Sunday , April 14 2024
DON'T MISS

Terra Nova | Complete Season with Sinhala Subtitles | නැවතත් ජුරාසීක් යුගයකට [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Terra Nova | Complete Season with Sinhala Subtitles

Year :  2011

IMDB Rate :  6.8/10

Stars :   Jason O’Mara, Shelley Conn, Christine Adams

Language :  English

Creators :  Kelly Marcel, Craig Silverstein

2011 වසරේ අග භාගයේදී බ්‍රිතාන්‍ය ජාතික Kelly Marcel ගේ අදහසකට අනුව නිර්මාණය වූ මෙම කතා මාලාවට සුපිරි
අධ්‍යක්ෂක ස්ටීවන් ස්පිල්බර්ග් ගේද සහාය ලැබී තිබෙනවා.ඉතා අධික පිරිවැයක් දරලා ඕස්ට්‍රේලියාවේදී නිර්මාණය කළ මෙම
කතාමාලාව රසිකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් ලද නමුදු අවාසනාවකට FOX සමාගමෙන් දෙවන අදියරක් නිකුත්
නොකිරීමට තීරණයක් ගෙන ඇත.

කෙසේ වෙතත් මෙම කතාමාලාවට IMDB අගය 6.8/10 ලබාගැනීමට සමත්ව තිබෙනවා.වැඩි දුර කතා නොකර අපි කතාව
පැත්තට හැරෙමුකෝ එහෙනම්.

වර්ෂ අවුරුදු 2149. ඒ කියන්නේ පෘතුවියේ ජීවත් වන්න බැරි කාලයක්.මේ කාලය වෙන කොට තාක්ෂණයත් හොදටම වගේ
දියුණු වෙලයි තිබුනේ.තාක්ෂණය නිසාම ඒ අයට ජීවත් වෙන්න වෙන අලුත් නිවහනක් හම්බවෙනවා.අලුත් නිවහන්ක් කිවුවම
ඔයාල හිතයි වෙන ලෝකයකට හෝ වෙනත් මානයකට හෝ පෘතුවිය මතම ජීවත් වෙන්න පුලුවන් යම් ස්තානයක් කියලා.
නෑ එහෙම නෙවෙයි. මං කිවුවනේ මේ කාලය වෙනකොට තාක්ෂණය හොදටම වගේ දියුණු මට්ටමකයි තියෙන්නේ කියලා.
මේ අය හොයා ගන්නවා කාලය හරහා ගමන් කරන්න පුළුවන් ක්‍රමයක්.මේ හරහා මිනිස්සුන්ට අතීතයට යන්න පුළුවන්.අතීතය
කිවුවට මේ මෑතකට එහෙම නෙවේ. පෘතුවිය බිහි වුණු කාලය දක්වාම.ඒ කිවුවේ පෘතුවිය මත ජීවත් වූ ඩයිනසෝරයන් එහෙම
ජීවත් වුන කාලයට හෙවත් ප්‍රාග් අයිතිහාසික යුගයටම. මෙන්න මේ කාලයන්ත්‍රයෙන් පුලුවන් කෙනෙක් එක්ක දෙපැත්තට
කතා කරන්න පුළුවන් වුනාට ඒකෙන් දෙපැත්තටම ගමන් කරන්න නම් බෑ.

මේ කාල යන්ත්‍රය හරහා පලවෙනියටම අතීතයට යන කෙනා තම කමාන්ඩර් නතානියල් ටේලර් කියලා කියන්නේ.මෙයා තනියමමාසගණනක්ම තනියම ජීවත් වෙන්නේ ඩයිනසෝරයන්ගේන් හා වෙනත් කැලෑ සතුන්ගෙන් ආරක්ෂා වෙවේ.ඔහොම යද්දී දෙවන කණ්ඩායමත් මේ කාලයටම එනවා.මේ කට්ටියම එකතු වෙලා වන සුතුන්ගෙන් , වෙනත් කරදර වලින් බේරෙන්න හා සිතිර නිවහනක් විදියට හදා ගත්ත තැන තමා Terra Nova කියල කියන්නේ.මේ ටෙරා නෝවා වල සම්ස්ත අණදීම සිදු කරන්නේ මම අර කලින් කියපු ටේලර් විසින්ම තමා.

ඔන්න ඔය කාලෙදි. ඒ කිව්වේ 2149 දී පෘතුවියේ මිනිස්සුන්ට ජීවත් වන්න ඔක්සිජන් එහෙම මදි ඒ නිසා එයාලගේ නීතියක්
තියනවා එක පවුලකට ඉන්න පුළුවන් ළමයි දෙදෙනෙක් විතරයි කියලා.ඔන්න දැන් තමයි ඔන්න කතාව ඇත්තටම පටන් ගන්නේ.

ජිම් ෂැනන් කියලා කියන්නේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න දිවුරුම් දීපු 2149 අවුරුද්දේ පොලිස් නිළධාරියෙක්.මෙයාල ළමයි තුන් දෙනෙක්ම ඉන්නවා.ඒ කොහොමද කියලා ඔයාලා හිතනවා ඇති.බය වෙන්න එපා. අන්න ඒ වැරැද්දට ජිම් ෂැනන්ව
අවුරුදු 6 ට සිර දඩුවම් නියම කරනවා.

ඔන්න ඔය කාලේ වෙන කොට ටෙරා නෝවා වලට කණ්ඩායම් 10 ක්ම ගිහිල්ලයි තිබුනේ.ටෙරා නෝවා ඒ වෙන කොට විශාල  ජනාවාසයක්.

ඔය කාලෙදී ආපහු 11 වෙනි කණ්ඩායමට ටෙරා නෝවා වලට යන්න වාසනාව හම්බ වෙනවා.ඒ 11 නි කණ්ඩායමට එලිසබෙත් තුත්  ඇතුළත්. ඒ කිවුවේ අර මම කලින් කියපු ජිම් ෂැනන් ගේ බිරිද. මෙයාටයි මෙයාලගේ පලවෙනි ලමයි දෙන්නටයි ටෙරා නෝවා වලට යන්න පුළුවන් වුනත් අර තුන් වෙනි දරුවට නම් යන්න දෙන්නේ නෑ මේ අය. ඉතින් ඔයාලම බලන්නකෝ කතාවේ කොහොමද මේ ළයි 3 දෙනයි  ජිම් ෂැනනුයි ටෙරා නෝවා වලට යන්නේ කියලා……………………………………………

ඔන්න ඔහොම ටික කාලයක් යද්දී ටෙරා නෝවා වල එක එක ප්‍රශ්න ඇති වෙන්න ගත්තා.මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ ලෝකේ  පාලනය කරන්න තියෙන බල ලෝබය ගැන. ලංකාවෙත් එහෙමනේ නේද. අතීතයේ බලය රදවාගෙන ඉන්නවා කියලා කියන්නේ අනාගතය පාලනය කරනවා කියන එක තමා.

ටේලර් ට නම් තියෙන්නේ කොහොම හරි මිනිස්සුන්ට හොද ජීවිතයක් උදා කරලා දෙන්නයි.නමුත් ලූකස් ට නම් ඕනේ අතීතයේ තියන සම්පත් ටික අනාගතයට ගෙනිනිහින් අතීතය විනාශ කරලම දාන්න.ඔහ් කියන්න බැරි වුනා , ලූකස් කියලා කියන්නේ ටේලර් ගේ පුතා.මොකද්ද මේ තාත්තගෙයි පුතා ගෙයි තියන ආරවුල.ඒක දැන ගන්න නම් ඉතින් ඔයාලට කතාව බලන්නම වෙනවා.

කතාවේ අවසානය ගැන කිවුවොත් ………………………………

ටේලර් විසින් හෝප් ප්ලාසා එක සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා.(ඔවුන් අතීතයට පැමිණි කාලයන්ත්‍රය)

*ඇයි ටේලර් හෝප් ප්ලාසා විනාශ කරන්නේ?
*ෂැනන් ඇතුළු පවුල ටෙරා නෝවා වලට යන්නේ කොහොමද ?
*ටේලර් ගෙයි එයාගේ පුතාගේ ආරවුලට මොකද්ද ?
*අවසානයේ ටෙරා නෝවා වලට මොකද වෙන්නේ ?

මේ සියල්ලත් එක්ක අපි ඔයාලට ආරාධනා කරනවා කතාමාලාව බලන්නත් කියලා………….

තව තව මම නොකියපු රස බර සිද්ධි ටිකකුත් තියනවා ඕං……..

හැමෝටම සුබම සුබ නව වසරක් වේවා !

තවත් කතාවකින් හමුවන තුරු අදට ගිහින් එන්නම් ඕං……….

Download Menu

 

 

 

 

Userdrive Links

4.4GB සම්පූර්ණ කතාමාලාව මෙතැනින් ලබාගන්න

 

Racaty Links

4.4GB සම්පූර්ණ කතාමාලාව මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි වෙබ් අඩවියේ ලබාදී ඇති පිටපත් සඳහා පමණක් ලබා දි ඇත

Download “Terra Nova Complete Season 01 with Sinhala Subtitles”

Terra-Nova-2011-complete-season.zip – Downloaded 2066 times – 268.62 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premiere Movies Zone  –

Check Also

Manjummel Boys (2024) Sinhala Subtitles | මෙන්න නියම මිතුරෝ.! [සිංහල උපසිරැසි සමඟ]

මෙම උපසිරැසි දැනට නිකුත් වී ඇති කැමරා පිටපත් සඳහා පමණක් අදාළවේ. Year :  2024 IMDB …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *