෙන දේවල් කරන එක. මෙයාලා ප්‍රධාන වශයෙන්ම පහර දෙන්නේ, විදුලි බලාගාර, තෙල් සැපයුම් ස්ථාන වගේ දේවල් අත්පත් කරගන්න. හැබැයි කිසිම සිවිල් ජීවිත හානියක් සිදු නොකර. අපේ කතාවේ විමුක්ති සටන්කාමින් 4ක් ඉන්නවා. මෙයාලා කරන්න යන තෙල් සැපයුමක් අල්ලගන්න මෙහෙයුම කාගේ හරි ඔත්තුවක් නිසා වරදිනවා. මෙයාලට පලා යන්න වෙනවා. පලා ගිහින් අවසානයේ මෙයාලා බැංකුවට කොටු වෙනවා.
එතනින් පස්සේ සිදුවන සිදු වීම් පෙළ තමා මේ කතාව පුරාවට ගලාගෙන යන්නේ. ඒ වෙනකොටත් නෙල්සන් මැන්ඩෙලා සිරගත වෙලා ඉන්නේ. මෙයාලා නෙල්සන් මැන්ඩෙලා නිදහස් කරගන්න පිටින් ඉන්න ජනතාව අතර මතයක් ගොඩනගන්න මේ සිද්දිය පාවිච්චි කරනවා.
මතකනේ මන් කිව්වා මෙයාලා මේ අරගලයට විසදුම් හොයන්නේ ප්‍රචණ්ඩත්වයෙන් කියලා, ඒ නිසා අවසන් ප්‍රතිඵ්ලය සමකාමි එකක් නෙමේ. ඒකත් ප්‍රචණ්ඩත්වයෙන් කෙළවර වෙන්නේ. අපිත් මේ කාලේ නිතරම අරගලයයි ප්‍රචණ්ඩත්වයයි ගැන කතා කරන නිසා, මන් මේ චිත්‍රපටිය අවස්ථාවක් කරගන්නවා ප්‍රචණ්ඩත්වයෙන් තොරව අරගලේට උත්තර හොයන්න කියල පණිවිඩය ඔයාලට දෙන්න.
ඔබට ජය
නදුන් පියුමන්ත
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
බොහෝම ස්තූතියි උපසිරැසියට…
Thanx bro 👍