Saturday , May 10 2025

The Deep House (2021) Sinhala Subtitles | දියයට බිහිසුණු නිවහන [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

The Deep House (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  5.5/10

Stars :  Camille Rowe, James Jagger, Eric Savin

Language :  English

Director :  Alexandre Bustillo, Julien Maury

2021 ජුනි 30 දින ප්‍රංශයේදී මුලින්ම තිරගත කල ප්‍රංශ ෆිලුමක් තමයි Deep House. මේක ඉංග්‍රීසී භාෂාවෙන් තමයි තියෙන්නෙ. සමහර තැන් වල ප්‍රංශ භාෂා දෙබසුත් තියෙනවා. ඔයාලගෙ රස වින්දනයට බාධා නොවෙන්න ඒවත් සිංහලට හරවල තියෙන්නෙ. විනාඩි 85 ක ධාවන කාලයකින් යුතු අතර Drama, Horror, Mystery, Thriller ගණයේ සිනමා පටයක්. අධ්‍යක්ෂනය Alexandre Bustillo සහ Julien Maury. ඇ.ඩො.මිලියන 1.9 ක බොක්ස් ඔෆීස් ආදායමකුත් ලබාගෙන තියෙනවා. රංගනයෙන් දායක වෙන්නෙ Camille Rowe (ටීනා), James Jagger (බෙන්) සහ Eric Savin (පියරේ). මේකෙ කිසිම අසභ්‍ය දර්ශනයක් හෝ සිප ගැනීමේ දර්ශනයක් හෝ නැති බව විශේෂයෙන් කියන්න ඕනෙ.

කතාව දිහාට හැරෙමු. බෙන් සහ ටීනා තරුණ, නවීන පරම්පරාවේ පෙම්වතුන් දෙන්නෙක්. එයාල ඉතිහාසය හදාරන අතර පැරණි, අද්භූත වගේ දේවල් වලට පට්ට ආසයි. එයාල ඒ වගේ පාලු හුදෙකලා තැන් හොයාගෙන ගිහින් ඒවා සජීවී වීඩියෝ කරලා එයාලගෙ සමාජ මාධ්‍ය චැනල් එකට දානවා. පියරේ කියල කෙනෙක්ගෙන් ලැබුනු තොරතුරු අනුව, මෙයාල පියරේත් එක්ක යනවා, ගැඹුරු විලක පතුලෙ තියෙන අවුරුදු 50 කට පමණ පෙර වතුරෙන් යටවුනු ගෙයක් ගවේෂණය කරන්න. විලේ ඒ කොටස තියෙන්නෙ ඝන කැලෑවක් මැද හුදෙකලා ඉසව්වක. ඒ ගේ විනාශ නොවී හොඳටම සංරක්ෂණය වෙලා තියෙනව කියල තමයි කියන්නෙ. මේ දෙන්නා දක්ෂ කිමිදුම් කාරයො. කොහොමහරි අඳුරු විල පතුලෙ තියෙන ගේ මෙයාල හොයා ගන්නවා. විශාල ගෙයක්. පුදුමයට වගේ ගෙට කොහෙන්වත් ඇතුල් වෙන්න බැරිවෙන්න සීල් කරල වහල තියෙන්නෙ. ඒත් මෙයාල ඇතුල් වෙන්න විවරයක් හොයාගන්නවා. නමුත් ඒ ගෙදර අමුත්තක් තියෙන බව මෙයාලට ටික ටික දැනෙන්න ගන්නවා. මොකක්ද මේ නිවසේ අභිරහස. “ඩීප් හවුස්” බලමු.
ජය වේවා.

Check Also

Silent Zone (2025) Sinhala Subtitles | ආසාදනයක්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : 2025 IMDB Rate :  5.8/10 Starring: Luca Papp,Matt Devere,Nikolett Barabas Language : English Director …

One comment

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *