Monday , June 22 2026
DON'T MISS

Squid Game (2021) E01 Sinhala Subtitles | දැල්ලො සෙල්ලම [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Squid Game (2021) E01 Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  8.2/10

Stars :  Edward Hong, Yuuki Luna, Daniel C Kennedy

Language :  Korean

Director :  Hwang Dong-hyuk

Squid Game Overview

අද මේ කියන්න යන්නෙ Netflix සීරීස් එකක් ගැන. මේ දවස් වල නැගලම යන සීරීස් එකක්. Squid Game තමයි සීරීස් එකේ නම. ෆිල්ම්/සීරීස් ගැන සාමාන්‍යෙන් උනන්දු කෙනෙක් නම් මේ සීරීස් එකේ නම හරි අඩුම ගානෙ අහලා ඇති නේ. සීරීස් එක ගැන පොඩි ඕවර්වීව් එකක් තමයි ගේන්න යන්නෙ. යමුකො ඉස්සරහට. 

මේ සීරීස් එක රිලීස් වෙන්නෙ පහුගිය සැප්තැම්බර් මාසෙ 17 වෙනිදා. මේක කොරියන් සීරීස් එකක්. අයිති වෙන්නෙ ඩ්‍රාමා/ත්‍රිලර් කැටගරියට. මේ වෙනකොට IMDB 8.3ක අගයක් ලබාගෙන තියෙනවා මේ සීරීස් එක. ඒ වගේම රටවල් ගණනාවක Top 10 අතරට සහ Trending එන්න පටන් අරගෙන තියෙනවා මේ සීරීස් එක. සරලවම කියනව නම් ලෝකයක් හොල්ලපු කොරියන් සීරීස් එකක්. මේක ගොඩක්ම නැගලා යන සීරීස් එකක් නිසා මේ බලන්න ගොඩක් අය ඉන්ටනෙට් යූස් කරනවා. මේ හේතුව නිසා ඉන්ටනෙට් ට්‍රැෆික් වැඩි වෙලා තියෙනවා. දකුණු කොරියාවෙ ඉන්ටර්නෙට් ප්‍රොවයිඩර් කෙනෙක් නෙට්ෆ්ලික්ස් එකට නඩු දාන්න පවා පෙළඹිලා තියෙනවා මේ නිසා. ඒක නම් ගොං කම හැබැයි. ඒ උනාට ඒකෙන් මේකෙන් අපිට මේ සීරීස් එකට තියෙන ඉල්ලුම ගැන සෑහෙන අවබෝදයක් ගන්න පුලුවන් වෙලා තියෙනවා. මේ කිව්ව ටිකෙන් වත් ඔයාට තාම සීරීස් එක බලන්න හිතිලා නැත්තන් කියන්ඩ තියෙන්නෙ පිනට පව දෙන්ඩ බෑනෙ කියලා තමයි. මේක කාස්ට් එක ගැන කියනව නම් HoYeon Jung, Park Hae soo, Wi ha joon, Lee jung Jae, Lee yoo mi වගේ නලු නිලියෝ ඒම දායක වෙලා තියෙනවා.

නෙට්ෆ්ලික්ස් ලා සීරීස් එකේ සම්පූර්ණ සීසන් එකම එකම දවසෙ රිලීස් කරනවා කියන එක දන්නවා ඇතිනේ. එහෙම නොකරන්න මේ සීරීස් එක සෑහෙන්න හයිප් එකක් හැදෙන්න තිබුනා. මේ තියෙන හයිප් එකටත් වඩා සෑහෙන්න හයිප් එකක් හැදෙනවා අනිවාරෙන්. මම සීරීස් එක බලද්දි මට හිතුන දෙයක් තමයි හොද වෙලාවට එපිසෝඩ් ඔක්කොම එකපාර දෙන්නෙ කියලා. මොකද එක එපියක් ඉවර කරන තැන නිසා අනිත් එපිය නොබලා ඉන්නම බැරි වෙන තත්ත්වෙකට මේ සීරීස් එක ගෙනල්ලා තියෙනවා. 

Squid Game

දැන් යමු කතාව පැත්තට. මොකක්ද මේ Squid Game එක කියන්නෙ. මේ ඇවිල්ලා කොරියාවෙ තියෙන ඔය ළමයි කරන සෙල්ලමක්. පොඩ්ඩක් විතර කබඩි වගේ කියලත් හිතුනා. ඒ උනාට සෑහෙන්න වෙනස්. සීරීස් එකේදි මේ සෙල්ලම ගැන හොදට පැහැදිලි කරනවා. ඒ නිසා සෙල්ලම ගැන සීරීස් එක බලලම දැනගන්න. 

Seong – gi hun

මේ කතාවෙ ප්‍රධාන චරිතය තමයි Seong -gi hun. මේ කෙනා ගැන කියනව නම් සෑහෙන්න ආර්තික අපහසුතා මැද්දෙ ඉන්න කෙනෙක්. සෑහෙන්න ණය වෙච්ච කෙනෙක්. රැකියාවක් විදියට රියදුරු රැකියාවක් තමයි කරන්නෙ. මෙයාට ළමයෙක් ඉන්නවා. දුවෙක්. අවුරුදු 10යි. මේ ළමයා ඉන්නෙ අම්මත් එක්ක. ඒ කියන්නෙ Seong- gi hun ගෙ Ex-wife එක්ක. දවසක් මේ Gi hun ට හම්බවෙනවා හොදට ඇද පැලදගත්ත මනුස්සයෙක්ව. මේ මනුස්සයා මෙයාට යෝජනා කරනවා සෙල්ලමක් කරන්න. ඒ කියන්නෙ සාමාන්‍යෙන් ඔය පොඩි ළමයි කරන සෙල්ලමක්. ඒ වගේම පොඩි ඔෆර් එකකුත් දෙනවා. මේ ඔෆර් එක තමයි මේ සෙල්ලෙමෙන් ඒ කෙනාව Gi hun පැරැද්දුවොත් Gi hun ඒ ආගන්තුක මනුස්සයා ලොකු මුදල් තෑග්ගක් දෙනවා කියන එක. කතාව බලද්දි තේරෙයි කොහොමත් මේ සල්ලි Gi hun ට දෙන්නම බලාගෙන ගෙනාපු සල්ලි කියලා. ඉතින් කෝමහරි මේකෙන් දින්නට පස්සෙ Gi hun ට මේ ආගන්තුකයා කාඩ් එකක් දෙනවා ටෙලිෆෝන් නම්බරයක් ලියපු. ඔන්න එතනින් තමයි Gi hun ගෙ මුලු ජීවිතේම වෙනස් වෙන්න පටන් ගන්නෙ. මේ නම්බරේට කෝල් කලාම මෙයාලගෙන් අහනවා සෙල්ලම් කරන්න කැමතිද කියලා. පස්සෙ එයාලට කියනවා තැනකට එන්න කියලා. ඊට පස්සෙ තමයි මෙයාලව මේ සෙල්ලම් කරන තැනට ගෙනියන්නෙ. හරි මෙතනින් නවත්තන්නම් මම. මේ කියලා තියෙන්නෙ ස්පොයිල් නෙවේ ඈ. පලවෙනි එපියෙම මුල් භාගෙ මේ සේරම පෙන්නනවා.

දැන් කියන්නම් මෙයාලා මේ කරන සෙල්ලම ගැන පොඩි විස්තරයක්. ඒක මෙහෙමයි. අදියර හයයි. හයම දිනන අයට මුදල් තෑග්ගක් දෙනවා. අදියර හයම සමන්විත වෙලා තියෙන්නෙ පොඩි ළමයි කරන සෙල්ලම් වලින්. ඔයාලා පොඩි කාලෙ කරලා තියෙන සෙල්ලම් එහෙමත් මේකෙ ඇති. ඒනම් සෙල්ලම ගැන හරියටම දැනගන්න සීරීස් එක බලලම.


Escape Room (2019)

මේකේ ඇවිල්ලා තියෙන්නෙ එක සීසන් එකයි. එපිසෝඩ් තියෙනවා නවයක්. ආයෙ ඉතින් එක හුස්මට ඔටෝම බැලෙනවා මේක බලන්න ගත්තොතින් නම්. මේකෙ සල්ලි, බය කියන කන්සෙප්ට් එහෙම සුපිරියටම පාවිච්චි කරලා තියෙනවා. සල්ලි නිසා මිනිස්සු කොහොමද වෙනස් වෙන්නෙ වගේ දේවල් හොදටම පෙන්නලා තියෙනව. ඒ වගේම බය අනුවත් මිනිස්සු වෙනස් වෙනස් වෙන විදිය මේකෙදි පෙන්නලා තියෙනවා. ඔයාලා බලලා තියෙනවද Escape Room (2019) ෆිල්ම් එක. බලලා නැත්තන් ඒකත් බලන්න. ඒ ෆිල්ම් එක ගන්නකෝ. අන්න ඒ ෆිල්ම් එක සීරීස් එකකට ගැහුවොත් වගේ තමයි මෙන්න මේ Squid game සීරීස් එක. ඒ වගේම මේක බලද්දි නිකන් මනී හේස්ට් වයිබ් එකක් දැනෙයි. ඒ කියන්නෙ ලොජික් අවුල් කියලා නෙවෙයි ඈ. පොඩ්ඩක් නිකන් ආ මුන් නිකන් ඒ වගේ කියලා දැනෙයි බලලා තියෙන අයට. ප්ලොට් ට්විස්ට් එහෙම අම්බානෙක තියෙනවා මේ සීරීස් එකේ.

හරි එහෙනම් ගිහින් එන්නම්. ආයෙත් මේ වගේ ලිපියකින් හම්බෙමු.

Squid Game (2021) on IMDb
8.1/10261,960 votes

by Mihindu Sri – RWC

Check Also

The Butcher’s Blade (2026) Sinhala Subtitles | සටන.. [සිංහල උපසිරැසි සමඟ]

Year : April 24, 2026 (USA) IMBD: 5.9/10 Starring: Chun Yu Shan Shan,Fufu Yuan,Fengchao Liu Director …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *